නිවස කළා පුවත් මාලිනී-ස්වර්ණා-රවී-අනෝජා සතරාවදීපනි උත්තමාචාර ලබති

මාලිනී-ස්වර්ණා-රවී-අනෝජා සතරාවදීපනි උත්තමාචාර ලබති

by Test User
March 21, 2024 12:33 pm 0 comment

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘සතරාව දීපනී කෘතගුණ දැක්වීමේ උළෙල’ පසුගිය දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අ.පො ස. උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් සඳහා දෑවුරුදු ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන යටතේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තෝරාගත් සිසු සිසුවියන් 250කට සංකේතවත් ලෙස ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව පිරිනැමීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් විසින් අර්ථපතිත්වය දරන ලද සම්භාව්‍ය, සම්මානිත චිත්‍රපටවලට සිය සුවිශේෂී නිර්මාණ දායකත්වය ලබා දුන් ආචාර්ය මාලිනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි, ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය සහ අනෝජා වීරසිංහ යන විශිෂ්ට රංග ශිල්පී ශිල්පිනියන් හට සතරාවදීපනි උත්තමාචාර සම්මාන පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කෙරිණි.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් වැඩසටහනේ මුඛ්‍ය දේශනය සිදු කළ අතර දේශීය සාම්ප්‍රදායික හා නව නිර්මාණාත්මක කලා අංග රැසකින්ද වැඩසටහන වර්ණවත් විය.

මහා සංඝරත්නය ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT