නිවස සංවාද මේ තරම් ලොකු සම්මානයක් මං වගේ පොඩි කෙනෙකුට ලැබේවි යැයි හිතුවේ නැහැ

මේ තරම් ලොකු සම්මානයක් මං වගේ පොඩි කෙනෙකුට ලැබේවි යැයි හිතුවේ නැහැ

2020 හොඳම නවක නිළිය මෙනාරා විජේතුංග

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

යමකුගේ ජන්ම උප්පත්තිය සමඟම ඔහුගේ හෝ ඇගේ ඉරණම ලියා තබන බව පැරණි කියමනක් මෙන්ම, අතීතයට මෙන්ම වර්තමානයට කදිමට ගැළපෙනු ඇත. දක්ෂතාවය ඇති යමකු තම දක්ෂතාවය ඔප් නංවා ගන්නේ තමාට ලැබෙන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම උපයෝගී කරගනිමින්ය. පාසලේදී මෙන්ම බාහිර ලෝකයේදී ද ඇගේ දක්ෂතාවය ප්‍රේක්ෂකයා වැලඳගන්නේ නිතතින්මය. එවැනි දක්ෂතාවයන්වලින් පිරිපුන් නව යොවුන් වියේ පසුවන මෙනාරා විජේතුංගට පසුගිය සරසවිය සම්මාන උලෙළේදී රංගන ශිල්පියකුට මෙන්ම ශිල්පිනියකටද සිහිනයක් වන සරසවිය සම්මානයක් ලබා ගැනීමට අවස්ථාව හිමි විය.කුඩා වියේදීම මෙවැනි සම්මානයක් ලැබීම ඇගේ ජීවිතය ලද සිහිනයක තතු සරසවිය සමඟ බෙදා ගත් අයුරුයි.

මෙනාරාට සුනාමි සිනමා පටයට දායක වෙන්න ලැබුණේ කොහොමද?

මම සෝමේ මාමාගේ ඉස්සෙල්ලා සරිගම සිනමා පටයේ චරිතයකට සම්බන්ධ වුණා. එහිදී හඳුනාගත් හඳුනාගැනීම නිසා මට සුනාමි සිනමා පටයේ ඔඩිෂන් එකට එන්න කිව්වා. රේණුකා නැන්දිත් එක්ක සහ සෝමේ මාමත් එක්ක වැඩ කරන්න ආස නිසාත් මගේ ගෙදර කට්ටිය වගේ මට හැමදාම. ඒ නිසා ඒ ඔඩිෂන් එකට ගිහිල්ලා තමයි මාව තෝරා ගත්තේ. එදා ඔඩිෂන් එකට ගොඩක් ළමයි ඇවිල්ලා හිටියා. මම හිතුවේ නෑ මාව තේරෙයි කියලා එදා. ඒත් මගේ වාසනාවකට මම සුනාමි සිනමා පටයට තේරුණා. එදා ඒ සිනමාපටයට නොතේරුණා නම් මට මෙවැනි සම්මානයක් ලැබෙන්නේ නැහැ. මේ සම්මානය පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ සෝමේ මාමටයි රේණුකා නැන්දිටයි. මට සහයෝගය දුන්න සියලූම දෙනාටයි.

සුනාමි සිනමා පටයේ රූපගත කිරීම් කරන්න ඉස්සෙල්ලා වැඩමුළුවකට සම්බන්ධ වුණාද?

ඇත්තටම ඔබ කිව් දේ හරි. මගේ මේ දෙවැනි සිනමා පටය තමයි සුනාමි කියන්නේ. නෙරන්ජනී අක්කා එදා මට ගොඩක් සහයෝගය දුන්නා මේ වැඩේට. රූපගත කිරීම් කරන්න ඉස්සෙල්ලා කරපු හැමදේකට මට. චරිත නිරූපණයකට ඉස්සෙල්ලා ඒ චරිතයට පිවිසෙන්නේ කොහොමද කියන එක ගැන පූර්ණ අත්දැකීම් සම්භාරයක් ඒ තුළින් ලබා ගන්නට හැකියාව ලැබුණා.උදාහරණයක් හැටියට ගත්තොත් අඬන ළමයෙක් කොහොමද අඬන්නේ සතුට හා දුකට කියන එක චරිතයක් මොහොතින් මොහොත වෙනස් වන අයුරු පිළිබඳ ඒ තුළින් ලැබුණා. සරිගම සිනමාපටයේ චරිත නිරූපණය කළා වගේම නෙවෙයි. සුනාමි සිනමා පටයේ චරිත නිරූපණය කරන්නට ලැබුණේ. එම සිනමා පටය මම ද්විත්ව චරිතයක් නිරූපණය කරන්නේ. අපි සමඟ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත හරිම වෙනස්ය. ඒ වෙනස් වන ජීවිත සමඟ මට එවැනි චරිතයක් කරන්න ලැබීමත් මම ලද භාග්‍යයක් කියලයි මම හැමදාම හිතන්නේ දැන්. මම හැමදාමත් හිතන්නෙ සෝමේ මාමලාගේ පවුලෙම සාමාජිකයෙක් කියලයි මම. ඒ පවුලේ සාමාජිකයෙක් වෙනවා කියන්නේ රංගනයෙන් ඉදිරියට යන ඕනෑම කෙනෙකුට අත්වැලක් සපයනවා කියන එකයි.

මේ චරිතය තුළින් සරසවිය සම්මානයක් කවදා හෝ ලැබෙයි කියලා හිතුවද ?

ඇත්තටම මේ සම්මානය මට හීනයක් වගේ. කවදාවත් මම හිතුවේ නෑ මට සම්මානයක් සරසවියෙන් ලැබෙයි කියලා. මේ සම්මානයට නිර්දේශවීම ගැන දැනුම්වත් කරල තියෙන්නෙ මගේ තාත්ති නංගිටයි ඉස්සෙල්ලාම ෆෝන් එකෙන්. සාමාන්‍යයෙන් සම්මානයකට නිර්දේශ වනවිට තියන විට අපව දැනුම්වත් කරලා ආරාධනා පත්‍ර එවනවානේ එහෙම දෙයක් ආවේ නැති නිසා මම විශ්වාස කළේම නැහැ. එදා හොඳටම නිදාගෙන හිටියේ ඒ වෙලාවේදී, මගේ ෆෝන් එකට ඇරගෙන බැරිම තැන තමයි නංගියට කියලා තියෙන්නේ. නංගි ඇවිල්ල මට කියනකොටත් මම ඒක හිතුවේ හීනයක් කියලා. එදාට පහුවෙනිදා සෝමේ මාමා කතා කරලා මට ඔයා සම්මානයක් වින් කරා කියලා.එතකොට තමයි මම හරියටම පිළිගත්තෙ. මේ ඇත්තක් කියලයි. ඒ තරම් ලොකු සම්මානයක් මං වගේ පොඩි කෙනෙකුට ලැබෙයි කියලා විශ්වාස කළේ නැති නිසයි. ඒත් දැන් මම ඒ සම්මානය සතුට භුක්ති විඳීන්නේ හරිම සතුටින්.

ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්නට බලාපොරොත්තු වෙනවාද?

මේ සියලුම ලැබුණු චරිත මම කළේ මගේ ආසාවට. ඒත් දිගටම ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට මගේ බලාපොරොත්තුවක් නැහැ. මම දැනට බම්බලපිටිය ජේඩ් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබනවා. ලබන මාසේ සාමාන්‍ය පෙළට පෙනී සිටින්නයි බලාපොරොත්තු වෙන්නේ. මගේ මූලික අරමුණු වෙලා තියෙන්නේ මනෝ වෛද්‍යවරියක් හා නීතිඥවරියක් ලෙස සමාජයට වැඩ කටයුතු කරන්නයි. ඒ වෙනුවෙන් තමයි මගේ ගමන් මග මා සකසාගෙන තිබෙන්නේ. මගේ පළමු බලාපොරොත්තුව සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් වුණොත්, දෙවනුවට සිනමා ක්ෂේත්‍රය ගැන මම හිතනවා. ඒත් මේ සියල්ල මම කාලයට බාර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඕනෑම කෙනෙකුගේ ටාර්ගට් එකක් තියෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් දෙනෙක් දිවා රෑ දෙකේ වෙහෙසෙනවා. ඒ මාවත සකසා ගැනීම තමයි ඕනෑම කෙනෙකුගේ අරමුණ වෙන්නේ.

ඔබට ලැබුණු මේ චරිතය ඔබ දැක්කේ මොන ආකාරයෙන්ද?

මේ චරිතය බේස් වෙලා තියෙන්නේ රියල් ලයිෆ් ස්ටෝරි එකක් එක්කයි. ඒ නිසා මට ආස හිතුණා ඒක සිදුවුණේ කොහොමද කියලා දැනගන්න.මම ඉපදෙන්නට කලින් තමයි සුනාමිය ආවේ. ඒ නිසා මට ඒ අත්දැකීම ලබාගන්නට ඕන වුණා. සුනාමි සිනමා පටයෙන් තමයි මම සුනාමිය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තේ. ගොඩක් දෙනෙක් මුහුද ගොඩ ගලනවා කිව්වට ඒ අත්දැකීම් ලබලා තිබුනේ නැහැ. මේක මගේ අවුරුදු 10 දි ලබාගත් ජිවිතයට හොඳ ඡ්යනඥපඪඥදජඥ එකක් වු. දර්ශන් අන්කල් මේ වෙලාවේ මතක් කළ යුතුම වෙනවා. එදා එයා මට ඒ චරිතය වෙනුවෙන් ගොඩක් අවවාද උපදෙස් ලබා දුන්නා. ජීවිතයේ එහෙම අය අපිට හම්බවෙනවා ගොඩක් අඩුයි. එයා අපෙන් ඈත් වෙලා ගියත් එයාගේ වදන් හැමදාම මගේ හිතේ රැඳීලා තියෙනවා. මට අනිත් සියලු දෙනාගෙන්ද ලැබුණු උපදෙසුත් හරිම වටිනවා. සිනමා පටය රූපගත කිරීම් අවසන් වෙනවා කියපු දවසේ දැනුණේ හරිම දුකක්. පවුලේ සාමාජිකයන්ගෙන් වෙන්වීම දුකක් කියල මට එදා දැනුණා. සිනමා පටයේ කතා පුරාවටම විහිදෙන්නෙත් තඪටඥ ඵබධපර ඒකයි.

ඔබේ මේ ගමනේ පිටුපස ශක්තියක් වෙලා ඉන්නේ කවුද?

මගේ අම්මී හා තාත්තී තමයි. මගේ මේ ගමනේ පිටුපස යෝධ ශක්තියක් වෙලා ඉන්නේ. මගේ නංගිත් මට ඒකට උදව් කරනවා. ඔවුන් මා වෙනුවෙන් හොඳ නිදහසක් මට ලබා දීලා තිබෙනවා. මම රඟපාපු සිනමා පටයේ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි මට හිටියා. ඒ දෙන්නා දරුවා වෙනුවෙන් කැපවෙන ආකාරය මට දැනුණේ පුදුමාකාර විදිහටයි. ඕනෑම දෙමව්පියන්ගේ බලාපොරොත්තුව දරුවන් කියන එක මගේ ජීවිතයට කාවද්ද පු සිනමාපටයක් තමයි මේ සෝමේ මාමා අධ්‍යක්ෂණය කළ රේණුකා නැන්දිගේ දිගේ නිෂ්පාදනයක් වූ සුනාමි සිනමා පටය.

දැනට ඔබට ලැබුණු සම්මාන ගැන කියන්න කැමතිද?

සිග්නීස්, ජනාධිපති සහ සරසවිය යන මේ සම්මාන මට ලැබුණා. මේ සියලූම සම්මාන ලැබුණේ සුනාමි සිනමා පටය වෙනුවෙන්.මම හිතනවා සත්‍ය සිදුවීමක තිරපිටපතක් තුළින් සමාජයට නිවැරැදි දේ හරියට දෙන්න පුළුවන් නම් යහපත් සමාජයක් ගොඩනැඟිය හැකි බවයි. මම ඒ චරිතය හරියට කරපු නිසා වෙන්න ඇති මට මෙහෙම සම්මාන ලැබුණේ කියලා මම අදත් විශ්වාස කරන්නේ. සියලු දෙනාගේ ආශිර්වාදයත් බලපාන්න ඇති.

ජනාධිපති සහ සරසවිය සම්මානලාභිනියක් ලෙස පාසලෙන් ඔබව ඇගයිමට ලක්වෙලා තියෙනවද?

එහෙම විශේෂ ඇගයීමකට මාව පාත්‍රවෙලා නැහැ.ඒත් ගොඩක් දෙනෙක් දන්නේ මට සම්මාන ලැබුණා කියන එක විතරයි. සම්මාන උළෙල ප්‍රචාරය වෙනවා දැකපු කට්ටිය සහ පුවත්පත්වල මගේ පින්තූර ගිහිල්ල දැකලා තිබ්බ අය මට විෂ් කළා. මම කවදාකවත් මට ලැබෙන දේවල් කියන්න යන්නේ නැහැ කාටවත්. මේ සියලු සම්මාන දෙන්නේ ජූරි සභාවක් තුළින් නිසා මාව ඇගයීමට ලක් කිරීමට ස්තූතිය පුද කරන්න අවස්ථාවක් කර ගන්නවා. මේ උළෙලවල් සංවිධානය කර සියලූම ආයතනවලටත් එක්ක.

ඔබේ වයසේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට දෙන පණිවිඩය මොකක්ද?

ඔබ ආසා කරන හැම දෙයක්ම කරන්න. ඒත් ඔබගේ අරමුණ කරා අනිවාර්යනේම යා යුතු බවයි. ඔබ සියලු දෙනාම ඔබේ අරමුණ කරා යන්නට පුළුවන් නම් අනිත් සියලුම දේවල් ලබා ගැනීමේ පහසුවක් තියෙනවා කියන එකයි. ඒත් තමාගේ සහජ දක්ෂතාවය මතම ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමද තිබිය යුතුමයි. නිවැරදි අවබෝධයෙන් ගමනක් යන්න කියන එක තමයි මට විශේෂයෙන්ම කියන්නේ.

නීතිඥවරියක් වෙන්න සිහින දකින ඔබේ අනාගතයේ කුමන ආකාරයෙන් විසඳේයිද?

මගේ පවුලේ අයත් සමඟ හරිම සතුටින් ඒ සියලු දේවල් බෙදාගෙන ජයග්‍රහණය කරගන්නයි බලාපොරොත්තුව. මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මම කැපවීම මගේ අරමුණයි කියලා මම හිතනවා.

 

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT