by Thanushika
May 2, 2024 12:30 am 0 comment

මිහිතලයේ ශේෂ වූ මිනිසත්කමට ශේෂ

එය නුවරට ආසන්නව පිහිටි නමුත්, තරමක් හුදකලා වූ සාම්ප්‍රදායික ගමකි. එම ගමේ ජීවත් වූ විවිධ වූ මිනිසුන් අතර නැටුම් කලාව සිය ආත්මය කර ගත් සුන්දර මිනිසෙක් සුබරා නමින් සිටී. හැමෝම ඔහු හැඳින්වූයේ සුබේ ගුරුන්නාන්සේ නමිනි. ඔහු මෙම ගමේ වෙසෙන පැරැණිම පාරම්පරික නර්තන ශිල්පියායි. ඔහු බෙර වාදනයටත් අති දක්ෂයකි. ඔහුගේ ජීවිතයේ උතුම්ම කාරණාව ලෙස සැලකුවේ දළදා පෙරහැරට සම්බන්ධ වී නර්ථනයේ යෙදීමයි. පන්සල පාසල වගේම ගමේ විවිධ උත්සවවලට ඔහුගේ දායකත්වය ලබා ගත්තත් හැමෝගෙන්ම ඔහුට ලැබුණේ අඩු සැලකිල්ලකි. ඒ ඔවුන් අඩු කුලේ නිසාවෙනි. ඔහුගේ ආදරණීයයන් වූයේ බිරිඳ සහ එකම පුත්‍රයායි. ඔහු දන්න හැම ශිල්පයක්ම පුතුට පුරුදු පුහුණු කළේ නර්තන කලාව ඔහුගෙන් පසු ඉදිරියට රැගෙන යාමේ අරමුණින් යුතුවයි. රණවක නම් ඔහු අධ්‍යාපනය හොඳීන් හදාරා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙයි. ඔහුගේ ගමේම සුන්දර යුවතියක් වු සරලා ඔහුගේ පෙම්වතිය බවට පත් වූයේ කුඩා කල සිට දැන හැඳිනගෙන සිටි බැවිනි. විශ්වවිද්‍යාල ජීවිතයත් සමඟ රණවකගේ ජීවිත රටාව වෙනස් විය. විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හා එක්ව උද්ඝෝෂණ පැවැත්වීම හේතුවෙන් විවිධ අවස්ථාවන්හි අත්අඩංගුවට පත් වී ඇත. පියාගේ බලාපොරොත්තු එකිනෙක බිඳී යමින් පවතී. පන්ති තහනමකට ලක් වෙන රණවක ගමේ ගත කරන්නෙත් අරගල කාරී දිවියකි.

මෙයින් වඩාත් අසරණභාවයට පත් වන්නේ ඔහුගේ පියායි. සුබේ ගුරුන්නාන්සේට එක් දිනක නොසිතුව සේ නර්තනයට සමු දෙන්නටත්, බෙරය වැසූ සුදු පිරුවටයෙන් තම පුතුගේ නිසල දේහය වසා දමන්නටත් සිදු වෙයි.

ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන ඩිප්ලෝමාව හැදීරීමෙන් අනතුරුව, ප්‍රංශයේ පැරිස් නගරයෙහි සිනේ චිත්‍රාගාරයේ දී චිත්‍රපට නිෂ්පාදනය සහ සිනමාකරණය පිළිබඳව උපාධිය ලබා ගන්නාවූ ඔහු, 2020 වසරේ දී ප්‍රංශයේ පදිංචිය සඳහා පිටත්ව යන අතර එහිදී ඔහු සිනෙරු ප්‍රඩක්ෂන් නමින් නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරයි. ඔහු ප්‍රථමයෙන් නිර්මාණය කළ ගිජුලිහිණියෝ කෙටි චිත්‍රපටය සඳහා නවවන යෞවන චිත්‍රපට උලෙළේ දී ජයග්‍රාහක කුසලතා සම්මානය, හෙඳම නළුවාට හිමි සම්මානය ඇතුළුව සම්මාන තුනකට හිමිකම් කීමට අවස්ථාව උදා වෙයි. යාපනයේ පැවැති අන්තර්ජාතික සිනමා උලෙළේ නිළ තේරීම සඳහා ද එම කෙටි චිත්‍රපටය සුදුසුකම් ලැබූ අතර, ඔහු දෙවනුව නිර්මාණය කරන ලද ද සර්කල් ඔෆ් ලයිෆ් කෙටි චිත්‍රපට 2021 වසරේ ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේ නිල තේරීම බවට ද පත් විය. වෙළෙඳ දැන්වීම් නිර්මාණකරණයේ ද නිර්මාණශීලී ප්‍රවීණයෙකු වන ඉසුරු නිර්මාණය කරන ලද ප්‍රථම වෘත්තාන්ත සිනමා සිත්තමයි ශේෂ.

ශේෂ චිත්‍රපටයේ රංගන දායකත්වය –

චන්දන වික්‍රමසිංහ, උමාලි තිලකරත්න, යොහාන් ඡේස් (හඳුන්වාදීම), මල්කාන්ති ජයසිංහ, නලින් ප්‍රදීප් උඩවෙල, තිළිණ ද සිල්වා, සමීර ලක්ෂාන්, ජයන්ත මුතුතන්ත්‍රි, නිපුණ ලක්ෂාන්, ලකා කුරුප්පු, එස් ජයකුමාර, සමන්ත කුමාර ගමගේ, රදින් රන්දිව් (ළමා), පහන්දි නෙතාරා (ළමා) ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් මේ සඳහා එක් වී ඇත.

ශේෂ චිත්‍රපටයේ කාර්මික දායකත්වය

නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – ඉසුරු ගුණතිලක

තිර රචනය සහ ගීත රචනය – සමන්ත කුමාර ගමගේ

කැමරාකරණය – චින්තක බණ්ඩාර, නිරෝෂන් කොඩිප්පීලි

කැමරා සහය – අකිල සඳමාල්

සංස්කරණය – ගීසා හරිත බැද්දගේ

වර්ණ සංයෝජනය – ආනන්ද බණ්ඩාර

නර්තන වින්‍යාසය – රවීබන්දු විද්‍යාපති

සහය අධ්‍යක්ෂණය – අමිල මධුරංග

නිෂ්පාදන කළමණාකරනය – රවිඳු ප්‍රදීප්

අංග රචනය – ශානක විරාඡ් දසනායක

අංග රචනා සහය – මෙශාන් හේවාපන්න

කලා අධ්‍යක්ෂණය – දිනේෂ් ජයශාන්ත

කලා අධ්‍යක්ෂණ සහය – ලහිරු රුක්ෂාන්, ආනන්ද පනාවල විඡේසිරි

ඇඳුම් නිර්මාණය – චතූ ගම්ලත්, දිනේෂ් ජයශාන්ත

නිශ්චල ඡායාරූප – ළහිරු කත්‍රිආරච්චි

තිර රචනා අධීක්ෂණය – තාරුක ගණේගොඩ

සංගීත අධ්‍යක්ෂණය – ගයාත්‍රී කේමදාස

ගීත ගායනය – පුබුදු රෝහණ වල්පිට

අලෝකකරණය – හර්ෂ ලක්මාල්, නිමේෂ් ලක්මාල්

හඬකැවීම් ශිල්පීන් – මංගල සම්පත්, ගෙවින් අභිෂේක්, මධුභාෂණී කිරිඇල්ල, විශ්ව ධර්මසිරි, ඩිලාන් වැලවිටගොඩ

නර්තන කණ්ඩායම – මනීෂා දේවරානායන, රිද්මි මොරවක, සජිනි රත්මනාගොල්ල, ඉසුරු ලක්ෂාන්, චතුර රාජපක්ෂ

වාද්‍ය වෘන්දය – නුවන් බාලසූරිය, ධනංජය සෝමසිරි, ප්‍රියන්ත ගමගේ, නූපති නිලම්බර

පරිවර්තනය – නිමල ජයසිංහ, රවින්ත්‍රි හෙට්ටිගේ , සේනි බි

අලි ඇතුන් මෙහෙය වීම – උපුල් නිශාන්ත, ආනන්ද පනාවල විඡේසිරි

දෘශ්‍ය ප්‍රයෝග සහ නාමාවලි නිර්මාණය – රවිඳු ප්‍රගීත්

පටිගත කිරීමේ ශබ්දාගාරය – පන්සිළු මියුසික් ස්ටුඩියෝ

[email protected]

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT