නිවස කළා පුවත් කොළඹ ආනන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ අවුරුදු උත්සවය හෙට

කොළඹ ආනන්ද විදුහලේ ප්‍රාථමික අංශයේ අවුරුදු උත්සවය හෙට

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

කොළඹ ආනන්ද විදුහලේ ප්‍රාථමික අංශය වාර්ෂිකව පවත්වනු ලබන අවුරුදු උත්සවය මෙවරත් හෙට (26) වැනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් හෙබි ශිෂ්‍ය ප්‍රජාවක් සමාජයට දායාද කිරීම, අලුත් අවුරුදු චාරිත්‍ර හා ජන ක්‍රීඩා පිළිබඳ ශිෂ්‍ය ප්‍රජාවේ අවබෝධය වැඩි දියුණු කිරීම, අලුත් අවුරුදු චාරිත්‍ර ආරක්ෂා කරමින් හා ඒවා අනුගමනය කරමින් අනාගත පරපුර සඳහා ඒවා ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම, ජන ක්‍රීඩා පිළිබඳ දැනුම දියුණු කිරීම තුළින් එම ක්‍රීඩාවල නියැළීම සමාජයට හා ලෝකයට වැඩදායි පුරවැසියන් දායාද කිරීම මූලික කර ගනිමින් මේ අවුරුදු උත්සවය එළඹෙන 26 වැනිදා පෙ.ව. 07.00 සිට ප.ව.01.00 දක්වා විද්‍යාලයීය බාස්කට් බෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව එහි සංවිධායක මණ්ඩලය සරසවියට පැවසීය. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දලුපොත සහ ප්‍රකට කලාකරු සහන් රන්වල ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT