නිවස ලාංකිය සිනමාව හාස්‍යෝත්පාදයේ නව රැල්ල

හාස්‍යෝත්පාදයේ නව රැල්ල

ජොබ්ලස් ඩග්ලස්

by Mahesh
April 18, 2024 12:30 am 0 comment

70’ දශකයේ දී සරසවි චිත්‍රාගාරයේ සේවයට එක්ව ,හුලවාලි, චිත්‍රපටයේ සහය සංස්කරණ ශිල්පියා ලෙසින් සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වී, පසු කලකදී ක්ෂේත්‍රයේ විවිධ ඉසව් තරණය කරමින් කලා අධ්‍යක්‍ෂවරයකු හා ප්‍රධාන සංස්කරණ ශිල්පියෙකු ලෙසින් පෙරට ආ සේනක නවරත්නයන්ගේ කුලුඳුල් සිනමා ප්‍රයත්නයයි, ජොබ්ලස් ඩග්ලස්, චිත්‍රපටය. මධුසමය චිත්‍රපටයේ සංස්කරණය වෙනුවෙන් හොඳම සංස්කරණ ශිල්පියා සම්මානයට පාත්‍රවූ ඔහු ෆිල්ම් ලොකේෂන් ආයතනය හා එක්වී විදේශිය චිත්‍රපට රැසක නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියා ලෙසින් ද අනුපමේය සේවයක් කර ඇත. 1983 වසරේදී තිරගත වූ , සසර වසන තුරු, චිත්‍රපටයෙන් ප්‍රධාන සංස්කරණ ශිල්පියාව, අරගලය (1994) දක්වා චිත්‍රපට රැසක සංස්කරණ ශිල්පියා ලෙස කටයුතු කළ ඔහු, චිත්‍රපටයක් රූගත කිරීමට පෙර, චිත්‍රපටයේ සැලසුම්ගත රූ ඛණ්ඩ හා කැමරා කෝණයන් පෙන්වන දළ රූ සටහන් පෙළ සකසන්නෙකු (කථා ඵලකය) ලෙසින් ද ප්‍රකට නිර්මාණ කරුවෙකි. කෙටි චිත්‍රපට රැසක් නිර්මාණය කර ඇති සේනක නවරත්න , ජොබ්ලස් ඩග්ලස්, තුළින් තිර පිටපත් රචකයෙකු සහ ගී පද රචකයෙකු ලෙසින් තවත් පියවරක් ඉදිරියට තබා ඇත.

මිතුරු ජන සමාජයේ ඩගී නමින් ප්‍රකටව සිටින ඩග්ලස් කොළඹ නාගරික පහළ ජන සමාජයට අයත් දුප්පත් තරුණයෙකි. ඔහු පරිගණක තාක්ෂණය ඉහළින් හදාරා තිබුණද, සුදුසුකමට සරිලන රැකියාවක් ලැබී නොමැත. ගම්බද ගොවි පවුලක හැදී වැඩුණු වෙරෝනිකා ඩගී ගේ පෙම්වතියයි. ඇයද කොළඹ කාර්යාලයක රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින්නියකි. ඩගීට රැකියාවක් නොමැතිවීම, වෙරෝනිකාගේ අනාගත අපේක්ෂාවන් බොඳකර හැරීමට හේතුවක් වෙයි. මේ අතරතුරදී කිසිසේත්ම වෙරෝනිකාට නොගැළපෙන, එනමුත් ධනය යහමින් ඇති රන්බණ්ඩා නැමති ඥාති පුත්‍රයෙකු පිළිබඳව අදහසක් ඇයට පියා විසින් ගෙන එනු ලබයි. මේ පිළිබඳව දැනුම්වත්වන ඩගී කෙසේ හෝ රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වෙයි. දිනක් නවතම මාදිලියේ වාහනයකින් තෑගි බෝගද රැගෙන රන්බණ්ඩා වෙරෝනිකාගේ නිවසට පැමිණෙන්නේ තම වැන්දඹු මවද සමඟිනි. රැකියාවක් සොයා යන අතරතුරදී, නරඟයේ එක් ස්ථානයක සුඛෝපභෝගි වාහනයක් නවත්වා ඉන් බැස යන වෙරෝනිකා සහ රන්බණ්ඩා යුවළ දැක, ඩගී දැඩි ශෝකයට පත්ව සිය දිවි නසා ගැනීමට තීරණය කරයි. ලැප්ටොප් යන්ත්‍රය සහ සියලු සහතිකපත් මල්ලක දමා බෙල්ලේ එල්ලාගෙන කැලණි ගඟට පැනීමට සූදනම් වෙද්දී එතැනින් ගමන්කරන මොඩ් දේවතාවෙකු ඩගීගේ ප්‍රයත්නය වළකා කරුණු විමසීමෙන් අනතුරුව, පරිගණක තාක්ෂණය නොදන්නා අතීත යුගයකට ඔහු පිටත් කර හරියි. එය රජ සමයේ යුගයකි. එහිදී ඩගීට මුහුණ පෑමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවක් සමඟින් ප්‍රෙක්ෂකයා වෙනත් මානයකට රැගෙන යනු ලබයි.

ජොබ්ලස් ඩග්ලස් චිත්‍රපටයේ රංගනය දායකත්වය
රොඩ්නි වර්ණකුලසූරිය, මහින්ද පතිරගේ, ඩිල්ෂාණි පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දොන් ගයි, ජීවන් හඳුන්නෙත්ති. අනුර ශ්‍රීනාත්, ශ්‍රිරාත් ශාන්ත (හඳුන්වාදීම) හෙලන් රෙනෝල්ඩා, තුෂාර ජයසූරිය, තාරක අධිකාරි, නුවන්දිකා රොද්‍රිගු, පාලිත හේමපාල, ඩිලාන් ප්‍රියන්ත, රවින්ද්‍ර කුමාර, ජගීත දිසානායක, චාමර විරාත්, මෙවන් මධුසංඛ, ලලිත චාරුක, බුද්ධික ජයවර්ධන ඇතුළු පිරිසකි.

ජොබ්ලස් ඩග්ලස් කාර්මික දායකත්වය
තිර රචනය, ගී පද රචනය සහ අධ්‍යක්‍ෂණය – සේනක නවරත්න.
නිෂ්පාදනය – චන්ද්‍ර කුමාරි නවරත්න
සහය අධ්‍යක්‍ෂණය – සසික රුවන් මාරසිංහ
කැමරා අධ්‍යක්‍ෂණය – ලලිත් එස්. තෝමස්
සංස්කරණය – අනුර බණ්ඩාර
කලා අධ්‍යක්‍ෂණය – ප්‍රියන්ත දසනායක
අංග රචනය – තාරක අධිකාරි
ඩිජිටල් වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර
ශබ්ද සැලසුම්කරණය – සසික රුවන් මාරසිංහ
සංගීත අධ්‍යක්‍ෂණය – දිලුම් තේජස
ගීත ගායනය – වෛද්‍ය බෙනට්ලි සිල්වා, ගයාත්‍රි රාජපක්ෂ
නිශ්චල ඡායාරූප – මහේෂ් නිශාන්ත
අතිරේක ශබ්ද සැපයුම් – සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක
ශබ්දාගාරය – සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන සම්බන්ධීකරණය -හේමප්‍රිය කණ්ඩම්බි
ගීත ප්‍රතිවාදනය – රංජිත් පෙරේරා
අංග රචන අංග රචන අංග රචනා සහය – මලින්ද මුදලිගේ
කලා අධ්‍යක්‍ෂණ සහය – සිතුම් ප්‍රසන්න, හිරන්ත චාමිකර
කැමරා සහය කැමරා සහය – හර්ෂණ හර්ෂණ කරුණාතිලක, සඳරුවන් ජයලත්, ගයත්‍ර සඳරුවන් ජයලත්, අනුරුද්ධ, කාෂික ජයලත්, අසංක ජයවික්‍රම, ඩොරින් අල්මේදා
ශබ්ද සහය – කේ.වී නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අනුර මුණසිංහ
අතිරේක රංගන ශිල්පීන් – ඉඳුනිල් ප්‍රීතිරාජ්, ඉරේෂ් උසාන්, ලක්මිණි කාරුණා ආරච්චි, දම්මිකා දමයන්ති, දිල්හානි වීරසිංහ, හංසි මධුවන්ති, ලංකා පෙරේරා, නඳුනි ලක්මාලි, පියුමි හන්සි හෙට්ටිආරච්චි
ප්‍රවාහන සහය – දමිත් නිරෝෂන පීරිස්, මහේෂ් ඉන්දික බණ්ඩාර

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT