– මෑත වකවානුවේ ගොඩක් දෙෙනක් තම නිර්මාණ විදේශීය රටවල්වල ප්‍රදර්ශනය කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන
– විදේශීය රටක ජීවත්වන ලාංකික හා වෙනත් ජාතීන්ට වෙනත් රටක සිනමා නිර්මාණයක් රස විඳින්නට අවස්ථාව උදාකරලා දෙන්නටත් මට වාසනාව ලැබුණා
– ඕනෑම රටක නිර්මාණයක් ප්‍රේක්ෂකයා රස විඳින්නේ ඔහුගේ රුචිකත්වය මතයි
– නිෂ්පාදවරයකු හැටියට මම හැමදාම හිතුවේ කලාත්මක වාණිජ හා සම්භාව්‍ය කියන ත්‍රිත්වෙයන් සිනමා පට නිර්මාණය කිරීමයි
– පළමු වතාවට ඔපෙරා තියටර් එකට වාහනයක් ගෙනගිය පුද්ගලයා බවටද පත්වෙන්නට මට අවස්ථාව උදාවුණා
– හොඳ නිර්මාණයක් ආවොත් නොපැකිළව මම ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නේ
ලාංකේය සිනමාවට 2000 වසරේ දී නැවුම්ම අත්දැකීම් සමුදායක් සමඟ අපූර්වතම සිනමාපටයත් තිරයට ගෙන එන්නට ඔහුට හැකිවිය. එච්.ඩී.ප්‍රේමරත්නගේ නිර්මාණය වූ ‘මන්දාකිනි’ සිනමා පටය නිෂ්පාදකවරයා වීමේ භාග්‍යයද හිමිකර ගැනිමට හැකි විය. අද වසර විසිපහක් ගතවී අවසන් වන මොහොතේත් ප්‍රේක්ෂක ප්‍රතිචාර එලෙසින්ම පවතී. කුරුණෑගල මලියදේව සහ කොළඹ ආනන්ද විදුහලෙන් සිප් සතර හදාරන ඔහු පාසලේ දීප්තිමත්මහ ශිෂ්‍යයෙක් බවටද පත්වෙමින් නම නිතර කියැවේ.සෞන්දාරිවාදියෙකු වන ඔහු ආනන්ද විද්‍යාලයේ අතර ආරම්භ කිරීමේ මුල් පුරුක බවට පත්විය. ආචාර්ය වික්ටර් රත්නායක, සහ අප අතරින් වෙන්ව ගිය ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් යන දෙදෙනා මුල් කරගනිමින් මෙම සංස්කෘතික සංගමය එදා ඔහු නිර්මාණය කළ සංස්කෘතික සංගමය අදත් නොනැසී ඉදිරියට ආනන්ද පුතුන් ගෙන යති. එකල ප්‍රවීණ කලාකරුවන්ගේ ආභාසය ලද ලාබාලම ශිෂ්‍යයා ඔහුය. අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ පතල් ඉංජිනේරුවකු ලෙස සම්බන්ධ විමටද ඕ භාග්‍යය ලැබුවේය. ඔපෙරා හවුස් සමඟ එක්විමත් තම ජීවිතය වෙනත් කෙනෙකුගේ විනෝදාස්වාදය වෙනුවෙන් ලාභ ඉපයිමේ පරමාර්ථයෙන් තොරව කලා නිර්මාණ ප්‍රේක්ෂකයා හමුවට ගෙන යාමටත් විශාල වෙහෙසක් දැරිය. දෙස් විදෙස් කලාකරුවන් නවතම දිසාවකට දිසානුගත කිරීමට ඔහු ඕස්ට්‍රේලියාවේ සිට දරන වෙහෙස අපමණය. ලංකාවට පැමිණි මොහොතක ඔහුගේ නවතම තොරතුරු සරසවිය සමඟ පැවසු මොහොතයි. මේ
අසූව දශකයේ ඔබේ ස්වර්ණමය කාලයද?
මගේ ගමන සිදු වෙන්නේ අසූව දශකයේ.කලාවත් සමඟ මට ගමනක් යන්න ඕන හින්දා ලාල් හෑගොඩ මහතාගෙන් කැමරාකරණය ඉගෙන ගත්තා. ඒ ආපු ගමනේදී 1985/86 මම ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ කෙටි සිනමා පටයක දායක වුණා. මේ සියලු දේවල්ම මම ඒ කාලේ කළේ විනෝදය වෙනුවෙන්. ඉන්පසු ඩිජිටලකරණයත් සමඟ මම නව මාවතක් කරා ගමන් ආරම්භ කළා.
ඕස්ට්‍රේලියාවේදී ලාංකීය නිර්මාණවේදියකුගේ පළමු ප්‍රසංගය ලෙස සදහන් වන්නේ කුමක්ද?
1981 එක වර්ෂයේ ආචාර්ය වික්‍ටර් රත්නායකයන්ගේ” සා”900 වැනි ප්‍රසංගයයි.ඕස්ට්‍රේලියාවේදී පවත්වනු ලැබූ පළමු ප්‍රසංගය ලෙස දැනට වාර්තා වෙන්නේ.එම්.කේ.රොක්සාමි මාස්ටර්ගේ අධ්‍යක්ෂණයට ශිල්පීන් අට දෙනෙක් මේ ප්‍රසංගයට සහභාගි වෙලා තිබෙනවා. විශාල පිරිසක් මෙම ප්‍රසංගය නැරඹූ බවටද සඳහන් වෙනවා.
ලාංකීය කලා නිර්මාණ ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ යුතුයි කියලා හිතුණේ ඇයි?
1983 වර්ෂයේ දවසක ධර්මසේන පතිරාජ මහත්තයා ඕස්ට්‍රේලියාවට පැමිණෙනවා. ඒ ගමනේදී පර්ත් නුවර සිට සිඩ්නි නුවර දක්වා ගමන් කරන්නට අවස්ථාවක් උදා වෙනවා. ඒ යන අතරතුරේදී විධිමත්ව චිත්‍රපට ප්‍රදර්ශනය ඇරැඹුම, සිනමාවේ තිබෙන විශේෂ අවස්ථා හා සිනමාව වෙනුවෙන් කළ යුතු විශේෂ තොරතුරු රැසක් අප දෙදෙනා අතර සාකච්ඡා වෙනවා. මේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මුලින්ම පතිරාජයාණන්ගේ බඹරු ඇවිත් සිනමා පටය මට ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කරන්න එතුමා අවස්ථාව උදා කරලා දෙනවා. ඒ ආරම්භය තමයි අද වන විට ලාංකේය සියලූම සිනමා අධ්‍යක්ෂවරුන් සිනමාපට ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයට අවස්ථාව උදාවෙලා තියෙන්නේ. ඔහු එදා කළ දෙයින් මාව හොඳ තැනකට අද ගෙනත් තියෙනවා. එයින් මට නිර්මාණකරුවන්ට උදව් කරන්නට අවස්ථාව ලැබුණා. විදේශීය රටක ජීවත්වන ලාංකික හා වෙනත් ජාතීන්ට වෙනත් රටක සිනමා නිර්මාණයක් රස විඳීන්නට අවස්ථාව උදාකරලා දෙන්නටත් මට වාසනාව ලැබුණා.
එහිදි සිනමා පට ප්‍රදර්ශනයේදී ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම මොන වගේද?
හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳ සිනමා පට වෙනුවෙන් තියෙනවා. ඕනෑම රටක නිර්මාණයක් ප්‍රේක්ෂකයා රස විඳින්නේ ඔහුගේ රුචිකත්වය මතයි. ජීවත්වන ජනගහනය අනුව අඩු වැඩි වෙන්න පුළුවන් සිනමා ශාලා වෙත පැමිණෙන පිරිස්. ඒ අනුව ලාභ පාඩු දෙකම එහිදීත් සිදුවෙනවා. කෝටි දෙකක ජනගහනයයි 145000ක ජනගහනයයි අතර ගැප් එක සෑහෙන දුර ප්‍රමාණයක් තියෙනවා. මේ ප්‍රමාණයෙන් තමයි එන පිරිස තීරණය වෙන්නේ. ලාංකික ප්‍රදර්ශනයේදී තවම ප්‍රේක්ෂකයන් මිලියන ගණනින් පැමිණිලා තියෙනවා කියලා වාර්තා වෙලා නැහැ සිනමා පටයකට. පසුගිය වසරේ ලංකාවේ ප්‍රදර්ශනය වුණ ජනප්‍රියතම සිනමා පට ගොන්නට එකතු වුණ සිනමා පටවලට එහිදීත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ශී‍්‍ර සිද්ධාර්ථ ගෞතම සිනමාපටයට සහ සුනිල් සර්ගේ යසෝදරා සිනමා පටයට වගේම එහිදී හොඳ ප්‍රේක්ෂක පිරිසක් පැමිණියා. ලංකාවේ ජීවත් වෙන ගොඩක් නිෂ්පාදකවරු සහ අධ්‍යක්ෂකවරු අද එහි ප්‍රදර්ශනය වන වාර ගාන බලලා පැමිණිච්ච ප්‍රේක්ෂක ගණන තීරණය කරනවා. සිනමා ශාලාවක තිබෙන සියලූම ආසන පිරී ඉතිරී ගියොත් පමණක් දර්ශන වාර ගණන අනුව ප්‍රේක්ෂකයන් තීරණය කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් මේ රටේ වගේම තමයි එහෙත් කාර්යබහුලත්වයක් තියෙන්නේ එයින් මිදිලා ලද මොහොතේ පමණයි ඔවුන් සිනමා ශාලා වෙත ඇදී එන්නේ. ඒ එන දවස කවද්ද කියලා අපිට හරියටම කියන්න බැහැ. සමහර සිනමා ශාලාවල දර්ශන වාර 100/200ක් පැවැත්වුවත් උපරිම ඇවිල්ලා තියෙන්නේ ප්‍රේක්ෂකයන් තුන්සිය පනහක් පන්සීයක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම මොහොතෙම දර්ශන වාර ගණන නෙවේ පැමිණි ප්‍රේක්ෂකයන් ගණන පමණයි සිතිය යුතු වෙන්නේ.
අද සිනමා පට ප්‍රදර්ශනය බිස්නස් එකක් කරගෙන නේද?
මෑත වකවානුවේදී ගොඩක් දෙනකු තම නිර්මාණයක් විදේශීය රටවල්වල ප්‍රදර්ශනය කිරීම බිස්නස් එකක් බවට පත් කරගෙන තියෙන්නේ. විදේශීය ප්‍රදර්ශනය මුදල් මත නොවේ සිදු වෙන්නේ. නිර්මාණකරුවාට උදව් කිරීමේ අරමුණින්.
කලාවට online ටිකට් බුකින් ක්‍රමයේ ආරම්භය ඔබ නේද සිදු කරන්නේ?
online ticket -booking ක්‍රමයට මුල පුරන්නේ මම තමා. 2004/2005 වර්ෂයේ. ගොඩක් දෙනෙක් කියලා තිබ්බද 2016 වර්ෂය තමයි මෙය පටන් ගත්තේ කියලා. එහි සත්‍යතාවයක් නැහැ. 1999 online real time system කරන්නේ. 2004 තමා ලංකාවෙන් පිටත පැවැත් වූ online booking විශාලතම ප්‍රසංගය පවත්වන්නේ. පනස් හතර දෙනකුගෙන් යුත් කලාකරුවන් සමඟ ඔපෙරා හවුස් එකේ. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ප්‍රසංගය සහ තාල ප්‍රසංගය පසු අදටත් කතා කරන එකම ප්‍රසංගය බවට සුනාමි ප්‍රසංගය පත්වුණා.
ඔබ 2005 වර්ෂයේදී කළ සුනාමි ප්‍රසංගය ඉතා වැදගත් ප්‍රසංගයක් නේද?
තාල වලින් සහ රෝහණ ප්‍රසංගයෙන් පසු කළ හොඳම ප්‍රසංගය වෙනවා. opera house එකේදී පැවැත්වූ මෙම ප්‍රසංගය සදහා ප්‍රේක්ෂකයන් දහ දාහකට අධික පිරිසක් පැමිණියා.සහභාගි වුණු කිසිම කලාකරුවෙකු මුදලක් අය කළේ නැහැ ප්‍රසංගය වෙනුවෙන්, ප්‍රසංගය වෙනුවෙන් ලැබුණු සියලුම මුදල් සුනාමියේදී දෙමව්පියන් අහිමිවූ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළා. වසර විස්සක් ගතවන මේ වකවානුවේ සත්භාවයෙන් කළ සියලුම දේවල් අගයනවා අදටත්. විදේශීය ශිල්පීන් රැසක් ද මේ ප්‍රසංගය වෙනුවෙන් දායක වුණා. ඒ දරුවන් සඳහා කළ මෙහෙවර මම සහභාගි වූ සියලූම කලාකරුවන් වෙනුවෙන් අගයනවා.
ලාංකිකයකු ලෙස ඔපෙරා හවුස් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඒය සිදු වෙන්නේ ද අහඹු සිදුවීමක් ලෙසයි. එහි තිබුණු පුරප්පාඩුවක් සමඟ ඉල්ලුම් කළා. පරීක්ෂණ කිහිපයකින් පසුව තමා මට ඔපෙරා හවුස් එකේ තාක්ෂණ ඉංජිනේරුවරුකු ලෙස සම්බන්ධ වීමට අවස්ථාව උදා වෙන්නේ. මේ සඳහා ගොඩක් දෙනෙක් ඉල්ලුම් කරලා තිබුණා. ඔවුන් තෝරා ගන්නා ක්‍රමවේදන් සියල්ලටම මාව යටත් වෙලා තිබුණා.
ඇනලොග් සිට ඩිජිටල් දක්වා පරිවර්තනය වෙනතෙක් ඔපෙරා තියටර් එකේ මතක සටහන් ගොන්නක් එකතු කළා. ඒ මතක සටහන් අතරට පළමු වතාවට ඔපෙරා තියටර් එකට පළමු වතාවට වාහනයක් ගෙන ගිය පුද්ගලයා බවටද මට පත්වෙන්නට අවස්ථාව උදාවුණා. 2004 වර්ෂයේ තාල ප්‍රසංගයට රවින්ද්‍ර රන්දෙණිය හා මාලිනි ෆොන්සේකා ජීවන මේ ගමනේ ගීතයට කාර් එකෙන් එන දර්ශනයත් සමඟ තියටර් එකේ සිටි සියලු දෙනාම මවිතයට පත්වුණා. චන්න විජේවර්ධන නර්තන කණ්ඩායම මෙයට සහයෝගය දැක්වුවා නර්තනයේන්. ලිෆ්ට් එකේ ප්‍රමාණයට කාර් එකක් ගේන්න පුළුවන්නම් අවසරය දෙන්නම් කියලා කිව්වා. ඒ අනුව ඩයි හට් ෂූ කාර් එකක් තමයි එදා මුල්ම වතාවට ලිෆ්ට් එකේ ගෙන යාමට හැකි වුණේ. මේ තාක් කිසිදු නිර්මාණයකට කාර් එකක් රැගෙන ගොස් නැහැ. එය ලාංකිකයකු ලෙස ලංකාවට තියෙන හොඳ සලකුණක් බවට ලෝකයම කතා කරනවා. ඔපෙරා තියටර් එකෙන් ලාංකික නාමය ඉදිරියට ගෙන යන්නට මට අවස්ථාව ලැබුණා.
ඔබේ විවාහය හරි අපූරුයි කියන්නේ මොකක්ද?
1883 ගෝල්ඩ් රන් එකට ඕස්ට්‍රේලියාවට ගිය පළමු ශ්‍රී ලාංකිකයාගේ මිනිබිරිය තමා මා විවාහ කරගෙන සිටින්නේ. ඔහු ලෝකයේ හොඳ පර්ල් ඩීලර් කෙනෙකු බවටද එදා පත්වුණා. පර්ත් සිට සිඩ්නි නුවර දක්වා ආපු ගමනකදී එදා 1984 1985 වකවානුවේදී මගේ බිරිඳ හමුවන්නේ. අද මම දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. පුතා වෛද්‍යවරයෙකු වෙන අතර දුව IT පැත්තෙන් ඉදිරියට යනවා. ජීවිතය හරිම සුන්දර ගමනක් සිදුවෙනවා මේ මගේ විවාහයෙන් පසුව ගහට පොත්ත හා සමානව ඒ බැඳීම ජීවිතය ගෙන යනවා.මගේ හැම කලා නිර්මාණයක් පිටුපසම සිටින්නේ ඔවුන්. එය මගේ ගමනට පුදුම ශක්තියක්.
මන්දාකිනි සිනමාපටය ජිවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් නේද?
ආදිවාසීන් සම්බන්ධව විශේෂ ගවේෂණාත්මක සොයා ගැනීමත් තුළ තමයි මන්දාකිනි තිර පිටපත රචනා වෙන්නේ. ආදිවාසීන් මුල්කරගෙන නිර්මාණය කිරීම තමයි මගේ මූලික අරමුණ වුණේ. ආදිවාසී ජනයා වෙනුවෙන් යමක් කරන්න ඕන කියල හිතුණ නිසා මේ සිනමාපටයට මම මුල පිරුවා. එච්. ඩී.ප්‍රේමරත්නයන්ගේ අධ්‍යක්ෂණය තුළ ප්‍රේක්ෂකයන් සිනමා පටය වැලඳගත්තේ හරිම ලෙන්ගතු ලෙසයි. නිෂ්පාදකවරයකු ලෙස මම ලද වාසනාවක් කියලා මම හිතුවා. මගේ එකම නිෂ්පාදනයත් මන්දාකිනිය පමණයි. නිෂ්පාදකවරයෙකු හැටියට මම හැමදාම හිතුවේ කලාත්මක වාණිජ හා සම්භාව්‍ය කියන ත්‍රිත්වය තුළ සිනමා පට නිර්මාණය වීමයි. ඒත් අද වන විට එය වෙනස් අයුරින් දැක ගන්නට ලැබෙනවා. නිෂ්පාදකවරයෙකු හෝ අධ්‍යක්ෂකවරයකු ලෙස. අවතීරණය වෙනවා නම් ඒ අවශ්‍ය සාධක ටික ප්‍රේක්ෂකයාට සකසා ගෙන පැමිණිය යුතු වෙනවා. ඩිජිටල්කරණයත් සමග උරෙන් උර ගැටී වැඩ කළ යුතු යුගයක් වෙනවා. නවීන තාක්ෂණයට උචිත විදිහට සිනමාව විනෝදාස්වාදයට ගෙන යා යුතුයි. එදා සහ අද සංසන්දනය කර බලන විට මන්දාකිණියේ නිෂ්පාදකවරයා ලෙස මට සතුටු වෙන්නට පුළුවන්. ප්‍රේක්ෂකයා තවමත් ඒ නිර්මාණ රස විඳීනවා. සමහරක් නිර්මාණ අද අහසට පොළොව වගේ පේනවා. නිර්මාණය ගුණාත්මක බව හා ප්‍රේක්ෂකයාට දිය යුත්තේ කුමක්ද කියා නිෂ්පාදක කණ්ඩායමවත් හඳුනාගෙන නැති සිනමා පට ද තිරගත වෙනවා මම දැකල තියෙනවා. ඒ අතර සමහරක් සිනමා පට ද ඕස්ට්‍රේලියාවේ තිරගත කරන්නට කතා කරනවා. ප්‍රේක්ෂකයාට දැනෙන බිඳීන්න පුළුවන් නිර්මාණ තමයි කළ යුත්තේ කියන එක මම හැම වෙලේම අධ්‍යක්ෂකවරුන්ට නිෂ්පාදකවරුන්ට කියලා තියෙනවා. හොඳ නිර්මාණයක් ආවොත් නොපැකිළිව මම ප්‍රදර්ශනය කිරීමට සිනමාව වෙනුවෙන් යමක් කරන්නටත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
ඕස්ට්‍රේලියාව සහ ලංකාවේ සිනමා ශාලා අතර තිබෙන වෙනස ඔබ කොහොමද දකින්නේ?
ලෝක සිනමාවත් සමඟ කරෙන් කර ගැටී ඉදිරියට යන්න නම් සිනමා ශාලා අද පවතින නවීන තාක්ෂණයත් සමඟ නිර්මාණය විය යුතුයි. ප්‍රේක්ෂකයා ගෙවන මුදලට ඒ වෙනුවෙන් දිය යුතු පහසුකම් ටික ලැබීමට සැලැස්විය යුතුයි. ලාංකික සිනමා ශාලාවල් අද වන විට ගොඩක් වැසී ගොස් තිබෙන බව මම කළ සමීක්ෂණයකින් හෙළි වුණා. අද වන විට සිනමා ශාලාවල් 64ක් පමණයි ඉතිරිව තිබෙන්නේ. එදා සිනමා ශාලාවල් තුන්සිය පනහකට වැඩි සංඛ්‍යාවක් පැවතීමත් සිනමාවේ හොඳ වර්ධන ගමන් මඟක් බව අපි දැක්කා. පසුගිය කාලේ සිනමා ශාලාවල් වැසී ගොස් ඒවා සුපිරි වෙළඳසැල් බවට පත්වෙනවා. ඒ සමහරක් ඒවා අතර සිනමා ශාලාවලුත් ඉදි වෙමින් ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදය සඳහා ගෙන එන්නට පියවරද ගෙනත් තිබීම සිනමාව පැත්තෙන් සතුටුදායක වෙන්න අවස්ථාවක් බව කිව යුතුයි. ඕස්ට්‍රේලියාවද වෙනත් රටවල් හා සමානව මිනි තියටර් සිස්ටම් එක තමයි දැක ගන්නට පුළුවන් වෙන්නේ. ඒ අනුව වර්ගීකරණය අනුව සිනමා ශාලා ද පවතිනවා. ඔවුන් හැම විටම ප්‍රේක්ෂකයාට සාධාරණයක් කරන්න එම සිනමා ශාලා ඉදිකර තිබෙන්නේ.දැන් ලංකාවේ ස්ථාපිතකර තිබෙන සමහරක් සිනමා ශාලා ප්‍රේක්ෂකයාටහොඳ තත්ත්වයේ පවතිනවා. PVR වැනි විදේශීය සිනමා ශාලා හිමියන් ඔවුන්ගේ ව්‍යාපාර ලංකාව තුළ ස්ථාපිත කිරීම නිසා ලංකාව තුළ සිටින සිනමා ශාලා හිමියන්ටද එවැනි සිනමා ශාලාවල් ප්‍රේක්ෂකයා ගෙන්වා ගැනීමට ඉදිකරන්නට සිදුවී තිබෙනවා.එය සිනමාව පැත්තෙන් හොඳ ප්‍රවණතාවයක් ලෙස මම දකිනවා. ඕනෑම රටක ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙන පහසුකම් ටික හරියට ලැබුණොත් ප්‍රේක්ෂකයා සිනමා ශාලා වෙත ඇදි එන එක නවත්තන්න බැහැ.
ලංකාව කර්මාන්තයක් ලෙස ඉදිරියට ගෙනයන්නට නම් කළ යුතු දේ ලෙස ඔබ දකින්නේ කුමක්ද?
සිනමාව තුළ විවිධ ශානරයන් පවතිනවා.ඒ ශානරයන් හරියට අවබෝධ කරගෙන නිර්මාණ කළ යුතුයි. නිෂ්පාදනයෙන් පසු සෙන්සර් බෝඩ් එකේ සිට බෙදා හැරීම් මණ්ඩල, ප්‍රදර්ශකයන් සහ ප්‍රචාරණය දක්වා මාපියාවක් මම දකිනවා. මේ සියලු දේවල් අවබෝධ කරගෙන කටයුතු කරොත් සිනමාවට හොඳ ගමනක් ස්ථාපිත වෙනවා.ඒ ඇතිවෙන මාෆියාවන්වලට විධිමත් පියවර ගතයුතුයි. ලාංකික සිනමාවෙන් පමණක් සිනමා කර්මාන්තය දියුණු කරන්නට බැහැ. එනිසා විදේශීය සිනමාවද ස්පර්ශ කළ යුතු කාලය එළඹ තිබෙන්නේ. අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකයා සමග නිර්මාණයට දායක වන සියලුම දෙනා ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දෙන්නට නිර්මාණය කළ යුතුයි. හැත්තෑව අසූව දශකයේ තිබුණු සිනමාව කරා ප්‍රේක්ෂකයා ඇඳී ආවේ මොන හේතූන් මතද කියා හොඳට ගවේෂණය කළ යුතු කාලයක් එළඹ තිබෙනවා. ඩිජිටල්කරණය හොඳීන් අවබෝධ කරගෙන අලුත් පරම්පරාවට පැහැදිලි ගමනක් යා යුතුව තිබෙනවා. ලෝකයේ ස්පර්ශ කරන්න පුළුවන් තැනට සිනමා පටයක් ප්‍රදර්ශනය කරන තෙක්.අන්තර්ජාතික සම්මාන උළෙලවල් නියෝජනය කරන්නටද සිනමා පටයක තිබිය යුතු මූලික ගුණාංග තිබිය යුතු තැනට සිනමා පටයක් නිෂ්පාදනය කළ යුතු වෙනවා. ටි බෝයිගේ සිට අධ්‍යක්ෂකවරයා දක්වා ඔවුනොවුන්ගේ කාර්යභාරය හරියට ඉටු කළොත් සිනමා කර්මාන්තයක් ලෙස ස්පාපිත කරගන්නට ඉදිරියේදී හැකියාවක් තිබෙයි කියලා මම විශ්වාස කරනවා. ගුණාත්මක බව හා විනෝදාස්වාදයෙන් පිරි සිනමා පට නිර්මාණය වුණොත් මිලියනයක් පමණ ප්‍රේක්ෂකයන් සිනමා පටය දින 100ක් ප්‍රදර්ශනය වන විට ඇදී ඒමද නවත්තන්නට බැරිවෙනවා. ඒ තැනට අපි හැම වෙලේම නිර්මාණයක් ගෙන යා යුතු බව අවබෝධ කරගත යුතුයි.
ඔබ නැවත නිෂ්පාදකවරයෙකු බවට පත්වන්නට අදහසක් නැද්ද?
කලාවේ නිරත වන ඕනෑම කෙනෙකුට එයින් මිදෙනවා කියලා කියන්නට බැහැ. ඉදිරියේදී සමහර විට මම නිෂ්පාදකවරයෙක් බවට නැවත.. එන්න පුළුවන්. හොඳ තිරපිටපතක් තුළ සමාජයට ගුණාත්මක බවින් යුතු සිනමා පටයක් ගෙනෙයි එහෙම උණොත්. මේ ආපු ගමන් මග මම වෙනත් නිර්මාණකරුවන්ට අන්තර්ජාතික මට්ටමෙන් සිනමා උළෙලවල් වලට, ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට, ශක්තියක් වෙමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ,
ජීවිතයේ අපි එකිනෙකාට අපේ දේවල් හුවමාරු කරගත්තොත් අපේ බැඳීම් කිසිවිටෙක කඩා බිඳ දමන්නට බැහැ ඕනෑම ක්ෂේත්‍රයක් තුළ.මගේ ඒකායන පැතුමත් එය තමයි.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න