නිවස කළා පුවත් ජනක ලියනගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘කොටකෙතන’ වැඩ ඇරැඹේ

ජනක ලියනගේ කුලුඳුල් සිනමා නිර්මාණය ‘කොටකෙතන’ වැඩ ඇරැඹේ

by Thanushika
April 25, 2024 12:23 am 0 comment

ජනක ලියනගේ තිර රචනය කොට අධ්‍යක්ෂණය කරනු ලබන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කොටකෙතන’ සිනමා පටය මුහුරත් උලෙළ පසුගිය දින කොළඹ, නුගේගොඩදි පැවැත්විණි. මෙය Media Gang Cinama නිෂ්පාදනයකි. කැමරා අධ්‍යක්ෂණයෙන් දුමින්ද පෙරේරා, නිෂ්පාදන සැලසුම්කරණය හා කලා අධ්‍යක්‍ෂණයෙන් ලාල් හරීන්ද්‍රනාත්, සංස්කරණයෙන් සමන් ඇල්විටිගල, සංගීත අධ්‍යක්ෂණයෙන් ශාක්‍යා වීරසිංහ, සහාය අධ්‍යක්ෂණයෙන් විජේසිරි මල්ලිකාආරච්චිගේ, වේශ නිරූපණයෙන් දිනේෂ් කංකානම්, නිෂ්පාදන කළමනාකරණයෙන් රංග රුවන් ප්‍රසන්න, සිසිර වෙඩික්කාර, ශබ්ද නිර්මාණ සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ හා දර්ශන තල ශබ්ද ආලේඛනගතකරණය මිතුන් කරුණාතිලක ගෙනි. නදීකා බණ්ඩාර, එස්.අයි සමරක්කොඩි, චින්තක ගුණදාස, සිසිර වෙඩික්කාර, රුවන් මදනායක, නයෝමි ගුණසිරි, මදුෂානි වික්‍රමසිංහ, මනෝජ් මැදගෙදර, ප්‍රේමරත්න තෙන්නකෝන්, කේ.කේ සමන් කුමාර, චමත්කා ලක්මිණි, ඕෂධී සේනානායක, හිරුණි රණසිංහ, එම්.ඒ ඉමිතියාස්, රුවන් රංගෙයි, දිල්රුක්ෂි වීරපරාක්‍රම, අජිත් දයාරත්න, යුෂී ජයවීර, මලීෂා උඩුවර රංගනයෙන් දායක වෙති.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT