නිවස කළා පුවත් සිහින සමීකරණ – MY RED COMRADE හෙට සිට රිදී තිරයේ

සිහින සමීකරණ – MY RED COMRADE හෙට සිට රිදී තිරයේ

by Thanushika
May 16, 2024 12:34 am 0 comment

තරුණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සසික හේරත්ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘සිහින සමීකරණ’ මංගල දැක්ම හෙට 17 වැනි දින කොල්ලුපිටිය ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්වේ. ඒ සඳහා සිනමා පටයට රංගනයෙන් දායක වුණු සියලු නළු නිළියන් සමඟ කාර්මික ශිල්පීන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විමට නියමිතය.

මහාචාර්ය චරිත් ජයතිලක හා ධම්මික ගී කියන ගේ නිෂ්පාදනයකි. සහින සමීකරණ. අයිස් දියවෙන ලයිෆ් ප්‍රේමය තේමාව යටතේ කාලීන ප්‍රස්තුතයක් රැගත් මෙම සිනමා පටයේ සජිත අනුත්තර, රසුණි කාවින්දි, අශාන් ඩයස්, රන්දික ගුණතිලක, පූජන දන්දෙනිය, නයනා හෙට්ටිආරච්චි, රෙබෙකා දිල්රුක්ෂි, වසන්ත විට්ටච්චි, මොරින් චාරුණි රංගනයෙන් එක්වෙති.


සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ MY RED COMRADE සිනමාපටය හෙට 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලා 18ක තිරගත වීම ඇරැඹේ. චරිත ද්විත්වකින් සමන්විත මෙම චිත්‍රපටය දින 4කින් රූගත කොට ඇත. තරින්දි ප්‍රනාන්දු සහ ප්‍රසන්න මහගමගේ පමණක් රංගනයේ යෙදීමද චිත්‍රපටයේ තිබෙන විශේෂත්වයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT