රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ඕ.අයි.සී. ගඩාෆි මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. රන්ජන් ගේ සුපුරුදු සිනමා ශෛලිය මේ චිත්‍රපටය පුරාද දක්නට ලැබෙන අතර, බරපතළ ලෙස දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කරන අතරම හාස්‍යෝත්පාදනය ද ඔහුගේ චිත්‍රපට පුරා දක්නට ලැබෙන සුවිශේෂත්වයන්ය. ඕ.අයි. සී ගඩාෆි චිත්‍රපටය පිළිබඳත් රන්ජන්ගේ සිනමා දිවිය පිළිබඳත් පසුගියදා කළ කතාබහකි මේ.
ඕ.අයි.සී. ගඩාෆි නිර්මාණය කිරීමේ පසුබිම කුමක්ද?
ර්‍ණ.ධ්.ඛ් ගඩාෆි කියන්නේ මගේ පස්වැනි සිනමා නිර්මාණය. මේ කතාව නිර්මාණය වෙන්නේ විවිධ හේතු බලපෑවා. මේ රටේ විවිධ දේශපාලන ප්‍රවාහනයන් සමඟ ජීවත් වෙලා, සමාජයෙන් අහපු කියපු දේවල්, සමාජය තුළ දැකපු සිදුවීම්, ලබපු අත්දැකීම් ඇසුරින් තමයි චිත්‍රපටයේ තිර පිටපත සහ කතාව නිර්මාණය වෙන්නේ. අපි ට්ධධඨතඥ සර්ච් කළත් මං හිතන්නේ හොයාගන්න බැරි වේවි. කාන්තාවන් සිය දෙනෙක් දූෂණය කරලා සැමරුම් උත්සව ගත්ත අවස්ථා සහ කන්‍යාවියන් සත් දෙනකුගෙන් කිරි කළ නහවා ගන්නා අවස්ථා. නමුත් ඒවා මෙහි තිබුණා. මේ කතා අහලා, දැකලා ඒ ඇසුරෙන් කරපු ස්ව නිර්මාණයක් මේක. මේ චිත්‍රපටය කිසිම කෙනෙකුට අපහාස කරන්න හෝ අපහසුතාවයකට පත්කරන්න කරපු දෙයක් නොවෙයි. මේ සඳහා බොහෝ නඩු වාර්තා, බී වාර්තා, පුවත්පත් වාර්තා අහපු දැකපු දේවල් වලින් නිර්මාණය කරපු කතාවක්. මම විශ්වාස කරනවා මේ කතාව හරහා සමාජයේ ලොකු කතාබහක් ඇති වෙයි කියලා. මේක සරල විනෝදාස්වාදන චිත්‍රපටයක් විතරක් නොවෙයි. ඊට යටින් දිවෙන දැඩි සමාජ ආර්ථික, දේශපාලන සංස්කෘතියක තිබුණු ගැටලු ගැන හිතන්න ලෝකයට කියන කතාවක්.
මේ චිත්‍රපටයේ තිර රචනයත් ඔබගේමයි. සාමාන්‍යයෙන් ඔබේ චිත්‍රපටවල තිර රචනා ඔබ විසින්ම ලියන්නේ ඇයි?
මගේ සම්පූර්ණ නිදහස් සිතුවිලි ඒ හරහා මට මුදාහරින්න පහසු නිසා. වෙන කෙනෙකුට තිර රචනය ලියන්න දුන්නම මගේ ඒ නිදහස ඒ තුළ භාවිතා කරන්න බැරිවෙනවා. මගේ චිත්‍රපටවල තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. මීට ඉහතත් අපේ සිනමාවේ එහෙම කරපු අය හිටියා. විශේෂයෙන් ගාමිණී ෆොන්සේකා ‘පරසතු මල්’ වගේ චිත්‍රපටයක ඒක කළා.
නමුත් රඟපාමින් අධ්‍යක්ෂණය කරනවා කියන එක අභියෝගයක් නොවෙයිද?
ඇත්තටම අභියෝගයක්. අධ්‍යක්ෂවරයෙක් විදියට මම මාව අධ්‍යක්ෂණය කරනවා වගේම චිත්‍රපටයට දායකත්වය දෙන සෙසු නළු නිළියනුත් අධ්‍යක්ෂණය කරන්න ඕන. ඔවුනට අවශ්‍ය උපදෙස් දෙන්න ඕන. ඒ වගේම ඒ ඒ දර්ශන සඳහා අවශ්‍ය වන ෆෝම් හදන්න ඕන. ඔය සියල්ලම අස්සේ මමත් රඟපාන්න ඕන. ඒක අතිශයින්ම අමාරු කාර්යයක්. නමුත් මගේ මුල්ම චිත්‍රපටයේ ඉඳලම මම හිතනවා මේ අභියෝගය මම ජය අරගෙන තියෙනවා කියලා.
ඇත්තටම ඒකට පුරා වසර 40ක් සිනමාවේ රැඳී සිටිමින් මම ලබපු අත්දැකීම් අති විශාල වශයෙන් මට උදව් වුණා කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ හිටපු ප්‍රවීණතම සිනමාකරුවන් සමඟ කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබිලා තිබෙනවා. තිස්ස අබේසේකර වැන්නෝ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැන්නෝ සේම වාණිජ සිනමාවේ සුපිරි සිනමා අධ්‍යක්ෂවරුන් සමඟ මම වැඩ කරලා තිබෙනවා. මේ අය ඇසුරෙන් මම බොහෝ දේවල් ඉගෙන ගෙන තිබෙනවා ඔවුන් අධ්‍යක්ෂණයේදී සිදු කරනු ලබන විශේෂතා ඔවුන් චිත්‍රපටයක ෆෝම් සකසන ආකාරය මම හොඳීන් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ ඇසුරත් සමඟ මගේ අනන්‍යතාවයෙන් යුතු මගේම සම්ප්‍රදායකුත් නිර්මාණය කරගෙන තමයි මම මේ ගමන යන්නේ.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඔබ. සෙසු නළු නිළියන් තෝරා ගත්තෙත් ඔබ විසින්ම ද?
මෙහෙමයි. අපි ප්‍රඩක්ෂන් එක පටන් ගන්න කලින් අපේ ප්‍රඩක්ෂන් ටීම් එක තෝරගන්නවා. වේශ නිරූපණ ශිල්පියා කැමරා අධ්‍යක්ෂවරයා ආදී වශයෙන්. මේ හැමදෙනාම ඉදිරියේ මම මේ මුළු කතාවම රඟ දක්වා පෙන්වනවා. එතකොට අපි සාකච්ඡා කරනවා අදාළ චරිත සඳහා කවුද ගන්නේ කියලා. ඒ සඳහා විවිධ යෝජනා ලැබෙනවා. කවුද ගන්නේ කියලා හැම චරිතයකටම හතර දෙනෙක් විතර යෝජනා කරගෙන ඔවුන්ගේ දින සහ කාලවේලා වෙන් කරගෙන තමයි යොදා ගත්තේ.
මේ චිත්‍රපටයේ කතා පසුබිම ගැන කතා කළොත්?
මේ කතාව ගොඩනැගෙන්නේ දකුණු පළාතේ තිබෙන දුෂ්කර ගම්මානයක් වටායි. එතැන දේශපාලන බලයක් එක්ක සම්බන්ධ වෙන සිද්ධ වෙන අමිහිරි අපරාධ දූෂණ වැනි දේවල් මූලික කරගෙන තමයි පසුබිම සැකසෙන්නේ.
ඔබ නිරූපණය කරන O.I.C ගඩාෆි. කොයි වගේ කෙනෙක්ද?
මේ චිත්‍රපටයේ ප්‍රධානම ලක්ෂය වන්නේ ඕඅයිසි ගඩාෆි කියන පොලිස් නිලධාරියා. ඔහු තරුණ නිර්භීත කෙනෙක්. බලය තිබෙන අය ඉදිරියේ නොනැමෙන නීතිය සහ යුක්තිය වෙනුවෙන් නිරන්තරයෙන් සටන් කරන කෙනෙක්. ඔහු තමන්ගේ රාජකාරිය ඉතාමත්ම නිවැරදිව ඉටුකරන අයෙක්. මේ චිත්‍රපටියේ ඔහුව වටා තමයි සුදුසු චරිත ටික ගොඩනැගෙන්නේ.
O.I.C ගඩාෆි ගේ චරිතය ඉස්මතු වෙන්න සෙසු නළු නිළියනුත් සුවිශේෂ කාර්ය භාරයක් කරනවා කියලා පේනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
මේ චිත්‍රපටයේ රංගනයට එක් වුණු සෙසු සියලුම නළු නිළියන් පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා මේ මුළු කණ්ඩායමෙන්ම මගේ චිත්‍රපටයට විශාල ආලෝකයක් ලැබුණා. ඔවුන් තමන්ගේ කාර්යභාරය වගකීමෙන් යුතුව ඉෂ්ට කලා. අපි ෂූටින් පටන් ගත්තේ පසුගිය අවුරුද්දේ මාතලේ ප්‍රදේශයේ දී ඔවුන් අපිට නිවැරදිව දින දුන්නා. දර්ශන ගත කිරීම සඳහා උපරිම සහයෝගය දුන්නා. ඒ වගේම තමයි මමත් අඅ ර්‍ථපධඤභජබඪධද වෙනුවෙන් ඔවුන් හොඳීන් බලා ගත්තා. කිසිවකටත් ජධථනතචඪද කරේ නෑ. රූගත කිරීම් කළා වගේ ච්භඡඡඪදඨ අඥඩඥචපඵචත ඔක්කොම හොඳට කළා. දැන් ප්‍රචාරක වැඩකටයුතු සඳහාත් ඔවුන් ඉතාමත්ම උනන්දුවෙන් සම්බන්ධ වෙනවා. මගේ මුල්ම චිත්‍රපටය පාර්ලිමන්ට් ජෝක්ස් සඳහා ජයනාත් ගුණවර්ධන, ඩොනල්ඩ් ජයන්ත ඇතුළු කණ්ඩායමක් සම්බන්ධ වුණා. ඊට පස්සේ වන්ෂොට්වන් කරන්නත් ඒ පිරිසම සම්බන්ධ කර ගත්තා. ලීඩර් කරනකොට මම සම්බන්ධ කරගත්තේ ඉන්දියානු ශිල්පීන් පිරිසක්. නැවත නවරියන් කරනකොට ලංකාවේ ටීම් එකක් සම්බන්ධ කර ගත්තා. මේ චිත්‍රපටයත් හැම කුඩා චරිතයකටම වුණත් මම ප්‍රවීණ සම්මාන දිනාගත් නළු නිළි කණ්ඩායමක් තමයි තෝරා ගත්තේ.
රන්ජන් රාමනායක අපි හඳුනා ගත්තේ නළුවෙක් විදිහට. දැන් ඔබ අධ්‍යක්ෂවරයෙකුත් වෙලා. මේ දෙදෙනාගෙන් කවුරු කියනවටද කැමති?
මම මුලින්ම චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර ප්‍රදර්ශනයකුත් කළා. ඊට පස්සේ මම හොඳ ක්‍රීඩකයෙක්. චිත්‍ර අඳීන්න ගීත ගායනා කරන්න ගීත ලියන්න, නටන්න, නර්තනය අධ්‍යක්ෂණය කරන්න චිත්‍රපට ලියන්න රඟපාන්න වගේම දැන් අධ්‍යක්ෂණය කරන්නත් පෙලඹිලා ඉන්නවා. එහෙම බලනකොට මම ර්‍ථචජඬ එකක්.
තවමත් ඔබ මේ රටේ සුපිරි නළුවා කියලා යෝජනා කළොත් ඔබ මොකද කියන්නේ.
අනේ මම දන්නේ නෑ ඒක. ඒ තනතුර මට දෙන්නේ ජනතාව. අපිට මිතුරු කට්ටියත් ඉන්නවා අපිට කැමති නැති කට්ටියත් ඉන්නවා.
ඒ අයගේ කැමැත්ත අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ ඇත්තටම ඔය තනතුරු කියන දේවල් තාවකාලිකයි. නමුත් ඉතින් රන්ජන් රාමනායක කියන එක මට සදාකල්ම තියෙන දෙයක්. මේ දවස්වල නම් හැමෝම මට සුපිරි නළුවා කියලා කියනවා තමයි. මගේ එකට අකමැත්තක් නෑ. මම ආසයි ඒකට. සුපිරි නළුවා කියන එක ඇත්තටම ආවේ මම එක දිගටම වසර 5ක් ජනප්‍රිය නළුවා වුණා. සරසවිය සම්මාන උළෙලේ. ඉන් පස්සේ 14 වතාවක් ජනතාවගේ නළුවා වුණා. පීපල්ස් එවෝඩ්වල. ඊට පස්සේ සරසවිය හොඳම නළුවා වුණා. මේ වනවිට චිත්‍රපට 70ක රඟපාලා තිබෙනවා. එයින් බහුතරයක් සුපර් හිට්. ඒ නිසා ඒ රසික ජනාදරයට මම අදටත් ආදරෙයි. ඒ ආදරය තාමත් ලැබෙනවා කියන එකත් වාසනාවක්.
ගඩාෆි තිරගත වන මේ මොහොතේ ඔබට මොනවද විශේෂයෙන් කියන්න තියෙන්නේ
මම දැනට කරලා තියෙන්නේ චිත්‍රපට 5යි. එයින් මුල් චිත්‍රපට හතරම ජනතාව ආදරයෙන් වැලඳ ගත්තා. මට හිතෙනවා ගඩාෆිටත් ජනතාව ඒ ආදරයම දෙයි කියලා. මුල් චිත්‍රපට හතරම තිරයේත් නරඹලා ඊඍ එකෙත් නරඹලා යූටියුබ් එකෙත් නරඹලා තවමත් ප්‍රේක්ෂකයෝ නරඹනවා. මේ සත්කාරය ගඩාෆිටත් ජනතාව දෙයි කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරන හැටියට සිනමා නිර්මාණයකින් අපි පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් දිය යුත්තේ විනෝදාස්වාදය. ඒක මේ චිත්‍රපටය පුරාම තිබෙනවා. ඉතින් රසික ජනතාවට මම ආදරයෙන් ඇරයුම් කරනවා ගඩාෆි බලන්න කියලා. බැලුවත් නැතත් මම තරහ නෑ මොකද මට ආදරේ දීලා තියෙන රසික ජනතාවට මම ආදරෙයි.
ඔබ දේශපාලනය කරපු කාලය තුළ ඔබට කලාව මගහැරුණා. ඒ ගැන කනගාටුවක් තියෙනවද?
ඇත්තටම කලාකරුවෝ වන අපි එක දේශපාලන පක්ෂයකට ගියාම අපි කොච්චර හොඳට රඟපෑවත් අපේ පාක්ෂිකයෝ තමයි අපිට වැඩියෙන් කැමති අනිත් අයගෙන් ඒක අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඒක මට වුණා. මේ ළඟදි මම මැදිරිගිරිය පැත්තෙ මල්ලි කෙනෙක් ෂෝ එකකට කතා කරලා තියෙනවා. හැබැයි අයියේ අපි පොහොට්ටුවෙ කියලා කිව්වා. අනේ මල්ලි මම දැන් නිදහස් පුරවැසියෙක් මට දැන් පක්ෂයක් නෑ නිදහසේ ජීවත් වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ කියලා.
ඉතින් කොහොම හරි දේශපාලනය කරන්න ගිහින් මම එහි සැබෑ තත්ත්වය අවබෝධ කරගත්තා. මගේ ඇසින්ම ඒ ඔක්කොම දැකලා කනින්ම අහගත්තා. ඒ අනුව උන් ඔක්කොම යාළුවෝ මල්ලි! කියන දේ මම අවබෝධ කරගත්තා. ඒ නිසා ඒ ගැන කණගාටුවකුත් නෑ.
හේමාලි විජේරත්න
