නිවස කළා පුවත් පී‍්‍රති රන්දෙණියගෙන් ‘සීතල ගිනි’ සහ ‘සංසාර සංචාරය’

පී‍්‍රති රන්දෙණියගෙන් ‘සීතල ගිනි’ සහ ‘සංසාර සංචාරය’

by Test User
March 21, 2024 10:49 am 0 comment

කිවිඳියක මෙන්ම ජනපි‍්‍රය නවකතා රචිකාවක ද වූ පී‍්‍රති රන්දෙණිය විසින් රචිත නවතම නවකතාව ‘සීතල ගිනි’ සහ ‘සංසාර සංචාරය’ කාව්‍ය සංග්‍රහය මේ මස 23 වෙනි සෙනසුරාදා සවස 3.00 කොළඹ 7, මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ. ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද එඩිවඩ් ජයකොඩි සහ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය අසේල විජේසුන්දර දේශන පවත්වන මෙම උත්සවයේ පෙරටු දේශනය පවත්වන්නේ මහාචාර්ය සරත් විජේසූරියයි. එදින පී‍්‍රති රන්දෙණිය විසින් ගේය පද රචනා කළ ගීත තුනක් ද ජනගත කෙරේ. ආචාර්ය රෝහණ වීරසිංහ, ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ සහ ප්‍රවීණ සංගීතවේදී ආනන්ද පෙරේරා මෙම ගීත සංගීතවත් කර ඇති අතර ගීත ගායනා කරන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක සහ ශෂිකා නිසංසලා විසිනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT