නිවස කළා පුවත් ජැස්මින් එළිදකී

ජැස්මින් එළිදකී

by Thanushika
May 2, 2024 12:30 am 0 comment

මහා බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන,ශ්‍යාම කුමාර මුණසිංහ විසින් රචනා කළ සිය කුලුඳුල් නවකතාව ‘ජැස්මින්’ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පසු ගියදිනක එළිදැක්විණි.

මීට ප්‍රථම වෙරළ සහ අතීතය, පාරමී සහ ඉරි නමින් කාව්‍ය සංග්‍රහ තුනක් රචනා කර ඇති ඔහු,පසුගිය වසරේ ‘වාන් පතුල්’ නමින් නවතම තේමා යටතේ රචිත කතා පුවත් දහයකින් යුත් කෙටි කතා එකතුවක් ද ලියා පළ කළේය.

දශක තුනකට පෙර කාලයකදී මෙරට දේශපාලනික වශයෙන් අස්ථාවරවී, සරසවි වසා තිබූ යුගයක තම කාලය, ශ්‍රමය, දැනුම මෙන්ම අත්දැකීම් අවවරප්‍රසාදිත ළමා පරපුරක හෙට දිනය වෙනුවෙන් කැප කළ තරුණ වෙද සිසුවෙකු ගේ ජීවිතය වටා ගෙතී ඇති මෙම කතා පුවත ඉතා විශ්වාසනීයව ගොඩනැඟී ඇත.

එයට පෙරවදන සපයා ඇති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා මෙන්ම, පසුවදන රචනා කර ඇති සම්මානනීය කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා ද තම සටහන් තුළ ඒ බව මනාව සටහන් කර ඇත.

එසේම මෙම කෘතිය පුරාම දැක්වෙන විවිධ පරිසර වර්ණනා මෙන්ම, සිදුවීම් පිළිබඳ සටහන් ඉතාම සිත්ගන්නා සුලු ලෙස සහ තාත්විකව ඉදිරිපත් කර ඇතිබවද විශේෂයෙන්ම සටහන් කළ යුතුය.

මෙලෙස සැමට අමතක වී ගිය, අවවරප්‍රසාදිත ළමා පරපුරකට සියල්ල දුෂ්කර යැයි අධෛර්යයට පත් නොවී, ඉගෙනුම තුළින් ජීවිතය ජය ගන්නට, ඉතා සරල මෙන්ම ප්‍රායෝගික අත්පොතක් ලෙස මෙය සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT