Home » දකුණු ආසියාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය

දකුණු ආසියාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය

by mavan
June 11, 2026 10:41 am 0 comment

දකුණු ආසියාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස “වැලිකතර” චිත්‍රපටය ඉතිහාසයට එක් වෙයි. සිනමාස්කෝප් තාක්ෂණය යනු සිනමාපටයක් සිනමා ශාලාවේ තිරගත වන පුළුල් තිර තාක්ෂණයයි. එය සිනමා ප්‍රදර්ශන ආකෘතියකි. ඉන්දියාවේ පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූයේ ගුරු ‘රාජ රාජ චෝලන්’ ය. එය තිරගත කළේ වර්ෂ 1973 දී ය. වැලිකතර මුල් වරට තිරගත වූයේ 1971 වසරේ දීය. ඒ අනුව දැන් එයට අවුරුදු 55කි. වැලිකතර චිත්‍රපටය ලාංකේය සිනමාපට ඉතිහාසයේ හුදෙක් චිත්‍රපටයක් ලෙස ස්ථානගත නොවේ. එය ලාංකේය සිනමාවේ එක්තරා සන්ධිස්ථානයකි. ට්චදඨඵබඥප – ච්පචථච ශානරයේ සිනමාපටයක් ලෙස ලාංකේය චිත්‍රපට කලාව තුළ ප්‍රවීණයන් වන ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සහ ප්‍රතිභාපූර්ණ රූපණවේදින් දෙපළක් වන ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම දශක ගණනාවකට පෙර එක්ව කළ සිනමාකෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට (ට්ඥදඥපචබඪධද බධ ට්ඥදඥපචබඪධද) තිළිණවන “වැලිකතර” චිත්‍රපටය නරඹන්නේ නැතිව ලාංකේය සිනමාව පිළිබඳ කථා කළ නොහැකි ය. බොහෝ විචාරකයන් “වැලිකතර” චිත්‍රපටය හඳුන්වන්නේ පෙරදිග සහ බටහිර චිත්‍රපටයකට සම කළ හැකි විශිෂ්ට කෘතියක් ලෙසිනි.

සිනමා අදියුරු ඩී.බී. නිහාල්සිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද “වැලිකතර” හොඳ සහ නරක, හරි සහ වැරදි අතර සීමාවන් අති දක්ෂ ලෙස බොඳ කර දමන තේමාවක් සහිත සිනමාපටයකි. නීතිය සුරකින නීති නිළධාරියෙකු ⁣සහ නීතියට එරෙහිව යන නීති නාශකයෙකු අතර අනවරත ගැටුම මෙහි තේමාවයි. නීති නිලධාරියා වනුයේ පොලිස් නිලධාරි (ඒඉර්‍ථ) “වික්‍රම රන්දෙණිය” වේ. වික්‍රම ස්ථාන මාරුවක් ලැබ බිරිඳ සමඟ උතුරුකරයට පැමිණෙයි. නීති නාශකයකු වන්නේ ගෝරින් මුදලාලි ලෙස සමාජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ලේබල්ගත කළ කුරිරු මිනිමරුවා ය. ඔහු සමඟ වික්‍රම රන්දෙණිය පැටලෙයි. ආකර්ෂණීය රූ සපුවක් හිමි වික්‍රමගේ තරුණ බිරිඳ (සුවිනීතා වීරසිංහ) සහ ප්‍රධාන ප්‍රතිවාදියාච වන පාතාල රජු “ගෝරින් මුදලාලි” (ජෝ අබේවික්‍රම) විසින් පැහැර ගනු ලැබේ. ගෝරින් මුදලාලි පැරණි ආරවුලක් සම්බන්ධයෙන් වික්‍රමගෙන් පළිගැනීමට උත්සාහ දරයි. මොවුන් දෙපාර්ශවයේ ගැටුම සිදු වන්නේ නිල්ලක් නොමැති වැලිකතරකදී ය. සැබෑ ලෙසම සිනමාපටයේ ජවනිකා රූ ගන්වා ඇත්තේ යාපනයේ වැලිවලින් ගහණ “මනල්කඩු” නම් පෙදෙසේය. සෙසු ජවනිකා සදහා ගාල්ල කොළඔ ඇතුළු ප්‍රදේ්ශ යොදා ගත්තා ද වික්‍රම රන්දෙණිය සහ ගෝරිං අතර ඇති අරගලය හා ලුහු බැඳීම සිදුවනුයේ තල් ගස්වලින් වට වූ උතුරුකරයේ ය. වැලි කතර සංකේතවත් කරන්නේ මේ දෙපාර්ශවයේ නොනිම් අරගලයයි.

සිනමාපටයේ කුතුහලය වඩවන මෙම ගැටුම යටින් ⁣දිවෙන අනුවේදනීය කතා පුවතකි. මොවුන් දෙපළ පසුපස සෙවණැල්ලක් මෙන් දිවෙන අතීතයක් පවතී. මෙම අතීතය විසින් හඹා එන අඳුරු සෙවණැලි විසින් එ⁣කිනෙකාගේ ජීවිතවල ආත්මයන් විකෘති කර දමයි. ජෝ අබෙිවික්‍රම සහ ගාමිණි ⁣ෆොන්සේකා කරට කර රංගනයක නියැළෙයි. ජෝගේ චරිතය ප්‍රබල ය. ආචාර්ය තිස්ස අබේසේකර ජෝට ලබා දී ඇති දෙබස් ද බාහිර ස්වරූපය ද නිසා ගෝරින් මුදලාලි සතු පෞරුෂය වඩාත් හොඳීන් ඉස්මතු වෙයි. සුවිනීතා වීරසිංහ ඇගේ චරිතය තුළ රිද්මය ඉතා හොඳීන් පවත්වා ගෙන යන අතර, උසස් සමාජීය කාන්තාවක් සහ ඇගේ සැමියා සහ ගෝරින් මුදලාලි යන දරුණු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර අතරමං වූ පොලිස් නිලධාරියෙකුගේ බිරිඳක් ලෙස නිරූපණය කිරීම සිනමාපටය පුරා කැපී පෙනෙන්නකි.

චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා වීර චරිතයකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් රඟපෑ අතර, ජෝ අබේවික්‍රම ද ගාමිණී සමඟ කරට කර ඉතා විශ්වසනීය රංගනයක් ඉදිරිපත් කරයි. විශේෂයෙන් ජෝගේ රංගනය අද්විතීය වේ. ලාංකේය චිත්‍රපට ප්‍රේක්ෂකයන් විසින් මීට පෙර කිසිදා දැක නොතිබු අපුරු රංගනයකි. ඔහු සැබවින්ම හොලිවුඩ් මට්ටමේ රංගයකි. තිස්ස අබේසේකරයන්ගේ චිත්‍රපට තිර රචනය තුළ දෙබස් (ච්ඪචතධඨභඥඵ) ජෝට අවශ්‍ය දේ කිරීමට බෙහෙවින් ඉවහල් වී ඇත. ජෝ කලින් විකට චරිතවලට පමණක් සීමා වූ නළුවෙකි. නමුත් ඔහු චරිතාංග නළුවෙකු වීමට “වැලිකතර” ගෝරින් මුදලාලි විශාල බලපෑමක් කළේය.

චිත්‍රපටයේ ඔහුගේ චරිතය පිළිබඳව ‘ඩේලි නිවුස්’ පුවත්පතට අදහස් දක්වමින් ජෝ අබේවික්‍රම වරක් මෙසේ පැවසීය, “මම විකට නළුවා කියන කාණ්ඩයට පමණක් සීමා වෙලා අවදානම් කලාපයේ හිටපු නළුවෙක්. තිස්ස අබේසේකර මට වැලිකතර පිටපත පෙන්වූවාට පස්සේ මට හිතුණා චිත්‍රපටයේ ගෝරින් මුදලාලිගේ චරිතය නිරූපණය කිරීමෙන් චරිතාංග නළුවෙකු විදියට මට අනාගතයේ ඊළඟ පියවරක් දක්වා ගෙන යන්න පුළුවන් කියලා. මම ඇතුළේ හිටපු නොමියෙන ‘කව්බෝයි’ චරිතය භාර ගැනීමට බොහෝ ආශ්වාදයක් ලබා දුන්නා”.

වැලිකතර චිත්‍රපටයේ තිර රචනය සම්බන්ධයෙන් යම් මතභේදයක් ඇති විය. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවෙමින් පවතින අතරතුර තිර රචනය වෙනස් කර ඇති බවට සමහර සිනමා විචාරකයන්ගේ මතය විය. ද්වන්ධ සටනක් නැත. වික්‍රමගේ අතින් ගෝරින් මුදලාලි මියයයි. නිහාල්සිංහගේ කැමරා ඇසත්, තිස්ස අබේසේකරගේ සුසාධිත තිර රචනයත්, සෝමදාස ඇල්විටිගලගේ සිනමානුරූපි සංගීත සංයෝජනය මෙහි වඩාත් අගය කළ යුතු ය. ගත වූ දශක කිහිපය පුරා වැලිකතර පරදවන්නට සමත් වීරකාව්‍යයක් නිර්මාණය වී නොමැත. වැලිකතර ශශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ සදාකාලික ශ්‍රේෂ්ඨ සිනමාපටයක් ලෙස පවතින්නට ප්‍රධාන සාධකය එයයි.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT