නිවස ලාංකිය සිනමාව ළමා සිතට ආ අමුත්තා……..! හොරා අංකල්

ළමා සිතට ආ අමුත්තා……..! හොරා අංකල්

by Mahesh
May 9, 2024 12:30 am 0 comment

මෙම චිත්‍රපටය සඳහා පාදකව ඇත්තේ කුඩා දරු දෙදෙනකුගේ ළමා මනසේ ජනිත වන සොඳුරු මානුෂිකවාදී හැඟීම්වල ස්වභාවය සමස්ත ළමා සමාජය වෙත නිරාවරණය කිරීම පිළිබඳවයි. බින්දු සහ පසිඳු යනු, වයස හයහත වියේ පසුවන ඉතා හුරුබුහුටි දරුවන් දෙදෙනෙකි. ඔවුන්ගේ පියා වූ නලින්ද ඉහළ විධායක ශ්‍රේණියේ නිලධාරියකු වන අතර, ඔහුගේ බිරිඳ චම්පා සමඟින් අති සුඛෝපභෝගී නිවසක වාසය කරයි. ඔවුන්ට මුදලින් කිසි අඩුවක් නොමැත. සාමාන්‍ය රැකියාවක නියුතු රංජිත්, සිය දියණියගේ දරුණු ස්නායු රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා මුදල් සෙවීමට වෙහෙසෙන අවිහිංසක පියෙකි. ඔහුගේ දියණිය සඳලි පාසල් ධාවන ශූරියකව සිට අනපේක්ෂිත ලෙස හටගත් තදබල ස්නායු රෝගයකට ගොදුරුව රෝද පුටුවකට සීමා වී සිටින්නීය. ඇයගේ රෝගය විදේශයකට රැගෙන ගොස් සුවපත් කිරීම සඳහා ලක්ෂ 30ක මුදලක් අවශ්‍යව ඇති අතර, පරිත්‍යාගශීලීන්ගෙන් යම් මුදලක් ලැබී ඇත. අදාළ මුදලට තවත් ලක්ෂ පහක් සෙවීම සඳහා රංජිත් සොරකම් කිරීමට තීරණය කරයි. ඔහු පළමුව ඇතුළු වන්නේ බින්දු සහ පසිඳු දරුවන්ගේ නිවසටයි. ඔහු ගෙට ඇතුළුවෙද්දී නින්දෙන් අවදි වන දරු දෙදෙනා තම දෙමව්පියන්ට කතා කිරීමට යාමේදී, සොරා ඔවුන් නවත්වා ඔහුගේ අවශ්‍යතාවය පවසයි. ඒ කතාව අසා හැඟීම්බර වෙන දරුවන් නිවසේ මුදල් ඇති ස්ථානය පවසයි. සොරා මුදල් රැගෙන පලායාමට සූදානම් වෙද්දී නලින්දට ඇහැරී ඇවිත්, ඔහුව අල්ලා පොලිසියට බාර දෙයි. අවසානයේ දරු දෙදෙනා එක්ව රංජිත්ව පොලිසියෙන් මුදාගෙන, සඳලිගේ ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුදල් සෙවීමට පියවර ගනී.

හර්ෂණ වික්‍රමසිංහ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු, තිරපිටපත් රචකයකු, ඒකාංගික, වර්තාමය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම, වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා නිර්මාණ ශිල්පියෙකුද වෙයි. රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ රංගන වැඩමුළුවකට සහභාගි වී, පසුව ඇය විසින්ම අධ්‍යක්ෂණය කළ ”රොමෑන්ටික් සිහිනය” වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදෙමින් ප්‍රථම පියවර තබනා ඔහු, ශ්‍රී ලංකා ෂේක්ස්පියර් කේන්ද්‍රය ඉදිරිපත් කළ ”ඔතෙලෝ” සහ ”හැමිලට්” නාට්‍යයන් සඳහා රංගනයෙන් දායක වූ අතර, ”ශ්‍රී වික්‍රම සහ සිද්ධාර්ථ” නාට්‍ය සඳහා දායකව ඇත. ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමාවද, ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා යටතේ රංගනය විද්‍යාත්මකව වසර කීපයක් හැදෑරීමෙන් අනතුරුව ඒකාංග ටෙලි නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර ඇත. ඔහු නිර්මාණය කළ රෙෂ්මා, මම කෙටි චිත්‍රපට ජාත්‍යන්තර ඇගැයුමට ලක්විය. ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයකු ලෙස යර්ස් බොස්, කිඳුරංගනා, ගැහැනු ළමයි, මායාමන්ත්‍රී, සඳට අහස ආදරෙයි, ප්‍රාර්ථනා මල්, සිදංගනාවෝ වැනි ටෙලි නාට්‍ය රැසකට සම්බන්ධ වූ ඔහු, ආදරෙයි මං, අපේ කාලේ පටාචාරි ඇතුළු චිත්‍රපට කිහිපයක් සඳහාද සහය අධ්‍යක්ෂවරයාව ඇත. මේ වන විට රංගනය පිළිබඳව ගුරුවරයකු වන ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රථම වෘතාන්ත සිනමා සිත්තමයි ”හොරා අන්කල්”. ”නැට්ටුක්කාරි” සහ ”විහඟ ස්වර” නමින් නවතම චිත්‍රපට ද්විත්වයක මූලික වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

රඟපෑ නළු නිළියන්

මහේන්ද්‍ර පෙරේරා, අනුරුද්ධිකා පාදුක්කගේ, ජනක කුඹුකගේ, දුලානි අනුරාධා, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, ජයරත්න ගලගෙදර, අශිකා මතසිංහ, සමන් ධර්මවංශ, සෙනුල්යා දන්තනාරායන (ළමා), නෙත්ප්‍රිය මධුභාෂිත (ළමා), දෙව්දි සතිස්කා (ළමා), දයා වයමන්, දුමින්ද දන්තනාරායන, රයන් වැන්රෝයන්, කුලසිරි මල්ලිකා
ආරච්චි, තරිනි නර්මදා, ටිමේෂ් ජනිත්, හේෂිකා අබේවර්ධන, සුමේධ දිසානායක, වාසනා ජයනා, තෙශාන් සෙත්මිණ, නදී දර්ශනී, පාරමී ආලෝකා, තරින්ස පීරිස්

කාර්මික තොරතුරු

අධ්‍යක්ෂණය – හර්ෂණ වික්‍රමසිංහ
තිර රචනය – නිහාල් පීරිස්
නිෂ්පාදනය – සමන් ධර්මවංශ, සුමින්ද ලෝව්
සහය අධ්‍යක්ෂණය – තරිඳු ඉලංගකෝන්
දෙවන සහ තුන්වන සහය අධ්‍යක්ෂවරුන් – අමිල ප්‍රේමරත්න, ඒ.එස්. ප්‍රගීත් ද සිල්වා, දේවිකා කුමාරි
කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය – සුරේෂ් ධම්මික
දෙවන කැමරා අධ්‍යක්ෂණය – බුද්ධික මංගල, සුමිත් කුමාරගේ
කැමරා සහය – මංජුල සූරියආරච්චි, අමිත් සුරංග, කෝසල මලිත් විතානගේ
ආලෝකකරණ ශිල්පීන් – අමිල චන්දන, චානුක චමින්ද, රුක්ෂාන් සමන් කුමාර, ප්‍රදීප් බණ්ඩාර, තරංග කුමාර
සංස්කරණය, වර්ණ සංයෝජන, ශබ්ද නිර්මාණය සහ 5.1 ශබ්ද මිශ්‍රණය – දිලාන් ගුණවර්ධන
අංග රචනය – මනනුවන් රූපසිංහ
අමතර අංග රචනය – ළහිරු මධුමාධව, ශිරාන් ලක්ෂිත
අංග රචනා සහය – තරංග උඩමුල්ල
කලා අධ්‍යක්ෂණය – ධම්මික හේවදූවත්ත
කලා සහය – හසින්ත වැල්ලවාය, නලීන් ජීවන්ත, සංජීව දිසානායක, ගිහාන් බාලාරච්චි, ශශික ලක්මාල්
නර්තන අධ්‍යක්ෂණය – නිලාන් මලිගස්පේ සහය – හේෂිකා අබේවර්ධන
නිෂ්පාදන කළමනාකරණය – සමන් අතපත්තු, ධම්මික ගුණසේන
නිශ්චල ඡායාරූප – සීතාන් ගුණවර්ධන, චමල් අබේරත්න
සංගීත අධ්‍යක්ෂණය – නවරත්න ගමගේ, ප්‍රියන්ත ගමගේ
ගී පද රචනය – බන්දුල නානායක්කාරවසම්, හර්ෂණ වික්‍රමසිංහ
ගීත ගායනය – ලක්ෂ්මන් විජේසේකර, පාරමී ආලෝකා
ඇඳුම් නිර්මාණය – ප්‍රියාන් අනුර ශ්‍රී
ඇඳුම් නිර්මාණ සහය – ළහිරු දේශාන්, සුරන් හේමකුමාර, ඩබ්.ඒ. ශ්‍රීමාලී, චන්ද්‍රා පැලවත්ත
දෘශ්‍ය ප්‍රයෝග – කසුන් සංජය
නිෂ්පාදන සම්බන්ධීකරණය – නිශාන් සේනාරත්න
රේඛීය නිෂ්පාදනය – මේජර් සෙනරත් පිටුණුගම

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT