දරුවෝ තුන්දෙනෙකුත් එක්ක ස්වාමියාගේ රැකවරණය අහිමිවෙන ගැහැනියකට ජීවිතේ දිනන්න කොයිතරම් හයියක් තියෙන්න ඕනද? අනිත් අතින් ස්වාමියා සිරබත් කද්දී දරුවන්ගේ කුස පුරවන ගමන්ම සමාජයෙන් එල්ලවන නොයෙකුත් අවහිරතා මධ්‍යයේ ගැහැනිය ජීවිත සටන ගෙන එනවා කියන එකත් එක්තරා අන්දමකට ආශ්චර්යයක්. චන්දරේගේ wife එල්ල වෙන්නේ ඒ අභියෝග විතරක්ද? තමන්ගෙම ස්වාමියාට දාවුණා යැයි කියවෙන තවත් දරු පැටියෙකුත් ඈටම සින්න වෙනවා. මේ සියලු අල කලංචි මැද්දේ වුණත් ඇගේ හිතේ මෝදු වෙන මා මවුවත්භාවය චන්දරේගේ වයිෆ්ගේ හදවතින් දෝරේ ගලනවා. මේ චන්දරේගේ ඹඪටඥ හෙවත් ගංගා අපට හමුවන්නේ ප්‍රසන්න ජයකොඩිගේ මේ දිනවල තිරගතවන චන්දරේගේ ඹඪටඥ චිත්‍රපටයෙන්. ඈ ගැන මෙන්ම ප්රසන්නගෙ සිනමා ගමන පිළිබඳ කතා කරන්නට පසුගිය දිනක අපේ සාකච්ඡාවට ප්‍රසන්න ජයකොඩි කැඳවා ගත්තා. මේ ඔහු සමඟ කළ පිළිසඳරකි.
ප්‍රසන්න ජයකොඩිට කොහොමද චන්දරේගේ wife මුණ ගැසුණේ?
ඒක එක පැත්තකින් අනීතික හමුවීමක්. ඒකම තමයි ප්රේක්ෂකයින්ටත් මේ චිත්‍රපටයේ තිබෙන විශේෂ ආකර්ෂණීය හේතුව. අනුන්ගේ wife කෙනෙක් මුණ ගැස්වීම. ඒක ටිකක් විවෘතව හෝ ප්‍රසිද්ධියේ කරන්න පුළුවන් අවස්ථාවක් බවට පත්කිරීම.
ඇත්තටම මේ ජධදජඥනබ එක උපදින්නේ ටිකක් කලකට ඉහතදී. ඒක වර්තමානයට පෙරලා ජධදජඥනබ ඒකට හට ගත්ත වස්තු බීජය වෙච්ච කාලේ සිද්ධි අරගෙන වර්තමානයට ගැළපුවත් අදත් ඒක ඒ ආකාරමයි කියලා දැනුණ නිසා තමයි මේ චිත්‍රපටය කළේ. චන්දරේගේ wife කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ ගැහැනිය බිරිය, මව කියන කාන්තා චරිතය. බොහෝ වෙලාවට මේ සංකල්පය මොඩර්න් යැයි සම්මත තරුණ කැල විවාහයට පත්වන තුරු නොදැනෙන්න පුළුවන්. නමුත් විවාහ සංස්ථාව ඇතුළේ මේ කියන කතාව තිබෙනවා. මේක මට අත්දැකීමක්. ඇත්තටම 1971 කැරැල්ල වෙලාවේ අපේ තාත්තා සිරගත වෙනවා. ඒ සිරගත වීමෙන් පස්සේ අපේ ගෙදර තිබුණු තත්ත්වය සහ අපි මූණ දුන්න යම් යම් අත්දැකීම් තමයි ර්‍ථතධබ එකක් විදියට මගේ හිතේ ඇති වුණේ. එතනින් ගලවගෙන තමයි වර්තමානය දක්වා මේක රැගෙන ආවේ. මම හැම මොහොතෙම යමක් ලියන්න කියන්න පෙලඹෙන්නෙ තමන්ට ගෝචර වුණු තමන්ට දැනුණු හේතුවක් මූලික කරගෙන ඒ හේතුව මත තමයි මේක මෙතනින් එහාට වර්ධනය වෙන්නේ.
ඔබ මේ චිත්‍රපටයට විප්ලවකරුවකු, අරගලකරුවකු පසුබිම් කර ගත්තද චිත්‍රපටය පුරාම දකින්න තිබෙන්නේ මානවවාදී ගුණය මූලික කරගත් ගැහැනියකගේ චරිතයක්. ඔබ එය උවමනාවෙන් ඉස්මතු කළ දෙයක්ද?
පැහැදිලිවම. ඇත්තටම මට මේ ඕන වුණේ හදවතින් ඔළුවට කතාකරන චිත්‍රපටියක් කරන්නයි. මේ මොහොතේ ලෝක සිනමාව ගත්තත් විවිධ වෙනස්කම්වලට භාජනය වෙලයි තියෙන්නේ. මම මීට ඉහත කරපු චිත්‍රපට වල ස්වභාවයට වඩා මගේ ඉදිරිපත් කිරීම (ර්ථපඥඵඥදබචබඪධද) මේ චිත්‍රපටයේ වෙනස් සමහරක් විට මේ චිත්‍රපටය මීට පෙර මා කළ චිත්‍රපට ආකෘතියේ කළා නම් මීට වැඩිය සම්පූර්ණ වෙනස් වෙන්න ඉඩ තිබුණා. නමුත් මේ පාර ඉදිරිපත් කිරීම මම කළේ පොදු ප්‍රේක්ෂකයා අරමුණු කරගෙන. ඔවුන්ට දැනෙන තැනකින් ඔවුන් සංවේදී වෙන තැනකින් අරන් ගිහින් මාතෘකාවට අරන් යන එකයි.
මේකේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මව, නැත්නම් බිරිඳ කියන චරිතය කුටුම්භයක ගෘහ මූලිකයා පිරිමියා වුණාට එය කරන්නේ පිරිමියාම නොවෙයි. අවසානයට ගතහොත් ගැහැනියක් නැති වුණොත් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් පිරිමියා නැතිවුණාට ගැහැනියට එය කළමනාකරණය කර ගත හැකියි. පිරිමියා අතින්. ඒ ආකාරයෙන් කුටුම්භය ආරක්ෂා වෙන්නේ නෑ.
මේ හරහා දෙන ලොකුම කතන්දරේ තමයි දරුවෙක් කුසින් බිහිවෙනවා කියන කර්තව්‍ය එළඹෙද්දි ඒ මවට හැඟෙන සහ සම්බන්ධය කවදත් ගැලවෙන්නේ නැතිකම. විශේෂයෙන් මම දකින්නේ මවක් තමන්ගේ දරුවන් පෝෂණය කරනවා වගේම ඔවුන්ව කිසිදක අත්හරින්නේ නෑ කියන එකයි.
මේ චිත්‍රපටිය එක්තරා අවස්ථාවක මාතෘත්වය උත්කෘෂ්ටය දක්වා රැගෙන එනවා. තමන්ගේ දරුවන්ට පමණක් නොව අනුන්ගේ දරුවෙකුට වුවද විශේෂයෙන් තම සැමියාට දාව බිහි වුණා අයැයි කියවෙන දරුවකුට වුවද ප්‍රේම කළ හැකි බවට ඔබ චන්දරේගේ wife රැගෙන එනවා?
වෙලාවකට මම දකිනවා ලංකාවේ කාන්තාව මව, බිරිඳට ඔවුන් පතන සිහිනයේ ඔවුන්ට මුහුණ ගැහෙන්නේ නැති බව. එවිට ඔවුන් සිහිනය අත්හැරලා ඒ තෘප්තිය වෙන තැනකින් හොයනවා. සමහරවිට තම දරුවන්ගේ ජීවිත සාර්ථක වීම තමන්ගේ තෘප්තිය කරගන්නවා. තමන් බලාපොරොත්තු වූ අධ්‍යාපනය හෝ රැකියා තත්ත්වය හෝ ලැබිලා නැති වෙන්න පුළුවන් තමන්ට අවශ්‍ය සැලකීම නොලැබෙන්න පුළුවන්. නමුත් දරුවන්ට ඒවා ලැබීමෙන් තුළින් සතුටු වෙනවා.
ඒ වගේම මම දකිනවා සමහරුන්ගේ තෘප්තිය තිබෙන්නේ හින්දි චිත්‍රපටියක වෙන්න පුළුවන්. සමහරක් විට පන්සලේ බණක් අහලා වෙන්න පුළුවන්. එයා එතනට ආදරේ කරනවා. සමහර වෙලාවට තමන්ගෙ දරුවෝ තමන් දාලා රට ගිහිල්ලා වෙන්න පුළුවන් ඔවුන් එතකොට අල්ලපු ගෙදර දරුවන්ට ආදරේ කරන්න පුළුවන්. මේ ගැහැනි ආදරේ හොයනවා. එයාට තිබුණු ඉතිරි වෙච්ච කාරණාව තමයි ආදරේ කියන එක එයා ඒක අනෙකාට දෙන්නත් ලබන්නත් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. මෙතනදි මේ ගැහැනියගේ ගෙදරට එන පිරිමි ළමයා එයාගේ නොවුණට ඇය ඒ දරුවට බැඳෙනවා. මේ වගේ සංකල්ප අපි ඉතිහාසය පුරා දැකලා තියෙනවා. එහෙම ගෑනුු ඕන තරම් ඉන්නවා. ඒක හරිම සංවේදී ස්වභාවයක් සමහරක් විට තමන්ගේ කුසින් වැඳූ දරුවන්ට වඩා ආදරේ කරනවා. ඒ දරුවටත් කවදාවත් නොලැබුණු ආදරයත් තමන්ට ලැබෙන කොට ඒක හරි ප්‍රබල වෙනවා. මේ ඔක්කොම ඇත්තටම මනෝ මූලික කාරණා.
පවුලක පිරිමියා පවුලෙන් ගැලවුණාම එතැනට හමුවෙන කුඩා හෝ පිරිමියා හරියට වටිනවා. ආරක්ෂිත වෙනවා. ගල් කැටයක් අහුලගෙන ගැහුවත් ඒකත් ලොකු හයියක්. අපේ සංස්කෘතිය අස්සේ තිබෙනවා පිරිමියාට නිසි තැන පිරිමියා සහ ගැහැනිය විසින්ම නිශ්චිත කරපු ඒ නිසා අර සංකේත රූපය වුණත් වටිනවා. ඒක නිසා ඇයට ඒ වෙලාවේ ගැහැනු දරුවෝ තුන්දෙනාට වඩා පිරිමි දරුවා හරියට වටිනවා. ඒ දරුවටත් එයාගේ අම්මගේ සෙනෙහස නොලැබෙන කොට මේ සෙනෙහස එයාට සිය දහස් ගුණයකින් දැනෙනවා. මේ දෙන්නටම ජීවිතේ අහිමි වෙච්ච කොටසක් තිබෙනවා. ඒ කොටස් හමු වෙනකොට ඒක හරි තෘප්තියක්. ඒක නිසා ඒ දෙදෙනා අතර තිබෙන සහ සම්බන්ධය හරි ප්‍රබල වෙනවා. මේ චිත්‍රපටය පුරාම තිබෙන්නේ අන්න ඒ අහේතුවකට මුණගැහෙන සහ සම්බන්ධතාවය ඒ කතාව තමයි මම ආපහු ගේන්නේ.
චන්දරේලාගේ wife ලා අපි අතර ඕන තරම් ඉන්නවා. පිරිමියා අරගල ඔක්කොම කරනවා. හැබැයි මෙයා කරන අරගලය අපිට වඩා ප්‍රබලයි. එයාට ආරක්ෂාවක් නෑ. ආර්ථිකයක් නෑ. සමාජයේ වෙනත් පිරිමින්ගෙන් එන ප්‍රශ්න වැඩියි. මේ දුක් ගැහැට ඔක්කොම දරාගෙන තමයි මේ සටන කරන්නේ.
මේ චරිතය කතා කරන්නේ හරි අඩුවෙන්. එයාට කතා කරලා කියන්න තියෙන දේවල් එයාට කියන්න බෑ. ඒ නිසා එයා කරන්නේ නිහඬව ඒවා දරාගන්න එක. අපිට එදිනෙදා හමුවෙන්න චරිත අතරේ තිබෙන මේ ගැහැනිය හැම වෙලාවෙම ඉස්මතුවෙලා පේනවා පේනවා. හැම ගැහැනියක එක්තරා කොටසක් මේ තුළ ඉන්නවා.
අනිත් එක්ක හැම පිරිමියෙකුටම හැම ගැහැනියකටම අම්මා කෙනෙක් ඉන්නවා. අවුරුදු අසූවක කෙනෙකුට වුණත් එයාට එයාගේ අම්මව නැවත සිහි ගන්නවා. මේ චිත්‍රපටය අවුරුදු දහය කෙනාටත් එයාගේ අම්මව සිහි ගන්නවා. අම්මව නොදැකපු කෙනෙකුට වුනත් මවුවත්භාවය දනවනවා. ඒ නිසා තමයි මේ චිත්‍රපටය “අම්මා බිහිකළ දරුවන්ට පමණයි” කියලා මම හැඳීන් වූයේ.
මේ මව්වත් භාවය නිරූපණය කරන්න ඔබ යොදාගන්නේ නදීෂා හේමමාලිව ඇයි ඔබ නදීෂා වගේ කෙනෙක්ව මේ චරිතයට යොදා ගන්නේ?
නළු නිළි වර්ණ කියන එක චිත්‍රපටයක අතිශය වැදගත් කාරණාවක් ලංකාව ඇතුළේ චරිතයක් කරන්න ගියාම බොහෝ නළු නිළි අපේ ප්‍රේක්ෂකාගාරය අඳුරනවා. නදීෂාගේ බාහිර ස්වභාවයෙන් ගත්තම ඇය මේ චරිතට ගැළපෙන්නෙ නෑ වගේ තමයි පේන්නේ. ඇයට තියෙන්නේ බටහිර පෙනුමක් වගේ තමයි පේන්නේ. නදීෂා වගේ කෙනෙක් එතනට ගේන්නේ ඇයි කියන එක ගත්තම ඒක පොඩි අර්බුදයක්. එයත් සමඟ මම වැඩ කරන්න පළමු අවස්ථාව මේක. ඇය බොහෝ විට රඟපා තිබුණේ වාණිජ ධාරාවේ චිත්‍රපටවල නමුත් මේ චරිතයේදී මම එයාගෙන් දකිනවා එයාටම ආවේණික වූ ජවයක්. දරා ගැනීමේ හැකියාව තිබෙන ගැහැනියක් බාහිරව මම දැකල තිබෙන නදීෂාට එහෙම නඥපඵධදචතඪබර එකක් තිබෙනවා. ඒක තමයි මට නොම්මර එක වුණේ? ඊළඟට ඒ හැඩරුව. චන්දරේගේ wife කියන්නේ අවුරුදු කුමාරියක් වුණුු කෙනෙක්. ඒ නිසා ලස්සන කෙනෙක් වෙන්න ඕන කොච්චර දුක් ගැහැට විඳගෙන හිටියත් ලස්සන ගැන එයාගේ ඔළුවේ තියෙනවා අනිත් පැත්තෙන් මෙයා ර්ථභපඥ සිංහල කාන්තාවක් නොවෙයි. අම්මා සිංහල තාත්තා දෙමළ මේක ඇතුළේ් ගැහැනිය කියන කාරණාව තමයි බැලුවේ. මම ඒවා ලිහන්න ගියේ නෑ. මේ සහ සම්බන්ධතා සමඟ ගැට ගහන ජීවිතේ තමයි මට වැදගත් වුණේ. මේවා එකින් එක ලිහන්න ගියා නම් ඒක චිත්‍රපටයේ ප්‍රධාන රේඛාවක් කැඩෙන්න හේතු වෙන්න තිබුණා. අනිත් එක තමයි මෙයා මේ චරිතයට සුදුසුයි කියලා කවුරුහරි කිව්වනම් අපිට ඒකේ ර්චඨඪජ එකක් නෑ.
ඔය ප්රශ්නය මට විසි අට චිත්‍රපටය කරද්දිත් ආවා. මම ඒ චරිතට සේමිණි ඉද්දමල්ගොඩ ගන්නකොට බොහෝ දෙනෙක් කැමති වුණේ නැහැ. බහුතරයක් කිව්වේ චාන්දනී සෙනෙවිරත්න ඒකට සුදුසුයි කියලා. නමුත් මට ඕන වුණේ අර චරිතය සේමිණී තුළින්ම වෙනම ආකාරයකින් දකින්න.
මේ චරිතයේදී මට නදීෂා වැඩක් නෑ මට ඕන වුණේ ගංගාව. නදීෂා මේකට ඛ්ධදමඥපබ කරපු ගමන් නදීශා අයින් වෙනවා. නදීෂාටත් එයාගේ ජීවිතයෙන් වෙන තැනකට ගිහින් ර්‍ථතචර කරන්න අවස්ථාව ලැබෙනවා.
ළමා නළු නිළියන් කිහිප දෙනකුම මේ චිත්‍රපටය රඟපානවා. කොහොමද ඒ අත්දැකීම?
ළමයි හතර දෙනෙක් එක්ක වැඩ කිරීම ඇත්තටම ලොකු අපහසුතාවයක්. ඒ තරම් ඔළුවේ කැක්කුමක් තවත් නෑ. නමුත් මම කල්පනා කළේ මේ හිසරදය අවම කරගන්නේ කොහොමද කියන කාරණාව. ළමයින්ට දරා ගැනීමේ හැකියාව අවමයි. පාලනය කරගන්න අමාරුයි. මේකට උපක්‍රමයක් විදිහට මම පාවිච්චි කළේ එකම පවුලේ දරුවන් තුන්දෙනෙක් ගැනීම. මට ආරංචි වෙනවා ජෙහාන්ට ගැහැනුු දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා කියලා. මම ඒ දරුවන්ගේ හැකියාව ගැන දැනගෙන හිටියේ නෑ නමුත් පස්සේ මට තේරුණා පවුල් පසුබිම නිසාම ඔවුන්ට හැකියාවක් තියෙනවා කියලා කොහොම හරි මේ දරුවෝ තුන්දෙනාට ගෙදර හැසිරෙන විදියටම මෙතනදි හැසිරෙන්නත් මම ඉඩ ඇරියා. ඒ අය පවතින ස්වභාවය ඒ අයට ආගන්තුක නෑ. ඒ වගේම තමයි චිත්‍රපටයේ එන ආගන්තුක දරුවා ඔවුන්ට ආගන්තුකයි. ඒකත් ස්වභාවයෙන්ම ඇති වෙන්න දුන්නා. මම කළේ ඔවුන් වෙනත් තධජචබඪධද එකකට අනුගත කළ එකයි ඔවුන් තුළ පැවති ස්වභාවික හැඟීම් මම ප්‍රයෝජනයට ගත්තා.
ඔබගේ පෙර නිර්මාණ දිහා බැලුවාම සංකාර ගත්තත්, කර්ම ගත්තත්, විසි අට ගත්තත් ඒ තුළ වෙනම ආරක් දකින්නට තිබුණා. මට හිතෙනවා ඔබ ඔබේ ගමන් මග වෙනස් කර ගත්තද කියලා?
වෙනස් කර ගත්තේ නෑ. හැබැයි මම කිව්වවිදියට ර්ථපඥඵඥදබචබඪධද එක වෙනස් කළා. දැන් මේ චිත්‍රපටය මම පරණ ආකෘතියට කළා නම් මීට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. මම වෙනදාට බුද්ධියෙන් හදවතට කතා කළා. මම කැමති මගේ පරණ ආකෘතියට තමයි. තාමත් මම කැමතිම මගේ චිත්‍රපට සංසාරණ්‍යයේ දඩයක්කාරයා බහුතරයක් අකමැති චිත්‍රපටය. හැබැයි ඒකට අතිශයින්ම කැමති පිරිසකුත් ඉන්නවා මගේ සාර්ථකම චිත්‍රපටය විදියට මම දකින්නේ ඒක.
මේ මොහොත වන විට ලෝක වෙනස් වෙමින් සිටිනවා. ඒධ් දක්වා මේක ගමන් කරලා තිබෙනවා.
ඒ නිසා අපිට බැහැ අපිට හිතුමතේ අපේ නිර්මාණ සමාජගත කරන්න මම දකිනවා අන්තර්ජාතික සම්මාන පිරිනමන ලෝකේ විශිෂ්ට ගණයේ චිත්‍රපට උළෙල පවා නිර්ණායක වෙනස් වෙනවා. නිර්මාණයක් වැඩි ප්‍රේක්ෂක පිරිසක් ග්‍රහණය කරගත්තේ නැත්නම් ඒ චිත්‍රපට හොඳ නිර්මාණයක් නොවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මට විතරක් මේ ගමන හුදකලාව යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මේක ප්‍රායෝගික වීම මිසක් මගේ ගමන්මග වෙනස් කිරීමක් නොවෙයි.
ඔබේ මීළඟ නිර්මාණය කොහොම වෙයිද?
දැනටමත් මීළඟ නිර්මාණය හැදිලා තියෙන්නේ එහි පසු නිෂ්පාදන කටයුතු තමයි දැන් තියෙන්නේ.
හේමාලි විජේරත්න
