මේ දිනවල වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය චිත්‍රපට මාධ්‍ය තුන තුළම රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක මතකයන් අතරට ඔහු එක් විය. පබළු මැණිකේ කුණු දැමීම තහනම් වියළි එයා දැන් බැඳලා ඇතුළු ටෙලි නාට්‍ය විශාල ප්‍රමාණයකද විසි අට වාලම්පූරි රහස් කියන කඳු ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක ද රංගන ශිල්පියකු ලෙසින් සිය ප්‍රතිභාව ප්‍රකට කළේය. ඔහු ‘චන්දරේගේ් වයිෆ් චිත්‍රපටය තුළින්ද ඔබට දැක ගත හැකියි. අධ්යක්ෂවරයකු හා රංගන ශිල්පියකු ලෙස ද නිවුස් පේපර් චිත්‍රපටයෙන් සම්මානයට පාත්‍ර වූ ඔහු නිෂ්පාදන කටයුතු සිදුකරමින් තිබෙන ද මනි චිත්‍රපටය තුළින්ද එලෙසම ඔබ හමුවට පැමිණීමට නියමිතයි. මේ කතා බහ ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂක සරත් කොතලාවල සමඟිනි.
කලාවට අවතීර්ණ වීම සිදුවුණේ…..
කලාවට අවතීර්ණ වුණේ අහම්බෙන් වගේ උසස් පෙළ අධ්‍යාපනය කළේ වාණිජ විෂයන්ගෙන්. ඩග්ලස් සිරිවර්ධනගේ සිහල වංශලා වේදිකා නාට්‍යයේ රඟපෑවා. දිරිය කැදැල්ල වීදි නාට්‍ය කණ්ඩායමටත් සම්බන්ධ වුණා. කලාව කරන්න පුහුණුවක් ඕනෑ. 1990 විතර ඉඳලා 2000 විතර වෙනකම් ඉගෙන ගත්තා. කේ.බී. හේරත්, ඩග්ලස් සිරිවර්ධන, ජයලාල් රෝහණ වැනි නාට්‍යකරුවන්ගේ ආභාෂයෙන් වේදිකා නාට්‍ය කලාව ගැන අවබෝධයක් ලැබුවා. ඒ කාලේ කටුකයි ඒ උනාට රසවත් අපි ලොකුවට දන්න දෙයක් නැහැ. නමුත් උපරිමය කරන්න උත්සාහ කරනවා. ෂෙල්ටන් පයාගලගෙන් සිනමාව ගැන ඉගෙන ගත්තා. ලින්ටන් සේමගේ ‘පාදඩයා’ (1999) මම රඟපෑ පළමු චිත්‍රපටය. මේ වනවිට චිත්‍රපට 50-60 විතර රඟපාලා තියෙනවා.
‘ද නිව්ස් පේපර්’ චිත්‍රපටය ගැන කතා කළොත්….
ද නිව්ස් පේපර් කුමාර තිරිමාදුරයි මමයි එකතුවෙලා කළ හොඳ චිත්‍රපටයක්. පුළුවන් උපරිමයෙන් කළා මට හිතුණා ප්රකාශනයක් කරන්න සිනමා මාධ්‍ය භාවිතා කරලා. මට කවුරුත් ලියපුවා කරන්න බැහැ. මට දැනෙන ඒවා විතරයි මම කරන්නේ මං එහෙම කරන්නේ මට ඒකට වග කියන්න පුළුවන් නිසා නිවුස් පේපර් චිත්‍රපටය රුසියාවේ කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම නළුවා හැටියට කුමාරටත් මටත් සම සම්මානයක් ලැබුණා. එංගලන්තයේ රේන්වෝ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණය ඉන්දියාවේ බැංගලෝරර් අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටය බවට පත්වුණා. සම්මාන ලැබීම තුළින් උත්තේජනයක් ලැබෙනවා ආශාවක් ඇතිවෙනවා තමන්ගේ වෘත්තීය කරගෙන යන්න ඒ වුණාට කාලයක් යද්දී ඒක මතකයෙන් ඈත් වෙනවා.
ටෙලි නාට්‍ය ගැනත් යමක් කියනවද…..
ටෙලි නාට්‍ය කියන්නේ ව්‍යාපාරයක්. ඒක කලාවක් විදියට කරන කිහිප දෙනෙක් ඉන්නවා. දිනපතා විකාශය වන ටෙලි නාට්‍යවලට පිටපතක් ලිවීමේදී වුණත් අපහසුතා ඇති වෙනවා. චිත්‍රපටවල වේදිකා නාට්‍යවල නම් පිටපත් හොඳට ලියලා ඒවා කරනවා. මං හිතන්නේ ටෙලිනාට්‍යවල කොටස් සංඛ්‍යාව සීමා කරන්න පුළුවන් නම් පනහකට විතර ඒක හුඟක් හොඳයි. එය රාජ්‍ය මට්ටමින් විය යුතු දෙයක්. දැන් ටෙලි නාට්‍ය එහෙම වුණාට ඉස්සර ටෙලි නාට්‍යයක කොටස් අඩු ප්‍රමාණයක් තිබුනේ. කොටස් දොළහේ සිට බොහෝ දුරට තිහට අඩු ප්‍රමාණයක්. ඒ කාලේ ගුණාත්මක ටෙලිනාට්‍ය කලාවක් තිබුණා කොරියානු ඉන්දියානු ටෙලි නාට්‍යවල ආභාසය ලබාගත්තට පස්සේ තමයි ලාභය මත පදනම් වෙලා කොටස් ප්‍රමාණය වැඩි කරලා ටෙලි නාට්‍ය හදන්න පටන් ගත්තේ.
වර්තමාන කලාව ඔබ දකින්නේ…
අලුත් පරපුර ඉතාම දක්ෂයි. ඒ කාලේ වගේ නෙමෙයි. ලෝකයේ තියෙන හොඳ චිත්‍රපට බලන්න පුළුවන්කම තියෙනවා ඔවුන් ඒ රිදම් එකට වැඩ කරනවා. හොඳට රඟපානවා. හොඳට ලියනවා අනාගතයේ ඔවුන් සියල්ල වෙනස් කරාවි. දැන් හොඳ චිත්‍රපට හැදෙන නිසා මිනිස්සුන්ටත් ප්රබෝධයක් ඇතිවෙලා තියෙනවා. රසඥතාවය වැඩි වෙලා තියෙන නිසා ඒ අයට බොරු කරන්නත් බැහැ. ඔවුන් ලෝකයේ අලුතින් හැදෙන නිර්මාණ ගැන දන්නවා අපේ ළමයි අපේ දේවල්වලට හිනා වෙනවා. අපි තවමත් ඉන්දියානු ඇක්ට් එක පාවිච්චි කරන්නේ. මේක සංකීර්ණ විෂයක් අපි සිනමාව කරනවා නම් ලංකාවට එහා ගිය එකක් කරන්න ඕනෑ. දැන් ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා. හැත්තෑව අසූව අනූව ගණන්වල හිටපු විදිහට හිතලා බැහැ. මිනිසුන්ගේ ආතතිය වැඩිවෙලා තියෙන නිසා නූතන කතාවක් පරණ ටෙම්පො එකට කරලත් බැහැ.
ප්‍රසන්න ජයකොඩි නම් අධ්යක්ෂවරයා පිළිබඳව….
ප්‍රසන්න ජයකොඩි කියන්නේ මට අසීරුම අධ්යක්ෂවරයෙක්. ඔහු කියන දේ තේරුම් ගන්නත් අමාරුයි. ප්‍රසන්න සමාජය ගැන මිනිසුන් ගැන හිතන විදිහ අපට දැනෙන්නෙත් නැහැ ඔහුගේ චිත්‍රපට ගැන විස්තර කරන්න බැහැ. ඒවා ග්‍රහණය කරගන්න නම් බලන්නම ඕනේ. ඔහුගේ එයා දැන් බැඳලා ටෙලි නාට්‍ය මිනිස්සු අතරට ගියා. ඔහුගේ ‘28’ චිත්‍රපටයත් මතක් කරන්න ඕනෑ. ප්‍රසන්නගේ චන්දරේගේ වයිෆ් චිත්‍රපටයේ දුෂ්ටයාගේ චරිතය (බාල මහත්තයා) මම නිරූපණය කරනවා. ඔහුගේ අනිත් චිත්‍රපටවලට වඩා ඒක ප්‍රේක්ෂකයන් අතරට යාවි කියලා හිතනවා.
පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. ප්‍රේක්ෂකයින්ට මම ආරාධනා කරනවා චිත්‍රපටය නරඹන්න කියලා.
ද මනී (the money) චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට පෙලඹුණේ….
ලංකාවේ චිත්‍රපට ඉතිහාසය තුළ මේ ආකාරයට චිත්‍රපටයක් කළ පළමු අවස්ථාව ක්ෂේත්රයේ වැඩ කරන සහෝදර ශිල්පීන් දාහතර දෙනෙක් එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කළා බඩඥ ථධදඥර කියලා. අපි නිෂ්පාදකවරු එක්ක වැඩ කළාම එහි අයිතිය තියෙන්නේ නිෂ්පාදකවරයාට වෙන කාටවත් අයිතියක් නැහැ නිර්මාණාත්මක අයිතියක් විතරක් තියෙනවා. ඒ ක්‍රමය වෙනස් කරමින් අපි වේදිකා නාට්‍යයක් කළා නරි බුරති කියලා. ඒ අත්දැකීම තමයි මම ද මනි චිත්‍රපටයට යොදාගත්තේ මම එහි තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළා. එහි නිෂ්පාදනයට සම්බන්ධ වෙමින් රංගනයට දායක වෙනවා සේමිණි ඉද්දමල්ගොඩ, ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල, ආනන්ද කුමාර උන්නැහේ, දිමුතු චින්තක, කෝරළගේ සමන්, විශ්ව කොඩිකාර, චන්දන නිශාන්ත සහාය අධ්‍යක්ෂණය රන්ජන් ප්‍රසන්න, වේශ නිරූපණය ප්‍රේමලාල් ලියනගේ, රේඛීය නිෂ්පාදනය ප්‍රසන්න කිතලගම, සංගීතය චින්තක ජයකොඩි Feg ආයතනය ඔවුන් ද නිෂ්පාදනයෙන් දායක වෙනවා. රංගනයෙන් පමණක් සම්බන්ධ වෙන්නේ කුමාර තිරමාදුර, ශ්‍යාම් ප්‍රනාන්දු, නිරෝෂන් විජේසිංහ, එස්.අයි සමරක්කොඩි සහ කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ කලා අධ්‍යක්ෂණය සුරංග ඇඳුම් නිර්මාණය ලසන්ත උඩුකුඹුර ප්‍රසන්න කිතලගම මේ චිත්‍රපටය වෙනුවෙන් ජයන්ත ධර්මදාස මහතා අපට සහයෝගය ලබා දුන්නා.
ෂෙරින් පීරිස්
