නිවස විශේෂාංග ඔබ දකින දෙයම ඔබට ලැබෙයි

ඔබ දකින දෙයම ඔබට ලැබෙයි

by Thanushika
May 9, 2024 12:30 am 0 comment

මේ දිනවල මා වාසය කරන්නේ චීනයේ චෝන්චින් නගරයේ. නිවාඩු දිනක අප ගියා චිත්‍රපට සහ රූපවාහිනී සම්බන්ධ යොන්චුවාන් සංඛ්‍යාංක තාක්ෂණික චිත්‍රාගාරය Yongchuan Digital Technology Studio) බලන්න චීන මිතුරන් සමඟ. චීනයේ සංඛ්‍යාංක තාක්ෂණය වේගයෙන් එරට සංවර්ධනයට එකතු වෙලා. චීනයේ ප්‍රමුඛතම ඩිජිටල් තාක්ෂණ චිත්‍රාගාරය වන යොන්චුවාන් තාක්ෂණික චිත්‍රාගාරයෙහි වැදගත්ම අංශ වන්නේ LED අතථ්‍ය රූගත කිරීම් පද්ධතිය, (LED Virtual shooting system) ආවර්ධිත යථාර්ථ පද්ධතිය (XR augmented reality system) සහ ඪඍඪජධද චලන ග්‍රහණ පද්ධතියයි. (Vicon motion capture system) ඒ කියන්නේ යොන්චුවාන් තාක්ෂණික චිත්‍රාගාරයේ වර්ග මීටර් 3,000 ක අතථ්‍ය රූගත කිරීමේ චිත්‍රාගාර තුනක් සහ වර්ග මීටර් 1,000 චලන ග්‍රහණ චිත්‍රාගාරයක් තියෙනවා.

අපි අහල තිබුණේ චිත්‍රපට ‘ප්‍රදර්ශන තිර’ ගැනනේ. මෙම චිත්‍රාගාරයේ ‘රූගත කිරීම් තිර’ දෙකක් තියෙනවා. එකක් LED අතථ්‍ය රූගත කිරීම් තිරයයි. මෙය ආසියාවේ විශාලතම LED අතථ්‍ය රූගත කිරීම් තිරයයි. අනෙක XR ආවර්ධිත යථාර්ථ රූගත කිරීම් තිරයක්. (XR) ‘විස්තීරණ යථාර්ථය (Extended reality) කියන්නේ සැබෑ ලෝක පරිසරයට ඩිජිටල් මූලද්‍රව්‍ය එකතු කිරීමෙන් යථාර්ථය වෙනස් කරන ඕනෑම තාක්ෂණයක් සඳහා වන යෙදුමක්.

LED අතථ්‍ය රූගත කිරීම් තිරයේ දිග මීටර් 42 ක් සහ උස මීටර් 800 ක් වන අතර එහි දීප්තිය nits2600 ක්. රොබෝ ආයුධ, දුරේක්ෂ තුවක්කු, ස්ටේඩිකැම්, සීස් කාච, කැමරා සහ අනෙකුත් රූගත කිරීම් උපකරණ මෙන්ම සම්පූර්ණ ආලෝක කට්ටලයකින් මෙම චිත්‍රාගාරයේ තියෙනවා. XR ආවර්ධිත යථාර්ථ රූගත කිරීම්වලට තියෙනවා LED සිරස් තිරයකින් සහ LED බිම් තිරයක්. කැමරාවේ තථ්‍ය චලනය අනුව, LED තිරයේ පින්තූර තථ්‍ය කාලයට අනුකූලව හසුරුවන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය හොලිවුඩ් අතථ්‍ය නිෂ්පාදන කර්මාන්ත ප්‍රමිතීන්ට සම්පුර්ණයෙන්ම ගැළපේ.

මෙම ඩිජිටල් තාක්ෂණ චිත්‍රාගාරයේ අතථ්‍ය රූගත කිරීමේ ක්‍රියාවලියේ අතථ්‍ය සැකසුම සහ තථ්‍ය කාලීන විදැහුම්කරණය, (Real-time rendering) තථ්‍ය කාලීන සංශ්ලේෂණය (Real-time synthesis) සහ තථ්‍ය කාලීන පෙරදසුන,(Real-time preview) ප්‍රධාන තැනක් ගන්නවා. මෙහි ඇති පළමු පන්තියේ දෘඩාංග පහසුකම්වලට අමතරව, යොන්චුවාන් චිත්‍රපට සහ රූපවාහිනී ඩිජිටල් චිත්‍රාගාර සතුව 1,000ක විදැහුම්කරණ මධ්‍යස්ථානයක්, වර්ග මීටර් 400ක අති විශාල Dolby Atmos අවසන් මිශ්‍ර කිරීමේ චිත්‍රාගාරයක් එසේම VICON කැමරා 100ක් සහිත ග්‍රහණ චිත්‍රාගාරයක් සහ ඉහළ මට්ටමේ දෘශ්‍ය ආධාරක පහසුකම් ද තියෙනවා.

ආසියාවේ විශාලතම වක්‍ර LED අතථ්‍ය රූගත කිරීමේ තිරය සහ වෘත්තීය රූගත කිරීම් සහ ආලෝකකරණ සහායක උපකරණ සහිත ඩිජිටල් වත්කම් (ඒඵඵඥබඵ) මඟින් යථාර්ථවත්හා ගුණාත්මක අතථ්‍ය දර්ශන ලබා ගත හැකි අතර අවශ්‍ය ගෘහස්ථ හා එළිමහන් දර්ශන යොදා ගත හැකියි.මෙහිදී සිදුවන්නේ විශාල ඩිජිටල් තිරයක් ඉදිරියේ රූගත කිරීමයි. උදාහරණයක් විදියටවේගයෙන් ගමන් කරන කෝච්චියක ඇතුළත හා පිටත රඟපාන විදියට මැදිරිය ඇතුළේ රඟපාන්න පුළුවන්. විශාල තිරය ඉදිරියේ කොච්චි පෙට්ටිය තියලා ඒකෙ තමා එතකොට රඟපාන්නේ. කොටින්ම කියනවනම් රූ ගතකිරීමට අදාළ පරිසරය මැදිරිය තුළට අතථ්‍ය ලෙස ගෙන ඒමක් සිදුවන්නේ.

මෙය සම්ප්‍රදායික රූගත කිරීමේ ක්‍රමයට ඉඳුරාම වෙනස්. සාම්ප්‍රදායික චිත්‍රාගාර රූගත කිරීම් සමඟ සසඳන විට අධ්‍යක්ෂවරුන්ට සහ නළුවන්ට වැඩි නිර්මාණශීලී ඉඩක් සහ ඉහළ රූගත කිරීමේ විශ්වසනීයත්වයක් මෙම ක්‍රමය මගින් ලබා දෙනවා. LED අතථ්‍ය රූගත කිරීම්වලින්, “ඔබ දකින දෙයම ඔබට ලැබෙයි”. බුද්ධිමය සංශ්ලේෂණය සහ තථ්‍ය කාලීන විදැහුම්කරණය හරහා අවසාන චිත්‍රපටයේ ස්වභාවය කෙළින්ම දැක ගනී. ඒ කියන්නේ අවසාන නිෂ්පාදනයේ රූප ස්වභාවය එම මොහොතේම දැක ගත හැකි බවයි. සාමාන්‍ය චිත්‍රපටයක රූප සංස්කරණට විශාල මිනිස් ශ්‍රමයක් හා කාලයක් වැය කිරීමට අවශ්‍ය වුව ද මෙම චිත්‍රාගාරය අඩු සංස්කරණ කාලයක්මගින් පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කර ගන්න පුළුවන්. රූගත කිරීම් සඳහා ඇති අවශ්‍යතා වන ස්ථානය සහ සැබෑ ජීවිත මෙමඟින්ඉවත් කරයි.

නළු නිළියන් අතථ්‍ය තිරය පසුබිම කර රඟ දක්වයි. සත්‍ය ජීවිත රූගත කිරීම් සමඟ සසඳන විට, කාන්තාර සහ හිම කඳු වැනි විවිධ කටුක පරිසරයන්හි දර්ශන රූගත කිරීමට ඩිජිටල් දර්ශන භාවිත කර දුෂ්කරතා රැසක් මගහැර ගනී. කැමරාකරණ දුෂ්කරතා අඩු කරන අතරම, රූගත කිරීමේ ගුණාත්මකභාවය ද බෙහෙවින් වැඩි දියුණු කරයි.

යොන්චුවාන් තාක්ෂණික චිත්‍රාගාරයේ, LED අතථ්‍ය රූගත කිරීමේ භාවිතයෙන් චිත්‍රපටයක ‘පූර්ව නිෂ්පාදන කාලය‘ තරමක් දීර්ඝවෙනවා. එමඟින් ශිල්පීන් තුළචිත්‍රපටය ගැන පූර්ව අවබෝධය හා කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරන්න පුළුවන්. මෙම LED අතථ්‍ය රූගත කිරීමේ තාක්ෂණයට විද්‍යා ප්‍රබන්ධ තේමාවන් රූගත කිරීමට තිරය භාවිත කිරීමට පමණක් නොව, අධි යථාර්ථවාදී රූගත කිරීම් සිදු කළ හැකි බව සඳහන් කිරීම වටී. චිත්‍රපටයක් හෝ රූපවාහිනී නාට්‍යයක් රූගත කිරීම සඳහා මෙම චිත්‍රාගාරය වෙත පැමිණෙන විට, ඔවුන්ට අවශ්‍ය වන්නේ පිටපත හා චිත්‍රපට නිර්මාණ සැලසුම් ආදිය පමණකි. රංගනයට පසුබිමෙන් පෙනෙන දර්ශන රූගත කිරීම් කල්තියා සිදු කළ හැකිය.

සිනමා ලොව සුපතළ ජැකී චෑන් රඟපෑ ”ප්ලෑන්” (Plan) චිත්‍රපටයේ, රූගත කිරීම් මෙම චිත්‍රාගාරයේ සිදු කෙරුණා. කාර්ය මණ්ඩල සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් දින 50 කට වැඩි කාලයක් රූගත කිරීම්වල යෙදුණා. යුවාන් මිලියන 30 කට වඩා වැඩි මුදලක් වැය කරමින් යොන්චුවාන් තාක්ෂණික චිත්‍රාගාරයේ රූගත කිරීම් කළේ. චීනයේ වටිනා වස්තුවක් වන පැන්ඩා පැහැරගත් අන්තර්ජාතික අපරාධ සංවිධානයක කතාව ”ප්ලෑන්” චිත්‍රපටයෙන් කියැවේ. Zhang Luan විසින් අධ්‍යක්ෂණය කරන, ‘Project P’ ක්‍රියාදාම විකට චිත්‍රපටයේ ප්‍රධාන නළුවකු වන්නේත් ජැකී චෑන් ය. එම චිත්‍රපටයේ කොටසකුත් මෙම අතථ්‍ය රූගත කිරීම් ඩිජිටල් තාක්ෂණ චිත්‍රාගාරයේ රූගත කෙරෙනවා.

මේ වන විට “Abyss”, “Plan”, “Honkai Impact 3” වැනි බොහෝ චිත්‍රපට සහ රූපවාහිනී ව්‍යාපෘතිවල රූගත කිරීම් සහ නිෂ්පාදන ව්‍යාපෘති 70 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කර ඇත. ඒ අතරම Emei Film Group, Chongqing Film Group සහ මෙම ඩිජිටල් තාක්ෂණ චිත්‍රාගාරය එක්ව බටහිර විද්‍යා හා තාක්ෂණ චිත්‍රපට සහ රූපවාහිනී රූගත කිරීම් පදනම, NetEase බුද්ධි සංවර්ධන වේදිකාවේ මෘදුකාංග කර්මාන්ත සවිබල ගැන්වීමේ මධ්‍යස්ථානය, හා iQiyi ඩිජිටල් සංස්කෘතික හා නිර්මාණාත්මක පදනම ගොඩනගා ඇත.

මෙම ආයතන මඟින් අනාගත චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ සංවර්ධන ප්‍රවණතාවය නියෝජනය කරයි. දැනට, යොන්චුවාන් චිත්‍රපට සහ රූපවාහිනී චිත්‍රාගාර ඩිජිටල් දර්ශන නිෂ්පාදනයෙන් පමණක් ලැබෙන මාසික ආදායම යුවාන් මිලියන 3 ඉක්මවයි. මීට අමතරව, වලාකුළු සහයෝගී නිෂ්පාදන සාක්ෂාත් කර ගැනීම සඳහා 5ඨ සහ දත්ත මධ්‍යස්ථාන වැනි යටිතල පහසුකම් මත විශ්වාසය තබමින්, LED සහ හරිත තිර අතථ්‍ය රූගත කිරීම්, චලන ග්‍රහණය, විදැහුම්කරණය, පරිගණකකරණය, ශබ්ද නිෂ්පාදනය, පින්තූර වර්ණ නිවැරදි කිරීම යනාදිය සඳහා නව නිෂ්පාදන මෙවලම් වේදිකාවක් ගොඩනැඟීමට කටයුතු කරනවා.

යොන්චුවාන් චිත්‍රපට සහ රූපවාහිනී ඩිජිටල් චිත්‍රාගාරය දෘශ්‍ය ඩිජිටල් අන්තර්ගත නිෂ්පාදනයේ පර්යේෂණ සහ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මෙමඟින් අධ්‍යක්ෂවරුන්ට සහ නළුවන්ට වැඩි නිර්මාණශීලී ඉඩක් සහ ඉහළ රූගත කිරීමේ විශ්වසනීයත්වයක් ලබා ගත හැකියි. සාම්ප්‍රදායික රූගත කිරීමේ සමඟ සසඳන විට, LED
අතථ්‍ය රූගත කිරීම් මඟින් නිෂ්පාදන පිරිවැය ආසන්න වශයෙන් 30% ‍සිට 40% දක්වා අඩු කළ හැකි අතර නිෂ්පාදන කාලයෙන් 60ක් ඉතිරි කර ගත හැකි වෙනවා. අඩු පිරිවැය වැනි වාසි චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදනයේ අනාගත සංවර්ධන ප්‍රවණතාවය නියෝජනය කරන අතර පුළුල් වෙළඳපළක් කරා යෑමට මොවුන් අපේක්ෂා කරයි.

ආහාර, නවාතැන් සහ ගමන්, උපකරණ කුලියට දීම, චිත්‍රාගාර ස්ථානය, චිත්‍ර නිර්මාණ, දර්ශන නිෂ්පාදනය, පශ්චාත් නිෂ්පාදන විශේෂ ප්‍රයෝග, ප්‍රචාරණය සහ බෙදා හැරීම යනාදී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකියාව තියෙනවා. මෙමඟින් ඇතැම් ව්‍යාපෘති සඳහා වඩාත් ලාභදායී විසඳුමක් සපයයි.එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම චිත්‍රාගාරය පළමු පන්තියේ දෘඪාංග පහසුකම් මඟින් චිත්‍රපට සහ රූපවාහිනී රූගත කිරීම් සමස්ත ක්‍රියාවලියම ”කර්මාන්ත ශාලාවක්” බවට පත්වෙනවා. චීන විද්‍යා හා තාක්ෂණ චිත්‍රපට සහ රූපවාහිනී නගරයක්” ගොඩනැඟීම නව යුගයේ කැඳවීම සහ යොන්චුවාන් වැසියන්ගේ සිහිනයයි.

මා යොන්චුවාන් චිත්‍රපට සහ රූපවාහිනී චිත්‍රාගාරයට ගොස් ආපසු එන අතර කල්පනා වූයේ හම්බන්තොට අක්කර 230 ක භූමි භාගයක ඉදිකර ඇති රන්මිහිතැන්න සිනමා ගම්මානය ගැනය. එම ටෙලි ගම්මානය පිහිටුවීම සඳහා ආයෝජනය රුපියල් මිලියන 659 ක් වූ අතර 2012 වන විටත් රුපියල් මිලියන 15.7 ක මුදලක් පමණි උපයා තිබුණේ. නයිජීරියාවේ ‘නොලිවුඩ්‘ වාර්ෂිකව චිත්‍රපට 1,000කට වඩා නිෂ්පාදනය කරන රැකියා දහස් ගණනක් සපයන එරට දෙවන වැදගත්ම කර්මාන්තය වේ. එය එක්සත් ජනපදයට සහ ඉන්දියාවට පසුව ලෝකයේ තුන්වන විශාලතම චිත්‍රපට කර්මාන්තය වේ. මෙරට චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදන කර්මාන්තයේ අනාගතය ගැන කවර කතාද ? මෙම ලිපියෙන් අප වටහා ගතයුතු වන්නේ චීනය පටු දේශපාලන අරමුණකින් නොව දිගුකාලින ජාතික අරමුණු මත අනාගත ලෝකයට තරුණයාට මඟ විවර කරමින් නිර්මාණාත්මක සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසා බුද්ධිමත්ව තීරණ ගෙන ඇති ආකාරයයි.

 

[email protected]

මහාචාර්ය ආරියරත්න ඇතුගල චීනයේ සිට සරසවියට විශේෂයෙන් ලියයි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT