නිවස ලාංකිය සිනමාව අයිස් හැදුවේ තරුණ ෙපළ ෙම් ව්‍යසනයෙන් බේරගන්නයි

අයිස් හැදුවේ තරුණ ෙපළ ෙම් ව්‍යසනයෙන් බේරගන්නයි

-අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත වීරමන්

by Test User
March 21, 2024 1:03 pm 0 comment

සිනමා වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත වීරමන් නිර්මාණය කළ නවතම සිනමා නිර්මාණය අයිස් සිනමා පටයේ නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන්ව පවතී.

ක්‍රිස්ටල් මෙත් යන නාමයෙන් හැඳීන්වෙන ‘අයිස් ‘ මත්ද්‍රව්‍යය පිළිබඳ , එමෙන්ම ඊට නැඹුරු වීමෙන් සිදුවන පුද්ගල හානිය හා සමාජ පරිහානිය පිළිබඳ මේ චිත්‍රපටය ඔස්සේ කතා කරන්නට උත්සාහ කර තිබේ. නිර්මාණකරුවකු ලෙස ඒ පිළිබඳ ඔහු ගෙන ඇති සුවිශේෂ වෑයම පිළිබඳ කළ කතා බහකි මේ.

ඔබේ නවතම සිනමා පටය ‘ අයිස් ‘ ගැන කතා කරමු

අයිස් සිනමා පටයට පාදක වෙන්නෙ ක්‍රිස්ටල් මෙත් කියන නාමයෙන් හැඳීන්වෙන අයිස් කියන ව්‍යසනකාරි මත්ද්‍රව්‍යය පාදක කරගෙන නිර්මාණය වූ කතාවක්. විශේෂයෙන් ම මෙයින් ඇතිකරන නන්විධ ආදීනව පිළිබඳ යි මුලිකව මේ කතාවේ දිග හැරෙන්නේ.

කුමන ප්‍රේක්ෂකාගාරයක් ඉලක්ක කරගෙන ද ඔබ මේ චිත්‍රපටය නිර්මාණය කළේ ?

මේ චිත්‍රපටය හැමෝටම. ඒ කියන්නෙ බාල තරුණ මහලු හැමෝටම බලන්න මේ සිනමා පටය නිර්මාණය කළේ. විශේෂයෙන් පාසල් දරුවන්ට මෙයින් වැදගත් පණිවිඩයක් ලැබේවි. සමාජයට මින් ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. ඊළඟට මේ නිර්මාණ කාර්‍යයේ නිෂ්පාදන දායකත්වය පිළිබඳත් මේ මොහොතේ මතක් කළ යුතුයි

ඛ් ඒ ඉ ඉධතභබඪධදඵ වෙනුවෙන් සුගන්ධ දසනායක, ටී.සී නිරෝෂන්

මේ සඳහා නිෂ්පාදන දායකත්වය දැක්වුයේ.

මේ චිත්‍රපටය කරන්න ඔබට විශේෂ හේතුවක් තිබුණා ද ?

ඇත්තෙන්ම. මොකද මේ වකවානුවේ තරුණ තරුණියන් විශාල පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වී සිටිනවා. විශේෂයෙන් අයිස් කියන මත්ද්‍රව්‍යය. මෙය විශාල සමාජ ව්‍යසනයක්. ඉතින් ඒ අනුව තමයි මෙවැනි නිර්මාණයක් ඔස්සේ මෙහි ආදීනව අපේ තරුණ තරුණියන්ට පහදා දෙන්න පුළුවන් නිර්මාණ කාර්යයකට නැඹුරු වුණේ. ඒ වගේම මුළු සමාජයේ ම අවධානය මේ වෙත යොමු කිරීම වැදගත් කියන දේ අපි වටහා ගෙන තිබුණා. ඉතින් ඒ අනුව තමයි මේ අතිශය විනාශකාරි මත්ද්‍රව්‍යයට යොමු වෙන්න එපා කියන පණිවිඩය පෙරදැරිව මේ සිනමා නිර්මාණය කළේ.

මෙහි ප්‍රදර්ශනය ගැන කතා කළොත් ?

මේ සිනමා පටයේ ප්‍රදර්ශන කටයුතු ගැන ඉදිරියේ දී තීරණය කෙරෙනවා. බොහෝ දුරට මේ වසරේදී ප්‍රේක්ෂකයන්ට මේ වසරේදී මේ සිනමා පටය නැරඹීමට අවස්ථාව හිමි වේවි.

නිර්මාණ දිවියේ අනාගත බලාපොරොත්තු මොනවාද ?

අනාගතයේ ගොඩක් හරවත් ඒ වගේම ලස්සන නිර්මාණ කීපයක් කරන්න හිතාගෙන ඉන්නවා. අපේ බෞද්ධ දර්ශනයේ තොරතුරු සමඟ බැඳුණු පන්සිය පනස් පහ ජාතක පොතේ කතා ඇසුරෙන් හොඳ නිර්මාණ කීපයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඉදිරියේ දී ඒ ගැනත් කතා කරමු

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT