සමකාලීන ජීව්තයෙන් බිඳක් නිරූපණය කෙරෙන සිනමාපට හරහා බුද්ධි කලම්භනය සමඟ ජීවිතය දෙස උපේක්ෂාසහගත ලෙස බලන්නට පොලඹවයි. පුතුන් සැමවිටම පියාට වඩා ලැදියාවක් දක්වන්නේ මවට ය. දූවරුන් සැමවිටම මවට වඩා ලැදියාවක් දක්වන්නේ පියාට ය. එය මනෝමය සංකීර්ණතාවයකි. “Sentimental Value” නෝර්වේ සිනමාපටයේ ගෙතෙන්නේ දියණියන් දෙදෙනකු සහ පියෙකු අතර ඇති සබඳතාවක හැඩයයි. “ඇග්නස්” සහ “නෝරා” දෙපළ සහෝදරියන් ලෙස පිය සෙනෙහස අඩුවෙන් ලබන්නට සිදු වූ දෙපළකි. පියා වන “ගුස්ටව්” විසින් තරමක මැදි වියේ පසුවන තම දියණියන් දෙදෙනාට සමීප වෙති. නමුත් “නෝරා” විසින් පියාගෙන් නිරතුරුව ප්‍රශ්න කරන්නේ කුඩා කාලයේ තමන් සහ සහෝදරිය හැර දමා ගියේ ඇයිද? යන්නයි.
ඊට “ගුස්ටව්” දීමට පිළිතුරක් නැත. තම දියණිය අසන හැඟුම්බර ප්රශ්නය ඉදිරියේ ඔහු නිරුත්තර වෙති. “ගුස්ටව්” යනු කලාත්මක සිනමාපට නිර්මාණයෙහි ලා සම්මානිත අධ්යක්ෂවරයෙකි. “ඇග්නස්” වෘත්තියෙන් ඉතිහාසඥවරියකි. “නෝරා” වේදිකා නාට්‍යය නිළියකි. “ගුස්ටවි” තිර පිටපතක් ලියයි. ඔහු “නෝරාගෙන්” ඉල්ලන්නේ තමන් ඉදිරියේ අධ්‍යක්ෂණය කරන්නට නියමිත සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ලෙස ය. “නෝරා” එය ප්‍රතික්ෂේප කරයි. සිනමාපටය පුරා දිවෙන්නේ “ගුස්ටව්” සහ “නෝරා” හෙවත් පිය – දියණි ගැටුමයි.
මනුෂ්‍යත්වය (Humanity) සහ වරදකාරීබව මෙනෙහි කරමින් පශ්චාත්තාප වීම පිළිබඳ නිරතුරුවම සිනමාපට සඳහා කේන්ද්‍රවන තේමා වෙති. පුද්ගලයකු තම වරදකාරීබව සමඟ සමතයකට පත්වීම පිළිබඳ සන්නිවේදනය කිරීම සඳහා සිනමාව මාධ්‍යයක් ලෙස යොදා ගැනීම වටිනාකම අම්ල ය. සමාජයට අවශ්‍ය වන්නේ ද “Sentimental Value” වැනි සිනමාකෘති ය. ජීව්තය පිළිබඳ පුළුල් සහ බෙහෙවින් පරිණත දැක්මකින් සංගෘහිතව සිනමා භාෂාව මඟින් ප්‍රේක්ෂකාගාරය හමුවට ගෙන එන්නට “Sentimental Value” සමත්ව තිබේ.
“Renate”, “නෝරා” සහ “ඇග්නස්” අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානවවාදී අත්දැකීමක් බවට පරිවර්තනය කිරීමේ දොරටු සුසාධිත තිර රචනය විසින් විවෘත කරයි. සිනමාපටයේ චරිතවල භාවයන් (mood) විසින් ඉස්මතු කෙරෙන ප්‍රකාශන පිළිබඳ සීරුවෙන් බලන්නට චිත්‍රපටය අපට යෝජනා කරයි. සිනමාකෘතියේ ඉස්මතු වී පෙනෙන නිර්මාණාත්මක අංශය රූප නිර්මාණයයි. රූප රීතියේ කාව්‍යාත්මක බව සඳහා ආලෝකය හැසිරවීමෙන් ද උචිත කාච භාවිතයෙන් ද රූප චලන පාලනයෙන් ද ලැබී ඇති ශක්තිය ඉමහත් ය. “Sentimental Value” චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ නෝර්විජියානු ජාතික “Joachim Trier” සිනමාකරුවා ය. ඔහු විසින් 2021 වසරේ තිරගත කළ “ඊඩඥ එධපඵබ ර්ථඥපඵධද ඪද බඩඥ එධපතඤ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම හරහා ගෝලීය ලෙස ප්‍රේක්ෂකාගාරය ඔහුව හඳුනාගන්නට සමත් විය. නෝරා චරිතය නිරූපණය කරන්නේ “අඥදචබඥ අඥඪදඵමඥ” නම් මෝර්විජියානු නිළියයි.
“අඥදචබඥ” යනු සුන්දර රූ සපුවක් හිමි නිළියකි. ඇය රඟපෑ “The Worst Person in the World” චිත්‍රපටය වෙනුවෙන් 2021 වසරේ කෑන්ස් සම්මාන උලෙළෙහි හොඳම නිළියට හිමි සම්මානය සඳහා පාත්‍ර විය. නෝරාගේ පියා ලෙස චරිතය නිරූපණය කරන්නේ හොලිවුඩයේ ප්‍රතිභාපූර්ණ නළුවෙකු වන “ස්ටෙලන් ස්කාර්ස්ගාඩ්” විසිනි. “Sentimental Value” චිත්‍රපටය 98 වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම අන්තර්ජාතික වෘත්තාන්තමය සිනමාපටය (Best International Feature Film) සම්මානය හිමි විය. චිත්‍රපටයට ලැබුණු අන්තර්ජාතික සම්මාන සංඛ්‍යාව 76කි. නිර්දේශ නාම 216කි. “Sentimental Value” සිනමාපටයෙන් ඇඟවෙන්නේ සියල්ල අල්ලා ගැනීමට යඩා ඉක්මනින් අත්හැරීම වේදනාකාරී විය හැකි බවයි. භාවනාමය කෘතියක් ලෙස “Sentimental Value” චිත්‍රපටය අවසානයේ මතක් කර දෙන්නේ වටිනාකම මනිනු ලබන්නේ ද්‍රව්‍යමය වටිනාකමෙන් නොව අප අල්ලාගෙන සිටින දේට අප සම්බන්ධ කරන කතන්දරවලින් බවයි.
මලින්ත විතානගේ
