නිවස කළා පුවත් ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වේ

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වේ

by Thanushika
May 9, 2024 12:26 am 0 comment

විශාරද සමිතා මුදුන්කොටුවගේ පියාණන් වූ ශ්‍රී ලාංකේය උත්තර භාරතීය රාගධාරී සංගීත අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූ ශිල්පීන් අතරින් නමක් රැන්දු සංගීතපති ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව පසුගිය දින අභාවප්‍රාප්ත විය. හතළිහ දශකයේ හොරණ ශ්‍රී පාලියේ එරන්දතී ලලිත කලායතනය හරහා විශාල සිසු පරපුරක් ක්ෂේත්‍රයට දායාද කළ ඔහු, පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආදී විද්‍යස්ථානවල ද කථිකාචාර්යවරයෙකු ලෙස සිසු පරපුරට දැනුම බෙදා දුන්නේය. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ශාස්ත්‍රීය පාර්ශ්වය පිළිබඳ මෙන් ම රාගධාරී ගායනය හා සිතාර් වාදනය පිළිබඳ හසළ දැනුම් සම්භාරයක් ඇති ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතය පිළිබඳ ලෝකයේ දැනට තිබෙන ඉහළම විද්‍යස්ථානය වූ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයේ මෙන්ම ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ගුරුකුල ආශ්‍රයේ දීර්ඝ කාලයක් සංගීතය පිළිබඳ අධ්‍යයන කටයුතුවල නිරත වූ වෙති.

හොරණ ශ්‍රී පාලිය රජයට පවරා ගත් පසු කොට්ටාව පැලැන්වත්තේ පිහිට වූ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලය ඔස්සේ සිය සංගීත මෙහෙවර සිසු දරුවන් උදෙසා හේ නොකඩවාම කරගෙන ගියේ ය. සංගීත ක්ෂේත්‍රයේ ආ⁣ලෝකවත් වු සංගීත ශිල්පීන්ට මෙන්ම නිහඬවම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාශියක් සඳහා ඔහු සංගීත අධ්‍යාපනය ලබාදුන්නේය. සංගීත ගුරුවරු විශාල සංඛ්‍යාවක් ඔහුගේ සෙවණේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරූහ. එතුමාගේ ශිෂ්‍ය පරම්පරාව අතර සංගීත විශාරද නීලා වික්‍රමසිංහ, මහාචාර්ය කෝලිත භානු දිසානායක, සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ – සංගීත හා වාද්‍ය විශාරද සුබසිරි කළුපහණ, ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් වන ඩී.ඩී. ගුණසේන, නිහාල් පෙරේරා, තිස්සසිරි පෙරේරා, විශාරද ජගත් වික්‍රමසිංහ, ප්‍රවීණ ගායන ශිල්පී සංගීතය පිළිබඳ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථීකාචාර්ය අසිත චානුස්ක අතපත්තු ආදි විශාල පිරිසක් වෙති. ප්‍රේමදාස මුදුන්කොටුව මියයන විට 91 වැනි වියේ පසුවූ අතර අවසන් කටයුතු දු දරුවන්, ඥාතීන් සමඟ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය දින බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

 

විශ්ම

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT