නිවස විශේෂාංග silver screen උපහාර සම්මාන උලෙළ

silver screen උපහාර සම්මාන උලෙළ

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

වාර්ෂිකව පැවැත්වෙන ලද silver screen උපහාර සම්මාන උලෙළ පසුගිය 04 වැනිදා බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටර්ස් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර සම්මාන හා උපහාරයට පාත්‍ර වුයේ 1965- 1969 වසරවල සිනමාව උදෙසා සිය දායකත්වය සැපයූ කලාකරුවන්ටය. මෙහිදී රංගන ශිල්පිනියන් ශිල්පීන්, තිර රචනයට, කැමරාකරණයට, අධ්‍යක්ෂණයට, වේශ නිරූපණයට ආදී තිරයේ ඉදිරිපස සහ පිටුපස සියලු දායකත්වයන් වෙනුවෙන් ඇගැයීමක් සිදු විය.

නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රවීණ සිනමාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ප්‍රවීණ රංගවේදී ඩග්ලස් රණසිංහ, ප්‍රවීණ රංගවේදනී වීණා ජයකොඩි, ඇතුළු ප්‍රවීණ නළු නිළියන් සමඟින් සිනමාව වෙනුවෙන් දායකත්වය සැපයූ බොහෝ දෙනෙකු ඇගැයීමට පාත්‍ර විය. ප්‍රවීණ රංගනවේදී ජීවන් කුමාරතුංග මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ඵඪතමඥප ඵජපඥඥද උපහාර සම්මාන උලෙළ සංකල්පය අප අතරින් වෙන් වී ගිය ජ්‍යෙෂ්ඨ රංගවේදී සුමිත් බිබිලේ⁣ගේ. මෙහි සභාපති වන්නේ චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු වන අතර ලේකම් ධූරය සනෝජා බිබිලේ හෝබවන්නීය.

ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය ධර්මසිරි බණ්ඩාරනායක, ආචාර්ය වික්ටර් රත්නායක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සඳුන් විජේසිරි, ආනන්ද වික්‍රමසිංහ, සේන සමරසිංහ, කාන්ති ලංකා, ප්‍රසන්න ෆොන්සේකා, ඩෙරික් ප්‍රනාන්දු, ත්‍යාගා එන්.එඩ්වඩ්, අනුෂා ගීතාංජලී, ජෝර්ජ් මනතුංග, ශ්‍රියාණි අමරසේන, හැරී විමලසේන, සෙක්ස්ටස් අපොන්සු, අයි එන්.හේවාවසම්,දයා හේමන්තා අබේසේකර, සමන්ති ලැනරෝල්, බන්දුල සූරියබණ්ඩාර, ගලගෙදර හක්, වීණා ජයකොඩි, මානෙල් වානගුරු, ඩග්ලස් රණසිංහ, ගැලැඩ්වින් ප්‍රනාන්දු, එම් පි.දිනේෂ් කුමාර, උපාලි පෙරේරා, නිලන්ති විජේසිංහ ඇතුළු විශාල පිරිසක් මෙවර සම්මානයෙන් පිදුම් ලැබූ අතර ත්‍රිවිධ හමුදාවේ නර්තන කණ්ඩායම් ඉදිරිපත් කළ නර්තන අංගයන් කාගේත් සිත් ගත් අතර ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, ජනරාල් දයා රත්නායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව, ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම, ඔස්කා සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ඇතුළු කලාකරුවන් සහ ආරාධිතයෝ රැසක් ද මේ සඳහා සහභාගී වී සිටිහ.

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT