නිවස කළා පුවත් නිළි රැජනගේ ජන්ම දිනයට පින්කමක්

නිළි රැජනගේ ජන්ම දිනයට පින්කමක්

by Thanushika
May 9, 2024 12:45 am 0 comment

සිංහල සිනමාවේ නිළි රැජන ආචාර්ය මාලිනී ෆොන්සේකාගේ ජන්ම දිනය පසුගිය 30 වැනිදාට යෙදී තිබුණි. එදින ඇය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්මැලි චෛත්‍ය රාජයාණන් අබියස දී ආගමික කටයුතුවල නිරත වූවාය. අනතුරුව එදින අනුරාධපුර පූජා භූමිය වෙතට පැමිණ සිටි කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් වෙත ආහාර හා පාසල් උපකරණ බෙදා දීම සිදු කළාය. මේ අවස්ථාවට ඇගේ පවුලේ ඥාතීන් ඇතුළු සමීපතම හිතවතුන් කීපදෙනෙක්ද එක්වූහ. පුරා පනස් වසරකට අධික කලක් ශ්‍රී ලාංකික සිනමා කෙත පෝෂණය කළ ආචාර්ය මාලිනී ෆොන්සේකා ප්‍රවීණ රංගන ශිල්පිනියට සරසවිය අපි සුබ උපන්දිනයක් පතමු.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT