නිවස ලාංකිය සිනමාව බියකරු රාත්‍රිය මනරම්ද කෙතරම්

බියකරු රාත්‍රිය මනරම්ද කෙතරම්

MY RED COMRADE

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

අනෝරා වැසි කඩා වැටෙන එක්තරා අහඹු රාත්‍රියක කොළඹ මුඩුක්කු පරිසරයක නන්නාදුනනා යුවතියක් පිටුපස පොලිසිය ලුහුබඳීයි. පොලිස් ඇසින් මිදුණු එක් නිමේෂයකදී, එම මුඩුක්කු පේළියේ අගුල නොදැමූ දොරකින් කුඩා නිවසකට ඇතුළු වී ඇය එහි සැඟවෙයි. පොලිස් සෝදිසි කිරීමේදී නිවෙස් හිමියා ඇය පාවා නොදෙයි. ඇය ඔහුට කෘතඥ වෙයි. ඔහු ඇයගේ වදන් තඹයකට මායිම් නොකර වැස්ස පෑයූ පසු පිටව යන ලෙස පැවසුවද, ඇයගේ ජීවිතයට එය තර්ජනයක් විය හැකි බැවින් එසේ කළ නොහැකි බව පවසා රාත්‍රිය එහි ගෙවා දැමීමට අවසර පතයි. ඔහු ඇයව විශ්වාස කරයි. තෙත්බරිතව සිටිනා ඇයට ඔහුගේ ඇඳුමක් ලබාදෙයි. ඔහු ඉදිරියේ ඇඳුම් උනා දමන ඇයට ඔහු විරුද්ධ වුනත්, ඔහුට අහිමි වූ ගැහැනිය ගැන මතක ආවර්ජනය තුළ මොහොතකට අතරමං වෙයි. අනපේක්ෂිතව ඔහුට ලැබෙන දුරකථන ඇමතුමකට සවන් දෙන ඇය, ඔහු ගෙවන රහස් ජීවිතය පිළිබඳව දැන ගනී. ඔහුගේ පුද්ගලික ජීවිතය ඇයට නිරාවරණය වීම පිළිබඳව ඔහු උරණ වෙයි. දෙදෙනා අතර මතවාද ගොඩනැගෙයි. අවසන දෙදෙනා එකඟතාවයකට පත්වෙයි. අත්අඩංගුවට පත්වීමට මොහොතක් තියා ජීවිතය විඳීමින් ඒ දිගු රැය ගෙවා දැමීමට එකඟ වෙයි.

සිනමාව සහ සියලු ක්ෂේත්‍රයන්හි සැරි සරමින් අඩු නිර්මාණ ප්‍රමාණයකින් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් නිර්මාණකරණයේදී කලබල නැති ප්‍රවීණ නිර්මාණවේදී සුදත් මහදිවුල්වැව වසර 19 නිහඬියාව බිඳීමින් සිනමා ප්‍රේක්ෂකයා වෙත ගෙන එනු ලබන නවතම සිනමා වියමනයි MY RED COMRADE චිත්‍රපටය. ඔහු සිනමා තිරය හා ප්‍රථමව සම්බන්ධවූයේ, 2005 වසරේදී තිරගත කළ ”සුදු කළු සහ අළු”සිනමා නිර්මාණය සමඟිනි. ඔහුගේ නිර්මාණ හැකියාව ප්‍රේක්ෂකයා වඩාත්ම හඳුනා ගත්තේ පුංචි තිරය මත දිගහැරුණ ”ධවල රාත්‍රිය” ”දණ්ඩේ ලුගිනි” සහ ”වනස්පති” වැනි ප්‍රාසංගික ටෙලි නාට්‍ය තුළිනි. ප්‍රවීණ තිරපිටපත් රචකයෙකු, පුවත්පත් මාධ්‍යවේදියෙකු, සම්මානනීය වාර්තා චිත්‍රපට නිර්මාණකරුවකු මෙන්ම ප්‍රවීණ වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පියෙකුද වන ඔහු විසින් නිර්මාණය කරන ලද වෙළෙඳ දැන්වීම් ප්‍රමාණය දහසකට අධිකය. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් සමගින් කලක් ටෙලිසිනේ ආයතනය හා සම්බන්ධව සිටි ඔහු, සිනමා විෂය පිළිබඳව විශ්වවිද්‍යාල කිහිපයකම ඉගැන්වීමේ නිරත වන ආචාර්යවරයකුද වේ.

MY RED COMRADE චිත්‍රපටයේ රංගන දායකත්වය

තරින්දි ප්‍රනාන්දු (ඇය), ආසිරි ඇල්ලගේ (ඔහු), සමඟින් ධම්මික ගුණසේන, සුමුදු රත්නායක, උපුල් ඩයල්, උදිත කුමාර හේරත්, රොෂාන් නාලක පැල්පිටිය, නිහාල් සුමනසිරි, ශ්‍රීයන්ත පුෂ්ප කුමාර, රොෂාන් ද සිල්වා, මදූෂ වීරසිංහ, ගමගේ ප්‍රියංකර, අසංග ප්‍රියන්ත කුමාර සහ ශ්‍රියානන්ද යන රංගන ශිල්පීන් පොලිස් සහ සී.අයි.ඩී. නිලධාරීන් ලෙස රංගනයේ යෙදෙති

MY RED COMRADE චිත්‍රපටයේ කාර්මික දායකත්වය

කතා සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය – සුදත් මහදිවුල්වැව

නිෂ්පාදනය – රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්

රේඛීය නිෂ්පාදනය – දර්ශි ගමගේ

කැමරා අධ්‍යක්ෂණය – රුවන් කොස්තා

නාභිගත කිරීම – මුදිත විතානගේ

සහාය කැමරාකරණය – දිලංග දිනුශාන්, රංජිත් නුවන්, අනුර සංජීව

ප්‍රධාන සහය අධ්‍යක්ෂණය – දිනේෂ් ලක්දුසින්හ

අධ්‍යක්ෂකගේ සහය – තිනේත්‍ර මහදිවුල්වැව, ජිත්‍යා සේමිධෑ විජේසිංහ

සංස්කරණය – අජිත් රාමනායක

ශබ්ද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ

කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – මංජුල අයගම

සහය ඇඳුම් නිර්මාණ ශිල්පී – ශානක ඉඳුනිල්

අංග රචනය – සමරසිරි කඳනගේ

වර්ණ සංයෝජනය – තිස්ස සුරේන්ද්‍ර

නිෂ්පාදන කළමනාකරණය – නිමල් විජේසිරි සේනාධීර

සංගීත අධ්‍යක්ෂණය සහ ගායනය – නදීක ගුරුගේ

ගීත රචනය – සුදත් මහදිවුල්වැව

නිශ්චල ඡායාරූපකරණය – චන්න කළුබෝවිල

ඉංග්‍රීසි උපසිරස්තල – කුසල් පෙරේරා

පරිගණක දෘෂ්‍ය ප්‍රයෝග – කසුන් සංජය

ඩිජිටල් සිනමා පිටපත සැකසීම – දිනිඳු ජාගොඩ

රංග අභ්‍යාසකරණය – ප්‍රසන්න මහගමගේ

ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – ශාරක ශාමල්

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT