Home » වාව් මැඩම්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා

වාව් මැඩම්ට හොඳ ප්‍රතිචාර ලැබෙනවා

යොවුන් රංගන ශිල්පිනී ඉරේෂි හතුරුසිංහ

by Thanushika
November 14, 2024 12:30 am 0 comment

නළුවෙකුට හෝ නිළියෙකුට කදිම තෝතැන්න වන්නේ වේදිකාවයි. එලෙස වේදිකා නාට්‍ය කලාවෙන් ඇයද සිය ගමන් මඟ ආරම්භ කළාය. ඒ මීට වසර කිහිපයකට පෙරයි. මේ දිනවල ඈ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නීය. ඒ සතියේ දින පහේම රාත්‍රී හතයි තිහට (7.30) සිරස රූපවාහිනී (සිරස ටී. වී) සේවයෙන් විකාශය වන වාව් මැඩම් නම් ප්‍රහසන ටෙලි නාට්‍යයේ පිළිගැනීමේ නිලධාරිනිය ලෙසත් සිරස ටීවී ඔස්සේම විකාශය වන මායාවී ටෙලි නාට්‍යයේ ශානා චරිතයෙන්ද, හිරු ටී.වී (Hiru Tv) ඔස්සේ විකාශය වන පාට කුරුල්ලෝ නිලුකා යන චරිතවලට රංගනයෙන් දායක වෙමිනි. ඇය නවක රංගන ශිල්පිනියක් වන ඉරේෂි හතුරුසිංහයි.

ඉරේෂි ඉන්නේ කොහෙද?

ගොතටුව අයි.ඩී.එච්. වල තමා මම දැන් පදිංචි වෙලා ඉන්නේ. මගේ උපන් ගම බොරැල්ල. පස්සේ පවුලේ සියලු දෙනාම එක්ක කිරිඳීවැල, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි වෙලා හිටියා. දැන් මම මහත්තයත් එක්ක තමා අයි.ඩී.එච්. වල පදිංචි වෙලා ඉන්නේ.

ඔබ පාසල් ගියේ?

ඉස්කෝල දෙක තුනකටම ගියා අන්තිමට වේරහැර බණ්ඩාරනායක ඉස්කෝලෙට තමා ගියේ.

නිළියක් වෙන්න කුඩා කාලේ ඉඳලම ආසාවක් තිබුණද?

ඔව්, මට පොඩි කාලේ ඉඳලම එහෙම නිළියක් වෙන්න ආසාවක් තිබුණා.

කලාවේ ඔයාගේ ගමනේ ආරම්භය සිදුවුණේ පාසලෙන්මද?

ඔව් අයියේ ඉස්කෝලේදි සමස්ත ලංකා දක්වා නාට්‍ය වලින් ගිහින් තියෙනවා. ඊළඟට

මම ඒ ලෙවල් (A/L)වලට විෂයක් ලෙස ඩ්‍රාමා කරන්න තෝර ගන්නවා. රංජිත් කළුආරච්ච් සර් තමයි එහිදී මගේ ඩ්‍රාමා ගුරුවරයා වෙන්නේ.

ඊට පස්සේ?

එතනින් පස්සේ මම මහේන්ද්‍ර පෙරේරා මහතාගෙන් රංගනය හැදෑරුවා. අනතුරුව අකිල සපුමල් මහතා යටතේත් රංගනය හදාරන්න මට අවස්ථාව ලැබුණා.

වේදිකා නාට්‍යවලින් නේද ඔබේ ගමනේ ආරම්භය සිදුවෙන්නේ?

ඔව්, මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ රංගනය ගැන ඉගෙන ගනිමින් සිටම වේදිකා නාට්‍ය රංගනයට එක්වෙනවා.

හා හා පුරා කියලා ඔයා රඟපාපු වේදිකා නාට්‍ය ගැනත් කියමු නේද?

මුලින්ම අකිල සපුමල් සර්ගෙ බැකී වේදිකා නාට්‍යයට තමා සම්බන්ධ වෙන්නේ ඊළඟටත් අකිල සපුමල් සර්ගේ පැන්ස තුන නාට්‍යයේ ජෙනී කියන චරිතය. පස්සේ සුනිල් සමරකෝන්ගේ සුදු ලිහිණියෝ, නිශාන් සම්පත් මහතාගේ සඳ එළිය හොරු අරන් කියන වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. මේ දිනවල ස්ටේජ් ඩ්‍රාමා දෙකක ප්‍රධාන චරිත කරනවා.

එතකොට ඉරේෂි රඟපෑ ප්‍රථම ටෙලි නාට්‍යය මොකක්ද?

සියත ටී.වි එකේ මෝදර බඹරු කියන ටෙලි නාට්‍යයේ පොඩි අවස්ථාවක් තමයි මුලින්ම මට රඟපාන්න ලැබෙන්නේ. ඊට පස්සේ මේ දවස්වල සිරසෙන් යන වාව්‍ මැඩම් ටෙලි නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා.

වාව් මැඩම් ටෙලි නාට්‍යයට ඉරේෂිට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

ඒකට සම්බන්ධ වෙන්නේ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සේ. සිරසේ වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් වන ධර්ම ශ්‍රී මහත්තයා සහ නිශාන්ත ප්‍රදීප් යන නිෂ්පාදකතුමා හරහා. මේ ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂකවරයෙක් වන නලින් අයියා තමා මට මේ සඳහා කතා කරන්නේ.

එහි ඔබ රඟපාන චරිතය ගැන කිව්වොත්?

රිෂිප්සනිට්ස් (පිළිගැනීමේ නිළධාරිනිය) ලෙස තමා මම එහි රඟපාන්නේ.

මේ චරිතයට ඔයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ලැබෙන ප්‍රතිචාර නම් ගොඩාක් හොඳයි.

මෙහි රූගත කිරීම් කරද්දී සිදුවුණු අමතක නොවන දේවල් එහෙමත් තියෙනවද?

දින දීලා ෂූටින් කැන්සල් කියලා ඒ.ච්.නලින්ද අයියා කතා කරලා කියන එක තමයි අමතක වෙන්නැත්තේ.

මේ දවස්වල ඔයා නාට්‍ය කිහිපයකම ඉන්නව නේද?

ඔව්, සිරස ටී. වී ඔස්සේ විකාශනය වන වාව් මැඩම් ටෙලි නාට්‍යයේ පිළිගැනීමේ නිලධාරීනිය. ඒ වගේම සිරස tv ඔස්සෙම යන මායාවී ටෙලි නාට්‍යයේ ශානා චරිතයේ ම හිරු ටී. වී ඔස්සේ යන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ නිලූකා ගේ චරිතයට මං රංගනයෙන් දායක වෙමින් මේ දවස්වල ප්‍රේක්ෂකයින් අතරට එනවා.

ඉරේෂි රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?

විශේෂ චරිත කියලා නෑ. මට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණයක් වෙන අයුරින් රඟපෑම තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ.

ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වොත්, දැන් විවාහකයි නේද?

ඔව් මම විවාහකයි

සැමියා ගැනත් කියමු

ඔහු කලාවට සම්බන්ධ අයෙක්ද වෙනත් වෘත්තියක කෙනෙක්ද?

ඔහු මට සම්බන්ධ වෙන්නේ මහේන්ද්‍ර පෙරේරා මහතාගේ වර්ක් ෂොප් එකේදී. ඒත් දැන් ඔහු බිස්නස්මන් කෙනෙක්. ඔහු රගපෑමේ කටයුතු නොකළත් සහය අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය වගේ පැතිවලින් සම්බන්ධ වෙලා ඉන්නවා.

දෙන්නා එකතු වුණේ කොහොමද? යෝජනාවකින්ද, ප්‍රේම සම්බන්ධයකින්ද?

අපි දෙන්නා එකතු වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයකින්.

කොච්චර කල්ද දැන් විවාහ වෙලා?

අවුරුදු හතරක් වෙනවා.

කොහොමද විවාහ ජීවිතය?

හොදින් සතුටින් ගෙවෙනවා.

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොනවද?

මගේ අම්මා, සහ අම්මගේ පවුලේ හැමෝම, තාත්තා, මල්ලි, අක්කා සහ මගේ සැමියා ඇතුළු එයාලගේ පවුලේ හැමෝටමත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා… නම් වශයෙන් කියන්න බැරි වුණත් මට උදව් කරන හැමෝටම බොහොමත් ස්තූතියි.

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT