නිවස කළා පුවත් අජිත්-නදී සුසංයෝගයේ තෙවැනි ගීතය එළිදකී

අජිත්-නදී සුසංයෝගයේ තෙවැනි ගීතය එළිදකී

by Thanushika
April 25, 2024 12:34 am 0 comment

“ඉඳහිටක දැනෙන කොට මගෙ සිතට තනියක්..
මම හොරෙන් බලා ඉමි නුඹේ රුව වරුවක්.”
නදීශානී සේනාධීර ලියූ අජිත් සංජීව පෙරේරා ගයන මේ ගීය යූ ටියුබ් අවකාශයට මුදා හැර සතියකි. මේ සතිය තුළ මේ ගීතය ඉහළ රසික ප්‍රතිචාර ලබා ගනිමින් රසික ආදරය දිනෙන් දින දිනාගනිමින් සිටී. නදීශානි සේනාධීර සහ අජිත් සංජීව සුසංයෝගයෙන් මීට පෙර තවත් ජනප්‍රියත්වයට පත් ගීත දෙකක් තිබෙන අතර ‘මං ආසයි දුවන් එන්න’ කඳුළු මැදින් හිනාවෙන්න ඒ ගීත දෙකයි. වෘත්තියෙන් ග්‍රාම නිලධාරිනියක සහ මනෝ උපදේශනවරියක වන ඇයගේ තවත් ගීත රචනා කිහිපයක් ඉදිරියේදී දොරට වැඩීමට නියමිතය. ඇයගේ අරමුණ බවට පත්ව තිබෙන්නේ ගීත රචිකාවක ලෙස හරවත් සහ සරල නිර්මාණ සමඟ තම ගමන් මඟ පියමැන යාමය. ගායන ශිල්පී අජිත් සංජීව පෙරේරා නව පරපුරේ සංගීතඥයකු ලෙස සංගීත ක්ෂේත්‍රයේ නව සටහන් තැබූ ශිල්පියෙකි. ඔහු මෙරට බොහෝ ජනප්‍රිය ගීතවල සංගීත අධ්‍යක්ෂවරයාය.
නදීශානී ලියූ, අජිත් සංජීව සංගීතවත් කරමින් ගැයූ අලුත්ම ගීතය වන “ඉඳහිටක දැනෙන කොට මගෙ සිතට තනියක්” ගීතය මෙන්ම ඔහු ගැයූ සෙසු ගීත ද අජිත් සංජීව පෙරේරා යූ ටියුබ් නාලිකාව ඔස්සේ සවන් දීමට හැකිය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT