වර්ෂ 2013 ක්වූ ජුනි 19 වැනිදා බදාදා

34 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික සම්මාන උළෙල

ශ්‍රී ලාංකේය තරුණ පරපුරේ කලා කුසලතාවයන් දක්ෂතාවයන් හා හැකියාවන් තරගකාරීව ඇගයීමට ලක් කරමින් පවත්වනු ලබන 34 වැනි “ශ්‍රී ලංකා යූත් ජාතික සම්මාන උළෙල - 2012”, පසුගිය 18 වැනි දින පස්වරු 6.30 ට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම ශ්‍රී ලංකා යූත් රඟහලේ දී පැවැත්විණි. ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධානතම ඉලක්ක කණ්ඩායම වන තරුණ තරුණියන් යෞවන සමාජ වටා ඒකරාශීවීමත් සමග එම තරුණ තරුණියන්ගේ විවිධ කලා කුසලතාවන් ඇගයීමට ලක්කර යෞවන සම්මාන ප්‍රදානය කිරීම සඳහා නාට්‍ය හා කෙටි නාට්‍ය . . .

විස්තර »

දර්ශි – ප්‍රියන්ත අතිනත ගත්දා

චිත්‍රපට ශබ්ද පරිපාලක ලයනල් ගුණරත්නගේ දියණිය දර්ශි ගුණරත්න පසුගියදා යුග දිවියට පිවිසිණ. ඇයගේ අත ගත්තේ ජනක ප්‍රියන්තයි. දර්ශි සහ ජනකගේ විවාහ මංගලෝත්සවය පසුගියදා මීගොඩ හාර්ට්ලන්ඩ් සිටි හිදී පැවැත්විණි. තම දියණියගේ විවාහ මංගලෝත්සවයට සහභාගි වූ ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, රෝසි සේනානායක, රොජර් සෙනෙවිරත්න, වීණා ජයකොඩි, දිල්හානි ඒකනායක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, අනූෂා දමයන්ති ඇතුළු සියලුම කලාකරුවන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට සිය ගෞරව පූර්ව ස්තූතිය පිරිනමන බව ලයනල් ගුණරත්න දන්වා සිටියි.

විස්තර »

රොබින්ට 77 යි උපන් දිනයට සුබපතන්න පිරිස ඇවිත්

මෙරට බිහි වූ විශිෂ්ට රංගධරයකු මෙන්ම හෙළ සිනමාවට තාත්ත්විත සටන් ක්‍රම හඳුන්වාදීමෙහිලා පුරෝගාමීයකු වූ රොබින් ප්‍රනාන්දු කලාකරුවාණන්ගේ හැත්තෑ හත්වන ජන්ම දින සැමරුම පසුගියදා රාජගිරිය සවරින් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබුවා. ක්ෂේත්‍රයේ සිටින බොහෝ පිරිසක් ඔහුට සුබ පතන්නට පැමිණෙන්නට අමතක කළේ නැහැ. මේ අවස්ථාවට සහභාගී වූ හැමෝම රොබින්ට දීර්ඝායුෂ පැතුවේ බොහෝමත්ම සෙනෙහසකින්. මේ ඒ සුවිශේසී වූ අවස්ථාවෙහි මතක සැමරුම් කිහිපයක්.

විස්තර »

වරද කාගෙද? මගේ නොවේ

2013. 06. 13 දින සරසවිය පුවත්පතේ 16 වැනි පිටුවේ ‘වරද කාගේද’ ශීර්ෂ පාඨය යටතේ පළ වූ ලිපිියෙහි ඡායාරූපය සඳහා අනුරාධපුර සිිනෙස්ටාර් සිනමා ශාලාවේ හිමිකරු වන විපුල ආර්. පෙරේරා ගේ ඡායාරූපයක් පළ වී තිබුණි. නමුදු මේ මහතා අපට දන්වා සිටින්නේ ඔහු එම ලිපියෙහි අන්තර්ගත කරුණු හා මතවාද දරන්නකු නොවන බවය. තමාට ලැබුණු විවෘත ආරාධනාවක් මත ජූනි 06 වැනිදා පැවැති මෙම රැස්වීමට සහභාගි වූ බවත් එහිදී දැරිය නොහැකි විදුලි බිල, පලාත් පාලන ආයතන මඟින් විනෝද බදු මුදල වැඩි කිරිම, සිංහල චිත්‍රපට පිටපත් සීමා කිරිම, සංස්ථාව විසින් චිත්‍රපට සහ මුදල් වෙනුවෙන් අයථා ලෙස අය කරනු ලබන පොලී . . .

විස්තර »

තිස්ස ලියනසූරියට ශ්‍රීපාලි ප්‍රණාම පිදෙයි

සිනමාව වෙනුවෙන් ජීවිය කැප කළ සිනමාවේදීන්ට ශ්‍රීපාලි ප්‍රණාම නමින් සම්මානයක් පිරිනැමීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය පසුගියදා කටයුතු කළේය. වාර්ෂිකව පිරිනැමීමට සූදානම් වන මෙම සම්මානය මුල්වරට පිරිනැමුණේ ප්‍රවීණ සිනමාවේදී තිස්ස ලියනසූරියටය. ගැටවරයෝ හා සාරවිට චිත්‍රපට නිර්මාණය වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට හිමි සරසවිය සම්මානය දිනූ තිස්ස අන්තර් ජාතික කීර්තියට පත් වාර්තා සිනමාකරුවකු ද වේ.

විස්තර »

SUNDAY OBSERVER - SILUMINA eMobile Adz



»

2013/06/30 - ‘සියපත් සර’ ගී දැහැන ජූනි 30 දා කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී

»

2013/06/30 - ‘ප්‍රමෝදය සහ සත්‍ය’ 24 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදි

»

2013/06/25 - ‘මිරිසවැටිය මහා චෛත්‍ය වර්ණනාව’ 25 දා දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී

»

2013/06/21 - ‘සුමියුරු සිනමා ගී’ 21 වැනිදා රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී

»

නිවේදක, චිත්‍රපට අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ - 077-7587627

»

චිත්‍රපට අධ්‍යක්ෂ විමල් රංජිත් ප්‍රනාන්දු - 011-2932716

»

චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම - 071-8443772

»

කලා අධ්‍යක්ෂ අතුල මහවලගේ - 077-7348844

»

ලේඛක, නවකතාකරු අමරකීර්ති ලියනගේ - 077-4428198

»

නිවේදක සද්ධා මංගල සූරිය බණ්ඩාර - 077-7482474

විස්තර »

»

34 වැනි ශ්‍රී ලංකා යූත් ජාතික සම්මාන උළෙල

»

මතක ඉතිරි කර ගිය මතඟවීර

»

සම්මානනීය සරත් වික්‍රම තවත් වික්‍රමයකට සූදානම්



රඟපාන්න හැමෝටම බැහැ

අනූෂා රාජපක්ෂ. රුව දුට පමණින්ම හඳුනන ඇය අපේ කලා ලොවට නව නාමයක් නොවේ. ටෙලි නාට්‍ය කිහිපයකම කැපී පෙනෙන චරිත රඟපෑ අනූෂා පෙම්බරයාණෝ, නයිිට් ලර්නර්ස් වැනි ටෙලි නාට්‍ය හරහා තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගත්තියකි. මේ දිනවල විකාශය වන සත්‍යා හි ප්‍රධාන චරිතයකට පණ පොවන අනූෂා නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛව වැජඹෙයි. මේ අනුෂා සමඟ කළ කතාබහකි.

විස්තර »

ඇතැම් වෙලාවට මං විකිණිලා තියෙනවා

වසර කිහිපයකට පෙර නැවතුණ තැන මට තවමත් හොඳ හැටි මතකය. 2008 මාර්තු 08 වන දින සරසවිය පුවත්පතට මා ලියූ ලිපිය නිමා වූයේ මෙසේය. “චිත්‍රපට අතට යොමුවීම තමයි ඉලාපොරොත්තු ලැයිස්තුවේ මුලින්ම තියෙන්නේ.

විස්තර »

සරස්වතී අභිනන්දන ගීතයම සරසවියට අභිමානයක්

ශ්‍රීචන්ද්‍රරත්න මානවසිංහ (1913 – 1964) ධී ශක්තියෙන් අනූන කවියෙකි. සිංහල – පාලි - සංස්කෘත – වංග ආදී භාෂා ද බෞද්ධ දර්ශනය - වේදවේදාංග - මහා භාරත – රාමායන – ආයුර්වේදය - ජ්‍යෝතිෂය ඈ පෙරදිග ශාස්ත්‍රාන්තර පිරිසිඳ දැන සිටි ප්‍රාචීන පඬිවරයෙකි.

විස්තර »

අයි. පී. එල්. ඔට්ටු චෝදනා

නළු නිළිකමත් සූදුවකි. වෘත්තීය ජීවිතය සාර්ථකවීම හෝ අසාර්ථක වීම ගැන කිසිවකුටත් අනාවැකි කීමට නුපුළුවන. ශිල්පා ෂෙට්ටි රංගනය නම් සුදුවෙන් ජය ලැබුවාය. එහෙත් අයි පී එල් කුසලානය සමඟ පවත්වන සූදුවෙන් නම් පරාජය ලබන පාටය. රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් වූ රාජ් කුන්ද්‍රා සහ ශිල්පා ෂෙට්ටි තම පිළ වෙනුවෙන් ඔට්ටු ඇල්ලීමේ සැකයට දිල්ලි පොලීසිය විසින් රාජ් කුන්ද්‍රාගෙන් පැය 11 ක් ප්‍රශ්නකර තිබේ.

විස්තර »

මං වැඩ කරන්නේ සීමාවක ඉඳලා

ඔහු සෙමින් පාසල් බිමේ ඇවිද යයි. ඒ මුවින් ගීතයක් ද මුමුණමිනි. ඔහුගේ සිතෙහි සප්තස්වර කැටයම් කළා මෙන් තැන්පත්ව ඇත. ඔහු ඒ තරමටම සංගීතයට ලැදිය. හදිසියේම තම එකම අයියණ්ඩිය වන කසුන් මධුසංඛ සිරස සුපිරි තරු සොයා යෑමේ සිව් වැනි අදියරේ පෑ දස්කම් ඔහුට සිහි විය. අයියේ, මටත් සුපර් ස්ටාර් යන්න ඕන. කඩිමුඩියේ නිවසට ගිය ඔහු කසුන් අසලට පැමිණ කීවේය. ඒ වන විටත් අපේ කථා නායකයා මොරටුව වේල්ස් කුමර විදුහලේ නවවැනි වසරේ ශිෂ්‍යයෙකි. ‘මුලින් ඉගෙන ගන්න’ යැයි මලයණ්ඩිට නොකී කසුන් ඉගෙන ගන්න ගමන් සංගීතයත් මනාව ප්‍රගුණ කරන්නැයි අවවාද කළේය.

විස්තර »

ඒ ගමන මාව පුදුමයට පත්කළා

‘වෙද හාමිනේ’ එදා ඇය ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයෙහි වෙද හාමිනේගේ චරිතය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක හදවත්හි සනිටුහනක් තැබුවාය. අද වුව ද ඈව එනමින් හඳුන්වන්නට ඔවුහු පසුබට නොවෙති. ‘රෙබෙකා නිර්මලී’ සිය රංගන ජීවිතයේ සොඳුරු මතකය සමඟ පසුගිය දිනෙක ‘සරසවිය’ට පැමිණියාය. ඒ ලන්ඩන් නගරයේදී ඇයට ලැබුණු ජනතා සම්මානයකින් හිත පුරවා ගනිමිනි. ‘රංගනය කියන්නේ මගේ ජීවිතය වගෙයි. ඒ තරමටම ඒක මගේ ජීවිතයට බද්ධ වෙලා. ඒ බව දැනෙන්නේ ප්‍රේක්ෂකයන් අතර අපි සැරිසරන විටයි. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, ආදරය තවත් මේ ක්ෂේත්‍රයේ දස්කම් දක්වන්නට අපව පොලඹවනවා.’

විස්තර »