වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 1 වැනිදා අඟහරුවාදා


මාතලන්ට අදට වසර 60 යි

අද අගෝස්තු 27 වැනිදාය. මෙයට අවුරුදු හැටකට එපිට අද වැනි දිනක සිනමා ප්‍රේක්ෂකයන් එවකට මරදානේ තිබූ ගාමිණී හෝ වැල්ලවත්තේ සැෆයාර් ඇතුළු සිනමා ශාලා 21 කට උදෑසනින්ම එක් රොක් වූයේ එදින සිට තිරගත වන අලුත්ම සිංහල චිත්‍රපටය නැරැඹීමටය. ඒ එස්. එම්. නායගම් ශ්‍රී මුරුගන් නව කලා සමාගම වෙනුවෙන් නිපද වූ නවතම චිත්‍රපටය වන මාතලන් නැරැඹීමටය. එදා මාතලන් තිරගත කරන ලද සිනමා ශාලා අතරින් අද ඉතිරිව ඇත්තේ නුගේගොඩ ක්වීන්ලන්, ජාඇල රත්නාවලී, කෑගල්ලේ ඡායා හා නිට්ටඹුවේ ගැමුණු යන සිනමාශාලා පමණි. ගාමිණී හා සැෆයර් තිස් දෙවසරකට පෙර ජූලි මාසයේදී සම්පූර්ණයෙන් වැනසිණ. එසේ නොවුණ ද මගේ විශ්වාසය නම් යාවත්කාලීන නොවූ මේ සිනමා ශාලා ඊළඟ දශක දෙක ඇතුළත සදහටම වැළලී යෑමට ඉඩ තිබුණ බවය.

විස්තර »



 

»

2015/09/10 - ගොඩගේ සාහිත්‍ය උළෙල 10 දා

»

2015/09/02 - උතුරු හොලිවුඩයේ තැනූ ශ්‍රී ලාංකික චිත්‍රපටය 02 දා සවස කොළඹ

»

ලේඛිකා සුනීතා වික්‍රමගේ - 078-5640618

»

රංගන හා හඬකැවීම් ශිල්පිනී සකුන්තලා පීරිස් - 072-6347258

»

රංගන ශිල්පිනී ශානිකා සිරිවර්ධන -

»

රංගන ශිල්පි හරිඳු රංගජිත් අබේසූරිය -

»

මාධ්‍යවේදී, ලේඛිකා නෙළුම් විමලරත්න -

විස්තර »

»

ජීවිතය සුන්දරයි කියූ තාත්තා දැන් අප අතැර ගොසිනි...

»

ටෙලිනිස දුහුනන්ට දැනුම දෙයි

»

හිටියා නම් මේ අවුරුද්දට කපුගේට හැත්තෑවයි

»

තාරුණ්‍යයේ සිනමා අස්වැන්න තරුණ සේවා සභාව නෙළති

»

ප්‍රේම්-ෆ්‍රෙඩී නැවතත් 19 දා රූපවාහිනියට එති

»

බේර ගන්න දම් පාට රෙදි ඇන්දුවා



සසර සැරිසරා යුගෙන් යුගේ උපත් ලබා...

විවර කරන ලද ගේට්ටුවෙන් එබී බැලූ ඇය අපව පිළිගත්තේ කවදත් පානා සුපුරුදු ළෙන්ගතු බවෙන් හදවත පුරවා ගනිමිනි. ඊළඟ ඇසිල්ලේ අප සනත් - මල්කාන්තිගේ සොඳුරු කැදැල්ලට ගොඩවූයේ ඒ ළෙන්ගතු බවට පිළිතුරු සිනහවක් පාමිනි. “ මම මේ හැම දෙයක්මත් සූදානම් කරගෙන මඟ බලාගෙන සිටියේ ඕගොල්ලො එනතුරු තමයි. ” සාලයේ වූ සුවපහසු අසුන් පෙන්වා එහි ඈදි ගන්නට අතින් සන් කළ ඇය දිගින් දිගටම අප සමඟ කතාබහේ යෙදුණා ය. කවදත් ආගන්තුක සත්කාරයට කැමැති මල්කාන්ති නන්දසිරි අප අසලින්ම අසුන් ගත්තේ දිගු කතාබහකට මුල පුරන්නට ය. “කෝ ගෙදර අනෙක් අය” කිසිවෙක් පෙනෙන්නට නොසිටි බැවින් මම විමසීමි.

විස්තර »

ජීවිතය සුන්දරයි කියූ තාත්තා දැන් අප අතැර ගොසිනි...

ජීවිතය හරි සුන්දරයි. මොකටද දුකින් ඉන්නේ. සතුටින් ඉන්න’ තාත්තා නිරතුරුව පවසන ඒ වදන් මගේ ජීවිතයෙන් ඈත්ව ගියේ පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමුවනදාය. ඒ ඔහු ජීවිතයෙන් සමුගත් දිනයේය. එදා මගේ දිවියේ අසුන්දරම දිනය උදා වුණා යයි මට සිතෙයි. මා අඳුරු අගාධයකට ඇද දැමුවේ එදිනය. ජීවිතයේ කිසිදාක සිදු නොවන නමුත් ඔහු නැවත පැමිණේය යන සිතුවිල්ල මගේ යටි සිතේ තදින් පවතියි. මා කොතෙක් උත්සාහ කළ ද මට ඉන් මිදීමට නොහැකිය. මා මගේ ජීවිතයේ බොහෝ දේ කළේ පියා සමඟය. මා කළ කියූ හැම කටයුත්තකදීම දැවැන්ත සෙවණැල්ල සේ මා පිටුපස සිටියේ ඔහුය. පාසල් ගියේ තාත්තා සමඟය. අතරමගදී ඔහුට ආදරය කරන පිරිස්, හිත මිතුරන්, රසිකයන් හා කතාබහට . . .

විස්තර »

සීතා නානායක්කාර ගේ සිවිලිම උඩ කුඩුකාරයෙක්ලු

දැනට අප අතර සිටින පැරැණිතම සිනමා නිළි ගායිකාව සීතා නානායක්කාරයි. ඇය අදටත් පදිංචිව සිටිනුයේ පිටකෝට්ටේ, බංගලා හංදිය අසල, මිෂන් පාරේ, අංක 9/9 දරන නිවසේය. ජීවිතයේ සැඳෑ සමය සිය නිවසේ තනිවම ගත කරන සීතා නානායක්කාර ‘කලා භූෂණ’ ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලත් කලාකාරියකි. ඇය මුළු රටටම සාමදාන විනිශ්චයකාර තනතුරකින් ද පිදුම් ලබා සිටින්නීය. ඒ සැමට වඩා දූ දරුවන් පස් දෙනෙකුගේ මවක වන සීතා මුනුපුරු මිනිබිරියන් අට දෙනෙකුගේ දයාබර මිත්තනියකි. ‘මට මේ තනතුරු තාන්න මාන්න කාලයක සිටම තිබුණා. මගේ සැමියා ‘ඉලාස්ටෝ’ පාවහන් සමාගමේ අධිපතිව සිට මියගිය ගමගේ ඩොනල්ඩ් ගුණසේකර. මගේ එකම පුතා අදටත් ලොකු ව්‍යාපාරිකයෙක්.

විස්තර »

කන්දේ වීදියෙන් දේශපාලන වීරයා මරා පෙම්කතාවක් තැනුවා යැයි චෝදනාවක්

‘මෙය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ අවසන් දශක තුන පසුබිම් කරගත් වෘතාන්තයකි. තවත් කෝණයකින් එය චරිතාපදානයක් ද වෙයි. පාරම්පරික සිංහල වෙද මහතෙකු මෙන්ම වැවිලිකරුවෙකු වන පුද්ගලයෙකුගේ නීතිඥ පුත්‍රයෙකු වටා මේ ප්‍රබන්ධය ලියැවෙයි. කිසියම් චරිතයක් වටා ගොඩනැඟිය හැකි අනන්ත අපරිමාන සිදුවීම් සමුදාය තුළින් වඩා නාටකීය හා අපූර්ව දෑ පමණක් තෝරා ගන්නා කතුවරයා අවසානයේ පාඨකයාගේ ජීවිත තුළ පරිඥානය පුළුල් කරන්නට සමත් වෙයි.’ කන්දේ වීදිය ඓතිහාසික නවකතාවක්ද? නැත්නම් චරිතාපදානයක්ද? කන්දේ වීදිය කෘතිය නවකතාවක්. දැනට වසර සියයකට පමණ ඉහත කාල පරාසයක් ඉංග්‍රීසි පාලන සමයේ අවසන් . . .

විස්තර »

ඒ වගේ මමත් රැවටිලා තියෙනවා

තමාලි ඔබ වසර ගණනාවක් තිස්සේ රඟපෑමේ කටයුතුවල නියැලෙනවා. ඒත් ඔබව පුවත්පත් මාධ්‍යයෙන් අප දුටුවේ නැත්තේ ඇයි? මං වැඩිය පුවත්පත් කලාවේදීන් හඳුනන්නේ නැහැ. ඒ හින්දා මට වැඩිය නෙවෙයි කොහෙත්ම කතා කරලා නැහැ පුවත්පත් ලිපිවලට. මේ මගේ පළමු පුවත්පත් ලිපිය. සරසවියට ස්තූතියි. මං දැනගෙන හිටියා කවදා හරි මට මේ අවස්ථාව ලැබේවි කියලා. පුංචි කාලෙදිම රංගනයට පිවිසුණේ අනාගතයේ නිළියක් වෙන්න හිතාගෙන වෙන්න ඇති නේද? අවංකවම කතා කළොත් මට නිළියක් වෙන්න කිසිදු වුවමනාවක් තිබුණේ නැහැ. අම්මා තමයි මාව උනන්දු කළේ. මං ඇය නිසා නිළියක් වුණා කියන එක තමයි ඇත්ත.

විස්තර »

හිත හොඳකමට මීගමු ගිය හැටි

ඔය ක්ලීටස් මෙන්ඩිස් ඉන්නව නේද? හරිම හිත හොඳ මනුස්සයා. වෙලාවකට හිතෙනවා ක්ලීටස්ගේ හිත හොඳ වැඩි ද මන්දා කියලත්. ක්ලීටස් වැඩිපුරම පණ පෙව්වේ දුෂ්ට චරිතවලට. ඒ හින්ද ක්ලීටස් එක්ක හැබැහින් කතා කරලා නැති අය හිතන්නේ ඔහු තරම් දුෂ්ටයෙක් නැහැ කියලා. 

විස්තර »

සිතාර් වාදනයෙන් සමස්ත ලංකා ජයග්‍රහණයක්

2015 වර්ෂයේ සමස්ත ලංකා ශාස්ත්‍රීය ඒකල සිතාර් වාදන කණිෂ්ඨ අංශයෙන් පළමු ස්ථානය දිනූ පූර්ණිමා මධුවන්ති මාපලගම මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. එතෙක් මෙතෙක් නාලන්දා විද්‍යාලයීය ඉතිහාසය තුළ සිතාර් වාදන අංශයෙන් සමස්ත . . .

විස්තර »

කට් කිව්වත් උදලු ගෑවා

කොහොමද මේ දිනවල කලා කටයුතු? මම රංගනයෙන් එක් වුණු ටෙලි නාට්‍ය කිහිපයක්ම මේ දවස්වල රූපවාහිනියේ විකාශය වෙනවා. ජාතික රූපවාහිිනියේ 'දිරිය දෝණි' ටෙලි නාට්‍යයේ හාමිනේගේ චරිතය, හිරු ටීවී එකේ 'සබඳ බබානිස්' ටෙලි නාට්‍යයේ එමලිනාගේ චරිතය, ස්වර්ණවාහිනියේ විකාශය වන 'මොනර කඩදාසි'

විස්තර »

ගම්පහින් වැඩිම මනාප ලැබූ ආදරණීය සටන්කාමියා

ඉකුත් රජයේ කැබිනට් අමාත්‍යවරු හතර දෙනෙක් නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එ. ජා. පයේ වැඩිම මනාප හිමි කර ගත්තේ ඔබ. මොකද හිතෙන්නේ මේ විජයග්‍රහණය ගැන? ලොකු තරගයක් තිබුණා. ජනවාරි 08 වැනිදා ජයග්‍රහණයෙන් පස්සේ ඔය කියපු ඇමැතිවරු විශාල වශයෙන් තමන්ගේ මැතිවරණ සටනට පිවිසිලා හිටියා. ඔවුන් රැකියා ලබා දුන්නා. තවත් බොහෝ දේවල් ලබා දෙන්නට ඔවුනට ප්‍රතිපාදන ලැබුණා. මට ලැබී තිබුණේ සමාජ සේවා, සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය. මට කුකුල් පැටියෙක්වත් ජනතාවට දෙන්න තිබුණේ නෑ අයුතු විදිහට. නමුත් අනෙකුත් පක්ෂ, විපක්ෂ දේශපාලනඥයෝ කෝටි ගණන් මේකට වියදම් කළා.

විස්තර »

‘වනසරා’ මංගල දැක්මට තිසාහාමි ආවේ හෙලිකොප්ටරයෙන්

චලන චිත්‍රපටයේ ආරම්භය සනිටුහන් වන්නේ ඒක පුද්ගල කර්තව්‍යයක් ලෙසිණ. එනම් රූපගත කිරීමේ පටන් ප්‍රක්ෂේපනය දක්වා සියල්ල කැමරා ශිල්පියා විසින්ම සිදු කිරීම චලන චිත්‍රපට සිනමාවේ ඇරඹුමයි. මෙහි වර්ධන දියුණුවත් සමඟම වෙනස්කකම් රැසක් සිදු විණ. ඒ අනුව සංකීර්ණ කාර්යයකට පරිවර්තනය වූ චලන චිත්‍රපට නිර්මාණය සඳහා පිරිසක් අවැසි විය. මේ නිසා ඒක් එක් අංශ එක් එක් ශිල්පීන්ට පවරනු ලැබීය. ඔවුන් තිරයෙන් පිටුපස ශිල්පීන් වෙති. සිංහල සිනමාවේ මුල් යුගයේ සිටි එබඳු තිරයෙන් පිටුපස ශිල්පීන් අද බොහෝ දෙනෙක් සොයා ගන්නට නැත. වැඩි පිරිසක් මෙලොව අතහැර ගොසිණි.

විස්තර »