නිවස ලාංකිය සිනමාව යුක්තියේ ශක්තියේ නොනිමි ගමන

යුක්තියේ ශක්තියේ නොනිමි ගමන

මරුකතර

by Test User
March 21, 2024 1:05 pm 0 comment

හැරීගේ පියා එක්තැන් වී සිටිනා අතර, මව වු එතනාහාමි, හැරීගේ නැඟණිය වු යසෝමා සහ හැරීගේ විවාහයන් පිළිබඳව පියා හා නිතර කතා කරයි. සිය මව, පියා සහ නැගණිය ජීවත් කරවීමේ බර හැරී කරට ගෙන සිටී. තම සමීපතම මිතුරා වන මිටි සෝමේගේ නැඟණිය වු සිරිමා හා හැරී පෙමින් බැඳී සිටී. සිරිමා විවාහය ඉක්මන් කරන ලෙස හැරීට කරදර කළද, සිය නැඟණියගේ විවාහය සිදුවන තුරු එය කල නොහැකි බව සිරිමාට පවසන හැරී, තම මිතුරා වන සෝමේට පවසන්නේ, සිය නැඟණිය පිළිබඳව තීරණයක් ගන්නා ලෙසයි. ගමේ අවුරුදු උළෙලේ අවුරුදු කුමාරි තරඟයට ඉදිරිපත් වීමට යසෝමා සිය සොයුරාගෙන් අවසර පතයි. ඔහු එයට අකමැති නමුත්, සිරිමාගේ ඉල්ලීම පිට අවසර දෙයි. එහිදි යසෝමා පළමු ස්ථානය දිනා ගන්නා අතර, එදින රාත්‍රියේම ඇය සමූහ දූෂණයකට ලක්ව මිය යයි. ඒ, පළාතේ මන්ත්‍රී සකලසුරිය, පොලිස් පරීක්ෂක ධම්මික හා ඔවුන්ගේ සහචරයන් අතිනි. මෙයින් කුපිත වන හැරී සෝමේගේද සහය ඇතිව මිනිමරුවන් පසුපස හඹා යයි. දූෂකයන්ගේ මරණය කෙලෙස සිදුවේද? හැරී පිළිබඳව සිහින මැවු සිරිමාට කුමක් සිදුවේද? නීතිය අතට ගත් හැරීගේ ඉරණම කෙලෙස විසඳේවිද යනු මරුකතර තුලින් දැන ගැනීමට හැකිවනු ඇත.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට නළුවකු ලෙස ප්‍රකට සරත් දික්කුඹුර අධ්‍යක්‍ෂණය කරන ප්‍රථම වෘත්තාන්ත සිනමා සිත්තමයි. ,මරු කතර, පාසැල් වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබු ඔහු, පසු කලෙක ඔතෙලෝ, හැම්ලට්, මැක්බර්ත් වැනි නාට්‍ය රැසක රඟපෑමෙන් අනතුරුව, සිකුරා, වේදිකා නාට්‍ය ප්‍රථමව අධ්‍යක්‍ෂණ කළ ඔහුගේ දෙවන වේදිකා නාට්‍ය වන්නේ කතරගම ප්‍රේමා, නාට්‍යයයි. ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු ද වන සරත් දික්කුඹුර, බෝගොඩ අන්දරේ, එක ඉත්තක මල්, ගඟ අද්දර කැලේ, අඹු දරුවෝ, සරදියෙල්, අමරපුරේ, සරස්වතී ඇතුළු ටෙලි නාට්‍ය 250 කට පමණ සිය රංගන දායකත්වය එක්කර ඇත. දූර්ගාත්මා සහ ප්‍රතිභා, ඔහු අධ්‍යක්‍ෂණය කළ ටෙලි නාට්‍ය ද්විත්වයයි. තිර පිටපත් රචකයකු ද වන ඔහු, සූර වීර පුංචි සාදු සහ නිහඬ විලාපය, නමින් කෙටි චිත්‍රපට දෙකක් ද නිර්මාණය කර ඇත. කිවුලේ ගෙදර මොහොට්ටාල චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිස විජය කුවේණි, දළඳා ගමනය, මතුයම් දවස,ල ,සත්‍යාදේවී, මහින්දාගමනය, ඇතුළු චිත්‍රපට 40 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකව ඇත. ඔහුගේ දෙවන සිනමා නිර්මාණය මේ සොඳුරු සිහිනයකි රෑ මේ දිනවල නිර්මාණය වෙමින් පවතී.

මරුකතර චිත්‍රපටයේ රංගන දායකත්වය

සරත් දික්කුඹුර, රුක්ශානා දිසානායක, ක්ලීටස් මෙන්ඩිස්, උදයන්ති කුලතුංග, පාලිත සිල්වා, නිමල් පල්ලේවත්ත, රෙක්ස් කොඩිප්පීලී, අජිත් ලොකුගේ, අනුර බණ්ඩාර රාජගුරු, මාක් සැම්සන්, ඉමේශාන් නෙල්ලිගහවත්ත, නිරෝශන් ඉලේපෙරුම, රත්නා සුමනපාල, වින්ද්‍යා විජේසිංහ, තුෂාරි

වේහැල්ල, ගාමිණි කුමාර, සුගත් විජේසේකර, ජයතිස්ස අතුලසිරි, සමිත් එදිරිසිංහ, සඳමාලි රුහුණගේ, නිමාලි හේරත්, ජිවනන්ද රූපසිංහ, නයනා හේමන්ති ඇතුළු පිරිසකි.

මරුකතර චිත්‍රපටයේ  කාර්මික දායකත්වය

කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය – සරත් දික්කුඹුර

සම නිෂ්පාදනය – දේශමාන්‍ය ඉන්දික විජේරත්න, සිරාජ් රසීන්, වින්ද්‍යා විජේසිංහ, සඳමාලි

රුහුණගේ, ජිවානන්ද රූපසිංහ, පාලිත ගමගේ

කැමරා අධ්‍යක්‍ෂණය – ප්‍රියන්ත ප්‍රදීප්

සහය කැමරාකරණය – මංජුල සූරියආරච්චි, කෝසල මලිත් විතානගේ

සංස්කරණය සහ වර්ණ සංයෝජනය – අමිල එම්. රණවීර

සහය අධ්‍යක්‍ෂණය – එරංග තිලකරත්න, ළහිරු ප්‍රසංග, ඉමල්ෂ හේෂාන්

නිෂ්පාදන කළමනාකරණය – චමින්ද දෑල

අංග රචනය – ගාමිණි කොස්තා

කලා අධ්‍යක්‍ෂණය – සිරිනාථ වික්‍රමසිංහ

නැටුම් අධ්‍යක්‍ෂණය – නිලාන් මලිගස්පේ

නැටුම් නිර්මාණය – හිමාලි හේරත්

සටන් අධ්‍යක්‍ෂණය – ගාමිණී කුමාර, ශේන් ආරියන්

සංගීත අධ්‍යක්‍ෂණය – සරත් වික්‍රම

ගී පද රචනය – හේම ශ්‍රී ද අල්විස්

ගීත ගායනය – එච්.ආර්. ජෝතිපාල

ආලෝකකරණය – මිතුන් කරුණාතිලක, එස්. සෙල්වරාජ්

අංග රචනා සහය – ප්‍රසාද් උඩුගමසූරිය, කෝසල සඳරුවන්

කලා සහය – බන්දුල වීරසේකර, සුනෙත් නන්දලාල්, එරන්ද කුලරත්න

නිශ්චල ඡායාරූප – තරිඳු ජසින්ත, රුවන් චාමර, වරුණ අමරසිංහ

විවිධ සහාය – රත්නවීර ගමාරච්චි, ශේන් ආරියන්, නිමල් පද්මකුමාර, සුරේෂ් නිශාන්ත, කුසුම්සිරි

විශේෂ ශබ්ද ප්‍රයෝග, අමතර ශබ්ද, 5.1 ශබ්ද මිශ්‍රණය සහ ඩී.සී.පී. සැකසීම – සෙක්ටර් 7 ස්ටුඩියෝස්

ප්‍රවාහනය – රාජු කඳන්පිටගේ, අසංක වීරසිංහ

ඉදිරිපත් කිරීම – සිතිජය ෆිල්ම්ස්

 

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT