නිවස ලාංකිය සිනමාව අබිරහසක් හඹායන තරුණියකගේ වීර චාරිකාව

අබිරහසක් හඹායන තරුණියකගේ වීර චාරිකාව

by Test User
March 14, 2024 12:30 am 0 comment

වේදිකා නාට්‍ය රංගධරයකු ලෙසින් කලා ක්ෂේත්‍රයට පිවිසි හම්ප්‍රි විජේසූරියගේ දෙවන සිනමා නිර්මාණයයි, ආදරණීය සිහිනයක් චිත්‍රපටය. ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ “දඬු මොණරෙන් එනවෝ ” තිරගතවීමට නියමිතව ඇත. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය අතර, “ නැට්ටුක්කාරයෝ ”, “ඔතෙලෝ ” , “නෙත් අඳ බිසව් ”, “පුරවර සුන්දරී”, “දෙව්ලොව යනකං ”,“සක්විති පටුමග ” සහ “දියවන්නම” ඇතුළු වේදිකා නාට්‍ය රැසකි. “දූ දරුවෝ” ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා ලෙස පුංචි තිරයට පිවිසි ඔහු ,“දිරිය දෝණි” සහ “එකයි දෙකයි” ඇතුළු ඒකාංගික ටෙලි නාට්‍ය රැසකම අධ්‍යක්ෂවරයා වූ අතර, “අකුණු සැර” “කුල කුමරිය” ආදි ටෙලිනාට්‍ය රැසක් සඳහා සිය රංගන ප්‍රතිභාවද එක් කර ඇත. 1987 වසරේදී තිර රචනා පාඨමාලාව හදාළ ඔහු දක්ෂ තිර පිටපත් රචකයෙකු ද වේ. 

සිවිල් ඉංජිනේරුවෙකු ලෙසින් වෘත්තියේ යෙදෙන විහඟ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. පාපන්දු තරඟවලදී බොහෝ විට ඇතිවන මතවාද වලදී විහඟ ප්‍රතිවාදීන් හා ගැටුම් ඇති කරගනී. මේ නිසාම යම් පිරිසක් ඔහු හා ද්වේෂයෙන් පසුවෙයි. ඔහුගේ පෙම්වතිය නටාශා නම් වෙයි. දුර පළාතක ගොඩනැගෙමින් පවතින ගොඩනැගිල්ලක ඉදිකිරීමේ කටයුතු සිය සේවා ආයතනයෙන් පැවරීම හේතුවෙන් සිය මව සහ නැගණිය මෙන්ම පෙම්වතියගෙන් ද සමුගෙන විහඟ රාජකාරිය සඳහා නික්ම යයි. එහිදී යම් ආරවුලක් හේතුවෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙකු වන පර්සි සහ ඔහුගේ මැර පිරිස එක්ව විහඟට පහරදී එම තට්ටු ගොඩනැගිල්ලෙන් පහළට තල්ලුකර ඝාතනය කරනු ලබයි. පර්සිගේ මුදල් බලයට නතුවී පොලිසීයේ ඉහළ නිලධාරීන් ද කටයුතු කරන බැවින් විහඟගේ මරණය හදිසි අනතුරකින් සිදුවූ බව ප්‍රකාශ කරයි. මෙය නටාශාට මෙන්ම විහඟගේ පවුලේ අයටද ප්‍රශ්නයක් ඇති කරමින් විහඟ සෑම රාත්‍රියකම හීනයෙන් පැමිණ තමා බේරා ගන්නා ලෙස නටාශාගෙන් අයදියි.

නටාශා මෙන්ම විහඟගේ හොඳම මිතුරාද මෙම සිද්ධියේ සත්‍ය සොයා යෑමට තීරණය කරයි.රහසිගතව තොරතුරු සොයා යාමේ ප්‍රතිඵලයක් ලෙසින් විහඟගේ මරණය ඝාතනයක් බවටත්, පර්සි විසින් විහඟගේ ආත්මය බෝතලයක් තුළ සිරකර ඇති බවටත් අනාවරණය කර ගනී. විහඟගේ සිරකළ ආත්මය පිටතට ගන්නා නටාශා, විහ ඟ හා මිතුරා සමඟ එක්වී සතුරන් මැඩලීමේ ක්‍රියාවලිය අරඹයි. ත්‍රාසය , කුතුහලය ගැටුම් මැදින් ගලා යන මෙහි අවසානය කෙබඳුවේද යනු, “ආදරණීය සිහිනයක් ” නැරඹීමෙන් පසුව තීරණය කිරීමට හැකි වනු ඇත.

ආදරණීය සිහිනයක් චිත්‍රපටයේ රංගන දායකත්වය

කැලුම් ආර්යන්, අසංකි ද සිල්වා, රමේෂ් රත්නායක, නිමල් පල්ලේවත්ත, රමණි සිරිවර්ධන , නිල්මිණි කෝට්ටගේ, උපුල් නානායක්කාර, චතුර පෙරේරා , සනත් කුමාරසිරි, උපුල් ගුණවර්ධන, සචින්ත්‍යා අරුන්දතී, ප්‍රසන්න මුහන්දිරම්, ප්‍රියදර්ශන රුද්‍රිගු, ජයසේන කිරිවත්තුඩුව, ලලිත් අකුරගොඩ, තුෂී නදීෂා, නිපුන් මධුෂාන් , නුවන්සි නවෝද්‍යා, රුවන් ප්‍රියදර්ශන, ඩී.සී.සමරනායක, එම්.ජී.සමන් බ්ලැන්ඩ්ලි ඇතුළු පිරිසකි.

ආදරණීය සිහිනයක් චිත්‍රපටියේ කාර්මික දායකත්වය

අධ්‍යක්ෂණය , කතාව සහ තිර රචනය – හම්ප්‍රි විජේසුරිය
නිෂ්පාදනය – ආචාර්ය උපුල් නානායක්කාර, රමේෂ් රත්නායක, හම්ප්‍රි විජේසූරිය
සහය අධ්‍යක්ෂණය – චන්දන එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය – සුජිත් නිශාන්ත
සංස්කරණය , වර්ණ සංයෝජනය සහ 7.1 හඬ මිශ්‍රණය – ඩිලාන් ගුණවර්ධන
අංග රචනය – මනෝජ් ලක්සිරි
කලා අධ්‍යක්ෂණය – බන්දුල වීරසේකර
නර්තන නිර්මාණය –
නිලාන් මලිගැස්ප
සටන් අධ්‍යක්ෂණය – සුමුදු අමල්ක
විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ නාමාවලිය – දනාල් තිරංජන
කොණ්ඩා සැකසුම – චින්තන හෙට්ටිආරච්චි
සංගීත අධ්‍යක්ෂණය – ෆර්හාන් ශාන්
ගී තනු නිර්මාණ – මනේෂ් ප්‍රනාන්දු, ඉන්දික නුශාර, ෆර්හාන් ශාන්
ගී පද රචනය – හම්ප්‍රි විජේසූරිය, රමේෂ් රත්නායක
ගීත ගායනය – මනේෂ් ප්‍රනාන්දු, සප්නා රත්නායක, විශ්ම නානායක්කාර, රමේෂ් රත්නායක
නිෂ්පාදන කළමණාකරණය –
ප්‍රියදර්ෂණ රුද්‍රිගු
නිෂ්පාදන විධායක –
රමේෂ් රත්නායක
ඇඳුම් නිර්මාණය – නුවන් විජේසිංහ
දෙවන සහය අධ්‍යක්ෂණය – පූජා ශමාලි රත්ගම
ඩ්‍රෝන කැමරා ක්‍රියාකරවීම – මනෝජ් සම්පත්, කසුන් ප්‍රියශාන්ත
පොලිස් නිල ඇඳුම් සහ උපකරණ – කීර්ති රංජිත් පීරිස්
ආලෝකකරණ ශිල්පීන් – මනෝජ් සම්පත්, සුරාජ් පැතුම්, ධනංජය ප්‍රසාද්, ඉසුරු අමරතුංග
නිෂ්පාදන කළමණාකරන සහය – සමන් බ්ලැන්ඩ්ලි, ඩී.සී.සමරනායක
නිෂ්පාදන සහයක – ජයන්ත නාරන්දෙනිය
ගීත පටිගත කිරීම – ඔරියෝ ශබ්දාගාරය – ඔනේෂ් ප්‍රනාන්දු
කැමරා උපකරණ සැපයීම – එම්.ටීම්.වීඩියෝ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT