නිවස ලාංකිය සිනමාව පරාජය රැගෙන ආ මායාව නේත්‍ර මායම්

පරාජය රැගෙන ආ මායාව නේත්‍ර මායම්

by Mahesh
April 11, 2024 12:30 am 0 comment

එක් තීරණාත්මක සංගීත තරඟයකදී නොසිතූ ලෙසින් තමා අසාර්ථකව එම තරඟය නිම කිරීමට සිදුවීම නිසා දැඩි මානසික ව්‍යාකූලත්වයට පත්වූ, අති ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය මෙන්ඩලින් වාදකයෙකු තමාට තවදුරටත් තමන් නියෝජනය කරන සංගීත ක්ෂේත්‍රය තුළ වෘත්තිමය මෙන්ඩලින් වාදකයකු ලෙසින් රැඳී සිටීමට ඇති අපහසුතාවය අවබෝධ කරගෙන, වෙනස්ම වූ ආකාරයකින් යළිත් සමාජය තුළ ජනප්‍රිය ලෙසින් පෙනී සිටීමට තීරණය කරයි. එම තීරණය වඩාත් උචිතව හා ප්‍රායෝගිකව සිදුකිරීම සඳහා, ඔහු විසින් වෙනස්ම ආකාරයේ අපූර්වතම උපක්‍රමයක් භාවිතා කරන නමුදු, එම උපක්‍රමය විසින්ම ඔහු කිසිලෙසකත් අපේක්ෂා නොකළ අන්දමේ අතිශය බිහිසුණු සිදුවීම් මාලාවක් වෙත ඔහුගේ ජීවිතය ඇද දමනු ලබයි. මෙයින් යම්කිසි ආකාරයක අද්භූතජනකම ව්‍යාකූලත්වයක් තුළ සිත සිරවී, ඉන් ඇතිකරන්නාවූ අතිශය සංකීර්ණ වූ මනෝභාවයන්හි සිදුවන අතිශයින්ම සියුම් විචල්‍යයන් රැසකට පාත්‍රවීමට ද ඔහුට සිදුවෙයි. මෙයින් මිදී ගැලවීයාමට ඔහුට හැකිවේ ද යනු “නේත්‍ර මායම්”ඔබට පහදාදෙනු ඇත.

“හිතුමතේ ජීවිතේ” චිත්‍රපටය 2022 වසරේදී ප්‍රේක්ෂක දෑස් මානයට රැගෙන ආ, ක්‍රිශාන්ත මනම්පේරි, ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය ලෙසින් “නේත්‍ර මායම්” ළඟදීම රිදී තිරය මත දිගහැරීමට සූදානමින් සිටී. මෙහි තිරරචනයෙන් සහ ගීත රචනයෙන් ද ඔහු එක්ව ඇත.

“නේත්‍ර මායම්” චිත්‍රපටයේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත මනම්පේරි

අධ්‍යක්‍ෂණය – ක්‍රිශාන්ත මනම්පේරි
නිෂ්පාදනය- තුසිත මනම්පේරි
තිරරචනය – මහේල හෙට්ටිආරච්චි, ක්‍රිශාන්ත මනම්පේරි
කැමරා අධ්‍යක්‍ෂණය – චන්දන ධර්මප්‍රිය
සහය අධ්‍යක්‍ෂණය – ප්‍රදීප් තිලකරත්න, ළහිරු ජිනසේන
සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද සංකලනය – දිලාන් ගුණවර්ධන
අංග රචනය – සුසන්ත රාමසිංහ
සහය අංගරචනය – සරත් සමරසිංහ
කලා අධ්‍යක්‍ෂණය – සුමිත් කුඩලිගම
කලා සහය – බුද්ධික දිසානායක, සමන් කුමාරගේ, සමන් අඹේපිටිය
සහය කැමරාකරණය – ජගත් සුසන්ත
නාභිගත කිරීම – ශෂී නිරෝෂ්
සංගීත අධ්‍යක්‍ෂණය – නලින්ද රණසිංහ
ගීත රචනය – ක්‍රිශාන්ත මනම්පේරි, ප්‍රදීප් තිලකරත්න
ගීත ගායනය – නලින්ද රණසිංහ, දිව්‍යාංජලී රණසිංහ
ප්‍රධාන ආලෝකකරණ ශිල්පී – චතුරංග පෙරේරා
ආලෝකකරණය – සත්සර නිමන්ත, අසංක කුමාර, කමල් ජයසිංහ, චතුර සිල්වා, ශාන්ත පෙරේරා
ඇඳුම් නිර්මාණය සහ නිෂ්පාදන සැලසුම්කරණය – ඩී. එස්. වී. සමරසිංහ
අමතර ශබ්ද නිර්මාණය –
චතුර ලොකුගම්හේවගේ
චිත්‍රක නිර්මාණය – සුමාල් අඟඵත්වෙල
වාද්‍ය වෘන්දය – නලින් රණසිංහ, අනුර චමත්, අමිත් බෝගොඩ, චතුර මධුෂාන්, සුමිත් පෙරේරා, ලසාන් ප්‍රනාන්දු, අසංක විමලරත්න, ජගත් චන්දන, නලින් හේවගේ
කැමරා උපකරණ සැපයීම – සිනේ ලින්ක්, ෆයින් විෂන් මීඩියා
විදුලි ජනක යන්ත්‍ර – ෆයින් විෂන්
ඉසව් සම්බන්ධීකරණය – සේනක ප්‍රනාන්දුපුල්ලේ, රුවන් පීරිස්, කමල් ද අල්විස්, රන්දික ප්‍රනාන්දු, දිල්ක තිසේරා
අතිරේක රංගනය – සේනක ප්‍රනාන්දුපුල්ලේ, බර්නි ප්‍රනාන්දුපුල්ලේ, කුමාරි පෙරේරා, දුමින්ද ප්‍රනාන්දු, එරංග ඩයස්, රාමා ජයසිංහ, සමන් ප්‍රියලාල්, සමන්ති කුඩලිගම

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT