නිවස විශේෂාංග 35 වැනි සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය

35 වැනි සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලය

by Thanushika
April 4, 2024 12:30 am 0 comment

මනුෂ්‍ය ජීවිතයේ සියුම් අංශුන් භාවිතයෙන් පුද්ගල සම්බන්ධතාවල සංකීර්ණතා මනාව ග්‍රහණය කරගනිමින් ද සිනමා භාෂාවේ ශක්‍යතාවන් නිර්මාණශීලීව පරිහරණය කරමින් ද අපුරු සිනමාත්මක හැඩයක් උපයුක්ත අත්දැකීමට ලබාදෙමින් ප්‍රකට කළ නිර්මාණ කුසලතාව වෙනුවෙන් 2019 වර්ෂයේ හොඳම අධ්‍යක්ෂණයට පිරිනැමෙන සම්මානය හිමිවන්නේ,

දැකල පුරුදු කෙනෙක් අධ්‍යක්ෂණය කළ – මලිත් හෑගොඩ

විවාහ ජීවිතයේ ගැටමුසු අවස්ථාවන් යථාර්වාදී රීතියකින් අවලෝකනය කෙරෙන, මානවවාදී දැක්මකින් ඒ විනිවිදින, තියුණුවුත් සංවේදීවුත් භාව ප්‍රකාශනයක් වීමේ හේතුවෙන් 2019 වර්ෂයේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන සම්මානය හිමිවන්නේ,

2019 වර්ෂයේ හොඳම චිත්‍රපටය – දැකලා පුරුදු කෙනෙක්

මතුපිටින් ඇතුළු හදට නැඹුරුවූ, ඇතුළාන්තයෙන් දළදඬු, නිහඬ චරිතයකට සමාරෝපව සාත්වික අභිනය හා වාචික අභිනය මූලික කරගත් රූපණ ක්‍රමවේදයකින් එම චරිතයේ අධ්‍යාත්මය මෙන්ම බාහිර හැඩය ද භාවාත්මකව ප්‍රතිනිර්මාණයේදී ප්‍රකට කළ සූක්ෂ්ම රංග ප්‍රතිභාව වෙනුවෙන් 2019 වර්ෂයේ හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ,

2019 වර්ෂයේ හොඳම නළුවා – බිමල් ජයකොඩි

කුටුම්බය ආරක්ෂා කරගැනීමේ අභිප්‍රාය හා නිදහස් ජීවිතයකට පිවිසීමේ අරමුණ අතර දෝලනය වන, නූතන බිරිඳකගේ චරිතයක සංකීර්ණ හැඩතල සියුම් ඉංගිත භාවිතයෙන් උජ්ජචලිත වූ සාත්විික අභිනයෙන් ද මනාව පාලිත වාචික හා ආංගික අභිනයෙන් ද සජ්ජිත රූපණ ක්‍රමවේදයකින් ප්‍රතිනිර්මාණයේදී ප්‍රකට කළ රංග ප්‍රතිභාව වෙනුවෙන් 2019 වර්ෂයේ හොඳම නිළියට හිම සම්මානය පිරිනැමෙන්නේ.

2019 හොඳම නිළිය – සමාධි ලක්සිරි

මහා සමාජයෙන් යුක්තිය අයදින මවකගේ අධ්‍යාත්මය ප්‍රකාශනය සඳහා සතරවිධ අභිනය මනාව පාලනය කරමින් ප්‍රකට කළ සුක්ෂ්ම රංග ප්‍රතිභාව වෙනුවෙන් 2020 වර්ෂයේ හොඳම නිළියට හිමි සම්මානය පිරිනැමෙන්නේ,

2020 හොඳම නිළිය – පාංශු චිත්‍රපටයේ – නීටා ප්‍රනාන්දු

ඒකමිතිය මනාව පවත්වා ගැනෙන සාත්වික අභිනයකින් ද ද්විත්වාර්ථ නගන නර්මාලාපවලින් ද සන්නද්ධ කරමින් මහා සමාජයට ආගන්තුක ගැමියකු සමස්ත සමාජය පිළිබඳ හරස්කඩක් බවට පත්වන ආකාරයෙන් අපුර්ව රංග ප්‍රතිභාවයකින් ප්‍රතිනිර්මාණය කිරිමේ හේතුවෙන් 2020 වර්ෂයේ හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ,

2020 හොඳම නළුවා – කුමාර තිරිමාදුර (ද නිව්ස්පේපර් චිත්‍රපටයේ)

සමාජ ගතිකයන් තියුණුව නිර්දයව හා යථානුරූපීව අවලෝකනය වන, පෙරමුණු ආයතනවල හා ප්‍රධානීන්ගේ සළුපිළි සදය උපහාසාත්මක දැක්මකින් නිරාවරණය කෙරෙන, සමාජ තීර්ථයාත්‍රාවක් වීමේ හේතුවෙන් 2020 වර්ෂයේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය පිරිනැමෙන්නේ,

2020 හොඳම චිත්‍රපටය – ද නිව්ස්පේපර්

භීෂණය රැජයු සමාජයක නිර්ධනීන්ට මුහුණදුන් මානුෂීය හා සමාජමය ඛේදවාචකය භාවානිශය අන්තයකට යා නොදී පාලනය කරමින් අපුුරු සිනමාත්මක ප්‍රවේශයකින් ගැඹුරු අර්ථ ප්‍රකාශනයක් බවට පත්කරලීමට ගත් ප්‍රශංසනීය ප්‍රයන්තය අගයනු වස් 2020 වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය පිරිනැමෙන්නේ,

2020 හොඳම අධ්‍යක්ෂණය – පාංශු චිත්‍රපටය – විසාකේස චන්ද්‍රසේකරම්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT