නිවස සංවාද චරිතාංග නිළියක් වීම මගේ බලාපොරොත්තුවයි

චරිතාංග නිළියක් වීම මගේ බලාපොරොත්තුවයි

- යොවුන් රංගන ශිල්පිනී ප්‍රවීණා අංජලී ද සිල්වා

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

සුකුමාල සුරූපී ඇගේ රුව දුටු විට මගේ හිත බොහෝ දුර අතීතයකට ඉගිළ ගියේ නිරායාසයෙනි. මීට විසි වසරකට පෙර සමුද්‍රා-ශ්‍රීනාත් කැදැල්ල එළිය කරමින් කුළුඳුලේම පැමිණි පුංචි දෝණිය, අපි එදවස දකින විට යන්තම් දින හතක් පිරුණු කිරිකැටියෙකි. ඒ සරසවිය පුවත්පතට ඇගේ මව සමුද්‍රා හික්කඩුව නම් වූ ජනප්‍රිය නිළිය මවක් වූ සුබ ආරංචිය රසිකයන්ට කියන්නට, ලියන්නට ගිය ගමනේදී ය. ඊට පසුව ද බහ තෝරන වියේදී වරක් දෙවරක් අපට හමුවූ ඒ හුරුබුහුටි දෝණියදෑ විසි වසරක ඇවෑමෙන් නැවත හමුවන විට සුරූපී නව යෞවනියකි.

එපමණක් ද නොව, මව පියා අඩි පාරේ යමින් මේ වන විට කලා ලොවට පිවිසි ඇය ප්‍රවීණා අංජලි ද සිල්වායි.

ප්‍රවීණා අංජලි දියණිය රංගනයට අත්පොත් තැබුවේ ඇය නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙක වසරේ ඉගෙනුම ලබමින් සිටින විටදී ය. ඒ ඇගේ පියා ශ්‍රීනාත් ද සිල්වා නිෂ්පාදනය කළ ‘චුට්ටේ’ ටෙලි නාට්‍යයෙනි. එහි ජගත් මනුවරණගේ සහෝදරියගේ දියණිය ලෙස ඇය කොටස් 75ක දීර්ඝ ටෙලි නාට්‍යයක අපුරු රංගනයක් ඉදිරිපත් කළාය. එවකට රංගනයට ආධුනිකයකු වූ පුංචි ප්‍රවීණා දියණිය දර්ශන තලයේදී හැසිරුණේ හුරු පුරුදු, පළපුරුදු එකියක ලෙසිනි.

ජගත් මනුවර්ණ හට දෙබස් අමතක වූ විට පුංචි අංජලී පැත්තක සිට ඔහුට ඒවා මතක් කර දුන් හැටි මව සමුද්‍රා පවසන්නේ මහත් වූ ආඩම්බරයෙනි.

“මෙන්න බොලේ මගේ දෙබසුත් මේ පැටියට මතකයි.” ජගත් මනුවර්ණ ආදරයෙන් ප්‍රවීණා දෙස බලා අගය කළ හැටි සමුද්‍රා හා ශ්‍රීනාත් අදත් සිහියට නගනුයේ ඔහුගේ නිහතමානීකම අගය කරමිනි.

“නිසලවිල” ටෙලිනාට්‍යයේ මම රඟපාන කොට මෙයා මගේ බඩේ. දූට ජානවලින් ම රඟපෑම එන්න ඇති.”

ඒ සමුද්‍රාගේ හඬයි. එකම දියණිය නිළියක් වීම ගැන මව, සමුද්‍රාත් පියා ශි‍්‍රනාත් කතා කළේ ඉමහත් සතුටකිනි.

“දූ නිළියක් වෙනවට මගේත් ශ්‍රීනාත්ගේත් අකමැත්තක් නැහැ. එයා උගත් දරුවෙක්. මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයක නිතී ශිෂ්‍යයකු විදිහට ඉගෙන ගන්නවා. මේ අන්තිම අවුරුද්ද…”

චන්දන ධර්මප්‍රියගේ “චුට්ටේ” ටෙලි නාට්‍යයෙන් පසු, ප්‍රවීණා අංජලී ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වූවාය. ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ කොටස් හැත්තෑවකින් යුත් “කාසි“ ගිහාන් රෝහණගේ “තුරුම්පු ආසියා” ශි‍්‍රනාත් සිල්වාගේ ‘කළු රෝස’ සහ ‘කාය’ ටෙලි නාට්‍යයන්හි සැලකිය යුතු චරිත නිරූපණයක නියැළුනාය. මේ වන විට ඇය ටෙලිනාට්‍ය පහක පමණ රඟපෑ ඇතිමුත් ඒ සියල්ලම තම පියා ශ්‍රීනාත් ද සිල්වා විසින් නිෂ්පාදනය කළ ඒවා වීම විශේෂත්වයකි.

“ඔයා රඟපාන්නෙ තාත්තාගේ නිර්මාණවල විතර ද ?

“එහෙම වෙන්න විශේෂ හේතුවක් තිබුණා. මම මේ ටෙලිනාට්‍යවල රඟපෑවේ පාසල් යන ගමන්. එහෙමත් නැත්නම් යුනිවසිටි යන ගමන්. මගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට තමයි මම රඟපෑම් කළේ. ඉතින් මගේ අධ්‍යපන කටයුතු එක්ක වෙනත් නිර්මාණකරුවන්ගේ ෂෙඩුල්වලට මට කාල වේලාව හදාගන්න අමාරුයි. ඒ හින්දා මම තාත්තිගෙන් පිට ටෙලි නාට්‍ය බාරගත්තේ නැහැ. නමුත් දැන් මම ඹ්චඹ ජ්චජභතබර ජ්ඪදචත ඉන්නේ. මැයි මාසයෙන් පස්සේ මගේ ඵබභඤඪඥඵ ඉවරයි. ඊට පස්සේ මට වෙලාව තියෙන නිසා වෙනත් අධ්‍යක්ෂවරුන්ගේ හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නේ. හොඳ ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. තවම ඉතින් මම මේ ක්ෂේත්‍රයට පය තිබ්බ විතරනේ. ඉදිරියේදී විවිධත්වයෙන් යුත් චරිත කරන්නත් ආසාවෙන් ඉන්නේ. ඒ වගේම තාත්තා වගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනය කරන්නත්, ව්‍යාපාරිකයෙක් විදිහට ඉදිරියට යන්නත් කමැත්තක් තියෙනවා. ඒවගේම නීතිඥවරියක් විදිහට වැඩකරමින් දිගටම කලා ලොවේ රැඳෙන්න බලාපොරොත්තු වෙනවා. අම්මා තාත්ති දෙන්නා මගෙත් එක්කම ඉන්න නිසා මට ඒක විශාල හයියක්.”

දූ… නිළියක් වුණේ අම්මා තාත්තාගේ බලපෑම නිසා ද? නැතිනම් ඔයාම හිතිල ගත්තු තීරණයක් ද?

ඒක මෙහෙමයි. මම ඉපදුණේම කලා පවුලකනේ. අම්මා රඟපානවා, තාත්තා නිෂ්පාදනය කරනවා. පස්සේ කාලෙක තාත්තිත් රඟපෑමට එකතු වුණා. පුංචි කාලෙ ඉදලම අම්මියි තාත්තියි පුරුදු වෙලා හිටියේ ඒ දෙන්න යන හැම තැනකම මාව එක්කගෙන යන්න. ඉතින් එයාලා ෂූටින් යනකොට මාවත් එක්කගෙන යනවා. ඉතිං පොඩි කාලේ ඉඳලම රඟපෑම කියන දේ මගේ ඇහැට හුරු උණා. ටික ටික ලොකු වෙනකොට මගේ ඇඟට දැනෙන්න ගත්තා. ඉතින් මමත් අම්මයි තාත්තයි ගිය මේ මග යන්න අකමැති වුණේ නැහැ. අම්මට සමාජයේ තියෙන පිළිගැනීම ජනප්‍රිය බව දකිනකොට හොඳ චරිතාංග නිළියක් වෙන්න ඕනෙ වගේ අදහසක් මගේ හිතට ආවා.

රඟපෑමේ දී ඇය අනුකරණය කරන යම් ශිල්පියකු හෝ ශිල්පිනියක සිටීද යන්න මා විමසූ විට ඇගේ මුවට එකවරම පිවිසියේ ‘අම්මා’ යන්නයි.

අම්මා හැරුණහම?

“විජය කුමාරතුංග අන්කල්ට මම හරිම කැමතියි. ඒ හිනාව පෞරුෂය හරිම ආකර්ෂණීයයි. ඔහුගේ චිත්‍රපට බලන්න හරිම ආසයි. ඒ වගේ ම කමල් අද්දරආරච්චි ජීවන් කුමාරතුංග අන්කල්ලාටත් කැමතියි. හින්දි සිනමාවේ නම් ෂාරුක් ඛාන්, අයිෂ්වර්යා රායි, ආලියා බාත්, රන්බීර් කපූර් වගේ අයගේ රඟපෑම් ස්වභාවයට මා වශී වෙනවා.”

බැලූ බැල්මට ප්‍රවීණා අංජලී දියණිය ආකර්ෂණීය රූ සපුවකට හිමිකම් කියන්නී ය. තාරුණ්‍ය වෑහෙන ඇගේ රූ සපුව දුටු විට මගේ මතකයට නැඟුණේ එවකට සුන්දර යුවතියකු වූ සමුද්‍රාගේ රුව ය. අංජලී දියණිය සහමුලින්ම යොවුන් වියේ සමුද්‍රාගේ ඡායා පිටපතකි. අංජලි තුළින් දිස්වූයේ යොවුන් වියේ වූ සමුද්‍රාගේ ම වු රූපයයි. විසි එක් වැනි උපන්දිනය අබියස සිටින ඇයගෙන් ප්‍රේමය පිළිබඳ ඇත්තේ මොන වගේ අත්දැකීමක්ද යන්නත් නොවිමසා කොහොමද ?

“මට කවදාවත් පෙම්වතෙක් ඉඳලා නැහැ. අම්මිගේ තාත්තිගේ ආදරයෙන් පිරිලා තිබුණ මගේ ජීවිතේට එහෙම ආදරයක හිඩසක් කවදාවත් මට දැනිලා නැහැ. මේ වගේ තාත්ති කෙනෙක් ලබන්න මම ගොඩක් පින් කරලා තියෙනවා. එයාගේ මුළු ලෝකයම මමයි. මේ දෙන්නාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැපවෙන්නේ මා වෙනුවෙන්. මම කවදාවත් මේ දෙන්නා නැතිව කොහෙවත් ගිහින් නැහැ. මේ දෙන්නා කොතනද මම එතැන. මම කොතැනද ඒ දෙන්නා එතන. ඒත් දැන් මගේ ඵබභඤඪඥඵ එහෙමත් ඉවර නිසා අම්මා නම් කියන්නේ මට ගැළපෙන කෙනෙක් හොයාගන්න දැන් කාලය හොඳයි කියලා.”

ඔයා හොයන ඒ පෙම්වතාට තිබිය යුතු සුදුසුකම් මොනවා ද?

“එයා ලස්සන වෙන්න ඕනේ. උගත් වෙන්න ඕනේ. උස වෙන්න ඕනේ. සුදු වෙන්න ඕනේ. ඵථචපබ වෙන්න ඕනේ. ඩ්චදඤඵධථඥ ධභබතධධඬ එකක් තියෙන්න ඕන. ඒ වගේම එයා ව්‍යාපාරිකයෙක් වෙන්නත් ඕනේ.”

මව් – පිය උරුමයෙන් කලාවට එක් වූ ප්‍රවීණා අංජලී දියණියට ඇගේ මව්පිය බලාපොරොත්තුව ඉටුකරමින්, සම්මාන ඇගැයීම් ලබමින් කලා ලොවේ දිගු ගමනක් යාමට සරසවිය අපි ද හෘදයාංගමව සුබ පතමු.

 

හැඩගැන්වීම – රාවතාවත්ත,

සැලොන් “ෂා” ෂාමිනා ප්‍රනාන්දු

සේයාරූ – නිශ්ශංක විජේරත්න

මනෝලි සුබසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT