නිවස කළා පුවත් බඹර වසන්තේ දැන් තිරයේ

බඹර වසන්තේ දැන් තිරයේ

by Test User
March 21, 2024 12:37 pm 0 comment

ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ මොහාන් නියාස්ගේ නවතම සිනමා නිර්මාණය බඹර වසන්තේ මාර්තු 15 වැනි දින සිට එම්.පී.අයි මණ්ඩලය ප්‍රධානව දිවයින පුරා සිනමාශාලාවන්හි තිරගත වීමට නියමිතව ඇත. මෙහි චන්න පෙරේරා, නතාෂා සතරසිංහ, ජගත් ගලප්පත්ති, ගයේෂා පෙරේරා, බුද්ධික ජයරත්න, චංචලා වර්ණසූරිය, නන්දන හෙට්ටිආරච්චි, ටෙඩී විද්‍යාලංකාර, රෙක්ස් කොඩිප්පිලි, උපාලි කීර්තිසේන ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත. නීල් වර්ණකුලසූරියගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද, අමිලා නදීශානි, ජගත් ගලප්පත්ති, නීල් වර්ණකුලසූරිය සහ සුරංග ද සිල්වා ගීත ගායනා කරන අතර, සියලුම ගී පද රචනා සහ කලා අධ්‍යක්ෂණය මල්ලවගෙදර සුනිල් ආනන්දගෙනි. අනුර බණ්ඩාර සංස්කරණයෙන් ද , ආනන්ද බණ්ඩාර විසින් වර්ණ සංයෝජනය කරනු ලැබූ මෙහි කැමරා අධ්‍යක්ෂණය කේ.ඩි. දයානන්ද විසින් සිදු කර ඇත, ශබ්ද සංකලනයෙන් සුසන්ත ධර්මප්‍රිය ද, අංග රචනයෙන්, ගයනි සතරසිංහ, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩී විද්‍යාලංකාර ද , කතාව, දෙබස් හා තිර රචනය ජගත් ගලප්පත්ති විසින් ලියන ලද බඹර වසන්තේ යුනි ලංකා ෆිල්ම්ස් වෙනුවෙන් ටී.ටී. නඩේස් ගේ නිෂ්පාදනයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT