නිවස කළා පුවත් නිරංජලාට හා මොරින්ට දේශමාන්‍ය ගෞරව නාම

නිරංජලාට හා මොරින්ට දේශමාන්‍ය ගෞරව නාම

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාම උලෙළ පසුගිය දින අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක නා හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මනුෂ්‍යත්වය උදෙසා ගෞරව ප්‍රණාම සංවිධානයේ උත්තර මණ්ඩලයේ මෙහෙයවීමෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදි නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජනීට හා ප්‍රකට රංගන ශිල්පිනී මොරින් චාරුණි හට ලාංකේය සමාජය තුළ සිදු කරනු ලබන සංස්කෘතික සාමාජීය හා ආගමික සහජීවන සම්බන්ධතාවය අගයනු වස් ජනරංජනී කලා කීර්ති ශ්‍රී දේශමාන්‍ය යන සම්භාවනීය ජාතික ගෞරව නාමය සහිත සන්නස්පත්‍ර පිරිනැමිණ.

මේ සඳහා කලාකරුවන් සහ කලාවට සම්බන්ධ විශේෂ ආරාධිත අමුත්තතෝ රැසක් පැමිණ සිටියහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT