Home » සිනාවට කිරුළු පලදන

සිනාවට කිරුළු පලදන

by mavan
June 4, 2026 11:59 am 0 comment

ඩිජිටල් අවකාශයේ පෙළහර පෑ අතිශය ජනප්‍රිය චරිත හතක් එකට එක් කර නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය, මෙරටට පමණක් නොව ලෝක සිනමාවට ද නවමු අත්දැකීමක් එක්කරලන්නකි.

මෙහිදී හමුවන ලකා-සිකා-ජනා-ප්‍රියා-ලෝචි සහ රැට්ටා යන අය විදේශ ගත වීමේ සිහිනය සිත දරා පැමිණ, වංචනිකව පවත්වාගෙන යනු ලැබූ විදේශ රැකියා ඒජන්සි ඒජන්සිකරුවකුගේ ප්‍රෝඩාවට හසුවූ තරුණ කණ්ඩායමකි. ඔවුන් ඉතාලිය, ප්‍රංශය, එංගලන්තය හා ජර්මනිය වැනි විදේශයන් වෙත ගමන් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු විය. විදේශ ගතවීමේ සිහිනය බිඳී ගියද, ඔවුනට තම තමන්ගේ නිවෙස් වෙත යාමට නොහැකි වූයේ සියලු දෙනාම විවිධාකාරයෙන් ණයවී මෙම ගමන සඳහා මුදල් සොයාගෙන තිබීම හේතුවෙනි. බොහොමයක් ඉඩම් උකස් කර, පොලියට සහ බැංකු ණය මගින් මුදල් සොයාගෙන තිබිණි.බැරෑරුම් ගැටලුවකට මැදිව සිටියදී අහඹු ලෙස හමුවන පත්තර කොළයක සඳහන්ව තිබූ එක්තරා දැන්වීමක් ඔවුනට නව බලාපොරොත්තුවක් එක් කිරලීමට සමත් වෙයි. එහි තිබුණේ ජාත්‍යන්තර නාට්‍ය තරඟයකට අයදුම් පතක් වන අතර, තරඟයේ පළමු වටයෙන් ජය ගතහොත් ලොව පුරා සංචාර රැසක් හිමිවන බවයි. රට පැනීමට මෙය හොඳ අවස්ථාවක් යැයි සිතා ඔවුන් සියල්ලන් නොහඳුනන නගරයක බෝඩිමක් ගෙන නතර වී මෙම තරඟය සඳහා ඉදිරිපත්වීමට තීරණය කරයි.ඔවුනට සිරිල් අයියා හමුවන්නේ ඔය අතරතුරදී වන අතර, මෙම පිරිසට උදව් කිරීමට ඔහු එකඟ වෙයි. ඔවුන්ගේ ඉලක්කයන් වෙත ගමන් කරන්නේ කෙසේද යනු, ‘ඒක තමයි මේක’ තුළින් පැහැදිලි කරදී ඇත. මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි.

මෙහි අධ්‍යක්‍ෂ සුරංග ද අල්විස් මෙරට සිංහල චිත්‍රපට ච්ඍච් කරණයේ පුරෝගාමියකු වන අතර, සිනමා ශාලා හිමිකරුවකු මෙන්ම, චිත්‍රපට නිෂ්පාදකවරයෙකුද වෙයි. 2013 වසරේ තිරගත වූ ‘රජ හොරු’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා නිර්මාණකරණයට පිවිසි ඔහු , පසුවදී ” මයි නේම් ඊස් බන්දු’ (2015), ‘හොරා පොලිස්’ (2016) ‘ද ගේම්’ (2022), යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් තිරගත කිරීමට සමත් විය. 2015 වසරේදී සිරගත වූ ‘සංජානා’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සුරංග අල්විස්, ටෙලි චිත්‍රපට හා ගීත රූප රචනා නිර්මාණවේදියකු ලෙසද කටයුතු කර ඇත. සුරංග විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කිඩ්නැප්’ සහ ‘කාමර අංක 106’ යන චිත්‍රපට යුගලය ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත.

රංගන දායකවත්වය
රංග ජයකොඩි, චමල් රත්නායක, රතිඳු සේනාරත්න, ලෝචනා ජයකොඩි, ලක්මාල් වීරසිරි, ශාන් අරෝෂ, ජනිත් රූපසේන, කලණ ගුණසේකර, සංගීත් ප්‍රභූ, සංජානා ඔනාලී, රන්ජන් රාමනායක, ජනිත් වික්‍රමගේ, විල්සන් ගුණරත්න, ආනන්ද වික්‍රමගේ, ශශ්‍රීමාල් වෙඩිසිංහ, පියුමි බොතේජු, නිල්මිණි කෝට්ටේගොඩ, දමිතා අබේරත්න, ආරියසේන ගමගේ ඇතුළු පිරිසකි.

කාර්මික දායකවත්වය
අධ්‍යක්ෂණය – සුරංග ද අල්විස්
නිෂ්පාදනය – ඉවෝක් රූපහල ෆිල්ම්ස් පුද්ගලික සමාගම
විධායක නිෂ්පාදනය – ළහිරු වික්‍රමසිංහ, රජීව් ගුණවර්ධන,
රොෂාන් ද සිල්වා ගුණසේකර, සංගීතා ෆිල්ම්ස්
තිර රචනය – සුනෙත් මාලිංග ලොකුහේවා, ප්‍රියනාත් විධානපතිරණ
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – ගාමිණී මොරගොල්ලගම
සහය අධ්‍යක්ෂණය – හසිත රාජපක්ෂ
නිෂ්පාදන කළමනාකරණය- ලක්රුවන් ලොකුහපුආරච්චි
සටන් මෙහෙයුම – සමන්ත රංග මායාදුන්න
අංග රචනය – චතුරිකා සඳමාලි
කලා අධ්‍යක්ෂණය- චන්දන ප්‍රියංකර
ඇඳුම් නිර්මාණය- ප්‍රියාන් අරුණ ශශ්‍රී
නර්තන නිර්මාණය- සංක අබේසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය – ෂෙනාල් මද්දුමගේ
ගීත ගායනය – ෆන්කි ඩර්ට්
ශබ්ද සැලසුම්කරණය- සසින් ගිම්හාන් පෙරේරා
වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
සංස්කරණය සහ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග – තිවංක අමරසිරි
නිශ්චල ඡායාරූප- සිනෙත් මාලක පතිරණ, ක්ලෝඩ් ෆර්ඩිනැන්ඩස්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT