පාසල් වේදිකාවෙන් කලාවට පැමිණ යුද හමුදානිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම යාමෙන් පසු ඇඟේ තිබු කලාව ඉස්මතුවුයෙන් මේ වනවිට ටෙලි නාට්‍ය හතළිහක් පමණද , චිත්‍රපට විස්සක පමණද රගපා ඇතැයි රංගන ශීල්පී හා නාට්‍ය නිෂ්පාදන කුමාර වදුරැස්ස මහතා පැවසුවේය.
මුලින්ම අධ්‍යාපන ලැබුවේ කොහේද?
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ වඳුරැස්ස ගමේ. නමුත් විශේෂයෙන් කියන්න ඹනැ මගේ නම එච්.එම් ආරිය කුමාර වුවත් මගේ නමටත් වඳුරැස්ස කියන ගමේ නම එකතු කරලා තියෙන්නේ
මං කලාවට ආවෑයින් පස්සේ ආරිය කුමාර කියනවට වැඩිය ගමත් සඳහන් වෙන්න ඕන හින්දා කුමාර වඳුරැස්ස කියලා නම හදාගත්තා. මගේ නෝනත් කිව්වා ගමේ නම දාගන්න එක හොඳයි කියලා. මගේ ලොකු අයියත් ටී. බී. වඳුරැස්ව කියල ගමේ නම භාවිතා කරන්න ගත්තා.
කලාවට යොමු වුණේ කොහොමද?
පාසල් වේදිකාව තමයි මුලින්ම කලාවට අත දුන්නේ. පාසලේ වර්ෂ අවසානයේ පැවැත්වෙන විවිධ ප්‍රසංගවලට නාට්‍ය වල සින්දු කියන්න පාසල් වේලාවෙන් පස්සේ පස්සේ පුරුදු වෙනවා පාසලේ නාට්‍ය දෙක තුනක් කළා ඉස්කෝලේදි. පාසලෙන් අයින් වුණායින් පසසේ ගමේ තිබ්බා ‘‘රන් තිලක ‘‘කියලා කලායතනයක්. ඒකට ගියේ මුලින්ම බටනලළා වාදකයෙක් හැටියට.
කලායතනයට සම්බන්ධ වුණායින් පස්සේ මොන ආකාරයෙන්ද කටයුතු කළේ?
පාසලෙන් අයින් වුණායින් පස්සේ වාරියපොළ කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයට තේරුණා. ඉගෙන ගන්න. අවුරුද්දක පාඨමාලාවකට තමයි මම ඇතුල් වුණේ. ඒකෙන් ගියා මම කෘෂි ව්‍යාප්ත නිලධාරී කෙනෙක් හැටියට.
ඔය අතරේ මම නිකවරටිය මහසෙන් මද්ද මහා විද්‍යාලයේ ඉංග්‍රීසි කෝස් එකකුත් කරන්න ගත්තා. ඒක කරේ පාසලෙන් ඉවත්වුණ අයටයි.
එම පාඨමාලාව හදෑරුවායින් පසසේ මොනවාද කළේ?
ඔය අතරේ යුද හමුදාවේ ලිපිකරු කාර්මික කියලා කියල පුරප්පාඩු වගයක් තිබිලා ඉල්ලුම්පත් දැම්මා .එකේ සම්මුඛ පරික්ෂණයෙන් පස්සේ මාව ඉංග්‍රීසි ටයිපිස් කෙනෙක් හැටියට තේරුණා. ඊට පස්සේ යුද හමුදාවේ ඉන්නකොට ඒකෙත් තියෙන කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ ආකාරයෙන් වසර 22 යුද හමුදාවේ සේවය කොට 2005 වසරේ යුද හමුදාවෙන් විශ්‍රාම ගියා. මම සැපයුම් අංශයේ නිලධාරියෙක් හැටියට තමයි සේවය කළේ.
විශ්‍රාම ගියායින් පසසේ මොකද කළේ?
විශ්‍රාම ගියාම වේයන්ගොඩ මම දන්න අධ්‍යක්ෂක කෙනෙක් හිටියා සංජය ගුණවර්ධන කියලා. එයා ලාබයි ඇපල්, මතක මං පෙත, අමායා කියන නාට්‍ය එයාගෙම නාට්‍ය වගයක්. මං එයාව හමුවුණායින් පස්සේ එයාගෙම ‘‘සත්සල පෙළ‘‘ නාට්‍ය මට රගපාන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ නාට්‍යයේ මම් ව්‍යාපාරිකයෙකුගේ චරිතයක් රඟපෑවා. ඒක තමයි මම මුලින්ම රගපාපු නාට්‍යය. එය සිරස නාලිකාවේ විකශනය වුණා.
ඔබ වේදිකා නාට්‍යවල රගපාන්න සම්බන්ධ වුණා නේද?
ඹව් මුලින් රගපෑවේ‘‘ සිකුරා‘‘ කියන වේදිකා නාට්‍යයේ රගපෑවා.
විදේශ රටවලත් රඟපාන්න ගියේ නැද්ද?
ගියා. ඕස්ට්‍රේලියාවේ තියෙනවා ලංකාවේ ඉන්න කට්ටියගේ වියා විත්තු කියලා සංගමයක්. ඒ සංගමයේ ආරාධනා මත අපි ඕස්ට්‍රේලියාවේ රඟපාන්න ගියා. ඒ රටට ගිහිල්ලා ‘‘ සිකුරා‘‘ ටෙලි නාට්‍යය තමයි ඒ රටේ රග දැක්වුයේ. ඒ රටේ ඉන්න ලංකාවේ අය සියලු වියදම් යොදවල තමයි ඕස්ටේලියාට ගෙන්වා ගත්තේ. අපි දවස් 20 ක් ඕස්ට්‍රේලියාවෙ හිටියා. ඒ අය ලංකාවට අවට අපේ ගෙදර එනවා.
ඊට පස්සේ මොනවාගේ නාට්‍යවලද රඟපෑවේ?
අතුල සමරවීරගේ චූටි ගමරාළ සහ රයිගම් බණ්ඩා
ඒ නාට්‍යයේ තේමාව බණ්ඩා කොළඹ ආව හැටි අන්න ඒක තමයි. ඒ නාට්‍යයටත් විදෙස් රටවලින් ඉල්ලලා තිබුණේ.
කලා කටයුතු කරන කොට තර්ජන ගර්ජන එහෙමවලට මුහුණ දෙන්න වෙලා තිබෙනවාද?
නාට්‍ය පෙන්නන්න ගියාම එක එක ගම්වලින් විරෝධතාවයක් නම් ඇවිල්ලා තිබුණා
ඊයේ පෙරේදා විශේකාරී නාට්‍යය කරන්න ගිය වෙලේ කැලණි විශ්ව විද්‍යාලයේ අන්තරේ කට්ටිය ඇවිත් නාට්‍යය කරන්න දුන්නේ නැහැ.අපි නිත්‍යානුකූලව ගිහින් අනුමැතිය අරගෙන කැම්පස් එකේ ඇතුලේ ෂූට් කරමින් ඉන්න කොටයි. මේ සිද්ධිය වුණේ. අන්තරේ කට්ටිය ඇවිල්ල එකපාරටම කිව්වා මේක නවත්තන්න ඕන කියලා. නැවැත්තුවා ඉතින් කරන්න දෙයක් නෑනේ.
මේ දවස්වල මොන නාට්‍ය, ටෙලිනාට වලද රඟපාන්නේ?
සුටි රාළ සහ රයිගම්බණ්ඩා.
මං චිත්‍රපටිවල රඟපාන්න ගත්තා මුල්ම චිත්‍රපටියේ රගපාලා අවුරුදු පහළොවකට වැඩියි. රහයි ජීවිතේ කියන චිත්‍රපටිය.නමුත් මේ වනවිට චිත්‍රපට විසිපහක වාගේ රගපාලා තිබෙනවා. ටෙලිනාට්‍ය හතළිහක පමණ රගපාලා තිබෙනාව. වෙළද දැන්වීම් ගොඩක් ඒවාට මේ දිනවල රගපාල විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වෙලා තිබෙනවා.
‘තාත්තා‘ කියලා ප්‍රසාද් සමරතුංගගේ චිත්‍රපටියක මං රඟපෑවා. බාල් රාජ් කියල දෙමල චිත්‍රපටයක තිරගත කිරිම් කරනවා.
නිෂ්පාදකවරයෙක් හැටියට ටෙලිනාට්‍ය කියක් නිෂ්පාදනය කළාද?
මම නිෂ්පාදනය කරපු ටෙලිනාට්‍ය දෙකකුත් තියෙනවා ගුවන් කාලය දෙන්නෙ නැතුව. මොකද වියදම් කරපු හැටියට අඩු ගණන් වලට දෙන්න බැහැ එකක් ‘‘සත්සල පෙළ‘‘ අනික‘‘ මායා කැදැල්ල‘‘ තාම ටෙලි නාට්‍ය දෙක විකාශනය කළේ නෑ.
මගේ හොඳ නාට්‍යයක් ගියා ජාතික රූපවාහිනියේ ‘‘ඉහිරුණු කිරි ‘ ඊට පස්සේ ‘හිස් අහස යට‘ මගේ නිෂ්පාදනයි ඒ නාට්‍යය.
නාට්‍ය පහකට වැඩිය නිෂ්පාදනය කරලා නැහැ. චිත්‍රපටි උදයකාන්ත වර්ණසුරියගේ‘ ගිනිඅවි සහ ගිනි කෙළි‘ , ‘මධුර චාරිකා‘, බන්ධනය, යන ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළේ කට්ටිය එක්ක එකතුවෙලා
මේ දිනවල මොන වගේ කලා කටයුතුවල ද සම්බන්ධ වෙලා ඉන්නෙ?
නන්දනී කියලා ටෙලි නාට්‍යයක් කරනවා නුවර. ඊට පස්සේ අනුර ජයවර්ධනගේ, එදා රෑ චිත්‍රපටයේ තව චිත්‍රපට කීපයකට කතා කරලා තියෙනවා. ඉස්සරහට කරපු වැඩ අනුමැතිය ගන්න තිබෙනවා.
රඟපාපු ටෙලිනාට්‍ය මොනවාද?
සත්සල පෙළ, මායා කැදැල්ල, ඉහිරුණු කිරි, හිස් අහස යට, රට පවුල, නන්දනී, රස රහසක්, වෙඩිල්ල, එදා රෑ මීට අමතරව උදයකාන්ත වර්ණසුරියගේ චිත්‍රපට පහ හයකම වැඩ කරලා තිබෙනවා. බන්ධනය, මධුර චාරිකා, රිදී සීනු, ගින්දරි, තාත්තා, සුනිල් පේමරත්නගේ ලොක්ග් ඩවුන්, වැලි පවුරු, නිහඬ සෙවණැලි
වැඩිපුරම රඟපාලා තියෙන මොන වගේ චරිතද?
ගොඩක් හම්බවෙලා තියෙන්නේ පොලිස් චරිත, නීතිඥ චරිත වෛද්‍යවරයෙකුගේ චරිත කොන්ත්‍රාත් කරුවකුගේ චරිත
නමුත් මම ආසයි ගමේ ගොඩේ සාමාන්‍ය කෙනෙකුගේ චරිතයක් රගපාන්න.
සටහන සහ සේයාරූ නිමල් රාජපක්ෂ
