නිවස සංවාද මං නිළියක් වුණේ අහම්බෙන්

මං නිළියක් වුණේ අහම්බෙන්

-රංගන ශිල්පිනී තිළිණි පෙරේරා

by Thanushika
May 2, 2024 1:15 am 0 comment

හලාවත පුරවරයෙන් කලාවට ඇය එක් වූවාය. තම ගම් ප්‍රදේශයට අයත් වෙරළ තීරයේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සිදුවන බව දැනගෙන එය දැකබලා ගැනීමට ඇය එදා එහි ගියේ ඇගේ අක්කලා දෙන්නත් සමඟයි. පසුව ඔවුන් වැල්ලේ සෙල්ලම් කරනමින් සිටින විට ඒ නාට්‍ය කණ්ඩායමේ නළුවකු වන (ජනප්‍රිය රංගන ශිල්පි ප්‍රදිප් සේනානායක මහතා දැනට විදේශ ගතව පදිංචිව සිටියි.) මේ කුඩා කෙලි ගැටිස්සිය දැක ඇයව කැඳවා එම නිර්මාණයට රංගනයෙන් දායක වීමට පොඩි අවස්ථාවක් ලබාදුන්නාය. එදා එතැන් සිට ඇය ආ ගමන් මඟ අද වන විට ජනප්‍රිය තලයේ රංගන ශිල්පිනියක් බවට පත්කළාය. ඇය මේ දිනවල ද ඇය අපේ ආලින්දයට පැමිණෙන්නිය. ඒ සතියේ දිනවල හිරු රූපවාහිනී සේවයෙන් (හිරු ටී.වී) හතයි තිහට (7.30ට) විකාශය වන අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ රේණු නම් සංගීත ගුරුවරියගේ (Music Teacher)  චරිතයට පණ පොවමිනි. අප හා මෙවර කතාබහට එකතු වන ඇය යොවුන් රංගන ශිල්පිනී තිළිණි පෙරේරාය.

 තිළිණි ඉන්නෙ කොහෙද?

මගේ ගම මහවැව තෝඩුවාව කියන ප්‍රදේශයේ නමුත් දැන් මම පදිංචි වෙලා ඉන්නේ කොළඹ දෙහිවල.

පවුලේ විස්තර කිව්වොත්

අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. තාත්තා ධිවර ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්.

තිළිණි පාසල් ගියේ

ගමේ ඉස්කෝලෙට තමා මුලින්ම ගියේ දැන් නම් ඒ පාසලෙ නම හලා/මත්කොටුව ශාන්ත අනතෝනි ජාතික පාසල. ඊට පස්සේ මම හලාවත ශාන්ත මරියා විද්‍යාලයටත් උසස් පෙළට මාදම්පේ සේනානායක මධ්‍ය විද්‍යාලයටත් (අද ජාතික පාසලක්) ගියා.

උසස් පෙළට කළේ මොනවද?

සිංහල, දේශපාලන විද්‍යාව, යුරෝපා ඉතිහාසය, යන විෂයන් තමා මම උසස් පෙළට හැදෑරුවේ කලා අංශයෙන්.

ඔයාට කොයි කාලේද අර මුහුදු වෙරළේ දී ටෙලි නාට්‍යයක රංගනයට අවස්ථාවක් උදා වුණේ?

එතකොට මට වයස අවුරුදු දහතුනයි (13). අපේ ගමේ මුහුදු වෙරළේ ටෙලි නාට්‍යයක් රූගත කරනවා කියලා ආරංචි වුණ ඉතින් මම අක්කලා දෙන්නෙක් එක්ක බලන්න ගියා. පස්සෙ අපි එතැනින් ටිකක් එහාට ගිහිල්ලා සෙල්ලම් කළා. ඒ වෙලාවේ ඒ නාට්‍ය කණ්ඩායමේ හිටපු නළුවෙක් (දැනට විදේශ ගතව සිටන ජනප්‍රිය රංගන ශිල්පි ප්‍රදීප් සේනානයක මහතා) මාව දැකලා මට කතා කළා. ඒ කරලා කීව්වා අපේ නාට්‍යයේ මේ වගේ දෙයක් කරන්න තියෙනවා කියලා මම කිව්වා ගෙදරින් අහන්න ඕනේ කියලා පස්සේ ඒ අය අපේ ගෙදරට ඇවිත් අහලා තිබුණා. ගෙදරින් කැමති වුණාට පස්සේ මට එහි පොඩි අවස්ථාවක් ලබාදුන්නා. එතැනින් ආරම්භ කරපු ගමන තමා අද මේ දක්වා ආවේ. කැදැල්ල උණුසුම් නෑ කියන ටෙලි නාට්‍යයේ තමා මට ඒ අවස්ථාව ලැබුණේ.

එකෙ ඔබට රඟපාන්න ලැබුණේ මොකක්ද?

ඉස්කෝලේ ටීචර් කෙනෙක් ළමයෙක්ගේ ගෙයක් හොයාගෙන යනවා. මට ඒ ටීචර් ව එක්කගෙන ගිහින් ඒ ළමයාගේ ගෙදර පෙන්වන අවස්ථාව තමා තිබුණේ

ඔබ රූපවාහිනී අවුරුදු කුමරිය වැඩසටහන්වලටත් ඉදිරිපත් වුණා නේද?

ඔව් මම රූපවාහිනි නාළිකා කිහිපයකින්ම පැවැත්වූ අවුරුදු කුමරිය තෙරිමේ තරගවලට ඉදිරිපත් වුණා. දෙරණ නාලිකාවේ දෙදහස් දහය (2010) හොඳම චවි කල්‍යාණය (පැහැපත් සමක්) හිමි අය ලෙස තෙරි පත් වුණා. ලංකාව පුරාම අයැදුම් කළ පිරිස් දහස් ගණන් අතරින් පියවරින් පියවර වට ගණනාවක් තියලා එවායින් ඉදිරියට ඇවිත් ජයග්‍රහණය කරලා ලොකු කැපකිරිමක් කරලා ඉතාම අමාරුවෙන් තමා එයින් ප්‍රථම ස්ථානය ලබාගන්නේ අද බොහෝ අවස්ථාවල වගේ සල්ලිවලට නොවේ මට ඒ අවස්ථාව ලැබුණේ බොහොම මහන්සි වෙලා කැපකිරිම් කරමින් මගේ හැකියාවද දැනුම වැඩි දියුණු කරගනිමින් තමා මං එදා ඒ ජයග්‍රහණය ලබාගත්තේ. රූප රාජනි තරග කිහිපයකටත් මම ඉදිරිපත් වුණා. දහස් සංඛ්‍යාත පිරිස් අතරින් වට කිහිපයකින් පසුව එවා යෙනුත් ජයග්‍රහණය ලබලා ඉතා අමරුවෙන් කැප කිරිම කරලා තමා මම මෙතනට අවේ.

ඊට පස්සේ

මට වෙළෙඳ දැන්වීම්වලට පෙනි ඉන්න අවස්ථාව ලැබෙනවා අද වන විට වෙළද දැන්වීම් හැත්තෑවකට (70) අසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

එතකොට ටෙලි නාට්‍යය පැත්තෙන්

අර වෙරළෙ ටෙලි නාට්‍යයෙන් පස්සෙ මට දෙවන වතාවට කිරිකවඩි කියලා මිචෙල් ෆොන්සේකාගේ නාට්‍යයක තමා රඟපාන්න අවස්ථාව ලැබුණේ. එකේ සාරංග දිසාසේකර, හිමාලි සිරිවර්ධන යන අය එක්ක මං රඟපෑවා.

ඒ විදිහට නිර්මාණය කීයක විතර රඟපෑවද?

ලොකු ප්‍රමාණයක නම් මට රඟපාන්න ලැබුණේ නෑ මොකද සමහර කාලවල මට කලාවෙන් ටිකක් දුරස් වෙන්නත් සිදුවුණා. කොවිඩ් කාලේ ආවා නේ ටෙලි නාට්‍යයේ විස්සක (20) විතර වගේ රඟපෑවා. චිත්‍රපට නම් දෙකක වැඩ කළා එකක් තිරගත වුණා. මං වේදිකා නාට්‍ය පැත්තෙන් නම් කලේකට ඉහත ආරාධනාව ලැබුණා කාලය වෙන්කර ගන්න බැරුව. ඒක මඟ හැරුණා. මං ආසයි දැනුත් වේදිකාවේ රඟපාන්න ඉස්සරහට හොඳ අවස්ථාවක් ලැබුණොත් බලනවා.

මෙතෙක් දායක වුණු නිර්මාණ අතරින් තිළිණිගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වුණු නිර්මාණය මොකක්ද?

එහෙම ඒවා නම් කීහිපයක්ම ති‍යෙනවා ඒවා අතරින් “මුතුකුඩ“ ටෙලි නාට්‍යයේ මුතු කුඩ මැණිකේගේ චරිතය විශේෂයි එකේ ප්‍රධාන චරිතය ඒ නාට්‍ය ටිකිරි රත්නායක අධ්‍යක්ෂතුමාගේ ඊළඟට ගිරි කුල දෝණි සබිතා පෙරේරාගේ ගේ වයස දාසයක (16) චරිතය තමා එහි මට නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා සෑම් පෙරේරා අංකල්ව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

තිළිණිගේ රඟපෑම වෙනුවෙන් සම්මාන ලැබිලා තියෙනවද?

මුතුකුඩ ටෙලි නට්‍යයේ මුතුකුඩ මැණිකේ එක ඒ නට්‍යයේ ප්‍රධාන චරිතය මම ඒ චරිතය සාර්ථකව රඟපෑවා ඒ අනුව සම්මනයක් ලැබෙන්න තිබුණා නම් මට ඒ සම්මානය ලැබෙන්න ඕන. ඒත් ඒක සම්මාන උළෙලට ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා නාට්‍යය ඉදිරිපත් කළේ නෑ. එහෙම ඉදිරිපත් කරලා තිබුණා නම් මට සමහර විට සම්මානයක් ලැබෙන්න තිබ්බා. මොකද ඒකේ රංගනයෙන් දායක වුණු ප්‍රවීණ නළු නිළියන් ද ඇතුළුව බොහෝ දෙනා කිව්වා මම හොඳට ඒ චරිතයට රංගනයෙන් දායක වුණා කියලා. මම හිතනවා මට ඒ සම්මානය නොලැබුණත් ප්‍රවීණයන් ඇතුළු ඒ පිරිසගෙන් මට ලැබුණු ඒ ඇගැයීම ඇති කියලා එක හරිම වටිනවා ප්‍රේක්ෂකයින් ගෙනුත් එහෙමයි.

රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?

නිර්මාණ බලමින් ඒවායේ වැඩ කරන ගමන් යම් යම් දෙවල් ඉගෙන ගනිමින් ඉන්නවා තව මම අවුරුදු එකහමාරක් (1_21) ෂේක්ස්පියර් කේන්ද්‍රයේ රංගනය පිළිබඳව හැදෑරීමක් කළා. ඊට අමතරව රංගනයට අදාළ විවිධ වැඩමුළුවලට දායක වුණා ඉදිරියේදී මහේන්ද්‍ර පෙරේරාගේ (ප්‍රවීණ රංගන ශිල්පි මහේන්ද්‍ර පෙරේරා මහතා)ගේ රංගන ඇකඩමියට සම්බන්ධ වෙලා මේ ගැන වැඩිදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.

ප්‍රේක්ෂකයන්ගේ අදහසක් තියෙනවා තිළිණි නිර්මාණවල අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ කියලා

ඇත්තටම ඒක වුණේ මෙහෙමයි අයියේ මම දායක වුණු නිර්මාණ කීපයක්ම විවිධ හේතු මත විකාශය වුණේ නැහැ සමහර අධ්‍යක්ෂකවරු නැති වුණා. තව නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු අතර ප්‍රශ්න තිබුණා. තව සමහර ඒවා විකාශය වුණේ නැ. දැන් ඒ නිර්මාණ එවා විකාශය වෙන එකක් නම් නැති වෙයි. තව මං අර නාට්‍ය පුහුණු පාඨමාලාව ෂේක්ස්පියර් කේනද්‍රයේ හදාරපු කාලේ ඒ වගේම රූපලාවණ්‍ය හදාරපු කාලවලත් ඊට පස්සේ කොරෝනා අපු නිසා නිර්මාණ වලට දායක වුණේ නෑ. ඔය වගේ විවිධ හේතු නිසා වෙන්න ඇති මම අඩුවෙන් නිර්මාණවල දකින්න ලැබෙනවා කියලා ප්‍රේක්ෂකයන් කියන්නේ.

මේ දවස්වල අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයෙන් ඔබ අපිව හමුවෙනවා නේද

ඔව් ඒ ටෙලි නාට්‍යයේ සංගීත ගුරුවරියගේ  (Music Teacher)  රේණු කියන චරිතයෙන් ඊට අමතරව චැනල් තුනක විකාශය වන ටෙලි ෆිල්ම්ස් කිහිපයකින්ම මාව දකින්න ලැබෙනවා.

අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද

හිරු ටීවී එකෙන් තමා ඒක කරන්නේ. එකේ අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය, කසුන් තරින්ද්‍ර සම අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා. ඒ අය තමා මට ඒකට කතා කරන්නේ කසුන් සංගීතය පැත්තේන් අමුතුම ගමනක් යන අයෙක් මේ නාට්‍යයට දායකත්වය ලබාදෙනවා. සුදත් දේවප්‍රිය අයියා හරිම හොඳයි ඔහුගේ අධ්‍යක්ෂණය පැත්ත හරිම සාර්ථකයි. ඔහුගේ අධ්‍යක්ෂණයක් තමයි අඹ යාළුවෝ නිර්මාණය. ඒ නට්‍යයත් හරිම සර්ථකයි. මේ ටෙලි නාට්‍යයේ ප්‍රවීණ රංගන ශිල්පිනි ජයනි සේනානායක (ජයනි අක්කා), ප්‍රවීණ නළු නිළියන් ඇතුළු ටීම් එකේ සියලු දෙනාම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. තව නළු නිළියන් වන පියුමි බොතේජු, සංජය මුරමුදලි, අජිත් ලොකුගේ, ලාල් කාන්ත යන අයගෙන් ලැබෙන සහයෝගයත් එක්ක සතුටින් මේ ටෙලි නාට්‍යයේ වැඩ කරගෙන යනවා හරිම සුන්දරයි.

ඔබට ඒ චරිතය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි ගොඩාක් කට්ටිය මේ නාට්‍යය බලනවා කියලා තේරෙනවා මේ වන විටත් මට ලැබෙන ප්‍රතිචාර වලින් මට දැනෙනවා.

මීට පෙරත් ඔබ ගුරුවරියකගේ චරිතය රඟපාලා තියෙනවද?

ආදර දෑසක් කියලා අයි.ටී.එන් එකේ ගියපු ටෙලි නාට්‍යයක මම නිරංජලා කියලා ටිචර් කෙනෙක් ලෙස රඟපෑවා. මිනිස්සු අතර එකත් ගොඩාක් ජනප්‍රිය වුණා. නිල්වලා ටැලන්ට් ෆැක්ටරි එකෙන් තමා ඒක නිෂ්පාදනය කළේ.

ඉස්සරහට තිළිණිව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?

මේ වෙනකොට නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. ඉන් එකක අංගම්පොර සටන් කලාවට අදාළව තමා මට රඟපාන්න තියෙන්නේ. පසුගිය කාලයෙත් මට ඒ වගේ චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. කොහොම හරි මට එක මඟ හැරුණා. දැන් ආයෙමත් ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නාට්‍යයේ චරිතය සැබෑ ලෙසම කරන්න අවශ්‍ය කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ නිර්මාණය තුළිනුත් අමුතු චරිතයකින් මාව ඉස්සරහට ප්‍රක්ෂකයන්ට දකින්න ලැබේවි.

ඔබේ ප්‍රදේශයෙන් සංගීත ලොවට ජනප්‍රිය තාලයේ විශාල ගායක ගායිකාවන් පිරිසක් බිහිවෙලා ඉන්නවා. තිළිණිටත් සින්දු කියන්න පුළුවන් නේද?

මට සින්දු කියන්න පුළුවන් හැබැයි ඒවා අහන් ඉන්න පුළුවන්ද දන්නේ නෑ අයියේ (ඇය එසේ කියමින් සිනාසෙයි) ඇත්තටම මට සින්දු කියන්න ටිකක් අමාරුයි දැන් නම් ටී.වී ප්‍රෝගෑම්වලට ගිහිල්ලාම සින්දු කියලම පුරුදු පුහුණු වෙලා. දැන් ෂේප් එකට සින්දුවක් කියාගන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙන්නේ අයියේ.

නිවේදිකාවක් ලෙසත් තිළිණි වැඩ කරලා තියෙනවාද?

ආරාධනා නම් ලැබිලා තියෙනවා ඒ සඳහා නමුත් මට ඒක කරන්න බැරි නිසා භාර ගත්තේ නැ.

තිළිණිගේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු. ඔබ විවාහකයි නේද?

ඔව්, මම විවාහකයි.

මහත්තයා ගැනත් කියමු.

ඇත්තටම මමත් මහත්තයත් කැමති නැහැ මාධ්‍යයට පවුල් ජීවිතය ගැන විස්තර කියන්න මම හිතනවා ප්‍රේක්ෂකයන්ට වුණත් අපේ ජීවිත වල පෞද්ගලිකත්වය ඕනේ නෑ කියලා අපි කරන වැඩ තමා ඔවුන්ට වැදගත් වෙන්නේ‍.

අවසාන වශයෙන් තිළිණිට යමක් කියන්න තියෙනවද?

ප්‍රේක්ෂකයින්ට කියන්න තියෙන්නේ මේ දක්වාම මාත් එක්ක රැඳීලා හිටියා වගේම දිගටම ඉදිරියටත් මාත් එක්ක රැඳීලා ඉන්න කියලා. ඔවුන්ට මම ගොඩක් ආදරෙයි. මගේ ෆෙස් බුක් ෆෑන් පේජ් එකට සම්බන්ධවෙලා මට ප්‍රතිචාර ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඉදිරියට ප්‍රේක්ෂකයන්ට නිර්මාණවල විවිධ චරිතවලින් මාව දැක ගන්න ලැබෙවි.

 

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT