ශෙහාන් මලික් වර්තමානයේ බොහෝමයක් කතාබහට ලක්වෙන නැඟී එන රංගන ශිල්පියෙක්. ඒ ඔහුගේ රංගන කටයුතු නිසාම පමණක් නෙමෙයි. ඔහු නර්තනය, නිවේදනය සහ ජධදබඥදබ ජපඥචබඪධද යන අංශ සියල්ලන්ගෙන්ම ශශ්‍රී ලංකාවේ තමන්ටම ආවේණික නමක් රඳවාගත් නවක නළුවෙක් ලෙස කටයුතු කරයි. ඔහු පසුගිය දිනවල ඉන්දියාවේ සහ බංගලිදේශයේ ජනප්‍රිය තරුවක් ලෙස සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක් වුණා ‘ජුරාලියා’ ටෙලිනාට්‍ය, ‘ඹ්ඕඑ’ ටෙලිනාට්‍යය සහ ‘ආයෙමත් ආදරෙන්’ ටෙලිනාට්‍ය ත්‍රිත්වයේ නළුවෙක් ලෙස කටයුතු කර ඇති ශෙහාන් මලික් නුදුරේදීම තිරගත වීමට නියමිත “ගාන්ධාරා”, “පිස්සූ” චිත්‍රපට ද්ව්ත්වය හරහා සිනමාවට පිවිසීමට නියමිතයි. ඔහුගේ නවතම කලා කටයුතු පිළිබඳ සරසවිය අවකාශයෙහි සොඳුරු පිළිසඳරක යෙදුණා මෙයාකාරයෙන්.
ශෙහාන්, ඉතින් මේ දවස්වල කලා කටයුතු එහෙම කොහොමද?
මේ දවස් වල කලා කටයුතුත් එක්ක පොඩ්ඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ. එතකොට අකිල සපුමල්ගේ “රූ රැසේ” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙන්න හම්බ වුණා. ඒ අම්බුලුගල කුමාරයා හැටියට. එතකොට මට පළවෙනි වතාවට සිනමාපට දෙකක් සඳහා ආරාධනා ලැබුණා. ඒ සිනමාපට දෙක අරුණ ජයවර්ධන මහත්මයාගේ සහ අශෝක ජයකොඩි මහත්මයා නිෂ්පාදනය කරන “පිස්සු” චිත්‍රපටියේ මට චරිතයකට ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒකත් එක්ක චුට්ටක් කාර්යබහුල වෙලා ඉන්නවා. ඉතින් ඒකෙත් ෂූටින් ළඟදී පටන් ගන්නවා වගේම “ගාන්ධාරා” චිත්‍රපටයේ වෙනස් විදියේ චිත්‍රපටියක්. දිනේෂ් මහත්මයාගේ මීටත් කලින් සිංහල දමිළෙන් භාෂා දෙකෙන්ම තිරගත වුණ “අදිරන්” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, ඔහුගේ ගාන්ධාරා චිත්‍රපටයේ ඉතාමත් විශේෂ කියන්නේ සුවිශේෂ චරිතයක්.
එතකොට මේ මම කලින් කරල නැති විදියේ චරිතයක්. ඒ චරිතයේ චරිත ලක්ෂණ ඕනවට වඩා ගැඹුරට යන්න ගියොත් ස්පොයිල් වෙනවා. එතකොට ඒ නිසා ඒ ගැන වැඩිය කතා කරන්නේ නැතුව ඉන්නම්. ඒ චරිතය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා දෑස් දල්වාගෙන. මොකද? මම හිතනවා මගේ ඛ්ඩචපචජබඥපඵ ජඩචදඨඥඪදඨ ඛ්ඩචපචජබඥප එකක් වෙන්න පුළුවන්. ඒක හරියට කළොත් ඉතාමත් හොඳ වෙන්න පුළුවන් චුට්ටක් හරි මෙව්වා වුණොත් පුදුම විදියට දෝෂාරෝපණය ලැබෙන්න පුළුවන්, හරිම අඪඵඬ චරිතයක් සිනමාවට අවතීර්ණ වෙන්නේ. ගාන්ධාර චිත්‍රපටයේ චරිතය විශේෂයි ගොඩාක්, “පිස්සූ” චිත්‍රපටයේ අනුර ජයවර්ධන මහත්මයා ගැන චුට්ටක් කියන්න ඕනේ, ඔහුගේ චිත්‍රපටයක රංගනයෙන් දායක වෙන්න ලැබුණු එක ඇත්තටම මගෙ සිනමා ජිවිතයට භාග්‍යයක් සහ මගේ රංගන ජිවිතයට භාග්‍යයක්. උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා.
එතකොට ඒ වගේම තමා කලා කටයුතු ගැන අහනකොට ඉන්දියාවෙ තෙළිඟු වෙබ් සිරීස් එකකට ආරාධනාවක් ලැබුණා මට, ඒක අනාගතයේදී කොහොමද වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා බලන්න ඕනි. එහෙම වුණොත් මට නැවතත් ඉන්දියාවට යන්න වෙවි, මොකද මම ඉන්දියාවේ ඉඳලා ආවා විතරයි. මෙහාට ආවට පස්සේ තමයි ඒ සිරීස් එකට ආරාධනාව ලැබුණේ. එතකොට ඒ සඳහා ලොකු ටෙස්ට් එකත් තියෙනවා. ඒ අදාළ කටයුතුවලට නැවත ඉන්දියාවට යන්න වෙයි. තාම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ ව්‍යාපෘතිය, අපි බලමු ඒක.
ඔබ මේ දවස්වල ඉන්දියාවේ ජනප්‍රියයි කියලයි ආරංචි. ඉන්දියාවේ මොකද කරන්නේ මේ දවස්වල?
ඉන්දියාවේ මේ දවස්වල ලෝකේ Content Creator Committees තියෙනවා. එතකොට Cricket Content Creator Committee එකක මම ශ්‍රි ලංකාව නියෝජනය කරන එකම සමාජිකයා. එතකොට ඉන්දියාවේ IPL එක කවර් කරන්නට මම මේ පාර පළමු වතාවට ගියා. මම මීට කලින් බංගලාදේශ් ගිහින් “බංගලිදේශ් ප්‍රමියර් ලිග්” එක කවර් කළා. Content Creator කෙනෙක් හැටියට Blogger කෙනෙක් හැටියට එතකොට IPL එක කවර් කරන්න ගියා, මම ගියාට පස්සෙ එතන මගෙ Content කොහොමත් ඉන්දියාවේ පුරාම වයිරල් ගිහින් තිබ්බේ. මම යන්න කලින් ඉඳන්ම ගියාට පස්සේ ඒක දෙගුණ තෙගුණ වුණා.
එතකොට මට පළමු වතාවට හැබැහින් දකින්න ලැබුණා, මිනිස්සුන්ගෙන් මට තියෙන්නෙ මොනවා වගේ ආදරයක් ද? කියලා. එතකොට ඉන්දියාවේ ඒ වැඩ කටයුතුවලට තමා ගියේ. නමුත් මම එතනට ගියාම ශී‍්‍ර ලංකාවේ රංගන ශිල්පියෙක් කියලා දැනගත්තාට පස්සෙ රංගනයටත් පොඩි පොඩි ආරාධනා ලැබුණා. ඒ කියන්නෙ තෙළිඟු වෙබ් සීරිස් එකට. තෙළිඟු සිරීස් එකට ආරාධනා ආවේ ඒ විදියට. එතකොට මම එතනට ගිහින් Creator කෙනෙක් හැටියට කටයුතු කළා. විශේෂයෙන්ම IPL තරගවල සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ කිට්ටුවෙන් මම කටයුතු කළා.
ලංකාවෙන් එතෙර ලැබුණ පිළිගැනීම මොනවගේද?
එතෙර ලැබුණු පිළිගැනීම නම් මම හිතන්නේ ඒක ව්ශාලයි. හිතාගන්න බැහැ. ඒක ඇත්තටම පළවෙනි දේ සිද්ධ වුණේ කොහොමද? කියන එක, මොකද මම එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. මගේ International content අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් තියෙන කලාකාරයෙක් විදියට මම ජිවිතේට බලාපොරොත්තු වුනේ නැහැ, හැබැයි ඒක මට ලැබිලා තියෙනවා. ඒක දෙයියෝ දිපු දෙයක් කියලා මම විශ්වාස කරන්නේ.
මම ඉන්දියාවට අඩිය තියපු තැන ඉඳන් මිනිස්සු මම ඉන්න තැන් හොය හොය එනවා. 100/200km තරණය කරගෙන මාව බලන්න, මාත් එක්ක photo එකක් ගහන්න, මගෙ අත්සනක් ගන්න එනවා. එතකොට හයිද්‍රාබාද් , බොම්බායේ, දිල්ලි මේ හැම තැනකදිම නොසිතු විදියේ ආදරයක් මට ලැබුණා. ඉතින් එතකොට මට ඉතාමත් සතුටුයි. මගෙ Content ඒ කට්ටිය ආසාවෙන් බලනවා කිව්වම.
ඔබට ඉන්දියාවේ පුවත්පත් සහ නාලිකාවල ලැබුණ ප්‍රතිචාරය කොහොමද?
මට “ටයිම් ඔෆ් ඉන්ඩ්යා” පුවත්පතේ, මම හිතන්නේ අපේ ග්‍රේටර් කෙනෙක් හැටියට ප්‍රථම වතාවට ආටිකල් එක ගියේ මගේ. එතකොට ඒක මට විශේෂ අවස්ථාවක් වුණා. ඒ රූපවාහිනී නාලිකාවලට මට ආරාධනා කළා සම්මුඛ සාකච්ඡාවට Sports, Game changeing, MI insider ඒ වගෙ වෙිදිකාවල මම ගිහිල්ලා කතා කළා. ශී‍්‍ර ලංකාව නියෝජනය කළා. මම හිතන්නෙ මට හැකියාව ලැබුණා පළවෙනි වතාවට ශ්‍රි ලංකාවෙ ඉතිහාසයේ Movie Announcement එකක් Character Announcement එකක් ඉන්දියාවේ නාලිකාව ඔස්සේ කරන්න, මම ගිහිල්ලා මේ ලැබිලා තියෙන අවස්ථා ගැන ශ්‍රි ලංකාවේ කලාව ගැන ගිහිල්ලා හරිම ආඩම්බරයෙන් කතා කළා, ඒ අවස්ථාවන් ගැන සතුටින් කතා කළා. එතකොට ඒ මිනිස්සුන්ට ඉතාමත් ආදරයෙන් කියනවා ඔයාගෙ චිත්‍රපටය අපිට තේරෙන්නෙ නැති උණාට පුළුවන් නම් අපිට බලන්න සලස්වන්න කියලා. ඉන්දියාවේ මිනිස්සු එහෙම කියන එකම ලොකු දෙයක්. එතකොට බංගලිදේශයේත් එහෙමයි. ඒ මිනිස්සු කියනවා පුළුවන් නම් ඔයාගෙ සිනමාපටය බලන්න සලස්වන්න කියලා. එතකොට මම හිතුවෙ නැති විදියට රටවල් කිහිපයකම තරුවක් කියන වචනයට එච්චර කැමැතියි මම, රටවල් කිහිපයකම ආදරය ලැබිලා තියෙනවා. එතකොට මට ඒවා පුදුම විදියේ අත්දැකීම්. ඔන්න ඔය වගෙ තමා එතෙර පිළිගැනීම ලැබුණේ.
ඉන්දියාවෙදි චිත්‍රපට කර්මාන්තය. සම්බන්ධ විශේෂ පුද්ගලයන් කිහිප දෙනකු හම්බුණා කියලා ආරංචි වුණා….
ඉන්දියාවට මම ගියාම මට මුණ ගැසුණු විශේෂ පුද්ගලයින් අතර ඉන්නවා, පළවෙනි දේ Sun Pictures සමාගම ලෝකේ ලොකුම චිත්‍රපට බෙදා හරින සමාගමෙහි අයිතිකරු Kalanithi Maran ගේ දුව Kviya Maran හම්බ උණා. එයා IPL තරඟාවලිය නියෝජනය කරන “සන්රයිසස් හයිද්‍රාබාද්” කණ්ඩායමේ හිමිකරුවා. එතකොට මට එයත් එක්ක කතාබහ කරන්න ලැබුණා. ලෝක සිනමාව ගැන මොකද දමිළ සිනමාවේ වගෙම තෙලිගු සිනමාවේ ජේලර් වගේ ප්‍රමුඛ චිත්‍රපට සර්කාර් වගේ විජේගේ ප්‍රමුඛ චිත්‍රපට එයලා තමා කරේ. Sun picture එතකොට එයලා එක්ක ඒ පිළිබඳව කතා කරන්න හැකියාව ලැබුණා.
අනෙක් පැත්තෙන් “සහීර් ඉක්බාල්” හම්බ වුණා. සහීර් ඉක්බාල් එක්ක කතා කළේ මගෙ රෝල් මොඩෙල් තමා පොඩිකාලෙ ඉදන්ම සල්මන් ඛාන්. මට ඒක මාරම ස්පෙශල් දෙයක් උණා. මොකද සාහීර් ඉක්බාල්ව සිනමාවට හඳුන්වාදීම කළේ සල්මාන් ඛාන් ෆිල්ම්ස් හරහා. එයා මේන්ටර් කළේ සල්මාන්. ඊටපස්සෙ නොට්බුක් චිත්‍රපටයෙන් සිනමාවට ආවේ. එතකොට එයාව හම්බවුණා. මට එයාව හම්බවෙච්චි එක හා පැය 2/3 කාලයක් එයා එක්ක කතා කරන්න ලැබුන එක මම හිතන්නෙ ලොකුම වාසනාවක් කියලා මගේ ජිවිතේ.
එතකොට ඉන්දියාවට ගිහින් බංග්ලාදේශයට ගිහිල්ලා මට සුවිශේෂ අවස්ථාවක් හිමිවුණා. Project එකක වැඩ කරන්න. එතකොට ඒ Project එක තාම රූගත උණේ නැහැ. ඒක web project එකක් ෆිට් එකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණා. විශේෂම දේ තමා එතන මට බංගලාදේශ භාෂාව කතා කරපු එක. ඊටපස්සෙ ඊළඟට බංගලිදේශ් වලට ගියාට පස්සෙ එහෙ ඉන්න Number one singer ආෂික් ෆක්බර්, ආෂික් ෆක්බර් ගේ පුතාගේ විවාහ මංගල උත්සවයට මට ආරාධනාවක් ලැබුණා. ආෂික් ෆක්බර් ගැන හෙව්වොත් පට්ටම චරිතයක් එයාගෙ පොලොටිශියන් ඒ වගේම තමා එයා බංගලාදේශ Cricket Bord එකේ ඉන්නවා කමෙටි එකේ. එයාගේ පොද්ගලික party එකට මට ඇරයුමක් ලැබුණා ප්‍රමුඛතම.
අනාගත බලාපොරොත්තු ගැනත් කියමු…
ඉදිරියේ එන්න තියෙන ටෙලිනාට්‍යය “රූ රැසේ” ටෙලි නාට්‍යය සහ හොද චරිත බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම එක්ස්පරිමන්ට් චරිත මොකද රංගන ශිල්පියෙක් හැටියට එක්සේල් කරන්න පුළුවන් ප්‍රධාන චරිතයක් තමා ගාන්ධාරා චිත්‍රපටයෙ දී මට හම්බවෙලා තියෙන්නෙ. ඊට අමතරව තවත් අපේ කලාව අන්‍තර්ජාතික මට්ටමට ගෙනියන්න උපරිමයෙන්ම මම දෙන්න බලාපොරොත්තු වෙනවා.
