නිවස සංවාද ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලිහිණිට ලැබුණා

ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් ලිහිණිට ලැබුණා

රංගන ශිල්පිනී වින්ද්‍යා ඒකනායක

by Test User
March 7, 2024 1:00 am 0 comment

දෙරණ රූපවාහිනි සේවය හරහා වසරක් පාසා දියත් කරන අවුරුදු කුමරිය වැඩ සටහනේ මේ වන විට කලා ලොවට බිහිව ඇති තරු රැසකි. මෙවර අපේ කතා බහට එකතු වන ඇයද එවැන්නියකි.2022 වසරේදී පැවති දෙරණ අවුරුදු කුමරිය වැඩසටහනට ඇ ඉදිරිපත් වූවාය. එයින් ජයග්‍රාහී කිරුළ ද දිනා ගනිමින් ඇය ප්‍රථම ස්ථානයද හිමිකර ගත්තාය.අනතුරුව ඇයට දෙරණ ‍රූපවාහිනී නාලිකාවේම ටෙලි නිර්මාණ වලට කතා කළද වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට ප්‍රමුඛතාවය ලබා දීම හේතුවෙන් ඒ අවස්ථාව පසුවට කල් තබන ලදී.නමුත් මෑතක සිට ඇය අපගේ ආලින්දය සරසන්නීය.ඒ දෙරණින් යන ජනප්‍රියතම තාරුණ්‍යය ටෙලි නාට්‍යය වන දෙවනි ඉනිමේ (season 2) ලිහිණිගේ චරිතයට රංගනයෙන් දායක වෙමිනි. ඓතිහාසික සෙංකඩගල පුරවරයෙන් කලාවට එක් වූ ඇය ජනප්‍රිය යොවුන් නිළි වින්ද්‍යා ඒකනායකයි.

මේ වින්ද්‍යා සමග කළ කතා බහකි.

වින්ද්‍යා ඉන්නේ කොහෙද?

මම ඉන්නේ මහනුවර

පවුලේ විස්තර කිව්වොත්,?

මට ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි.

අධ්‍යාපනය ලැබූ පාසල?

මම මුලින්ම ඉගෙනුම ලැබුවේ ගලගෙදර ප්‍රාථමික විද්‍යාලයෙන් ඊට පස්සේ ශිෂ්‍යත්වයෙන් පස්සේ තමයි මම මහනුවර හේමමාලී බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ වෙනකම්ම හැදෑරුවේ.

උසස් පෙළට හැදෑරූ විශයන් මොනවාද?

උසස් පෙළට හැදෑරුවේ කලා විෂය ධාරාව.

ඉගෙන ගන්න කාලේ අරමුණක් තිබ්බද කලාවෙන් ඉස්සරහට එනවා කියලා.

එහෙම අරමුණක් තිබ්බේ නැ.ඒත් කලාවට මම ගොඩාක් ආසාවෙන් හිටපු කෙනෙක් තමයි.

ඔබ එන්නේ දෙරණ අවුරුදු කුමරිය වැඩසටහනෙන් නේද ඒ ගැනත් විස්තර කියමු.

ඔව්, මම එන්නේ දෙරණ අවුරුදු කුමරිය වෙලා. දෙදහස් විසි දෙක වසරේදී (2022) දෙරණ අවුරුදු කුමරිය වෙනවත් එක්කම තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්නත් අවස්ථාව හම්බ වුණේ. දෙරණත් මතක් කරන්නම ඕනේ මේ වෙලාවේ.

රඟපෑ ප්‍රථම නිර්මාණය?

මගේ ප්‍රථම නිර්මාණය තමයි දෙවනි ඉනිම (ඉඥචඵධද බඹධ). මීට කලින් දෙරණ දෙවැනි ඉනිමට ආරාධනා ලැබුණත් මම ඒක භාර ගත්තේ නැ මොකද මම ඒ වෙනකොට අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා හිටපු නිසා ඒ කාලේ ඒක මම භාර ගත්තේ නෑ.

මේ දවස්වල දෙවනි ඉනිමෙ ලිහිණි ලෙස ඔබ රගපානවා නේද? දෙන්නෙක් රඟපෑ ඒ චරිතය තුන් වැනි වරට රඟපාද්දි ඔබට මොකද හිතුණේ?

ඔව්, දෙන්නෙක් රගපාපු චරිතයක් තමයි ලිහිණි කියන්නේ, ඒත් මම හිතුවා මේක ගොඩක් අභියෝගාත්මක චරිතයක් කියලා. ඇත්තටම ඒක අභියෝගයක් තමයි. ඒත් මම ගොඩක් ආසාවෙන් මේ චරිතය කරන්නේ. ගොඩාක් ආදරෙයි මං ලිහිණි කියන චරිතයට.

මේක තුන්වැනි වරට රඟපාන්න ලැබෙන විට මං ඇත්තටම ටිකක් බයෙන් හිටියේ ප්‍රේක්ෂකයෝ ඒක කොහොම භාරගනියිද දන්නෙ නැහැ කියන දේ ඒත් ප්‍රේක්ෂකයින්ගෙන් හොඳ ආදරයක් මට ලැබෙනවා ලිහිණිගේ චරිතයට ඒ නිසා ඒ චරිතය තවත් හොදින් දියුණු කරගෙන තවත් ඉස්සරහට ලස්සනට කරන්න මං බලාපොරොත්තු වෙනවා.

ඒ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණු හැටි මතක් කරමු.

ලිහිණිගේ චරිතය ලැබුණේ අපේ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා සහ අපේ නිෂ්පාදිකාව තමයි මට ඒ චරිතය ලබා දෙන්නේ ඒ ගොල්ලෝ නිසා තමයි මට ලිහිණි චරිතය හම්බ වුණේ.

ලිහිණි චරිතයට මේ දවස්වල ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මේ දවස් වල ඒ ගැන කියනවනම් ලිහිණිගේ චරිතයට ඇත්තටම මම හිතුවේ ගොඩක් නරක ප්‍රතිචාර හම්බවෙයිද දන්නේ නැහැ කියලා ඒත් ඇත්තටම ගොඩක් ආදණීය ප්‍රතිචාර ලැබුණා.ගොඩක් දෙනා ආදරය කරන ගොඩක් හොද ප්‍රතිචාර ලිහිණිගේ චරිතයට ලැබෙනවා. මට ඒක ඇත්තටම වාසනාවක් කියලා හිතෙනවා.

රූගත කිරීම් වලදී සිදුවුණු අමතක නොවන දේවල් එහෙමත් තියෙනවද?

හැම රූගත කිරීමක්ම මට අමතක නොවන දවසක් තමයි. වෙනත් නිර්මාණවලට මේ වෙද්දි කතා කරලා තියෙනවද?

වෙනත් නිර්මාණවලට කතා කරලා තිබුණත් දැනට භාර ගන්නේ නැහැ ලිහිණිගේ චරිතය තමයි කරගෙන යන්න හිතන් ඉන්නේ ගොඩක් කල් යනකන්.

ඔබ පෞවුද්ගලික ජීවිතය ගැනත් කියමු.දැන් වයස කීයද?

දැන් ඉතින් ලොකුයිනෙ වයස කියන්නේ ඉතින් අවුරුදු විසි පහක් (25) වෙනවා.

මේ වන විට පෙම්වතියක්ද?

එහෙම නෑ. ඉස්සරහට බලමු ඉතින් මම ඉස්සරහට හැමදේම කියන්නම්.

එහෙම කෙනෙක් නැති නම් වින්ද්‍යා මොන වගේ කෙනෙක්ද හොයන්නේ?

ගොඩාක් මට සපෝට් කරන (සහයෝගය ලබා දෙන) එතකොට හැමදේටම හයියක් වෙන හැමදේටම ළගින් ඉන්න එහෙම කෙනෙක් තමයි.

එතකොට ඔබේ විවාහය සිදුවන්නේ කවද්ද?

විවාහය ඒ දේවල් ගැන නම් තවම එහෙම මොකුත් මට කියන්න බැහැ. ඉදිරියේදී කියන්නම්.

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT