මේ අපූරු දෙබස් කාණ්ඩය උපුටා ගන්නා ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී පූජිත ද මැල්ගේ නාට්‍ය නිර්මාණයක් වූ “Wingfield Family – පුංචි පළිගු රෑන නාට්‍යයෙනි. ඔහු නාට්‍ය කලාවේ විවිධ ශානරයන් ඔස්සේ ගමන් කරන නාට්‍යවේදියෙකි. ඔහු පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළලේදී හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තේය. “Wingfield Family – පුංචි පළිඟු රෑන වෙනස් මඟක් ගත් නාට්‍යයක් ලෙස හැඳීන්විය හැකිය. එය අයත් වන්නේ ඛ්ධථථභදඪබර බඩඥචබපඥ ගණයටය. ඇමරිකානු නාට්‍යකරුවකු වූ ටෙනිසි විලියම්ගේ කෘතියක් වූ ඊඩඥ ඨපචඵඵ ථඥදචඨඥපඪඥ සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත්තේ නැසීගිය ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන් විසිනි. එතුමා ජීවත්ව සිටි අවධියේ ” අහස් මාළිගා” නමින්ද , නාට්‍යවේදී බුද්ධික දමයන්ත විසින් ” පුංචි පළිඟු රෑන ” නමින් මෙම වේදිකා ගතකර ඇත. නාට්‍යවේදී පූජිත ද මැල් සම්මත රාමුවෙන් බැහැර වී වෙනස්ම ආකාරයකට “Wingfield Family – පුංචි පළිගු රෑන ” නිර්මාණය කිරීම විශේෂතවයක්. ඒ පිළිබඳ සවිස්තරාත්මක කතාබහකට නාට්‍යවේදී පූජිත ද මැල් සරසවිය සමඟ එක්වූයේ මෙසේය.
වර්තමානයේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රිපාලි මණ්ඩපයේ ප්‍රාසංගික අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කරනවා. මගේ නවතම නාට්‍ය නිර්මාණය වන්නේ Wingfield Family පුංචි පළිගු රෑන නාට්‍යය. මම එයින් බලාපොරොත්තු වුණේ ප්‍රජාව බලගැන්වීමයි. එවැනි නාට්‍ය හඳුන්වන්නේ ඛ්ධථථභදඪබර බඩඥචබපඥ විදිහට. එඪදඨටඪඥතඤ කෘතිය පරිවර්තනය කළේ ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්. ඇමෙරිකානු නාට්‍යකරුවෙකු වු ටෙනිසි විලියම්ගේ ඊඩඥ ඨපචඵඵ ථඥදචඨඥපඪඥ කෘතිය ඇසුරෙන් තමයි හෙන්රි ජයසේනයන් මෙය සිංහල භාෂාවට පරිවර්තනය කළේ. මෙම නාට්‍යය නිර්මාණය කිරීමට පෙර එතුමන්ගේ පුත් සුදාරක ජයසේනගෙන් අවසරය ලබා ගත්තා. මම මේ නාට්‍යය නිර්මාණය කිරීමට පෙර හෙන්රි ජයසේනයන් අහස් මාළිගා නමින්ද , නාට්‍යවේදී බුද්ධික දමයන්ත පුංචි පළිඟු රෑන නමින් මේ නාට්‍යය නිර්මාණය කළා.
අපි මේ නාට්‍යය රඟදක්වන්නේ සම්මත රාමුවෙන් බැහැරවයි. ඒ කියන්නේ නාට්‍යය පෙන්වන්නේ වේදිකාවක් මත වුවත් Wingfield Family එසේ රඟදක්වන්නේ නැහැ. මෙය පෙන්වන්නෙ මහජනයා වැඩියෙන් ගැවසෙන ස්ථානයක. කුඩා වේදිකාවක් ඒ සඳහා අපි භාවිතා කරනවා. උදාහරණයක් විදිහට මෙහෙම පැහැදිලි කරන්නම්. මේ ලේක්හවුස් ආයතනයේ කැන්ටිමේ වුවත් මේ නාට්‍යය රඟදක්වන්න පුළුවන්. විශේෂ වේදිකා පසුතල අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කුඩා මේසයක්, පුටු කිහිපයක් සහ බංකුවක් පමණයි. මෙය වීදි නාට්‍ය ශෛලිය නෙවෙයි. මෙම රංග විලාසය හඳුන්වන්නේ ඛ්ධථථභදඪබර බඩඥචබපඥ නමින්. අපි මේ නාට්‍යය පාර්ලිමේන්තු සංකීර්ණයේ රඟදැක්වූවා.
අතීතයේ නාට්‍ය රඟදැක්වූ ක්‍රමය වෙනස්. එදා නාට්‍යයක් පෙන්වූවාට පසු ඒ ගැන මතවාද, සංවාද, කතිකා, විචාර වැනි දෑ නාට්‍ය රඟදැක්වීමෙන් පසු සිදුකළා. අපිටත් අවශ්‍ය වූයේ එයයි. මහජනතාවට නරඹන්න අවස්ථාව ලබාදී පසුව ඒ ගැන කතිකාවක් ගොඩනැඟීම තමයි මගෙත් අරමුණ. ඒ නිසාමයි අපි ප්‍රසිද්ධ වේදිකාව මතට නොගොස් මහජනතාව ගැවසෙන ස්ථානවල පෙන්වන්න හැකි අයුරින් නාට්‍යය නිර්මාණය කළේ. අතීතයේ කමතේ නාට්‍ය පෙන්වූයෙත් මේ ආකාරයටයි. මෙය එයට ආදේශකයක්. වේදිකාවේදි සිදුවන්නේ නාට්‍ය බලලා අත්පුඩි ගහලා ගෙදර යනවා. එහෙත් මේ ශෛලියේ නාට්‍ය එසේ නැහැ. නරඹන මහජනතාවට පුළුවන් නාට්‍ය නැරඹුවාට පසුව තමාගේ මතය ඉදිරිපත් කරන්න.
මෙවැනි නාට්‍ය පෙන්වන්න අධික වියදමක් දරන්න සිදුවන්නෙත් නැහැ. අපි පාසලක මෙවැනි නාට්‍යයක් පෙන්නුවොත් අපට අවශ්‍ය වන මේසය පුටු කිහිපය පාසල තුළින්ම සපයා ගන්න පුළුවන්. වේදිකා නාට්‍ය නිර්මාණයක් කරන්න පටන්ගත් විට බාධක රැසක් මතුවෙනවා. ශාලා ගාස්තු ඉහළයි. ප්‍රවාහන ගාස්තු ඉහළයි. ඛ්ධථථභදඪබර බඩඥචබපඥ ගණයට අයත්වන මෙවැනි නිර්මාණ වලට එතරම් අපහසුතා මතු වන්නේ නැහැ. වර්තමානයේ කාර්‍යබහුල ජීවිතයක් ගතකරන උදවියට මේ නාට්‍ය වැදගත් වෙනවා. තමාගේ සේවා ස්ථානයේ, කර්මාන්ත ශාලාවේ මේ නාට්‍යය පෙන්වා ගන්න අවස්ථාව තියෙනවා.
Wingfield Family පුංචි පළිඟු රෑන පාසල්වල සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය නිර්දේශයට සහ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශයට ඇතුළත් වෙලා තියෙනවා.
අදවන විට ලෝක නාට්‍ය රාමුවෙන් පරිබාහිර නිර්මාණ සිදුකෙරෙනවා. නාට්‍යකරුවන් වන අපිත් එයට සූදානම් විය යුතුයි. ලෝකයේ බොහෝ රටවල දැන් නිර්මාණය කෙරෙන්නේ මහජනතාව ගැවසෙන තැන්වල නාට්‍ය පෙන්වීමේ ක්‍රමය. එහිදී කාලය පවා පිරිමැහෙනවා.
Wingfield Family නාට්‍යයේ චාන්දනී සෙනෙවිරත්න, සේවියර් කණිෂ්ක, මනුෂි ටානියා, බිම්සර සිල්වා රංගනයෙන් දායක වෙනවා. පසුගිය රාජ්‍ය නාට්‍ය උළලෙදී සම්මානයට පාත්‍ර වෙන්න අපට හැකිවුණා. ඒ වගේම හොඳම සහය නිළිය , හොඳම රංගවින්‍යාසය සහ ආලෝකකරණයට කුසලතා සම්මාන හිමිවුණා.
අද තරුණ පිරිස පාසල් දරුවන් නාට්‍යකරණයට යොමුවෙලා ඉන්නවා. එහෙත් එයින් කී දෙනෙක් ක්ෂේත්‍රයට පැමිණෙනවාද කියන එක ප්‍රශ්නයක්. එනිසා ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල නාට්‍යකරුවාට වෘත්තීයභාවයක් ලබදී තියෙනවා. එහෙත් අපේ රටේ එවැනි තත්වයක් නැහැ. විවිධ අංශ සඳහා අමාත්‍යාංශවලට මුදල් වෙන් වෙනවා වගේම කලාකරුවන් , නාට්‍යකරුවන් වෙනුවෙන් එවැනි මුදලක් වෙන් වෙනවා නම් හොඳයි.
අනෙක් වැදගත් කාරණාවක් වන්නේ නාට්‍යකරණය, රංගනය පිළිබඳ අද පවතින පාඨමාලා. විධිමත් ක්‍රමයකට පවත්වාගෙන යන පාඨමාලා අතර කිසිම සුදුසුකමක් නොමැතිව පවත්වාගෙන යන පාඨමාලා, වැඩමුළු තියෙනවා. නළුවෙක් ඉබේ බිහිකරන්න බැහැ. එයට නිසි ක්‍රමවේදයක් යටතේ, නිසි දැනුමක් පුහුණුවක් යටතේ සිදුකළ යුතු කටයුත්තක්. නළුවෙක් බිහි කරනවා කියන දේ වගකීමක් ඇතුව කළ යුත්තක්.
Wingfield Family පුංචි පළිඟු රෑන නාට්‍යයේ කතාවස්තුව ගැනත් මම කෙටියෙන් කියන්නම්.
මෙය Wingfield Family නැමති කෘතියේ හිමිකරුගේ ජීවිත කතාව කියාත් හඳුන්වනවා. කතාව මෙහෙමයි.
ඇමරිකාවේ අර්ථිකය කඩා වැටුණ මොහොතක තාත්තා තම දරුපවුල හැර යනවා. ඒ නිසා ඒ පවුලේ අම්මා තම තරුණ දරු දෙදෙනා සමඟ ජීවිතය ගෙනයාමට දරන අරගලය මේ කතාවෙන් කියැවෙනවා. ඒ පවුලේ තරුණ පුතාට හීන ගොඩාක් තියෙනවා. ඒ පවුලේ දුව කකුලේ ආබාධයකින් පෙළෙන යුවතියක්. මේ කතාවෙන් කියැවෙන්නේ ආදර්ශමත් ජීවිතයක් ගත කරන ආකාරය. දිනක් ඒ යුවතියට විවාහ යෝජනාවක් ගෙන ආ තරුණයා මෙහෙම පවසනවා.
සාමාන්‍ය මිනිසුන්ගේ ඇස් හැමතැනම දුවද්දී ඔයා විතරක් එක තැනකට වෙලා බලාගෙන ඉන්නවා.
ඒ කතාව අනුව අපි හැමෝගෙම ජීවිතවල වේදනාකාරි කටුක අත්දෑකීම් තියෙනවා. ජීවිතයේ පරාජයන් තියෙනවා. ඒවයින් ලබාගත් අත්දැකීමෙන් තමයි අපි අපේ ජීවිත ගොඩනඟා ගන්නේ.
ටෙනිසි විලියම් Wingfield Family තුළින් “ආදර්ශමත් ජීවිතයක්” කියන පණිවිඩය සමාජයට දෙන්න උත්සාහ කරල තියෙනවා.
Wingfield Family නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. පසුගිය දිනෙක හිරාන් අබේසේකරගේ Love Art Love ඥ හිදී මේ නාට්‍යය පෙන්නුවා. ආරාධනා ලැබෙන ඕනෑම ස්ථානයක අපට මෙම නාට්‍ය රඟ දක්වන්න හැකියාව තියෙනවා. මම කවදත් ප්‍රිය කළේ වේදිකාවට. සිනමාවට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයට යොමු වුවත් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න මගේ එතරම් ප්‍රියතාවයක් නැහැ. පසුගිය කාලයේ තිරගත වූ ඩී.එස්. චිත්‍රපටයේ රඟපෑවා. ඒ වගේම උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ තංගමලේ ඩයරීස් චිත්‍රපටයේ රඟපෑවා. මම වේදිකාවට තමයි වඩාත් ප්‍රිය. ඒ නිසා 2001 නිර්මාණය වූ අසනිමානි කියන නාට්‍යය නැවත නිෂ්පාදනය කිරීමේ සැලැස්මක් තියෙනවා. ඒ වගේම Wingfield Family පුංචි පළිඟු රෑන සමඟ රටවටා යන්න බලාපොරොත්තු වෙනවා.
