නිවස කළා පුවත් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ‘නින්ද නේන රාත්‍රිය’

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ‘නින්ද නේන රාත්‍රිය’

by Thanushika
May 2, 2024 12:45 am 0 comment

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සංගමය රටට උතුම් වැඩකටයුතු රාශියක් වෙනුවෙන් කැපවී සිටි. එහි තවත් පියවරක් ලෙස මෙරට ගීත ක්ෂේත්‍රයේ නම ඉහළින්ම රැන්දු, මියගොස් වසර තිස් හතක් ගත වුවත් ප්‍රේක්ෂක ජනාදරය එලෙසින්ම පවත්වාගෙන ඇති එච්. ආර් ජෝතිපාල ගායන ශිල්පියා ගැයූ ගීත 6000කට අධික වුවත් ඒ අතරින් හින්දි තනුවලට ගැයූ මධුර ගීත විසි හතරක් ඇතුළත් කොට ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

‘නින්ද නේන රාත්‍රිය’ නමින් එළඹෙන මැයි04වැනිදා සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට වාද්‍යය ශිල්පීන් 25 දෙනකුගේ වාදනයට ජනප්‍රිය තරු රැසක් මෙදින ගීතවත් වෙති. උරේෂා රවිහාරි, අමිලා නදීෂානි, සුරේන්ද්‍ර පෙරේරා, මාරියෝ ආනන්ද, තනුර මඩුගීත්, උද්දික ප්‍රේමරත්න සමඟ බිමල් ජයකොඩි, සුනෙත් උදයරත්න එදින ගීත ගායනා කරති. චන්දන වික්‍රමසිංහ රංගායතනයේ නර්තන ශිල්පීන්ගෙන් වේදිකාව වර්ණවත් වන අතර ජයවර්ධනපුර විද්‍යාර්ථීන් වන වසන්ත දුක්ගන්නාරාල, නිලාර් එන් කාසීම්, සචිනි නිපුන්සලා ප්‍රසංගයට කථනයෙන් සහභාගී වෙති.

නින්ද නේන රාත්‍රිය පිළිබඳ එහි සභාපති ලෙස කටයුතු කරන රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා සරසවියට පැවසුවේ. ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් ලොවට දායාද කළ කීර්තිමත් ආදී විද්‍යාර්ථීන් ඇගැයීමට ලක්කරන ප්‍රදීප ප්‍රණාම සම්මාන උලෙළ සංවිධානය කිරීම සඳහා අරමුදල් රැස් කිරීමට පවත්වනු ලබන මෙම ප්‍රසංගය නැරඹීම සඳහා ආදි විද්‍යාර්ථීන් සියලු දෙනාටම ආරාධනා කරන බවයි. එයින් ලැබෙන මුදලින් ජපුර විශ්ව විද්‍යාලයේ හා අනුබද්ධ පශ්චා උපාධි ආයතනවල ප්‍රථම හා පශ්චාත් උපාධි ලැබූ විද්‍යාර්ථීන් පනස් දෙනකු පමණ ඇගැයීමට ලක් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් එහි සභාපති වන ආචාර්ය රවී ලියනගේ මහතා සඳහන් කළේ මහපොළ හා ශිෂ්‍යාධාර වැනි ආධාර ලබා දෙමින් අපගේ මුදල් නොගෙන අපට මුදල් දී, අපේ අනාගතය ආලෝකවත් කළ ශ්‍රී ජයවර්ධනපුර සරසවි මෑණියන්ට කෘතගුණ දැක්වීමක් ලෙස මේ ප්‍රසංගයේ නැරඹීමට ආදි විද්‍යාර්ථීන් සියලු දෙනාටම සුහද ආරාධනයක් කරන බවයි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT