නිවස විශේෂාංග වසර 89ක් ආයු වළඳා සමුගත් යටියන්තොට නිව් ඉම්පීරියල්

වසර 89ක් ආයු වළඳා සමුගත් යටියන්තොට නිව් ඉම්පීරියල්

by Thanushika
May 9, 2024 12:30 am 0 comment

ඉම්පීරියල් තියටර්ස් නැතහොත් ඉම්පීරියල් ටෝකීස් ලාංකේය සිනමාවේ පැරණිතම සමාගමක් ලෙසත්, චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසත් මෙරට සිනමා වංශ කතාව තුළ ලියැවෙන්නේ ඉමහත් අභිමානයෙනි. එසේ අභිමානවත්ව ලියැවෙන නිව් ඉම්පීරියල් ටෝකිස් සමාගමේ යටතේ ඉදි කළ පළමු සිනමා ශාලාව වූ යටියන්තොට නගර මධ්‍යයේ පිහිටි අවුරුදු 89ක් පැරණිවූත්, ඓතිහාසිකවූත් නිව් ඉම්පීරියල් සිනමා ශාලාව පසුගිය මාර්තු මස 15 වැනිදා වැසී ගිය බව දැනගන්නට ලැබුණේ ඉතාම හද සසල කරවන පුවතක් ලෙසිනි. යටියන්තොට – නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේ ආයු කාලය වයස අවුරුදු 89කි. එතරමි පැරණි සිනමා ශාලාවක් වැසෙන්නේ ඇයිද? යන්න සිතාගත නොහැකි ප්‍රශ්නාර්ථයකට තුඩු දෙන ගැටලුවකි. පසුගිය වසර කීපය තුළ කෝවිඩ් වසංගතයත් සමඟ සිනමා ශාලා දුසිමි ගණනින් වැසී ගියේය. එනමුත් නිව් ඉම්පීරියල් සිනමා ශාලාව රැකුණි. රටේ දුර්වල ආර්ථික තත්ත්වය ද සිනමාවට හොඳ හැටි බැට දුන්නේය. එහෙත් යටියන්තොට නිව් ඉම්පීරියල් සිනමා ශාලාව නොසැළි පැවතුණි. කෙසේවුවත් අවසානයේ යටියන්තොට නගරයට සේම ලාංකේය සිනමාවට ද නිව් ඉම්පීරියල් සිනමා ශාලාව අහිමි වී ගොස් හමාර ය. අවාසනාවන්ත ලෙස වැසී ගිය නිව් ඉම්පීරියල් යටියන්තොට සිනමා ශාලාවේ අතීතය පිළිබඳ සොයා බැලීම වටී.

වර්තමානයේ ඉම්පීරියල් සිනමා සමාගම යටතේ පැවතුණ “ඉම්පීරියල් (Imperial)” නමින් යුතු සිනමා ශාලා ඇත්තේ ත්‍රිත්වයකි. එනමි රත්නපුර, කුරණෑගල සහ යටියන්තොට නගර ත්‍රිත්වය කේන්ද්‍රීය වු නිව් ඉම්පීරියල් සිනමා ශාලා ත්‍රිත්වයයි. නිව් ඉම්පීරියල් සිනමා සන්නාමය යනු මෙරට සිනමා ශාලා ඉතිහාසය තුළ නොමැකෙන සන්නද්ධ සන්නාමයකි. වයස අවුරුදු 114ක් පැරණි සමාගමකි. “හෑන්ස් වැන්ටාට්‍රික්ස්” විසින් ආරම්භ කරන ලද වර්තමානයේ ද ක්‍රියාත්මක මෙරට පැරණිතම සිනමා ප්‍රදර්ශක සමාගම වනුයේ ඉම්පීරියල් සිනමා සමාගමයි. සංචාරක චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ඇරඹි ඉම්පීරියල් ටුවරිං පික්චර්ස් සමාගම පසුකලෙක කථානාද යුගය සමග නිව් ඉම්පීරියල් ටෝකීස් බවට නාමකරණය විය. ලාංකේය සිනමා කර්මාන්තය තුල නිව් ඉම්පීරියල් සිනමා යනු අති දැවැන්තයෙකි. නිව් ඉම්පීරියල් සිනමා සමාගමේ නිර්මාතෘවරයා වන්නේ 1894 නොවැම්බර් මස 10 වන දින උපත ලද ජර්මන් ජාතික “වැන් ස්ටාරෙක්ස් හාන්ස් ඇන්ඩ්‍රියස් Van Starrex Hans Andreas)” ය. නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගම ආරම්භ කරමින් “වැන් ස්ටාරෙක්ස්” ශ්‍රී ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශණය ආරම්භ කෙරිණි. ඉම්පීරියල් සිනමා මණ්ඩලය මූලික වශයෙන් ක්‍රියාත්මක වුයේ කුඩාරම් සංකල්පය මතය. මෙම කූඩාරම් සංකල්පය යනු ගමෙන් ගමට ගොස් වහලය ටෙන්ට් ආවරණයක් මඟින් සකස් කරන ලද ලෑලි ගසා සකස් කරන ලද දැවැන්ත කූඩාරම් මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමයි. ජංගම ආකාරයෙන් කුඩාරම් මඟින් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිතූ තරම් ලෙහෙසි පහසු කාරණයක් නොවේ.

කුඩාරමි සිනමාවෙන් ඉමිපීරියල් සිනමා ශාලාවට විතැන් වු අයුරු

තාවකාලික කූඩාරමි චිත්‍රපට ප්‍රදර්ශනයෙන් අනතුරුව ස්ථිර ගොඩනැගිල්ලක චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කිරීම සිනමා සමාගමේ මීළඟ අරමුණ විය. එවැනි පසුබිමක් යටතේ ඉදිකෙරුණු පළමු ඉම්පීරියල් සිනමා ශාලාව 1935 වර්ෂයේ දී සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට නගරයේ දී ඉදි කෙරිණ. යටියන්තොට නගරයේ ප්‍රථම සිනමා ශාලාව ඉදිකිරීමෙන් අනතුරුව ලංකාව පුරා විවිධ නගරවල නිව් ඉම්පීරියල් සිනමාශාලා ඉදි කළහ. ඒවා නමි,

නිව් ඉම්පීරියල් – යටියන්තොට

නිව් ඉම්පීරියල් – රත්නපුර

නිව් ඉම්පීරියල් – කුරුණෑගල

නිව් ඉම්පීරියල් – බලංගොඩ

නිව් ඉම්පිරියල් – පානදුර

නිව් ඉම්පීරියල් – තලවාකැලේ

නිව් ඉම්පීරියල් – මුත්තූර්

නිව් ඉම්පීරියල් – බේරුවල

නිව් ඉම්පීරියල් – අවිස්සාවේල්ල

නිව් ඉම්පීරියල් සිනමා සමාගම සතු වූ මුළු සිනමාශාලා ගණන නවයකි. නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වන අනුරාධ බී. රැකව විසින් සරසවිය පුවත්පතේ සමිමුඛ සාකචිජාවක් වෙත එදා පැවති නිවි ඉමිපීරියල් සිනමා ශාලාවන් පිළිබඳ දැක් වු අදහස.

“1970 වෙනකොට අපිට සාර්ථක සිනමාහල් 10 ක් තිබුණා. ඒවා ‘ඒ’ ශ්‍රේණියේ විශිෂ්ට සිනමාහල් හැටියටත් පසු කාලයක චිත්‍රපට සංස්ථාවෙන් වර්ගීකරණය කළා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයත් දැඩි කැපවීමෙන් වැඩ කළා. ඒ අය අනිත් සමාගම්වල අය වගේ යූනියන් හදන්න ගියෙත් නැහැ. සිනමාවේ ස්වර්ණමය කාලය එහෙම ගෙවද්දී අපිට විවිධ ප්‍රශ්න ආවා. ඒ කාලේ ආණ්ඩුව ඉඩම් පවරගන්න තීරණය ගනිද්දී අපේ සමාගමේ සිනමාහල් ඉඩම් රජයට පවරා ගත්තා. ඒ නිසා ගොඩක් සිනමාහල් වැහුණා. පස්සේ බේරුවලයි, කළුතරයි තිබුණු ඉඩම් දෙකත් ආණ්ඩුවට ගත්තා පොදු වැඩකට කියලා. ඒවායේ වන්දි හම්බ වුණෙත් අවුරුදු 10 කට විතර පස්සේ. ඊට පස්සේ ලොකු සුළි සුළඟක් ඇවිත් මඩකලපුවේ හෝල් එක ගහගෙන ගියා. ඔක්කෝමටත් වඩා යුද්දේ ඇවිලිච්ච නිසා මුතූර් හෝල් එකට කොටි ගැහුවා. අපේ සේවකයෙක් බෙහොම අමාරුවෙන් තමා යුද්දේ අස්සේ ගිහින් ඒකේ උපකරණ ටික ගලවං ආවේ. ඔහොම ව්‍යාපාරය දුර්වල වෙද්දී තමා අපි 1978 න් පස්සේ චිත්‍රපට ආනයනය පටන් ගත්තේ. ලංකාවේ ඉස්සෙල්ලම බෘාස් ලී ගේ සටන් ක්‍රියාදාම සහිත චිත්‍රපට පෙන්නුවේ අපි.”(උපුටා ගැනීම. සරසවිය.2016.06.30)

යටියන්තොට නිවි ඉමිපීරියල් සිනමා ශාලාව

නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගම යටතේ ඉදිකළ පළමු ස්ථීර සිනමා ශාලාව වූයේ යටියන්තොට නගරය කේන්ද්‍ර කරගෙන ගොඩනඟන ලද නිව් ඉම්පීරියල් සිනමා ශාලාවයි. 1935 වර්ෂයේ දී පමණ ඉදිකෙරුණු මෙම සිනමා ශාලාව එකල යටියන්තොට නගරයේ අලංකාර බාහිර බොරදමි තීරු සහ කැටයමිවලින් සුසැදි දැවැන්ත ගොඩනැගිල්ලකි. සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට නගරයේ පිහිටි නිවි ඉම්පීරියල් සිනමා ශාලාව යටියන්තොට සිට පරුස්සැල්ල මාර්ගයේ මීටර 500 ක් පමණ දුරින් මෙම සිනමා ශාලාව ඉදි කර ඇත. සිංහල සිනමාවේ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි සිනමා තරු රඟපෑ චිත්‍රපටවලට ප්‍රේක්ෂකයින්ගෙන් සිනමා ශාලාව පිරී ඉතිරිණි. ජය අපටයි, නොමිමර 17, මමයි රජා, රන්දෙණිගල සිංහයා, ඔබටයි ප්‍රියේ ආදරේ, සිකුරු හතේ වැනි ජනප්‍රිය සිංහල චිත්‍රපටය දින සියය පසුකරමින් සාර්ථකව තිරගත වු චිත්‍රපට විය.

පසු කලෙක සිනමාවේ තිබූ පසුබෑම, නිෂ්පාදකයින් අඩු පිරිවැයක් මඟින් බාල චිත්‍රපට නිපදවීම සහ ප්‍රෙක්ෂකයින් රූපවාහිනිය මඟින් චිත්‍රපට නැරඹීම VHS  පට සහ VCD යන කරුණු නිසා ප්‍රෙක්ෂකයින් සිනමා ශාලාවෙන් ඈත් විය. නැවතත් සරෝජා, පුංචි සුරංගනාවී, මහින්දාගමනය, සිකුරු හතේ වැනි ළමා චිත්‍රපට, බෞද්ධ චිත්‍රපට, ප්‍රහසන චිත්‍රපටවලට ප්‍රේක්ෂකයින් ඇලුම් කිරීම නිසා සිනමා ශාලාව හවුස්ෆුල් විය.

අවසන් වරට 2012 මාර්තු මස අවසානයේ තිරගත වූ “මාතා” චිත්‍රපටයත් සමඟ සිනමා ශාලාව දින නියමයක් නොමැතිව වසා දැමුණි. 2015 දී නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ කුරුණෑගල සිනමාහල ඩිජිටල් සිනමා කිරීම ආරම්භ කෙරිණි. මසක් වැනි කුඩා කාලයක් තුළ 2015 අප්‍රේල් මස කුරුණෑගල නිව් ඉම්පීරියල් සිනමාහල ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයින් වෙනුවෙන් විවෘත විය. 2016 දී රත්නපුර නිව් ඉම්පීරියල් සිනමාහල ඩිජිටල් විය. 2017 වසරේ මැද බාගයේ දී යටියන්තොට නිව් ඉම්පීරියල් සිනමා ශාලාව ද ඩිජිටල් සිනමා කිරීම ආරම්භ කෙරිණී. දිගු කාලයක් වසා තිබූ නිසා සිනමා ශාලාවේ අලුත් වැඩියා කටයුතු මදක් ප්‍රමාද විය. නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගම නිෂ්පාදනය කළ “5 සමත්” චිත්‍රපටය සමග 2017 දෙසැම්බර් 01 වන දා යටියන්තොට සිනමා ශාලාව විවෘත කිරීමට සැලසුම් කළ ද අලුත්වැඩියා කටයුතු නිම නොවීම නිසා සිනමා ශාලාව 2018 ජනවාරි 19 වන දා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය. ඩිජිටල් 2ම් තාක්ෂණයේ සුපැහැදිලි දසුන් මවන ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඛ්ඩපඪඵබඪඥ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් සමඟ 7.1 ඉභපපධභදඤ ඵධභදඤ ඵරඵබඥථක් යටියන්තොට සිනමා ශාලාව සතුය. ලංකාව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරන සිංහල චිත්‍රපට එදින සිටම යට්යන්තොට සිනමා හලේද ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි. තවද ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කරන දමිළ හා හින්දි චිත්‍රපටද හොලිවුඩ් චිත්‍රපටද ප්‍රදර්ශන ආරම්භක දිනයේ සිටම නිව් ඉම්පීරියල් සිනමාහලේ ප්‍රදර්ශනය කළේය.

දශක ගණනාවක් පුරා රුවන්වැල්ල, කරවනැල්ල, දෙහිඔවිට, බුලත්කොහුපිටිය, ⁣දැරණියගල, තල්දුව, අවිස්සාවේල්ල, පුවක්පිටිය, කිතුල්ගල වැනි නගරවල විසිර සිටි සිනමාලෝලීන්ට නිවි ඉමිපීරියල් සිනමා ශාලාව කදිම තෝතැන්නක් විය. යටියන්තොට ප්‍රදේශය තුළ බොහෝමයක් ජීවත් වන්නේ දමිළ ප්‍රජාව ය. යටියන්තොට ප්‍රදේශය අවට බහුතර දමිළ ප්‍රජාව වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේ දමිළ, තෙළිඟු, කන්නඩ වැනි දකුණු ඉන්දියානු චිත්‍රපට නරඹන්නට ය. සිංහල හා හොලිවුඩ් ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය ඉ⁣තා අඩුය. නමුත් හොඳ ගුණාත්මක මටිටමේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් පැමිණියොත් නිව් ඉම්පීරියල් හවුස් ෆුල් වෙති. නිදර්ශනයක් ලෙස ජුරාසික් වර්ල්ඩ් දෙවැනි චිත්‍රපටය, ඇවෙන්ජර්ස් එන්ඩිගේම්, ඉන්ෆිනිටි වෝර් චිත්‍රපට නිවි ඉමිපීරියල් සිනමා ශාලාව හවුස් ෆුල් කළේය. යටියන්තොට ප්‍රදේශයේ සිනමා රසිකයන් ප්‍රියතාවයක් දක්වන තලපති විජේ හෝ අජිත් කුමාර්, රජිනි කාන්ත්ගේ චිත්‍රපටයක් පැමිණියොත් නිව් ඉම්පීරියල් සිනමා ශාලාව ප්‍රේක්ෂකයන්ගේ ග්‍රහණයට නතු වන බව කළමණාකාරතුමා වූ සුනිල් බලදාස මහතා වරක් පැවසීය. එතරමින්ම යටියන්තොට නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ආදරය කරති. යටියන්තොට නිව් ඉම්පීරියල් සිනමා ශාලාව පවත්වාගෙන යන්නට යටියන්තොට ප්‍රදේශයේ අවට සිනමා ප්‍රේක්ෂකයන් චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා විශාල දායකත්වයක් ලබා දුනි. හොඳ චිත්‍රපට සැමවිටම සැමදා පැමිණෙන්නේ නැත. මෑතභාගයක් වනතුරුම යටියන්තොට නිවි ඉම්පීරියල් සිනමා ශාලාවේ ඇතැම් චිත්‍රපට දර්ශන සඳහා අවමව ප්‍රේක්ෂකයන් දහයක් හෝ සොයා ගන්නට හැකියාව නොලැබුණ අවස්ථා බොහෝ විය. මෙය නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට පමණක් නොව අනෙකුත් අර්ධ නාගරික ග්‍රාමීය මටිටමේ සිනමා ශාලාවලට පොදු වූ කාරණාවකි. කෙසේවෙතත් නිවි ඉමිපීරියල් යටියන්තොට සිනමා ශාලාව යළි කිසිදා විවෘත වන්නේ නැත. ගැලරි යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා දැවැන්ත ඉතිහාසයකට හිමිකමි කියු නිව් ඉම්පීරියල් යටියන්තොට සිනමා ශාලාව ප්‍රේක්ෂකයන්ගෙන් සමුගත්තේ මතකයන් රැසක් ඉතිරි කරමිනි. ඒ මතකයන් ගොන්න සැමදා ආදරණීය වනවා සේම අමරණීය මතක සැමරුමි වනු ඇත.

විශේෂ ස්තුතිය –

යටියන්තොට නිව් ඉම්පීරියල්

වත්මන් කළමණාකරු

සුනිල් බලදාස මහතාට සහ

කුරුණෑගල නිව් ඉම්පීරියල්

සිනමාශාලාවේ හිමිකරු

අනුරාධ බී. රැකව මහතා

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT