Home » ඉරාන-ඊශ්‍රායල අර්බුදය හමුවේ ගෝලීය සිනමාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග

ඉරාන-ඊශ්‍රායල අර්බුදය හමුවේ ගෝලීය සිනමාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග

by mavan
April 30, 2026 12:33 pm 0 comment

පසුගිය දශකය පුරා ලෝක සිනමාව මුහුණ දුන් ප්‍රධානම අභියෝගයබවට පත් වූයේ 2019 වසරේ පැමිණි “කෝවිඩ් වසංගත අර්බුදයයි”. කොව්ඩ් වසංගතය හේතුවෙන් හොලිවුඩ් සිනමාව, ඉන්දියානු සිනමාව, චීන සිනමාව ඇතුළු ලෝක ප්‍රධාන ධාරාවේ සිනමා කර්මාන්තයන් සියල්ලක්ම පාහේ චිත්‍රපට නිෂ්පාදනයේ සිට චිත්‍රපට ප්‍රදර්ශනය දක්වා සියල්ල බිඳ වැටිණ. කෝව්ඩ් වසංගත තත්තවය පාලනය වූවායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ගෝලීය සිනමාව නැවත ගොඩනැඟුණු අතර නැවත විශාල අර්බුදයක් වෙත මුහුණ පා තිබේ. ඒ මැදපෙරදිග කලාපයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වයයි. මෙම යුදමය වාතාවරණය තුළ ගෝලීය වශයෙන් එක් එක් රටවල සිනමා කර්මාන්තයන් මුහුණ දෙමින් පවතින ගැටලු සහ අභියෝග රාශියකි.

ඉරානය සහ ඊශ්‍රාලයේ පවතින යුධමය ගැටුම හේතුවෙන් ලෝක බොරතෙල් මිල දි⁣නෙන් දින ඉහළ යමින් පවතී. දෛනකිව තෙල් මිල ඉහළ යාම නිසා බලශක්ති අර්බුදයකට ආසියානු කලාපය පමණක් නොවේ යුරෝපය ද දැඩ් සේ මුහුණ පා තිබේ. විශේෂයෙන් සිනමාවට තෙල් අර්බුදයක බලපෑම සිදුවන්නේ චිත්‍රපට ප්‍රදර්ශනයේ සිට බෙදා හැරීම තුළය. මෙම බලශක්ති අර්බුදය හේතුවෙන් චිත්‍රපටය නිෂ්පාදනය සහ ප්‍රේක්ෂකයාගේ හැසිරීමද කර්මාන්තයට ⁣සෘජු ලෙස බලපා තිබේ. විශේෂයෙන් බලශක්ති පිරිවැය වැඩිවීම නිසා පාරිභෝගික අභිමතය පරිදි ටිකට්පතක් මිලදී ගෙන සිනමාපටයක් නැරඹීම සඳහා දරන වියදම් අඩුවීම සිදු වෙයි. මේ වනවිට ලාංකේය සිනමාව සහ ඉන්දියානු සිනමාව මෙම අභියෝගකාරී තත්තවයට මුහුණපාමින් සිටිති.

චිත්‍රපටය ප්‍රදර්ශනය කරන නවීන සිනමා ශාලා සඳහා යොදන බලශක්ති පිරිවැය ඉතා ඉහළ වේ. ඩීසල් ඉන්ධන මඟින් ක්‍රියාත්මක කරන විදුලි ජනක යන්ත්‍ර ද විදුලිය ද සම සේ භාවිතා කරයි. මෙම තත්ත්වය මත ලංකාවේ වත්මන් රජය ඉන්ධන මිල ඉහළ දැමු අතර විදුලි බිල ද වැඩි කළේය. මෙය ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශකයන්ට සහ සිනමාශාලා හිමියන්ට දැඩි සේ බලපෑවේය. එමෙන්ම ඉහළ ඉන්ධන මිල යාම නිසා ප්‍රේක්ෂකයා සිනමාපට නැරඹීම කෙරෙහි අවධානය යොමු කිරීම සීමා වේ. ප්‍රේක්ෂකාගාරය සිනමාපටයක් නරඹන්නට යන්නේ සාමකාමී තත්තවයන් මතය. තෙල් පෝළිම්වල ගැවසෙමින්, ජීවන බර දරා නොහැකි තත්තවයන් මත ප්‍රේක්ෂකාගාරය සිනමාශාලාවකට යාම පිළිබඳ නැවත නැවතත් කල්පනා කරයි.

මෙම තත්ත්වය තුළ විශේෂයෙන් ඉන්දියානු සිනමාව සහ හොලිවුඩ් සිනමාව සඳහා තීරණාත්මක බලපෑමක් කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි, අබුඩාබි, ජෝර්දානය සහ කටාර් යන ගල්ෆ් කලාපීය රටවල්වලට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාර නිසා සිනමාශාලා පවත්වාගෙන යාම අස්ථාවර වී ඇත. මන්ද ගල්ෆ් කලාපීය රටවල ඉන්දියානු ඩයස්පෝරාව සිටී. මේ නිසා බොහෝමයක් ඉන්දියානු චිත්‍රපට සඳහා ආදායමට විශාල බලපෑමක් එල්ල වී තිබේ. මැදපෙරදිග යුදමය තත්තවයන් හේතුවෙන් “Toxic” නමැති බ්ලොක්බස්ටර් පන්නයේ ඉන්දියානු චිත්‍රපටය මාර්තු මස තිරගත වීමට තිබුණ ද ජූනි මස දක්වා කල් දමා තිබේ.

පිලිපීනය ජාතික බලශක්ති හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්ධන සංරක්ෂණය කිරීම සඳහා පකිස්ථානය දින හතරක වැඩ සතියක් පනවා ඇත. බංග්ලාදේශය, ශශ්‍රී ලංකාව ඉන්ධන සලාක ක්‍රමයට බෙදා හරී. කරමින් සිටී. මේවා සිනමා වෙළඳපොළට සෘජු ලෙස බලපාන කාරණා වේ. රජය විසින් ජනතාවට වායු සමීකරණ ක්‍රියා විරහිත කර රිය පැදවීම සීමා කරන ලෙස පවසන විට ප්‍රේක්ෂකයා සිනමා ශාලාව වෙත ගොස් නිදහස්ව චිත්‍රපටයක් විඳීම පිළිබඳ සිතන්නේ කෙසේද? ඉන්ධන මිළ ඉහළ යාම නිසා ටිකට්පතක මිළ ද ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. ටිකට්පතක් පමණක් නොවේ. සිසිල් බීම බෝතලයක ද පොප් කෝර්න් පැකට්ටුවක මිල ඉහළ යාම ප්‍රේක්ෂකයාට විඳ දරාගත යුතු වෙයි.

මෙවැනි පසුබිමක ගෝලීය සිනමා කර්මාන්තයෙ පැවැත්ම සඳහා තීරණාත්මක ලෙස බලපා තිබෙන බව පැහැදිලි ය. බලශක්ති අර්බුදය නිසා සිනමා කර්මාන්තය වෙත සිදු කර ඇති බලපෑම අවම කර ගැනීමට කිසිදු රටක රජයක් විසින් මැදිහත්වීමක් සිදු කරනබවක් පෙනෙන්නට නැත. අවසානයේ මෙම තත්ත්වය නිසා විපුල ඵල නෙළා ගන්නට සමත් වන්නේ නෙට්ෆ්ලික්ස් සහ ඇමසෝන් ප්‍රයිම් වැනි නිවසේ රූපවාහිනියෙන් මුදල් ගෙවා චිත්‍රපට නරඹන්නට සලස්වන මාර්ගගත ප්‍රවාහ සේවාවන් (Online streaming service) ය. එය කෙතරම් නරක තත්ත්වයක්‍ ද යන්න කෝව්ඩ් අර්බුද සමයේ සිනමාශාලා වැසී යන්නට තරම් සිදු වූ හානිය පිළිබඳ යළි මතක් කර දීමක් වැන්න.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT