Home » මට ලියන්න ආස හිතුණේ ඊනිඩ් බ්ලයිටන්ගේ පොත් කියවලා – යොවුන් ලේඛිකා විශ්මි ජයවර්ධන

මට ලියන්න ආස හිතුණේ ඊනිඩ් බ්ලයිටන්ගේ පොත් කියවලා – යොවුන් ලේඛිකා විශ්මි ජයවර්ධන

by mavan
May 28, 2026 10:19 am 0 comment

අප තබන එක් කුඩා පියවරක් ඔස්සේ අනාගතයේ දී යෝධයකු බවට පත්වීමට තිබෙන ඉඩකඩ බොහෝ වැඩිය. එය මිනිසෙකුගේ සාර්ථකත්වයේ මං සලකුණු වැනිය. වයස අවුරුදු 15ක් වන විශ්මි ජයවර්ධන නුගේගොඩ අනුලා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකි. ඇය විසින් රචනා කරන ලද “MADORA – DAWN OF A QUEST” නම් ව්ද්‍යා ප්‍රබන්ධ – වීර ක්‍රියා ශානරයේ කෘතිය පසුගිය දා එළිදැක්විණි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ යොවුන් ලේඛිකා විශ්මි ජයවර්ධන සමඟ සිදුකළ කතාබහ සමඟිනි.

විශ්මිට මුලින්ම ලියන්න ආසාව ඇති වුණේ කොහොමද?

අපි පුංචි කාලෙ නිදියන්න යනකොට අම්මා අපිට කතන්දරයක් කියනවා. ඒවා අහන්න අපි හරිම ආසයි. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මම පොත් කියවන්නත් පටන් ගත්තා. ඒ සියල්ලෙන්ම ලැබුණු අදහස් උදව් කරගෙන මම මගේම කතා හදලා නංගිලාට කිව්වා. පස්සේ මට ඒ කතන්දර ලියන්න හිතුණා. එහෙම තමයි මම ඉස්සෙල්ලම “Berry” කියන මගේ පළවෙනි පොත ලිව්වේ.

ඔබේ කුලුඳුල් කෘතිය වන “MADORA – DAWN OF A QUEST” ලියවුණේ කොහොමද? කෘතියේ ශානරය (Genre) සහ කතා වස්තුව (Plot) ගැන කියමු….

ඇත්තටම මම මුලින්ම ලියපු පොත් ගොඩක් ක්ලැසික්. එදිනෙදා ජීවිතයේ අපිට වෙන දේවල් හා අත්දැකීම් යොදාගෙන තමයි ඒවා ලිව්වේ. ඉතින් පොත් කියවද්දි ඒවගෙන් ආපු අදහස් එක්ක මට ආසාවක් ආවා අනාගතයට අයිති කතාවක් හදන්න. එතකොට තාක්ෂණය, සමාජය ගොඩක් වෙනස්. අපිට ඒ කාලය හරියටම මෙහෙමයි කියල නිගමනය කරන්න බැහැ. එතකොට මට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්. අනිත් එක වෙන ග්‍රහලෝක, අභ්‍යවකාශ චාරිකා වගේ දේවල් කියවන්න ගොඩක් අය ආසයි. ගොඩක් වීරක්‍රියා ගැන ලියන්නත් පුළුවන් එතකොට. එහෙම හිතලා තමයි “Madora Dawn of a Quest” ලියන්න ගත්තේ. මේ පොත විද්‍යා ප්‍රබන්ධ – වීර ක්‍රියා (Sci-fi classic adventure) කතාවක්. මේක පොත් තුනක series එකක පළවෙනි පොත.

මේක අනාගත කාලයකදී සිදුවෙන adventure story එකක්. මේකේ ප්‍රධාන චරිතය “Adrian Hollow” කියලා Prince කෙනෙක්. එයා “Opherus” රාජධානියේ රජතුමාගේ පුතා. “Opherus”” කියන්නේ හරිම සශශ්‍රීක, ලස්සන ග්‍රහලෝකයක්. දවසක් එයාලගෙ රාජධානියට “Neceris” කියල රාජධානියකින් එනවා. ඒගොල්ලෝ “Opherus” වල ලොකුම තරහකාරයෝ. හැබැයි ඒAdrian, Neceris Prince – Noah එක්ක යාළු වෙනවා. ඊට පස්සේ මෙයාලට ඇතිවන ලොකුම ගැටලුව තමයි, Adrian ට නාඳුනන තැනකින් එක එක පණිවිඩ එන එක. එයා හිතනවා ඒ එයාගේ සීයාගෙන් කියලා. එයාගේ සීයා අවුරුදු 25 කට කලින් Madora කියන මිථ්‍යා ග්‍රහලෝකය හොයාගෙන යන ගමනකදී අතුරුදහන් වෙනවා. එතකොට එයාගේ සීයාට උදව් කරන්න යන ගමනයි, යහළුවන්ගේ සහ පවුලේ විවිධ ගැටලුවලට මුහුණ දෙන ආකාරයයි මේ කතාවෙදි දකින්නට ලැබෙනවා.

ඔබේ ලිවීමට වඩාත් බලපෑම් කළ වෙනත් ලේඛකයන් සහ කෘති මොනවද?

මට ගොඩක්ම ලියන්න ආස හිතුණේ ඊනිඩ් බිලයිටන්ගේ පොත් කියවලා. මගේ මුල් කාලෙ ලියපු පොත් වල එයාගේ භාෂා ශෛලිය ගොඩක් යොදාගෙන තියෙනවා. Famous Five, Secret Seven, Five Find Outers, Naughtiest girl, Malory Towers  වගේ පොත්. මීට අමතරව බ්. ම්. Rowling ගේ Harry Potter series එක, Shannon Messenger ගේ “”Keeper of the Lost Cities” series  Rick Riordan එකයි, “Percy Jackson” series ගේ Chris Colfer එකයි, Land of Stories  වගේ පොත් කියවලත් මම ගොඩක් අදහස් වගේම භාෂාමය දැනුමත් ලබා ගත්තා. ඒක මට පොත් ලියන්න ගොඩක් උදව් වුණා.

“MADORA – DAWN OF A QUEST” කෘතිය බටහිර (Western) ශෛලියක් ගනු ලබනවා. ඔබ ⁣බටහිර කතාවලට මෙතරම් ප්‍රිය කරන්න හේතුව මොකක්ද?

Madora පොත බටහිර ශෛලියට යොමු වුණාට මම සිංහලෙනුත් පොත් ලියනවා. හැබැයි ඒවා තාම ප්‍රකාශයට පත් කරලා නෑ. ඇත්තටම බටහිර ශෛලියට අදාළ පොත් මම කියවන්න ගත්තේ බටහිර සංස්කෘතිය, එයාලගෙ සමාජය හා ඒගොල්ලන්ගේ එදිනෙදා කටයුතු අපිට අලුත් දේවල් නිසා. මට ආසාවක් ආවා ඒවා ගැන දැනගන්න. කතන්දර පොත් කියවලා ඒ ගැන ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් වුණා.

“MADORA – DAWN OF A QUEST” කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

දැනට මගේ පොත කියවපු ගොඩක් අය ඒකට කැමතියි. ඉස්සෙල්ලම මගේ පොත කියෙව්වේ මගේ නංගිලා දෙන්නයි අම්මයි. ඇත්තටම එයාලා පුදුම වුණා කතාවෙ අවසානය කියෙව්වාම. ඊට පස්සේ මගේ cousin R අක්කලා සහ යාළුවොත් කියෙව්වා. එයාලා දැන්ම මට බල කරනවා දෙවැනි පොත ලියන්න පටන් ගන්න කියලා.

ඔබේ ලිවීමේ කටයුතුවලට පාසලෙන් සහ පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

මට මුල ඉඳලම මේ ගමනේ ලොකුම හයිය වුණේ මගේ පවුල. මගේ නංගිලා දෙන්නා තමයි මම අවුරුදු 10 ඉඳන් ලියපු හැම පොතක්ම කියවලා හොඳ නරක කිව්වේ. එයාලා ආසාවෙන් මගේ කතා කියවපු නිසා මට තව තවත් කතා ලියන්න ආසාවක් ආවා. මගේ අම්මත් මගේ පොත් ගොඩක් කියවනවා. නිවැරදි වෙන්න ඕන තැන් පෙන්වලා දෙනවා. මගේ අප්පච්චි වැඩිය කතා පොත් කියවන්න කැමති නෑ. හැබැයි පොත ලියාපදිංචි කිරීමේ සිට මුද්‍රණය සහ මේ දක්වා තිබුණු හැම වැඩක්ම කරලා දුන්නේ අප්පච්චි. අම්මයි අප්පච්චියි කවදාවත් මාව පොත් ලියන එකෙන් නවත්තන්න උත්සාහ කරේ නෑ. පුළුවන් තරම් මාව දිරිගැන්නුවා. ඒක මට ලොකු හයියක්.

“MADORA – DAWN OF A QUEST”  කෘතියෙන් පසු ඔබේ දෙවන කෘතිය රචනා වීම ගැන අදහසක් තියෙනවද?

ඇත්තෙන්ම ඔව්. Madora Dawn of a Quest කෘතියේ සිදුවන adventure එක ඉදිරියට ගෙන යාමට මම දෙවන කෘතියෙන් බලාපොරොත්තු වෙනවා. ඒකත් පළවෙනි පොත වගේම කාගෙත් සිත් ඇදගන්නා සුලු ලෙස ලියන්න මං අදහස් කරනවා.

ඔබේ කෘතිය සාර්ථක කරගන්න උදව් කළ පිරිස ගැනත් සඳහන් කරමු…..

මං කලින් කිව්වා වගේ මට මේ ගමනේ ලොකුම ශක්තිය වුනේ මගේ පවුල. මීට අමතරව මගේ හොඳම යාළුවාගේ අම්මයි තාත්තයි නදීක සම්පත් ප්‍රේමරත්න අංකල් සහ රසාරා ෆොන්සේකා ආන්ට් මට මේ ගමනට ගොඩක් උදව් කළා. මේ අලුත් journey එකේ සිදුවිය යුතු දේවල් ගැන අපිට කිසිම අවබෝධයක් නැතුවයි හිටියේ. ඒ හැම දෙයකටම අපිට නිවැරදි මඟ පෙන්නුවේ නදීක අංකල්. රසාරා නැන්දත් cover එක edit කරන වැඩ වලට ගොඩක් උදව් කළා. ඒ ගැන මම විශේෂයෙන් ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ මගේ කසින්ස්ලා කීප දෙනෙක් කියවලා මට හොඳ කමෙන්ට්ස් දුන්නා. ඒ වගේම අපිට ෆයිනැන්ෂලි ගොඩක් උදව් කළා.

මුලින්ම මට සාම්පල් බූක් එකක් අවශ්‍ය වුණ වෙලාවේ, Pasilta Graphics (Pvt) Ltd අධිපති සම්පත් වික්‍රමපාල අන්කල් මට ඉස්සෙල්ලම පොතක් print කරලා දුන්නා. තවත් මට නොහිතූ ආකාරයකින් උදව් කළේ Whyteleafe Academy එකේ නාලක ස්වර්ණතිලක සර්. මම Whyteleafe Academy එකට අලුතින් එකතු වුණත්, මට ලොකු උදවුවක් කරලා දුන්නා. මගේ පොත ගැන දැනගත් පසු සර් අපිට කතා කරලා Academy එක ඇතුළේ ලොකු ª book launch එකක් කළා. ඒකෙන් මගේ පොත ගොඩක් අය ආසාවෙන් ගත්තා වගේම මට ගොඩක් හොඳ ⁣කමෙන්ට්ස් සහ අවස්ථා ලැබුණා.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT