Home » රූපසේන සිල්වා ගෙනෙන අමතක නොවන ප්‍රතිරූ

රූපසේන සිල්වා ගෙනෙන අමතක නොවන ප්‍රතිරූ

by mavan
May 14, 2026 12:17 pm 0 comment

දේශීය සිනමාවට විවිධ අංශයන්ගෙන් දායකත්වය ලබා දුන් ශිල්පීන් ගණන මෙතෙකැයි කිව නොහැක. ඔවුන් සිනමා කලාවට කරන ලද සේවය මිල කළ නොහැක. ඔවුනගෙන් පිරිසක් අද ජීවතුන් අතරේ නැත. ඉන් ඉතාමත් ප්‍රකටයන් මතකයේ පවතින නමුත් බොහෝ දෙනකු මතකයෙන් පවා අමතක වී ඇත. ඔවුන් සියලුම දෙනා යළි ආවර්ජනය කිරීම අපේ පරම යුතුකමකි.

බයිස්කෝප් ප්‍රදර්ශක ඒ ඩබ්ලිව් ඇන්ඩ්‍රි ඇඩොල්ප්ස් (විලියම් ඇන්ඩ්‍රි) 1910 වසරේ මිය ගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1869 වසෙර්ය. ශශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයකු වන ඇන්ඩ්‍රි 1903 සිනමා ප්‍රදර්ශනය ව්‍යාපාරික මට්ටමකින් අරඹන ලද ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයේ පුරෝගාමියායි.

නිෂ්පාදක ටී.ඒ.ජේ. නුර්බායි 1937 වසරේ මියගියේය. සාර්ථක ව්‍යාපාරිකයකු වශයෙන් මෙරටේ රැඳී සිටි බෝර ජාතික ඔහු 1925 රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා චිත්‍රපටය නිපදවීය. එය ප්‍රථම සිංහල නිශ්ශබ්ද චිත්‍රපටය බව ඉතිහාසඥ මතයයි.

ගීත ප්‍රබන්ධක ජී.එල්.ජේ නන්දන කීර්ති පිටදූව ලියනගේ ජිනෝරිස් ද සිල්වා 1949 මැයි 8 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1918 අප්‍රේල් 7 වෙනි දිනය. මතකයේ රඳවන ගීත සිනමා ගීතාවලියට එකතු කළ නන්දන කීර්ති කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම යන චිත්‍රපටවල ගීත පබැඳුවේය.

රංගන ශිල්පී ඩබ්ලිව්. දොන් එඩ්වර්ඩ් (වැලිවිට ලියන දොන් එඩ්වර්ඩ්) 1952 ජනවාරි 29 වැනිදා මිය ගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1910 පෙබරවාරි මාසයේය. පළිගැනීම නිහඬ චිත්‍රපටය නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ එඩ්වර්ඩ් අශෝකමාලා, බණ්ඩා නගරයට පැමිණීම යන චිත්‍රපටවල රඟපෑවේය.

සංගීත අධ්‍යක්ෂ මොහොමඩ් ගවුස් 1953 මාර්තු 21 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ ඉන්දියාවේ 1910 වසෙර්ය. අශෝකමලා චිත්‍රපටයෙන් සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ගවුස් මේ රටේ රැඳෙමින්ම ග්‍රැමෆෝන් තැටි සඳහාත් සංගීතය සම්පාදනය කළේය.

රංගන ශිල්පිනි මීරියම් අයිරාංගනී ජයමාන්න 1953 වසරේ මියගියාය. ඇයගේ උපත සිදුව ඇත්තේ 1937 වසෙර්ය. කැලණි ගඟේ දිය නෑමට ගොස් මියගිය මීරියම් කඩවුනු පොරොන්දුව චිත්‍රපටයේ ළමා චරිතය රඟපෑවාය.

කලා අධ්‍යක්ෂ එම්. සාර්ලිස් (මාලිගාවගේ සාර්ලිස්) 1955 නොවැම්බර් 21 වැනිදා මිය ගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1880 ජූනි 25 වැනි දිනය. රාජකීය වික්‍රමය නොහොත් ශාන්තා චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සාර්ලිස් සුපතළ චිත්‍ර ශිල්පියෙකි.

වේශ නිරූපණ ශිල්පී සී එල් බාස්කරන් 1958 වසරේ මියගියේය. බණ්ඩා නගරයට පැමිණීම ඇතුළු ශශ්‍රී මුර්ගන් නව කලා චිත්‍රපටවල සේවය කළ ඔහු ජාතිවාදීන් අතින් ඝාතනයට ලක්වීම දුක්මුසු පුවතකි.

සංගීත අධ්‍යක්ෂ එඩ්වින් සමරදිවාකර 1959 ඔක්තෝම්බර් 8 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1916 ජූනි 22 වෙනි දිනය. ශශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළ එඩ්වින් සංගීතවත් කළ එකම චිත්‍රපටය දස්කම පමණි.

රංගන ශිල්පී බර්නාඩ් පෙරේරා 1959 වසරේ මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1905 වසෙර්ය. විකට නළුවකු ලෙස බර්නාඩ් බණ්ඩා නගරයට පැමිණීම ප්‍රේම තරඟය, මාතලන් යන චිත්‍රපටවල රඟපෑවේය.

සංගීත අධ්‍යක්ෂ බී එස් පෙරේරා (බඹරැන්දගේ බුද්ධදාස ශශ්‍රීනාත් පෙරේරා) 1960 මාර්තු 04 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1917 දෙසැම්බර් 25 වැනි දිනය. නිදහස ලැබීමෙන් පසු ස්වදේශික ශශ්‍රී ලාංකාවේ පුරෝගාමී සංගීතඥයා වූ පෙරේරා වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය ඇතුළු චිත්‍රපට දහයක සංගීතය සම්පාදනය කළේය.

රංගන ශිල්පිනි මර්ටල් ප්‍රනාන්දු 1960 අගෝස්තු 22 වැනිදා මියගියාය. ඇයගේ උපත සිදුව ඇත්තේ 1945 මාර්තු 28 වැනි දිනය. මර්ටල් පුදුම ලේළි රේඛාව යන චිත්‍රපටවල තාත්වික ළමා චරිත රංගනයක් කළාය.

නිෂ්පාදක චිත්තම්පලම් ඒ ගාඩිනර් (චිත්තම්පලම් ඒබ්‍රහම් ගාඩිනර්) 1962 දෙසැම්බර් 10 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1899 ජනවාරි හය වෙනි දිනය සිලෝන් තියටර්ස් නිර්මාතෘවරයා වන ගාඩිනර් තම සමාගම වෙනුවෙන් අශෝකමාලා ඇතුළු චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළේය.

කැමරා ශිල්පී පෝල් මෙතායස් 1860 මිය ගියේය ඉන්දීය ජාතික ඔහු නවජීවන චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා වශයෙන් පිටිසර කෙල්ල, සරදියෙල්, අසෝකා, පොඩි පුතා යන චිත්‍රපට රූපගත කළේය.

ගීත ප්‍රබන්ධක හා ගායක ආනන්ද සමරකෝන් මහතාගේ ජෝර්ජ් විල්ෆ‍්‍රඩ් අල්විස් සමරකෝන් 1962 අපේ‍්‍රල් 05 වැනිදා මිය ගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1911 ජනවාරි 11 වැනි දිනය. නිදි පෙති පානය කොට දිවි තොර ගත් සමරකෝන් චිත්‍රපට කිහිපයක ගීත දෙබස් රචනය ගායනය තනු නිර්මාණය කළේය.

අධ්‍යක්ෂ සිරිසේන විමලවීර 1963 අගෝස්තු 24 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1901 ජූනි 22 වෙනි දිනය. නව ජීවන චිත්‍රපට සමාගම පිහිටුවා ගත් ඔහු අම්මා සීදේවි, පිටිසර කෙල්ල ඇතුළු චිත්‍රපට නමයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය.

රංගන ශිල්පී ස්ටැන්ලි මල්ලව ආරච්චි 1964 සැප්තැම්බර් 9 වැනිදා මිය ගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1917 වසෙර්ය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංගනය හා ගායනය කළ ස්ටැන්ලිගේ අවසන් චිත්‍රපටය සිරියලතාවෙයි.

ගීත ප්‍රබන්ධක ශශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ (චන්ද්‍රරත්න දියස් සූරියආරච්චි මොහොට්ටි) 1964 ඔක්තෝබර් 22 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1913 මැයි 20 වැනි දිනය. පුවත්පත් කලාවේදියකු වශයෙන් ප්‍රකට මානවසිංහ රචිත සිනමා ගී පදවැල් අතිශය අර්ථවත්ය.

අධ්‍යක්ෂ බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න (බර්නාඩ් ඇලෝසියස් වන්නිආරච්චි ජයමාන්න) 1965 පෙබරවාරි 16 වැනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1908 මැයි 20 වෙනි දිනය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ කතා රචනයෙන් හා රංගනයෙන් සිනමාවට පිවිසි ජයමාන්න පසුව නිෂ්පාදකවරයෙකු හා අධ්‍යක්ෂවරයකු වශයෙන් ද කටයුතු කළේය.

නිෂ්පාදක වෝල්ටර් මේදිස් 1966 නොවැම්බර් මස මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1909 වසෙර්ය. සීගිරි කාශ්‍යප චිත්‍රපටයේ නිෂ්පාදනය කොට පාඩු ලැබීම නිසා වෝල්ටර් නිදි පෙති පානය කොට දිවිනසා ගත්තේය.

නිෂ්පාදක ආර්. රාජභාලි 1966 නොවැම්බර් 27 වෙනිදා මියගියේය. ඔහුගේ උපත සිදුව ඇත්තේ 1913 වසෙර්ය. මුස්ලිම් ජාතික රාජ බාලී දේශීය සිනමාව වෙනුවෙන් සිතක මහිම, ස්වීප් ටිකට්, සුදු දුව යන චිත්‍රපට නිපදවා ඇත.

ලබන පත්‍රය හා බැඳෙයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT