නිවස සංවාද නපුරු චරිතයක් රඟපාන්නආසයි

නපුරු චරිතයක් රඟපාන්නආසයි

යොවුන් රංගන ශිල්පිනී උපේඛා රවිහාරි රණසිංහ

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

දෙරණ අවුරුදු කුමරිය වැඩසටහන හරහා රංගන ක්ෂේත්‍රයට එක් වූ නවක මුහුණු රැසකි. මෙවර අපේ කතා බහට එක්වන ඇයද රංගනයට පිවිසිනේ ඒලෙසිනි. එනම් 2021 ටී.වී. දෙරණ අවුරුදු කුමරිය වැඩසටහනේ අවසන් වටයෙන් පසුව ඇයට රංගනයට අවස්ථාව උදා වූවාය. ඒ දෙරණම විකාශය වු දෙවෙනි ඉනිමේ ලිහිණිගේ චරිතයට අලුතෙන් එකතු වෙමිනි. රත්නපුර හෙවත් මැණික් පුරෙන් බිහි වූ නිල් මැණිකක් බඳු ඇය රංගනයට සැබෑම දක්ෂ උපේඛා රවිහාරි රණසිංහයි ඒ නවක නිළිය සමග කළ කතාබහයි මේ.

උපේඛා ඉන්නෙ කොහෙද?

රත්නපුර දිස්ත්‍රික්කයට මායිම් වන පරකඩුව කියන ප්‍රදේශයේ තමා මගේ ගෙවල් තියෙන්නේ

පවුලේ විස්තර කිව්වොත්…

අම්මයි, තාත්තයි, මමයි. තාත්තා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්

ඉගෙන ගත්ත පාසල

රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාල‌යෙන් තමා උසස් අධ්‍යාපනය ලැබුවේ. ඊට පෙර මම පරකඩුව කනිෂ්ඨ විද්‍යාල‌යේ තමා එක වසරෙ සිට පහ වසර (1 – 5) දක්වා අධ්‍යාපනය ලැබුවේ. එතැනින් ශිෂ්‍යත්ව සමත් වෙලා තමා ෆර්ගසන් උසස් විද්‍යාලයට එන්නෙ.

උසස් පෙළට කළේ මොනවද?

උසස් පෙළට ජීව විද්‍යාව තමා කළේ. කැම්පස් යන්න ලකුණු මදි වුණා. ඒ වෙනකොට මට නර්සින් යන්නත් අවස්ථාව තිබුණා. නමුත් මට ඒකට එච්චර ආසාවක් නොතිබුණ නිසා වැඩේ අතැරියා.

ඒ කියන්නේ උපේඛා ඒ කාලේ ඉඳලම කලාවට ආසාවක් තිබුණ ද?

ඔව් අයියේ, මට පොඩි කාලේ ඉඳලම රඟපාන්න ආසාවකුත් තිබුණා ඉතින් ඒ අතරේ තමා අධ්‍යාපනයෙන් පස්සේ මම දෙරණ අවුරුදු කුමරිය තරගයට දැම්මේ.

ඒ කොයි අවුරුද්දෙ ද?

දෙදහස් විසි එකේ (2021) අයියේ

ඊට පස්සේ….

මට දෙර‌ණෙ සුභා අක්කා, ලක්සිරි සර් ආරාධනා කරනවා දෙවෙනි ඉනිමෙ ලිහිණිගේ චරිතය කරන්න එන්න කියලා

ඔබ එය භාර ගන්නවා

ඔව්, මම ඒක කරන්න භරගත්තා

ලිහිණිගේ ඒ තිබුණ චරිතයට නවක අ‌යෙකු ලෙස රඟපාන්න එනකොට ඒක ඔයාට අභියෝගයක් වුණේ නැද්ද

ඇත්තටම අයියා එහෙම තත්ත්වයක් තිබුණා මට බයක් අභියෝගයක් දැනුණා. තිබුණ චරිතයට අලුතින් එහෙම එනකොට ඒකට ගොඩාක් අය කැමති වුණේත් නැ. නමුත් මට දැන් හිතෙනවා මම ඒ අභියෝගය භාර ගෙන වැඩේ හොඳට කළා කියලා.

ඒ වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම මම අර කලින් කිව්ව විදිහට මේකට ගොඩාක් දෙනා කැමති වුණේ නැ. ඒ බාධක මැද්දේ කරපු චරිතයට අද වෙනකොටත් ගොඩාක් දෙනා හොඳ ප්‍රතිචාර ලබාදෙනවා ගොඩාක් සතුටුයි මට ඒ ගැන.

ඔයා මෙහෙම රඟපාන්න එනවට ගෙදරින් කැමැති වුණාද?

මුලදී ඒ අය කැමැති වුණේ නැ දැන් නම් මෙහෙම ප්‍රශ්නයක් නැ තාමත් මගේ අම්මා ඒ ඒ තැන් වලට මම යන එන විට මාත් එක්කම යනවා එනවා. තාත්තාත් ඒ ගැන හොයලා බලනවා.

ඔයාගේ තාත්තාත් කලාවට දායක වෙලා සිටියද?

ඔව් අපි පොඩි කාලේ එයා බෑන්ඩ් (සංගීත කණ්ඩායමක්) එකක් හදාගෙන එකේ සින්ග් කළා ගායකයෙක් ලෙස.

තාත්තලාගේ ආභාසය නිරායාශයෙන්ම දුවලාට පිහිටන සම්ප්‍රදායක්නේ අපේ ති‌යෙන්නේ. ඉතින් ඔයාටත් සින්දු කියන්න පුළුවන් ඇති නේද?

ටිකක් විතර පුළුවන් අයියේ, ඒත් ඒකට වොයිස් ‌ට්‍රෙනින් එහෙම කරලා මං ඒක වැඩිදියුණු කරගන්න ඕනේ.

ඒ කාලේ පාසලේ දී ඔයා සංගීතය හැදෑරුවේ නැද්ද

මම ඒ කාලෙ ඩන්සින් තමයි කළේ.

රවිහාරිය රංගනයට අමතරව ගායනය පැත්තෙන් ඉස්සරහට යන්න අදහසක් නැද්ද?

බලමු ඉස්සරහට ඒ ගැනත්.

දැන් වෘත්තීය රංගනයමද

නැ අයියා මම දැනට පෞද්ගලික බැංකුවක රැකියාවක් කරනවා.

උසස් පෙළට බයෝ (Bio) කරපු ඔබ බැංකුවකට සම්බන්ධ වුණේ කොහොමද

මම උසස් පෙළ කරලා ගෙදර ඉන්න කොට බැංකුවේ වේකන්සි වගයක් තියෙන්වා කියලා දැන්වීම තිබුණ බව මට මගේ යාළුවෙක් කිව්වා. ඉතින් මම ඒක බලලා අයදුම් කලාට පස්සෙ මට ඉන්ටර්විව් ඒකකට එන්න කියලා දන්වලා තිබුණා. මම ගිහින් එකට ඉදිරිපත් වෙලා ඇවිත් ඉන්නකොට ඒයින් සමත් වුණා කියලා මට දැන්වුවා ඉට පස්සේ තමා මේ බැංකුවේ ජොබ් එක මට ලැබුණේ.

ඉදිරියට වෘත්තිය කාර්යබහුල තවයක් එක්ක බැංකු රැකියාවද, රංගනයද කියලා දෙකෙන් එකක් තෝර ගන්න වෙයිද?

නැ ඒහෙම වෙන්නෙ නැ මම දෙකම දැනටමත් සමබරව කරගෙන යනවා. ඉස්සරහටත් එහෙමම කරගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව.

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

නපුරු චරිතයක් වගේ කරන්න ආසයි.

සැබෑ ජීවිතයේ ඔයත් නපුරුයි නේද?

ටිකක් විතර ගෙදර අයත් මට ඉන්න යාලුවොත් එහෙම කියවනවා. අයියා කොහොමද දැන ගත්තේ මම එහෙම කෙනෙක් කියලා .

මටත් එහෙම දැණුනා ඒකයි.

ඉස්සරහට උපේඛා අපිට දකින්න ලැබෙන්න නිර්මාණ තියෙනවද?

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ මගේ ෂූටින් කිරීම් කටයුතු දැන් මුළු මුලින්ම අවසන් කරලා ඉවරයි. ඉස්සරහට දෙරණ නාළිකාවෙන්ම විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක වැඩ මේ දිනවල කරගෙන යනවා. මම ඒ නාට්‍යයේ විස්තර හේමන්ත අයියා ඔයාට ඉස්සරහාට කියන්නම්. තවත් අලුත් නිර්මාණයකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ වැඩ කරන එක ගැන තවමත් සාකච්ඡා මට්ටමින් තමා තියෙන්නෙ.

අපි උපේඛාගේ පෞද්ගලික ජීවිතය දෙසට හැරෙමු දැන් වයස කීයද

අවුරුදු විසි අටයි (28).

මේ වනකොට පෙම්වතියක්ද?

ඔව් පෙම්වතියක්.

ඔහු ගැන කිව්වොත්

දැනට ඒයා බැංකුවක වැඩ කරනවා.

ඔබ වැඩ කරන බැංකුවේම ද?

ඔව්

දැන් කොච්චර කල් වෙනවද දෙන්නගේ සම්බන්ධයට

අවුරුදු පහක් (05) වෙනවා

ගෙවල්වලින් කැමතිද?

ඔව් දෙන්නගෙම පැත්තෙන් ඒකට අශිර්වාදය ලැබිලා තමයි තියෙන්නේ.

ඔහුගෙන් ඔබේ කලා කටයුතුවලට ලැබෙන සහය මොන වගේද?

ලොකු සහයෝගයක් ලැබෙනවා ඒ ගැන හොයලා බලනවා. එයා මමත් එක්කම ෂුටින් කරන තැන් වලටත් යනවා එනවා.

දෙන්නාගේ විවාහය සිදු වෙන්නේ කවද ද?

ඒකට නම් තව කල් තියෙනවා අයියේ.

එදාට ඒ ගැන අපිටත් කියනවද?

අනිවාර්යනේ.

අවසාන වශයෙන් යමක් කියන්න ති‌යෙනවද?

සතුටුයි බාධක රැසක් මැද කලාවේ මේ දක්වා ආපු ගමන ගැන. මෙහිදී මට සහයෝගය ලබාදුන් මගේ අම්මා, තාත්තා දෙරණට එහි සර්ලා මැඩම්ලා ඇතුළු සියලු දෙනාටමත් ඉදිරියටත් නිර්මාණ වලට දිගටම සම්බන්ධ වෙලා මේ විදිහටම වැඩ කටයුතු කරගෙන යන්න තමා මගේ බලාපොරොත්තුව.

 

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT