අනපේක්ෂිත ලෙසින් මුණ ගැසුණු සිව්නෙතක දෛවෝපගත වූ නමුදු, සමාජ සීමාවන් අතික්‍රමණය කළ ප්‍රේම වෘත්තාන්තයක් පිළිබඳව මෙහි කතා තේමාව ගොනුවී ඇත. එංගලන්තයේදී උසස් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව මව් බිමට නැවත පැමිණෙන තරුණයෙකු වන පියවි, ඔහුගේ පියා විසින් යෝජිත තරුණියක හා විවාහවීමට කරනු ලබන බලපෑමට නතුවෙයි. යෝජිත මනාලිය හමුවීමට ගිය අවස්ථාවකදී, ඔහු කල්පනා නම් රූමත් තරුණියක්, යෝජිත මනාලිය යැයි සිතා වැරදි අවබෝධයක් ඇතිකරගනී. ඇත්ත වශයෙන්ම කල්පනා යනු, යෝජිත මනාලියගේ නිවසේ ගෘහ සේවිකාවගේ දියණියයි.
අනපේක්ෂිත හමුවීම, වරදවා වටහාගැනීම සහ චිත්තවේගීය ආකර්ෂණය හරහා, පියවි සහ කල්පනා නොදැනීම ගැඹුරු සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට සමත්වෙයි. එසේ වූ නමුත්, ඔවුන්ගේ ආදරයට, දුරස්ථ සමාජ පන්ති පරතරයත්, පවුල් අපේක්ෂාවන් සහ සැඟවුණු සත්‍යයන්ගේ අභියෝගවලට කෲර ලෙසින් මුහුණ දීමට සිදුවෙයි. ඔවුන්ගේ අභියෝගාත්මක ආදර කතාවයි කල්පනා.
ප්‍රකට ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු වන සාරංග මෙන්ඩිස්ගේ කුලුඳුල් සිනමා වෘත්තාන්තයි ‘කල්පනා’ සිනමාපටය. ක්ෂේත්රයට පිවිසි මුල් අවධියේදී ‘ඉර මැදියම’, ‘ගරිල්ලා මාකටිං’ වැනි සිනමා නිර්මාණයන්හි සහාය අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කළ ඔහු ,ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසක නිෂ්පාදන සහයකයෙකු සහ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස කටයුතු කරමින් ක්ෂේත්රය පිළිබඳව පුළුල් අවබෝධයක් හා පන්නරයක් ලැබූවෙකි . ඔහුගේ ප්‍රථම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වූයේ 2010 වසරේ සිරස රූපවාහිනී නාලිකාව තුළින් විකාශය වූ ‘ගඟ අද්දර’ ටෙලි නාට්‍යයයි. අනතුරුව දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ‘ගිනි අවි සහ ගිනිකෙළි’ , ‘දේදුන්නයි ආදරේ’ , ‘දෙවෙනි ඉනිම’, ‘සංගීතේ’ වැනි ටෙලි නාට්‍යයන් ඉදිරිපත් කළ අතර, ඒ සියල්ලම රසික ප්‍රේක්ෂක ආදරයටත්, පිළිගැනීමටත් පාත්රවු නිර්මාණයන් විය. වර්තමානයේ ඔහුගේම නිර්මාණ කටයුතු සඳහා සාරංග මෙන්ඩිස් ප්‍රඩක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආයතනයක් පවත්වාගෙ යනු ලබයි.
රංගන දායකත්වය
රවින් කනිෂ්ක, රොෂෙල් රොජස්, දෙනුවන් සේනාධි, ඔෂාන් සොයිසා, ප්‍රමෝද් ගනේආරච්චි, ගීත්මා බණ්ඩාර, සංගීතා බස්නායකය, ජෙනට් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්, රමණී සිරිවර්ධන, සනත් ගුණතිලක, මොරින් චාරුණි, නෙතලී නානායක්කාර, දයාදේව එදිරිසිංහ, සුදත් ඇන්තනි, උපේක්ෂා ඉෂානි විජේතුංග, වින්ඩි ඒකනායක, නුවන්ගි ලියනගේ සහ සමන්ති ලැනරෝල් ඇතුළු පිරිසකි.
කාර්මික දායකත්වය
- තිර රචනය සහ අධ්‍යක්ෂණය – සාරංග මෙන්ඩිස්
- නිෂ්පාදනය -අසිත රොහාන් /ප්‍රදීප් ජයවීර
- කතා සංකල්පය- චාමිකා මෙන්ඩිස්
- රේඛීය නිෂ්පාදනය- දෙනුවන් සේනාධි
- කැමරා අධ්‍යක්ෂණය – සුමිත් කුමාරගේ
- සහාය අධ්‍යක්ෂණය- ජයන්ත විජේරත්න
- සංස්කරණය – පසන් චන්ද්‍රසේකර
- වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
- අංග රචනය සහ කොණ්ඩා සැකසුම- රසික සම්පත්
- වස්ත්රාභරණ සහ පැලඳුම් නිර්මාණය – ජෙසිකා මෙලනි
- කලා අධ්‍යක්ෂණය – ලක්මාල් සඳරුවන්/ හර්ෂ පෙරේරා
- ශබ්ද නිර්මාණය සහ ශබ්ද සංකලනය – තනුෂ්ක කහඳවල
- සංගීත අධ්‍යක්ෂණය – නවීන් දිල්ෂාන්
- ගීත ගායනය – රවින් කනිෂ්ක / නීපා හංසිනි විමල්සිරි
- රැප් ගායනය – ලකී ලක්මිණ
- ගී පද රචනා – ශෙහාන් ගලහිටියාව/ නුවන් ජූඩ් ලියනගේ
- රැප් ගීත රචනය – ලක්ෂාන් අබේසේකර /අකිල් ජයසිංහ
- නිෂ්පාදන කළමනාකරණය – සහන් වර්ණසූරිය
- සටන් අධ්‍යක්ෂණය – ඔසඳ සමන් බණ්ඩාර
- දෘශ්‍ය සජීවිකරණය – චමින්ද ජයවර්ධන
- ශබ්ද පටිගත කිරීම – මදුෂාන් රුවන් කුමාර
- ප්‍රධාන ආලෝක කරන ශිල්පි -පියල් ඉලේපෙරුම
