Home » සරත් වික්‍රමයන්ගේ වික්‍රම් Live in Concert ජූනි 06 වැනිදා

සරත් වික්‍රමයන්ගේ වික්‍රම් Live in Concert ජූනි 06 වැනිදා

by mavan
May 21, 2026 11:56 am 0 comment

ඔහු සංගීත ලොවට පා තබන්නේ 1964 වසරේදීය. ඔහු හැදී වැඩුණු ගමෙහි තරුණ කැල එක්ව නිර්මාණාය කළ අංගුලිමාල වේදිකා නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ ඔහු විසිනි. සංගීතවේදී සරත් වික්‍රමයන්ගේ නම කියූ සැණින් සංගීත ක්ෂේත්‍රයේ නොදන්නා කෙනෙක් නැති තරම්‍ ය. ඔහුගේ නිර්මාණ ඒ තරම්ම සුන්දරය. ඔහු කළ නිර්මාණ සදාකල් මතකයේ රැඳෙන නිර්මාණ විය. සරසවිය මෙසේ පෙළ ගස්වන්නේ සංගීතවේදි සරත් වික්‍රමයන්ගේ වික්‍රමයන් ගැනයි.

1964 දී වේදිකා නාට්‍යයකට සංගීතය නිර්මාණය කරමින් සංගීත ක්ෂේත්‍රයට පිය නඟූ සරත් වික්‍රමයන් 1973 වසරේදී “ෆෝචූන්ස්” සංගීත කණ්ඩායමේ වාදකයෙකු ලෙස කටයුතු කළේය. පසුව 1978 වසරේදී ශශ්‍රී ලංකා ගුවන් විදුලි වාදක මණ්ඩලයේ “චෙලෝ” වාදකයෙකු ලෙසද කටයුතු කළේය.

සරත් වික්‍රමයන් මුලින්ම ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී නැසීගිය ෆ්‍රෙඩී සිල්වාගේ ගීත ඇතුළත් කැසට් පටයකට සංගීතය නිර්මාණය කළේය. එම කැසට් පටය සාර්ථක වීමෙන් පසු 1984 දී ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන්, මේ නොනිමෙන දිවිගමනේ, පුංචි දෝණි, පතනාදේ ඇතුළු ජනප්‍රිය ගීත තිස් හයක් පමණ නිර්මාණය කළේය. එසේම මොහිදීන් බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතය නැවත ලංකාවේ පටිගත කිරීමේ වාසනාව ඔහුට ලැබුණි.

එකල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේද සරත් වික්‍රම සංගීත වේදියාය. ඉන්පසු ඔහු ටෙලි නාට්‍ය එකසිය පනහකට ආසන්න සංඛ්‍යාවකට සංගීතය නිර්මාණය කළේය. ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණයට පමණක් සීමා නොවූ ඔහු 1987 දී සංගීත අධ්‍යක්ෂණයටද පිවිසියේය. ඔහු චිත්‍රපට හැත්තෑවකට අධික සඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.කිරි මුහුදු වෙරළෙ, මගෙ පොඩි යාළු, මුතු කඳුළින් ආදී ගීත ඔහුගේ නිර්මාණ වූ අතර එම ගීත අතිශය ජනප්‍රිය වීමද විශේෂතවයකි.

සිංහල භාෂා ගීත වලට පමණක් සීමා නොවී සංගීතවේදී සරත් වික්‍රමයන් දෙමළ, උර්දු , ඉංග්‍ර්‍රීසි භාෂාවලින් ලියවූ ගීත වලටද සංගීත නිර්මාණය කර තිබීම ඔහුගේ සංගීත ඥානය පිළිබිඹු කිරීමකි.

සංගීතවේදී සරත් වික්‍රමයන් කළ නිර්මාණයන් උදෙසා ර්‍ණඛ්ධ්ඛ්, ජනාධිපති සම්මාන, රාජ්‍ය සම්මාන, සුමති සහ රයිගම් සම්මාන වලින් පිදුම් ලබා ඇත. ඔහු , ඔහුගේ නිර්මාණයන් එකට කැටිකොට ග්‍රන්ථ කිහිපයක්ද එළි දක්වා ඇත. එමෙන්ම ඉන්දීය ද්‍රවිඩ චිත්‍රපට දෙකක් සඳහා සාහිත්‍ය නිර්මාණද සිදුකර තිබේ.

මෙසේ සංගීතවේදී සරත් වික්‍රමයන් කළ සංගීත මෙහෙවර පෙළ ගැස්වූයේ ඔහු විසින් සිදුකරන්නට යන සුවිශේෂී කටයුත්තක් නිමිති කොටගෙනය. ලබන ජූනි මස හය වෙනිදා ” සරත් වික්‍රමයන්ගේ ” වික්‍රම් ” ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ , කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. සංගීතවේදී සරත් වික්‍රමයන්ගේ නිර්මාණ ඇතුළත් මෙම ප්‍රසංගය අන්තර් ජාතික මට්ටමේ ප්‍රසංගයකි. ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීමට සංගීතවේදී සරත් වික්‍රමයන් සරසවිය සමඟ සම්බන්ධ කරගැනීමට හැකිවිය. වික්‍රම් ප්‍රසංගය ගැන ඔහු දැක්වූ අදහස් මෙසේය.

මම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් වසර හැට දෙකක් වෙනවා. මම මින් පෙර ප්‍රසංගයක් පවත්වා නැහැ. මේ තමයි ප්‍රසංගයක් පවත්වන පළමු වතාව. මින් පෙර කිහිප වතාවක් කරන්න උත්සාහ කළත් ඇතිවූ විවිධ බාධක හේතුවෙන් එය කිරීමට නොහැකි වුණා. මෙවර මගේ ප්‍රසංගය පැවැත්වීමට කෙසේ හෝ අදිටන් කර ගත්තා. එළබෙන ජූනි මාසයේ හය වෙනිදා මම ඒ ප්‍රසංගය පවත්වනවා. කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී . එය නම් කළේ, සරත් වික්‍රමයන්ගේ ” වික්‍රම් – ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ නමින්. මෙය නිකම්ම නිකන් ගීත පමණක් තියෙන ප්‍රසංගයක් නෙවෙයි. අන්තර් ජාතික මට්ටමට ගැළපෙන ප්‍රසංගයක් තමයි මම සැළසුම් කර තිබෙන්නේ. 7.1 තාක්ෂණය යටතේ තමයි මෙම ප්‍රසංගය කෙරෙන්නේ. ශාලාව වටේටම ස්පීකර්ස් සවිකරන්න සැලසුම් කරල තියෙනවා. වාදකයන්ගේ වාදන භාණ්ඩ වල ශබ්ද වෙන වෙනම ඒවායින් ඇසෙනවා. 7.1 තාක්ෂණයට ගැළපෙන උපකරණ ලංකාවේ නැහැ. ඒවා මම අපට ගැළපෙන ආකාරයට සාදා ගත්තා. පිටරටින් ගෙන්වනවා නම් ඒ සඳහා අධික මුදලක් වැය වෙනවා. මෙවැනි ප්‍රසංගයක් ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වතාවට.

සංගීතය කරන බොහෝ අය කියන්නේ අපේ සංගීතය ලෝකයට ගෙන යායුතුයි කියලා. ලෝකයට ගෙන යන්න නම අපි වෙනස් ගුණාත්මක නිර්මාණ කළ යුතුයි. එවිටයි අන්තර් ජාතික මට්ටමට ගෙන යා හැකි වෙන්නේ. මේ ප්‍රසංගය සඳහා මම සංගීත සංධ්වනි දෙකක් ඇතුළත් කළා. දරු නැළවිලි සහ ගජගා වන්නම ඇසුරින්. මෙම ප්‍රසංගය ආරම්භයේ සිට අවසානය දක්වා වෙනස්ම හැඩයකින් යුතුවයි පැවැත්වෙන්නේ. ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් මෙම ප්‍රසංගය සඳහා සහභාගී වෙනවා. පනස් දෙනකුට ආසන්න වාදකයන් පිරිසක් සංගීතය සපයනවා.

වික්‍රම් ප්‍රසංගයේදී ගැයෙන්නේ සිංහල ගීත පමණක්ම නෙවෙයි. දෙමළ ගීත දෙකක් සහ උතුරු ඉන්දියානු ගීතයක් ගැයෙනවා. මේ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය ගායිකාවක් වෙන සුනන්දාට මම ගීතයක් නිර්මාණය කළා. ඒ වගේම ඉන්දියාවේ බාලසුබ්‍රමනියම්ටත් ගීතයක් නිර්මාණය කළා. ඒ ගීත දෙක එදිනට එළිදැක්වෙනවා. අපේ සංගීතය ලෝකයට ගෙනියන්න නම් අපි විදෙස් ශිල්පීන් සමඟ එක්ව නිර්මාණ කළ යුතුයි. මම ඉන්දියාවේ රහුමාන්, ඉලෙයරාජා වැනි දැවැන්තයන් සමඟ වැඩකරල තියෙනවා. ඔවුන් අන්තර් ජාතික මට්ටමෙ සංගීත නිර්මාණකරුවන්. අපිටත් හැකියාව තියෙනවා එවැනි මට්ටමකට යන්න.

වර්තමානයේ දක්ෂ තරුණ පිරිසක් ඉන්නවා. ඒ අය සංගීතයට උනන්දුයි. නව නිර්මාණ අත්හදා බලනවා. 2015 වසරේ සිට මම විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළා. ගෝලයන් බොහෝ ප්‍රමාණයක් බිහි කළා. අද ඔවුන් දක්ෂයන් බවට පත්වී තියෙනවා. වර්තමානයේ රූපවාහිනී නාලිකාවල රියැලිටි වැඩසටහන් පවත්වනවා.ඒවා හොඳයි කියලයි මම කියන්නේ. අපේ කාලෙ එවැනි දෑ තිබුණෙ නැහැ. තිබුණා නම් අපි මීට වඩා ඉහළ තලයක ඉන්නවා. අද සංගීතය වෘත්තියක් බවට පත්වෙලා. ඒත් අපේ කාලයේ සංගීතය කරනවා කිව්වහම එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. මගේ අදහස නම් රියැලිටි වැඩසටහන් ඔස්සේ දක්ෂයන් බිහිවෙනවා. ඒ නිසා ඒ වැඩසටහන් තවත් වැඩි දියුණු කළ යුතුයි.

මම තවමත් සංගීත නිර්මාණ කරනවා. චිත්‍රපට අධ්‍යක්ෂ බර්මින් ලයිලිගේ චිත්‍රපටයක සංගීත නිර්මාණ කටයුතු අවසන් කළා. මම සම්බන්ධ වූ තවත් චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරනවා.

මේ දිනවල ඉතා කාර්‍යබහුලයි. ජූනි හයවෙනිදා පවත්වන ප්‍රසංගය සඳහා සූදානම් වෙනවා. මෙම ප්‍රසංගය පැවැත්වුවායින් පසුව ලංකාව පුරා පවත්වන්නත් අදහසක් තියෙනවා. ඒ වගේම අපේ සංගීත කලාව ලෝකයට ගෙන යමින් විදෙස් රටවල සිටින ගායක ගායිකාවන් සමඟ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මගේ සංගීතයට ඇලුම් කරන සියලු දෙනාට මම ආරාධනා කරනවා ” වික්‍රම් ” ඹ්ඪමඥ ඪද ඛ්ධදජඥපබ සමඟ එක්වෙලා සංගීතය ප්‍රසංගයක වෙනස්ම වූ අත්දැකීමක් විඳගන්න එන්න කියලා. ඒ වගේම ස්ටාර් ලයින් ආයතනයටත් මම ස්තූතිවන්ත වෙනවා මේ ප්‍රසංගයට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන්.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT