නිවස විදෙස් සිනමා ෆිල්ම් ෆෙයාර් සම්මානයට නොදෙවෙනි සී සිනෙ සම්මාන රාත්‍රිය

ෆිල්ම් ෆෙයාර් සම්මානයට නොදෙවෙනි සී සිනෙ සම්මාන රාත්‍රිය

by Test User
March 21, 2024 1:07 pm 0 comment

බොලිවුඩ් කියලා කියන්නේ සිහින පාරාදීසයක්. රිදී තිරය පුරාවට මැවෙන නේකවර්ණ සලෝලයිට් පටවල ආකර්ෂනය විශ්වය පුරාම පැතිරිලා ගිහින් ඉවරයි. ඒ තරු රශ්මියට ගෞරවය පුදකරන සී සිනෙ සම්මාන රාත්‍රිය පහුගිය දවසක උත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේදී පවත්වනු ලැබුවා. බොලිවුඩ්වල මහා කලා මංගල්‍යය ලෙස ගොඩක් අය හඳුන්වන්නේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල. නමුත් වර්තමානයේ බොහෝ දෙනා සදහන් කරන්නේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ වටිනාකම මුදලට විකිණිලා කියලයි. ඒ නිසා සී සිනෙ සම්මාන උළෙලට බොහෝ දෙනාගේ ගෞරවය සහ වටිනාකම හිමිවෙලා තියෙනවා.

මෙවර සම්මාන රාත්‍රිය වෙනදාටත් වඩා වැඩි උත්කර්ෂයකින් යුක්ත වූවා. සුපිරි නළු ශාරුක් ඛාන් සම්මාන උළෙලට පැමිණීම නිසා උළෙලේ වර්ණවත්බව තවත් වැඩිවෙලා තිබුණා. ඒ වගේම ශාරුක් විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තන අංගය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක්වූ එකක් වුණා. මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන 19ක් පසුගිය වසරේ තිරගත වූ සිනමා නිර්මාණ සහ ඒවායේ රගපෑ නළු නිළියන් වෙනුවෙන් පිරිනමනු ලැබුවා. 2023 වසරේ හොදම නළුවා ලෙස ජනප්‍රිය කාණ්ඩය යටතේ ජවාන් සහ පථාන් යන සිනමාපටවල කරන ලද රංගනය වෙනුවෙන් ශාරුක් ඛාන් විසින් දිනාගනු ලැබුවා. හොදම නළුවා ලෙස ප්‍රේක්ෂක තේරීම බවට පත් වූයේ ගදර් 2 සිනමාපටයේ රංගනය වෙනුවෙන් සනී ඩියෝල්.

හොඳම නිළිය ලෙස ජනප්‍රිය කාණ්ඩය යටතේ රාණි මුඛර්ජි සම්මානය දිනාගනු ලැබුවා. ඒ චැටර්ජි වෝස් නෝර්වේ සිනමාපටය වෙනුවෙන් කළ රංගනය සඳහායි. ඒ වගේම හොඳම නිළිය ලෙස ප්‍රේක්ෂක තේරීම බවට පත් වූයේ සත්‍යප්‍රේම් කී කතා හි කතා ලෙස රංගනයේ යෙදුණු කියාරා අද්වානියි. මෙවර සම්මාන උළෙලේ වසරේ හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් කාර්තික් ආර්යන් සම්මානයට පාත්‍රවුණා. ඒ සත්‍යප්‍රේම් කී කතා හි ප්‍රේම් ලෙස කළ රංගනය වෙනුවෙන්. එම ඛාණ්ඩයේ වසරේ හොදම ඉදිරිපත් කිරීම කාන්තා සම්මානය දිනා ගත්තේ අනන්‍යා පාණ්ඩේ විසින්. ඒ කෝ ගයා හම් කහාන් සිනමාපටයේ කළ රංගනය වෙනුවෙන්.

වසරේ හොඳම සිනමාපටය ලෙස ජවාන්, පතාන්, ඇනිමල්, ගදර් 2 සහ රොකී ඕ රානී කී ප්‍රේම් කහානී සම්මානය සදහා නිර්දේශ වී තිබුණා. නමුත් ඒ සියල්ල අතරින් ජවාන් වසරේ හොඳම සිනාමාපටය ලෙස සම්මානය දිනාගනු ලැබුවා. හොඳම සංගීතය වෙනුවෙන් ජවාන් සිනමාපටයට සම්මානය හිමිවුණා. එමෙන්ම සිනමාපටයක් වෙනුවෙන් වසරේ හොඳම දෘශ්‍ය ප්‍රයෝග ඉදිරිපත් කිරීමට අදාළ සම්මානය දිනාගත්තේ ජවාන් චිත්‍රපටය වෙනුවෙන් රෙඩ් චිලීස් එන්ටර්ටේන්ට්මන්ට් සමාගමයි. හොඳම ක්‍රියාදාම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ස්පිරෝ රසාටෝස්, අනල් අරසු, ක්‍රයිග්මැක්රේ සහ කණ්ඩායම සම්මාන දිනාගත්තා. ඒ ජවාන් චිත්‍රපටය වෙනුවෙන්. හොඳම පසුබිම් සංගීතය සහ හොදම සංගීත අධ්‍යක්‍ෂණය වෙනුවෙන් අනිරුද් විසින් සම්මාන දිනාගනු ලැබුවා. ඒ ජවාන් සිනමාපටය වෙනුවෙන් ඔහු විසින් කළ පසුබිම් සංගීතය වෙනුවෙන්.

ඒ වගේම හොදම දෙබස් සඳහා මෙවර සම්මානය දිනාගනු ලැබුවේ ජවාන් චිත්‍රපටය වෙනුවෙන් සුමිත් අරෝරා විසින්. සිනමා සම්මාන උළෙලේ අනෙක් විශේෂම කාරණය වන්නේ හොඳම ගායකයා සහ හොඳම ගායිකාව යන සම්මාන දෙකම පතාන් සිනමාපටයට හිමිවීමයි. එහිදී ජූම් ජෝ පතාන් ගීතය ගායනා කිරීම වෙනුවෙන් අර්ජිත් සිං සහ බේෂරම් රංග් ගීතය ගායනා කිරීම වෙනුවෙන් ශිල්පා රාඕ සම්මාන දිනාගනු ලැබුවා. මෙහිදී හොඳ පදරචනය වෙනුවෙන් සම්මාන දිනාගනු ලැබුවේ ජවාන් චිත්‍රපටයේ චලේයා ගීතය වෙනුවෙන් කුමාර් විසින්. එසේම හොඳම නර්තන නිර්මාණය වෙනුවෙන් ජූම් ජෝ පතාන් ගීතය වෙනුවෙන් කළ නර්තන නිර්මාණය සදහා බොස්කෝ මාර්ටීස් සම්මාන දිනාගත්තා. හොඳම ඇඳුම් නිර්මාණය වෙනුවෙන් රොකී ඕ රානී කී ප්‍රේම් කහානී වෙනුවෙන් මනීෂ් මල්හෝත්‍රා විසින් දිනාගනු ලැබුවා.

සිනමා උළෙලේ හොදම කතාව ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ඇට්ලී විසින්. ඒ ජවාන් සිනමාපටයේ කතාව වෙනුවෙන්. අනෙක් විශේෂම කාරණය වන්නේ මෙවර ෆල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොදම නළුවා බවට පත් වූ රන්බීර් කපූට සී සිනෙ සම්මාන උළෙලේ එම සම්මානය නොලැබී යාමයි. කෙසේ වෙතත් සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට සංවිධායකයින් කටයුතු යොදා තිබුණා. රිදී තිරය සරසන ආදරණීය තරු රැසක් සිය තාරකා රශ්මිය රැගුම් ගැයුම් ඔස්සේ විහිදවනු ලැබුවා.

 

අමිල නුවන් මධුසංඛ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT