නිවස කළා පුවත් MY RED COMRADE විශේෂ දර්ශනය දා

MY RED COMRADE විශේෂ දර්ශනය දා

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ MY RED COMRADE සිනමා පටයේ මාධ්‍ය සඳහා වන විශේෂ ප්‍රදර්ශනය පසුගිය දින වන් ගෝල්ෆේස් PVR හිදී ප්‍රදර්ශනය කෙරිණි.
සුදත් මහදිවුල්වැව විසින් වසර 19කට පසු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය මෙය වේ.
නිෂ්පාදනය රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්, රේඛීය නිෂ්පාදනය දර්ශි ගමගේ, කැමරාකරණය රුවන් කොස්තා, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය නදීක ගුරුගේ, ශබ්ද සැලසුම්කරණය ශෂික මාරසිංහ, වර්ණ සංයෝජනයේ තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණයේ දිනේෂ් ලක්දුසිංහ, අංග රචනය සමරසිරි කඳනගේ, ගේය පද රචනය සුදත් මහදිවුල්වැව, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධිර ගෙනි. මෙහි තරින්දි ෆර්නෑන්ඩු සහ ප්‍රසන්න මහගමගේ පමණක් රංගනයේ යෙදීමද සිනමාපටයේ තිබෙන විශේෂත්වයකි. එළඹෙන මැයි 3 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT