නිවස සංවාද පතිරාජ සර් එක්ක වැඩකරන්න ලැබීම භාග්‍යයක්

පතිරාජ සර් එක්ක වැඩකරන්න ලැබීම භාග්‍යයක්

-රංගන ශිල්පිනී අයේෂා දිසානායක

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

ඇය දෙදහස් එක (2001) වර්ෂයේදී සීතල බදුලු පුරවරයේ සිට කො‍ළොම්තොට වෙත ආගමනය සිදු වූවාය. ඒ ටවර් හොල් රඟහල පදනමේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හැදෑරීම සඳහාය. එම කාලය අතරතුරම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් සමඟ ඈ කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට තේරී පත්වූවාය. ඒ දෙහදහස් දෙක (2002) වසරෙදීය. එහිදී වැඩිදුර අධ්‍යාපනය ලබන අතරතුරම ඈ වේදිකා නාට්‍ය තුළින් සජීවී වේදිකාවද ජයගත්තාය. ජව සම්පන්න එඩිතර ආත්ම අභිමානයක් ඇති ගැහැනියක් ලෙස ඒ තුළින් ලද පන්නරය ඇයගේ සැබෑ ජීවිතය ද ජීවමාන කළාය. එය අදටත් තමාගේ පෞද්ගලික ජීවිතය තුළද අත්දකිමින් සිටීයි. මේ දිනවල රූපවාහිනී නාලිකා තුනක ටෙලි නාට්‍යය ත්‍රිත්වයකින්ම ඇ ප්‍රේක්ෂකයින් හමුවන්නීය. ඒ සතියේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවයෙන් (ITN) විකාශය වන දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ දීප්තිගේ චරිතයත්, රාත්‍රි අටයි තිහට (8.30) ස්වර්ණවාහිනියෙන් යන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ සුභාගේ චරිතයත් රාත්‍රී නවයට (9.00) සිරස රූපවාහිනියෙන් (සිරස TV) විකාශය වන නීල පබළු ටෙලි නාට්‍යයේ ‍මෙත්මා ලෙසින් ද ඇය අපව පිනවන්නීය සෑබෑම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇ නමින් අයේෂා දිසානායකයි.

වේදිකා නාට්‍යයවලින් නේද ඔබේ ගමනේ ආරම්භය සිදු වන්නේ අපි එතැනින්ම කතාව පටන් ගමු.

ඔව්.. හේමන්ත මට මුලින්ම වේදිකා නාට්‍යයක කියලා රඟපාන්න ලැබෙන්නේ ටවර් හෝල් නාට්‍ය පාසලේ අම්මා කියන වේදිකා නටා්‍යයේ. එතනින් තමා වේදිකාවට පය තියන්න හම්බවුණේ. ඊට පස්සේ තමා කේ.බී. හේරත් මහතාගේ යශෝධරා කියන වේදිකා නාට්‍යයෙත් මට රඟපන්න ලැබුණේ. ඉතින් මම හිතනවා මට ඒක ජීවිතයට ලැබුණු භාග්‍යක් කියලා මොකද ඒ අවස්ථාවන් මගේ ජීවිතය වෙනස් කරා කියලා හි‍තෙනවා මට. ඊට පස්සෙත් මට බුද්ධික දමයන්තගේ නාට්‍යයකට, බන්දුල විතානගේ මහතාගේ වේදිකා හා ටෙලි නාට්‍යවල සහ තවත් බොහෝ දෙනාගේ වේදිකා නාට්‍යවලත් මුල් කාලයේ ලැබුණු ඒ රගපෑමෙන් තමා වේදිකාවට එන්නේ. අද වෙනකොට රැඳිලා ඉන්නේ ඒ නාට්‍යවල මුල් අවස්ථාවේ හරි විදිහට ලැබුණු හොඳ අධ්‍යාක්ෂකවරුත් එක්ක වැඩ කරන්න හම්බවුණු ඒ හුරුව ඒ පළපුරුද්දත් එක්ක ලැබුණු ශක්තියෙන් තමයි මට අද වේදිකාවේ රැඳිලා ඉන්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ කොහොමද ?

වේදිකාව නිසා වේදිකාවෙන්ම තමා මේ ටෙලි නාට්‍යවලටත් මට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වෙන්නේ. ප්‍රථමයෙන්ම කියලා මම ටෙලි නාට්‍යයක රඟපෑවේ ධර්මසේන පතිරාජ මහතාගේ කම්පිතවේ කියන ටෙලි නට්‍යයේ මම එකේ ප්‍රධාන චරිතය රඟපෑවා. මං හිනතන්නේ බුද්ධික දමයන්තයන්ගේ ‘වෙස් මුණු’ කියන නාට්‍යයේ රඟපානවා දැකලා තමයි ධර්මසේන පතිරාජ සර් මට මේ නාට්‍යට කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේම මම ‘ජනතා පරාජය’ කියන නාට්‍යයක රඟපානවා දැකලා අරුණ ඒකනායක මහතයාගේ ඒ ටෙලි නාට්‍යයෙන් මාව දැකලා අරුණ ජයසිංහ මාව ‘මායා රූ’ කියන ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලබා දුන්නේ. ඒ කාලේම අනුරුද්ධ ජයසිංහ අයියත් මගේ වේදිකා නාට්‍යවල ඒ කියන්නේ ඔය ජනතා පාරජය කියන වේදිකා නාට්‍යයේ මම රඟපාපු චරිත දැකලා මට කතා කළා. ඊළඟට ජානක සිරිවර්ධන මහතාගේ ‘උඩුවියන්’ කියන ටෙලි නාට්‍යයේ මං ප්‍රධාන චරිතය රඟපෑවා. ඉතින් ඔහොම දිගටම මට ටෙලි නාට්‍යවලටත් අද දක්වාම අවස්ථා ලැබෙමින් පවතිනවා. ඉතින් මුල් කාලයේ ඒ කලේත් එකක් අද ආපු එකෙන් එක බලනකොට මම හරි භාග්‍යවන්තයි මොකද මට නිර්මාණවල රඟපාන්න ලැබුණේ ප්‍රධාන භූමිකාවන් රඟපෑවේ. මොකද මට අනිත් අයට වාගේ චුටි චුටි චරිත කරලා හරි අමරුවෙන් වේදිකාවෙන් ගමනක් තිබුණේ. මට ලැබුණේ බොහොම අමාරු චරිත මම හිතනවා එකත් වාසනාවක් කියලා. මම හිතන්නේ ඒ චරිත හරහා තමයි ටෙලි නාට්‍යවලත් මට දැවැන්ත චරිත හම්බවුණේ. මොකද ‘කම්පිත විල්’ කියන ටෙලි නාට්‍යයට මාව ගත්තට පස්සේ ධර්මසේන පතිරාජ මහතාගේ එකේ ඩොනල්ඩ් කරුණාරත්න මහතා තමයි කැමරාවෙන් හිටියේ. ඉතින් එක මගේ ජීවිතයේ භාග්‍යවත් අවස්ථාවක් කවදාවත් අමතක නොවන. ඉතින් මට තිබුණේ ස්ටේජස් තුනක තරුණ කාලේ මැද වයස වයසට යන කාල කියන චරිත හරි සංකීර්ණ අවස්ථාවන් නිරූපණය කරන්න මම හිතනවා ඒ වාගේ හොඳ අධ්‍යක්ෂකවරයෙක් එක්ක හොඳ කැමරාමන් කෙනෙක් ඉස්සරහා වැඩ කරන්න ලැබුණ එකම භාග්‍යයක් මගේ ජීවිතයේ මට සෑහෙන වැරදි කියලා දුන්නා ඉතින් මම හිතන්නේ මට එදා ලැබුණ පන්නරය ශක්තිය තමා අද තියෙන්නේ කියලා. ඉතින් ඒ ගමනත් එක්ක අද වෙනකොට මම සැහෙන ප්‍රමාණයක ටෙලි නාට්‍යවලත් රඟපාලා තියෙනවා. මට ඇත්තටම එවායේ රඟපාන්න ලැබුණ චරිත ගැනත් මම සෑහිමකට පත් වෙනවා මොකද මට වේදිකාව තුළ තියෙන නිසා දැවැන්ත චරිත මම රඟපාලා තියෙනවා. ඒ වාගේම ටෙලි නට්‍ය වලත් රඟපානවා කියලා දැනෙන චරිත තමා දැනටමත් මට හම්බෙලා තියෙන්නෙ ඉතින් එක ඇත්තටම හරිම හොද දෙයක්.

සිනමා නිර්මාණවලටත් අවස්ථාව ලැබිලා තියෙනවද?

ඔව්, මට සිනමා නිර්මාණ කිපයකටම අවස්ථාව ලැබිලා තියෙනවා නමුත් මට ලැබුණ ඒ චරිත මට කරන්න නොහැකි වුණා ඒ කාලේ මම හිතන්නේ මගේ බාහිර පෙනුමත් එක්ක සහ මම ඉන්න විදිහත් එක්කනේ මට චරිත වලට ආරාධනා ලැබෙන්නේ නමුත් එකක් තමයි මම රංගන ශිල්පිනියක් විතරක් නොවුණ නිසාම සමහර චරිත මට එහෙම කරන එක මම ප්‍රතික්ෂේප කළා. ඒ කලේදි නමුත් මම හිතන්නේ ඒ රංගන ශිලිපිනියක් කියලා හිතන්නේ එයා එහෙම චරිත ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි ප්‍රතිනිර්මාණය කරන්නේ තවත් චරිතයක් ඉතින් එතකොට ඒ චරිතයේ ගති ලක්ෂණ හා ස්වභාවයන් තමා අපි පෙන්න නැත්තම් අපි නෙවෙ ඉන්නේ නමුත් මම පොඩි සීමාවක් දාගෙන තියෙනවා. නමුත් ඒ කාලේ රංගන ශිල්පින්ට එහෙම සිමාවන් නැ. නමුත් මම හදාගෙන තියෙනවා මම මෙවැනි චරිත තුළින් තමා ‍ප්‍රෙක්ෂකයන් අතරට යන්නේ කියලා. මොකද මම දරුවන් ඉස්සරහට යන්න ගුරුවරියක් නිසාවෙන් මම ටිකක් පරිස්සම් වෙනවා.

ඔබට හරියන හොඳ චරිත යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

හොඳ නරක කියලා චරිත නැ අපි රඟපාන්නේ සාමාජයේ තියෙන චරිත තමා අපි ප්‍රතිනිර්මාණ කරන්නේ ඒ චරිතවලට තමයි අපි පණ දෙන්නෙ. හොඳ නරක චරිත තියෙන්න පුළුවන් එක අපි දන්වා. බොහොම සදාචාර සම්පන්ව අපි ජිවත් වෙනවානම් අපි කියනවා හොඳ කෙනෙක් කියලා. එහෙම නැතුව සාමාජයේ නින්දා අපහස විදිමින් ගැරහුම් ලබමින් සාමාජයට දූෂිත ක්‍රියා වන්ගේ යෙදෙන චරිත සාමාජය විනාශ නරක චරිත කියලා අපි කියනවා. ඉතින් කොහොම වෙතත් අපි හොද චරිත නරක චරිත කියන එක නොවෙයි වැඩේ මම මට ගැළපෙනවාද නැද්ද කියන එක තෝරාගෙන තමා මම රඟපාන්නේ. ඒ කියන්නේ චරිතයේ හොඳ නරක හොයන එකට වඩා මට මේ චරිතය හොඳද මේක මම කරන්න ඕනේද යන එවා බලලා තමයි මම රඟපාන්නේ. මොකද මම ගුරුවරියක් නිළියකට සිමාවන් නැති වුණාත් මම මට සිමාවන් දාගෙන ජිවත් වෙනවා. ඉතින් මම හිතනවා සිනමාවේදි මට හොඳ චරිතයක් ලැබුණෝත් එක හරි අසාවෙන් කරනවා. නමුත් මං හිතන්නේ තාම මට මගෙ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා කියලා. මොකද සමහර සිනමාවේ නිර්මාණ තුළින් මට තාමත් අවස්ථාවක් ලැබිලා නෑ මම හිතනවා මට මගේ දක්ෂතාවය රටට පෙන්වා දෙන්න හොඳ අවස්ථාවක් ඉදිරියට හම්බවෙයි කියලා.

ඔබ විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ කොයි කාලෙද?

දෙදහස් හත (2007) වසරේ දී තමා මම විශ්වවිද්‍යාලයෙන් එළියට එන්නේ. දෙදහස් නවය (2009) වසරේදි තමයි මම උපාධිය ලබා ගත්තේ.

එතකොට ගුරු පත්වීමක් ලැබුණේ කවද්ද?

දෙදහස් එකොළහ‍ (2011) වසරේදී නුගේගොඩ අනුලා විද්‍යාලයට මට පත්වීමක් ලැබුණා. ඒ නාට්‍ය හා රංග කලා ගුරුවරියක් ලෙස වැඩ කරන්න. මං විශ්වවිද්‍යාලයේදි හදරලා තිබුණේ නාට්‍ය හා රංග කලාව ඉතින් ඇත්තටම මගේ හිනේ වෙලා තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න. ඉතින් මම ඒ හිනේ පසෙකලා මම නට්‍ය හා රංග කලා ගුරුවරියක් වුණා. මොකද මම විශ්වවිද්‍යාලයේදි ප්‍රධාන විෂය විදිහට මම හැදැරුවේ නට්‍ය හා රංග කලාව නිසා. ඉතින් මගේ සේවය දැනට අවුරුදු දොළහක් (12) වෙනවා. මම මේ මොහතේ අනුලා විද්‍යාලයේ ඉන්නේ දැනට ටික කලේකට කලින් මම කොළඹ විශාකා විද්‍යාලයට ආවා.

දැන් ඔබ සේවය කරන්නේ මොන පාසලේද?

කොළඹ විශාකා විද්‍යාලයේ තමා සේවය කරන්නේ මම තවම මේ පාසලට ඇවිත් කෙටි කාලයක් තමා වෙන්නේ.

ඔබේ සේවා කාලයේදී බිහිවුණු දරුවන් අද කලාවේ ඉන්නවද ?

මගෙන් එහෙම ආපු ගෝලයො නම් තාම නෑ හැබැයි මං මුලින් සේවය කළ අනුලාව විද්‍යාලයෙන් නම් කලාවට එකතු වුණු බොහෝ පිරිසක් අද ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවා දැනට ඉන්න මගේ ගෝලයෝ අතරත් ඉතාම දක්ෂ ගොඩාක් දෙනා ඉන්නවා ඒ අයව ඉස්සරහට දැකගන්න ලැබේවි. කොහොම වුණත් මම දන්නවා මගෙන් ඉගෙන ගත් බොහො පිරිසක් දැනට හොඳ රැකියාවන් කරගෙන ඉන්නවා. එයලා දැනටමත් මට කතා කරනවා මම කියලා දුන්න ඒ ගුරුහරුකම් වලට ස්තුති කරනවා. මොකද සමහර අවස්ථා වලදි මම කියලා දිපු දෙවල් එයාලට ප්‍රයෝජනවත් වෙනවා එයලාට ජිවිතය දිනන්න එයාලට උපකාරි වුණා කියන දරුවො ඉන්නවා. නමුත් රංගන ශිල්පී ශිල්පිනියන් නම් තාම එහෙම කවුරුත් නැ ඉතින්.

දිගටම රඟපාන්න ගුරුවෘත්තියේ වැඩත් එක්ක අපහසු නැද්ද?

අමාරුයි තමයි, ඒත් අපිට අරමුණක් තියෙනවා නම් අපිට කාලයත් එක්ක ඒවා බෙදා හදා ගන්න පුළුවන් කියලා මම හිතනවා. ගුරු වෘත්තියත් එක්ක රඟපැම් පහසුම නෑ නමුත් මම ඒක අපහසුවකට ගන්නෙත් නෑ මම හොඳටම දන්නවා මම කරන්නේ මොකක්ද කියන එක ගැන. මම හරි ආදරෙයි මගේ වෘත්තයට ඒ වෘත්තිය නිසා මගේ ජීවිතය ආලෝකවත් වෙලා තියෙනවා සහ මගේ දරුවො ලස්සන කරලා තියෙනවා මට බලාපොරොත්තු දිලා තියෙනවා මාව හැම වෙලෙම අවධියෙන් තියෙනවා මාව උනන්දු කරවනවා විශේෂයෙන් මාව හැම වෙලෙම සතුටින් තියෙනවා. මට මගේම කියලා දරුවො නැතත් මට දරුවො ගොඩාක් ඉන්නවා. මම කොච්චර කාර්ය්‍ය බහුල වුණත් මම අදරෙන් තමයි මගේ රැකියාවත් රඟපැමත් දෙකම කරන්නේ. රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන එකත් මම හරි අදරයෙන් තමයි කරන්නේ.

ඔබ රඟපෑ නිර්මාණ දිහා ආපසු හැරිලා බලද්දි දැන් හිතෙනවද මට මෙන්න මේ විදිහේ වගේ චරිතයක් මට ඉස්සරහට ලැබෙන්න නිර්මාණයක රඟපාන්න ලැබුණොත් හොඳයි කියලා.

ඇත්තටම කිව්වොත් මම චරිතවලට ලෝභ නැ. එහෙම ලොකු ආසාවකුත් නැ. මම මට ලැබිලා තියෙන චරිත මම බොහොම ආසාවෙන් කරපු කෙනෙක්. ඒ වගේම මට ජිවිතයේ හරි දුෂ්කර නිළියකට නොලැබෙන සැහෙන අවස්ථාවන් හමුවෙලා තියෙනවා ඒ නිසා මට එහෙම චරිත ගැන ලෝභ කමක් නැ.

රංගන කලාවේ ගුරු වෘත්තියේ අත්දැකීම් එකතු කරගෙන ඔබ ලබාගත්තු උපාධියේ දැනුම ඔබේ හැකියාවන් එක්ක රංගනයෙන් ඔබ්බට ගිහිල්ලා නව වෙනස්ම විදිහේ වේදිකා හෝ නාට්‍යය නිර්මාණය කිරීම හෝ නිෂ්පාදනයක් සිදු කරන්න වගේ අදහසක් නැද්ද?

ඇත්තටම මම හරි ආසයි මම දන්නා දෙයින් වැඩක් කරන්න. මම එක කාලෙක අධ්‍යක්ෂණයක් සිදු කළා. ඉතින් මම දන්නා දෙයක් හින්දා මම මියුසික් ප්‍රඩක්ෂන් එකක් දැම්මා. මම එකේ සැහෙන මියුසික් වීඩියෝ ඩිරෙක්ට් කරලා ඒවයේ රඟපාලත් තියෙනවා. ඒ වගේම මම ආසයි වේදිකා නාට්‍යයක් හරි ටෙලි නාට්‍යයක් කරන්න මම බලනවා ඉතින් එහෙම එකක් බොහොම ඉක්මනට කරන්න. එහෙම කරන්න හදපු අවස්ථාවනුත් තියෙනවා එවා ටිකක් එහෙ මෙහෙ වෙලා නැවතුණා. නමුත් මම මගේ ඒ හිනයත් ඉක්මනටම හැබැකර ගන්නවා.

අයේෂා දිසානායක කියන රංගන ශිල්පිනිය සැබෑ ජීවිතයේදීත් ජවසම්පන්න එඩිතර කාන්තාවක් කිව්වත් මං හරි නේද?

ඇත්තටම හේමන්ත ඔබ හරි මම සැබෑ ජීවිතයේදීත් එහෙම තමා මට වේදිකා නාට්‍යය රඟපෑම් තුළින් ඊට ලොකු රුකුලක් ශක්තියක් ලැබුණා. ඒකනෙ අද මම මෙහෙම තනියම ජීවත් වෙන්නේ. මට ලොකු ශක්තියක් තියෙනවා ජිවිතයේ කිසිම වෙලාවක කාටවත්ම බැ ඒක නැති කරන්න සහ මම හිතන විදිහ වෙනස් කරන්න ඇත්තටම මම හරි ස්මාර්ට්. මම කිසිම අවස්ථාවක ගැටුම් ඇති කර ගන්න යන්නේ නැ එහෙම අවස්ථාවක් ආවොත් මට එතැනින් ගන්න තියෙන පණිවිඩය අරගෙන මම එතනින් ඇත් වෙලා යනවා. මම ලබපු අත්දැකිම් එක්ක මම ඇසුරු කළ යුතු මිනිස්සු තෝරගෙන තියෙන්නේ. ජිවිතයේ ඇත්තටම තරහා කරන අය ඊර්ෂයා කරන අය ඉන්නවා ඒ හැමෝටම ඕනේ අපිව බිමට ඇදලා දාන්න අපිව නැති කරන්න ඉතින් ඒ කිසිම කෙනෙක් එක්ක මම සටන් කරන්න යන්නේ නැ. මම මගේ සතු එහි යතුර කාටවත් දෙන්නෙ නැති වෙන්න මම වගා බලා ගන්නවා. මට ඇත්තටම සටන් කරන්න වෙලාවක් නැ මොකද මම කැමති නැ අනිත් අයගේ එවා හොයන්න මම ඒ වෙලාවේ මාව සතුටු කරන්න පුළුවන් දෙවල් තමයි කරන්නේ. අනිත් අයත් එක්ක සටන් කර කර ඉන්න මේ සසර ඒ තරම් දිගු නැ. මොකද අපි බොහොම ඉක්මනින් මේ ජිවිතයට සමුදිලා ඉක්මනින් යන අය නිසා.

මේ දවස්වල ඔබව අපිට ටෙලිනාට්‍යය කිහිපයකින්ම හමුවෙනවා නේද?

ස්වාධින රූපවාහිනී (ITNව්) සේවයෙන් දිනපතා රාත්‍රී අටට (8.00) යන දිව්‍යාදරී ටෙලි නාට්‍යයෙන් ස්වර්ණවාහිනී සේවයෙන් රාත්‍රියේ අටයි තිහට (8.30) යන සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් ඒ වගේම සිරස රූපවාහිනී (Sirasa TV) සේවයෙන් රාත්‍රී නවයට (9.00) යන නීල පබළු ටෙලි නාට්‍යයෙනුත් මම ප්‍රේක්ෂකයින් අතරට එනවා.

ඔබට ඒ නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නේ කොහොමද?

මුලින්ම සල්ලි පොකුරු එකට සද්ධා අයියා (සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ තිර රචක සද්ධා මංගල සූරිය බණ්ඩාර මහතා) එයාගේ වයිෆ් චේතනා තමයි කියලා තියෙන්නේ මේ චරිතයට අයේෂා තමයි හරියන්නේ අපි එයාට කතා කරමු කියලා පස්සෙ සද්ධා අයියා මට කිව්වා චරිතයක් තියෙනවා හැබැයි අම්මා කෙනෙක්ගෙ මේ චරිතයට ඔයා කැමති වෙයිද දන්නෙ නැ කියලා. මං කිව්වා කැමතියි කියලා ඊට පස්සේ ඇවිත් චරිතය කරන්න භාරගත්තාට දිව්‍යාදරී එකේ අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස මහතා තමා මට ඒකට කතා කරන්නෙ එය හරිම දක්ෂ තරුණ අධ්‍යක්ෂකවරයෙක් ඒ වගේම රංගන ශිල්පියෙක් හොඳීන් එයත් එක්ක මේ ටෙලි නාට්‍යයෙත් වැඩ කරගෙන යනවා.

ඒවායේ ඔබ රඟපාන චරිත ගැනත් මතක් කරමු නේද?

සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ සුභා කියන මවකගේ චරිතය. එහි එක දියණියක් නිවසින් එළියට ගිහිල්ලා මේ වන කොට අපි කරන්නේ ඇයව සොයන එක. දරුවාත් ස්වාමියත් නැතුව දරුවන්ව හරිම ආදරයෙන් බලා ගන්න හරිම ආදරණීය චරිතයක් එක. මම හරිම අසාවෙන් තමා මේ චරිතය කරන්නේ. මෙහි අධ්‍යාක්ෂ සිවගුරුනාදන් මහතා ඇත්තටම එයත් එකක වැඩ කරන එකත් ලොකු අත්දැකිමක් මොකද එයා දන්නවා අපිව හරි විදිහට හසුරුවන්න. ඇත්තටම ඒ නිදහස අපිට ගොඩක් වැදගත්. ඒ වගේම මම දිව්‍යාදරි නාට්‍යයේ දිප්තිගෙ චරිතය තමා රඟපාන්නේ ඉතින් එකෙත් අපෙ ඩිරෙක්ටර් වෙන්නේ ප්‍රදිප් ධර්මදාස මහතා තරුණ අධ්‍යාක්ෂවරයෙක්. අපි හරිම වෙනස් විදිහට එකේ වැඩ ටික කරගෙන යනවා. මම එකෙත් කරන්නේ මවකගේ චරිතයක්. නිල පබළු ටෙලි නාට්‍යයේ චරිතයත් ගොඩාක් වෙනස් ඒ චරිතය ගොඩාක් සැරපරුෂ එකක් තමාගේ නංගිට නිතරම දුෂ්ටකම් කරමින් ජීවත් වන හරිම සැරපරුෂ චරිතයක් ඇය.

මේ දවස්වල ඒ චරිතවලට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

සල්ලි පොකුරු පොඩි ළමයි, තරුණ, වැඩිහිටි, වගේ විවිධ අය පවා මං ඇවිත් චරිතයට හොඳ කියනවා. දිව්‍යාදරි හා නීල පබළු ටෙලි නාට්‍යයේ චරිත දෙකටම බනිනවා මොකද එකේ තියෙන සැරපරුෂ චරිත නිසා. කොහොම නමුත් මේ වගේ ඒවාට ලැබෙන ප්‍රතිචාර හොදයි ඇත්තටම.

අයේෂා මවකගේ චරිත රැසක් රඟපාලා තියෙනවා නේද?

ඔව්, මේ දවස්වල යන ඒවගෙත් මව්වරුන්ගේ චරිත මම මීට පෙර වේදිකා නාට්‍යවල වගේම ටෙලි නාට්‍යවල මවකගේ චරිත රඟපෑවා උදාහරණ ලෙස කිව්වොත් මං ඒක නිර්මාණයක සුජීව ප්‍රියාල්ගේ මව ලෙස රඟපෑවා ඔයා දන්නවානේ සුජීව ප්‍රියාල් ගැන ඒ වගේ තව ලොකු දරුවෝ ඉන්න අම්මලා දෙතුන් දෙනෙක්ගේ චරිත මම රඟපෑවා. ලොකු රික්ස් එකක් අරගෙන වගේ වුණත් මට සරිලන විදිහට බව මම කියන්න ඕනේ. ඒත් ඒ චරිත ඉතා සාර්ථක වුණා හොඳ ප්‍රතිචාර පවා ලැබුණා.

අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු

අම්මයි, තාත්තයි, මමයි, නංගියි. තාත්තා නැතිවෙලා දැන් පොඩි කාලයක් වෙනවා නංගි විවාහකයි. අම්මා නංගි ළගත් ඉන්නවා මං ළගත් ඉන්නවා. මේ දවස්වල අම්මා නංගිගාව තමයි ඉන්නේ. ඉතින් අපි හැමෝම හොඳීන් සතුටින් ඉන්නවා.

ඔබ විවාහකයිද

තවම නෑ.

ඔබේ විවාහය සිදුවන්නේ කවදාද?

එහෙම කියන්න අමාරුයි අපේ සම්ප්‍රදාය තමා ගැහැනියක් විවාහ වෙලා සැමියා යටතේ ආරක්ෂිතව ඉන්න ඕනේ කියලා එහෙම තමා අද ගොඩාක් දෙනා ඉන්නේ හැබැයි ගැහැනිය පමණක් අද ශක්තිමත්ව ඉන්න තැන් පවා තියෙනවා මමත් එහෙම එඩිතර ශක්තිමත් ගැහැනියක් ලෙස මේ කාලාවෙන් ආපු පන්නරයත් එක්ක මං අද තනියම ජීවත් වෙනවා මම මෙතනදි කියන්න උත්සාහ කළේ එහෙම ඉන්න තනිවම ජීවත් වෙන්න පුළුවන් කියන එක හැබැයි මං කියන්නෙ නැ එහෙමයි කියලා අපේ තරුණියන්ට තනිවම ජීවිතේ ඉන්න කියලා. මම බොහෝ පිරිස්වලට අනාගත පරපුරටත් මේ ගැන කරුණු කියාදෙමින් තමයි මඟ පෙන්වමින් දිරිමත් කිරිම් පවා සිදුකර තිබෙනවා. මගේ වෘත්තියට අනුව ගුරුවරයෙක් ලෙස මගේ ගෝලයින්ට.

තවම ඔබට විවාහයට කෙනෙක් නැ වෘත්තියට අදාළ හෝ කලා ක්ෂේත්‍රයට අදාළ කෙනෙක්ටද ඔබේ වැඩි කැමැත්ත තියෙන්නේ?

එහෙම කියන්න අමාරුයි මගේ ගුරු වෘත්තියට අදාළව හෝ රංගන කලා ක්ෂේත්‍රයට යන මේ දෙකෙන්ම කිසිවෙකුත් මගේ අනාගත සහකරු වෙන්න නැතිවෙයි. මොකද මං ඒ ක්ෂේත්‍රවල අයට කැමති නැ. මට ගැළපෙන කෙනා හමු වුණොත් ඒ ගැන ඉස්සරහට බලමු. එහෙම නැති වුණොත් මම මේ හිටපු විදිහට අම්මත් එක්කම ඉදිවි. තව ඉදිරියට වුණත් මං තනිවම ජීවත් වෙන්නත් පුළුවන්.

 

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT