2011 වර්ෂයේ මහේන්ද්‍ර පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘ස්ටාර් ශශ්රීලංකා හිස්තැනක්’ ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පියා වශයෙන් කලා ක්ෂේත්රයට පිවිසි හෙතෙම, සංස්කරණ ශිල්පි භූමිකාව අබිබවා අද වන විට අධ්යක්ෂ භූමිකාව තෙක්ද ගමනක පැමිණ සිටියි. ටෙලි නිර්මාණ රැසක් ඔහුගේ දෑතින් සංස්කරණය වූ අතර, අධ්යක්ෂණ කාර්යය තුළ ද සිය අනන්‍යතාව සනිටුහන් කරමින් සිටින ඔහු නමින් ධනුෂ්ක බණ්ඩාර රාජකරුණායි. සිය නිර්මාණාත්මක දිවිය පිළිබඳ සරසවිය හා ඔහු කතාබහක යෙදුණේ මෙලෙසිනි.
මේ දිනවල ඔබේ නවතම නිර්මාණ කාර්යයන් මොනවාද?
හිරු නාළිකාවේ ‘අකුරට යන වෙලාවේ’ ටෙලි නාට්‍යයේ සංස්කරණ කටයුතු මේ දවස්වල මා විසින් සිදුකරනවා. ඊට අමතරව කීර්ති පැස්කුවල් අයියාගේ ගීත කිහිපයක රූප රචනා රැසක් අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා.
‘ස්ටාර් ශශ්රීලංකා හිස්තැනක්’ හි සංස්කරණ ශිල්පියා ලෙස ක්ෂේත්රයට පිවිසි ඒ අතීතයට ගියොත් ?
ඔව්, 2011දී තමයි මම මේ කලා ක්ෂේත්රයට එන්නේ . ඒ මහේන්ද්‍ර පෙරේරා අයියා අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ස්ටාර් ශශ්‍රී ලංකා හිස්තැනක් ‘ ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පියා ලෙස . මෙය මහේන්ද්‍ර පෙරේරා අයියාගේත් පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය. එදා විඳී ඒ අත්දැකීම අදටත් මම විඳීනවා. ඒ විවිධ අධ්යක්ෂවරුන් යටතේ සංස්කරණ ශිල්පියෙක් ලෙස .
ඔබේ පළමු අධ්‍යක්ෂණයේ මතකය මොනවගේද ?
මගේ පළමු අධ්‍යක්ෂණය වුණේ ‘සංසිත අභිජාත’ නමැති ටෙලි චිත්‍රපටයයි. එය 2018දී රූගත කරන්නේ. මෙහි රංගනයෙන් ලයනල් වික්‍රම, තිස්ස බණ්ඩාරනායක, උදයන්ති කුලතුංග, හර්ෂ තෙන්නකෝන්, චාමර ප්‍රියදර්ශන වැනි පිරිසක් එක් වුණා. ඔවුන් ඇතුළු බොහෝ පිරිසක් මට මෙහිදී සහය වුණා. මගේ දෙවැනි ඒකාංගික ටෙලි නාට්‍යය ‘නිබ්බුතාන නු සානාරි’. එහි අංජලී ලියනගේ, සංගීත් ප්‍රභූ, ගිහානි වීරසිංහ වැනි පිරිස එක්වුණා. මේ නිර්මාණ දෙකම විකාශයට අවස්ථාව ලැබීම පිළිබඳ අවංකවම සතුටුයි.
කලා ක්ෂේත්රයට එන්න මඟ විවර වුණේ කෙසේද?
කුඩා කාලයේ සිටම මේ ක්ෂේත්රයට කැමැත්තක් තිබුණා. මේ ආ ගමන ගැන වචනයකින් දෙකකින් විස්තර කරන්න අපහසුයි. ඒ ගැන වෙනම දීර්ඝව කතා කළ යුතුයි.
පාසල් සමයේත් කලාවට යොමු වුණාද?
ඔව්, ඒ කාලයේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. එහිදී සමස්තලංකා නාට්‍ය තරගවලින් සහතික ලබාගෙන තිබෙනවා .
අධ්යක්ෂවරයා හා සංස්කරණ ශිල්පියා යන භූමිකා ද්විත්වය කෙසේද ඔබ අර්ථ ගන්වන්නේ?
චිත්‍රපටයක් හෝ ඕනෑම දෘශ්‍ය නිර්මාණයක් සාර්ථකව ගොඩනැඟෙන්නේ විවිධ කලාත්මක භූමිකා එකට එකතුවීමෙන් . ඒ අතරින් ප්‍රධාන වන්නේ අධ්යක්ෂවරයා (ච්ඪපඥජබධප) සහ සංස්කරණ ශිල්පියා (ඡ්ඤඪබධප) යි. මේ දෙදෙනාගේ කාර්යභාරය එකිනෙකට වෙනස් වුවත් අවසාන නිර්මාණයේ ගුණාත්මකභාවය තීරණය කිරීමට ඔවුන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා
එකී භූමිකාවන් තුළින් වඩාත් කැමැති කුමන භූමිකාවට ද ?
අධ්යක්ෂවරයා හා සංස්කරණ ශිල්පියා යන භූමිකා දෙකම එක සමානව වැදගත් වුවද ඒ අතරින් මට වඩාත් ආකර්ෂණය වන්නේ අධ්යක්ෂවරයාගේ භූමිකාවයි .
අද වෙද්දි ඔබ අධ්යක්ෂණයට ද සංස්කරණයට ද වැඩි ඉඩක් දී තිබෙන්නේ?
සමබරව දෙකටම දායකත්වය ලබා දෙනවා . මම වෘත්තියමය වශයෙන් සංස්කරණ ශිල්පියෙක්. එසේම අධ්යක්ෂවරයකු ලෙසත් වෘත්තියට හානියක් නොවන ලෙස සමබරව කරගෙන යනවා
මියුසික් වීඩියෝ හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය යන කාර්යයේ ඔබ දකින සුවිශේෂතා මොනවාද ?
දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්රයේ අධ්යක්ෂණ කාර්යය විවිධාකාරයෙන් සිදුකෙරෙන බව පේනවා . ඒ අතරින් මියුසික් වීඩියෝ (ථභඵඪජ මඪඤඥධ) සහ ටෙලි නාට්‍ය (ඊඥතඥ ච්පචථච) අධ්‍යක්ෂණය විශේෂ ස්ථානයක් හිමිකර ගන්නවා. මේ දෙකම කතාවක් හෝ අදහසක් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන නමුත් ඒවායේ අරමුණු, රීති සහ නිර්මාණාත්මක ප්‍රවේශය එකිනෙකට වෙනස්.
මේ වෙද්දි ඔබේ අධ්‍යක්ෂණයෙන් හා සංස්කරණයෙන් හැඩවුණු නිර්මාණ මොනවාද ?
2011දී මහේන්ද්‍ර පෙරේරා අයියාගේ ‘ ස්ටාර් ශශ්රීලංකා හිස්තැනක්’ ටෙලිනාට්‍යයේ සංස්කරණයෙන් තමයි මගේ නිර්මාණ දිවිය ඇරඹෙන්නේ. ඉන්පසුව බූඩි කීර්තිසේන අයියාගේ ‘රූමස්සල’ , තිළිණ බොරලැස්ස අයියාගේ ‘නෝ පාර්කින්, සිහින සමාගම ‘ , අනුර මාධව ජයසේකර අයියාගේ ‘මට මා අහිමි’ , සනත් අබේසේකර අයියාගේ ‘මහවිරු පණ්ඩු, දළඳාගමනය ‘ , සුදත් දේවප්‍රිය අයියාගේ ‘අකුරට යන වෙලාවේ’ ආදී ටෙලි නාට්‍ය සඳහා සංස්කරණයෙන් දායක වුණා . ‘සංසිත අභිජාත’ ටෙලි චිත්‍රපටයත් ‘නිබ්බුතාන නූ සානාරී’ ඒකාංගිකටෙලි නාට්‍යයත් අධ්‍යක්ෂණය කළා. 2014 ඊ 20 එධපතඤ ඛ්භන එකට කළ මියුසික් වීඩියෝ එකේ සිට අද වන තෙක් මියුසික් වීඩියෝ නම් බොහෝ අධ්‍යක්ෂණය කළා . ළඟදී කරපු කීර්ති පැස්කුවල් අයියාගේ ‘මීදුම් නිශාවේ’ සමඟ ගීත පහක් අධ්‍යක්ෂණය කළා. ඔහුගේම තව කිහිපයකට ඉදිරියේදී අධ්‍යක්ෂණයෙන් එක්වෙනවා.
අධ්යක්ෂවරයාගේ භූමිකාවේදී රංගන ශිල්පීන් සහ අනෙකුත් පිරිස සමඟ ගනුදෙනුව ගැන අදහසක් දුන්නොත් ?
සාර්ථක නිර්මාණයක් කිරීමේදී අධ්යක්ෂවරයාගේ කාර්යය සරලව දර්ශන රූගත කිරීමකට සීමා නොවේ . එය පුද්ගලයන් අතර සෘජු නිර්මාණාත්මක සම්බන්ධතාවක් ගොඩනැගීමක් . විශේෂයෙන්ම රංගන ශිල්පීන් සහ අනෙකුත් තාක්ෂණික පිරිස සමඟ ඇති ගනුදෙනුව නිර්මාණයේ ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධාන සාධකයක් .
සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද ?
මගේ පළමු ටෙලි චිත්‍රපටය දැකලා නිෂ්පාදකවරයෙක් කතා කළා. එහෙත් එවිට මට එවැනි බාරදුර වගකීමක් ගත හැකියි කියා සිතුවේ නැහැ. අදටත් එසේ සිතනවා. ඒ වගේම තවදුරටත් මට සිනමාව පිළිබඳ හැදෑරීමට , හදාගන්න දේවල් කිහිපයක්ම තිබෙනවා. මේ එයට අවස්ථාව නොවෙයි. එහෙත් දවසක මම නිෂ්පාදකවරයා රැක ගන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් කරනවා. නිෂ්පාදකවරයෙක් නැති වෙනවා කියන්නේ හොඳ නිර්මාණයක් එළියට එන්න බලන් ඉන්න කාලය නැති කරනවා වගේ වැඩක්. මම කැමැති හෙමින් ගමනක් යන්න. අනාගතයේදී බලමු මම නිෂ්පාදනය කරලා මම අධ්‍යක්ෂණය කරයිද දන්නෙත් නැහැ.
මෙරට සිනමා ක්ෂේත්රය පිළිබඳ ඔබේ අර්ථකථනය කවරාකාරද?
ශශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්රය අපේ සංස්කෘතිය, හැඟීම් හා සමාජ ජීවිතය රූපමය ලෙස කතා කරන සුවිශේෂී කලාවක්. අභියෝග රැසක් අතරින් ගමන් කළ ද නව සිනමාකරුවන්ගේ නිර්මාණශීලීත්වය සමඟ එය තවමත් ජීවත්ව පවතිනවා. නිවැරදි සහාය සහ අවධානය ලැබේ නම් ලාංකේය සිනමාව තුළින් ලෝකයටම අපගේ හඬ ගෙන යා හැකි ශක්තියක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා .
අධ්‍යක්ෂණය, සංස්කරණය විෂයන් වැඩිදුර ඉගෙනුම ගැන මොකද සිතන්නේ?
දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්රය අද වනවිට ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අධ්‍යක්ෂණය සහ සංස්කරණය යන විෂයයන් දෘශ්‍ය මාධ්‍යයේ මූලික, කලාත්මක හා තාක්ෂණික අංශයන් . මේ ද්විත්වය පිළිබඳ වැඩිදුර ඉගෙනීමක් ලබා ගැනීම, නවීන මාධ්‍ය ලෝකයේ සාර්ථකත්වයට පියවරක් විය හැකියි.
කලාව අධ්‍යයනයට මෙරට තිබෙන පාඨමාලා පිළිබඳ ඔබේ තක්සේරුව කවරාකාරද ?
ශශ්‍රී ලංකාවේ කලාව අධ්‍යයනයට ඇති උනන්දුව වර්තමානයේ වර්ධනය වෙමින් පවතිනවා . විශ්වවිද්‍යාල හා පෞද්ගලික ආයතන මගින් විවිධ පාඨමාලා පවත්වනවා .නාට්‍ය, සිනමා, නර්තන, සංගීත සහ දෘශ්‍ය කලා වැනි ක්ෂේත්රවල අධ්‍යයනයට අවස්ථාව දැන් තිබෙනවා . ඒවායේ ගුණාත්මකභාවය සහ ක්‍රියාත්මක වීම පිළිබඳව නම් විවිධාකාර මත පවතිනවා .
ක්ෂේත්රයට පිවිසෙන නවකයන් පිළිබඳ ඔබේ ආකල්පය දැනගන්න කැමතියි?
කලා ක්ෂේත්රයට නවකයන් පිවිසීම යනු සරලව නව පුද්ගලයන්ගේ ආගමනයක් පමණක් නොවෙයි. එය නව සිතුවිලි, නව දෘෂ්ටිකෝණ සහ නව ශක්තියක් කලා ලොවට එක්වීමක් ලෙස මම දකිනවා. ඕනෑම කලා ක්ෂේත්රයක් ජීවමානව, වර්ණවත්ව හා නිරන්තරව වර්ධනය වෙමින් පවත්වාගෙන යෑමට නම් එය නවකයන්ගේ නව අදහස් සහ නවීන ප්රවේශයන් මඟින් නිතරම නවීකරණය විය යුතුයි.
අද වනවිට මෙරට ටෙලි නාට්‍ය කලාව, සිනමාව තිබෙන තැන ගැන සෑහීමකට පත්විය හැකිද?
ශශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව සහ සිනමාව දිගු ඉතිහාසයක් සහිතව වර්ධනය වූ කලා මාධ්‍යයන් දෙකක් .කෙසේ වෙතත් අද වෙද්දී එම ක්ෂේත්‍ර දෙක පවතින තත්වය පිළිබඳ විවිධ මතිමතාන්තර තිබෙනවා . ” සෑහීමකට පත්විය හැකිද ” යන ප්‍රශ්නයට සරලවම “ඔව්” හෝ ‘නෑ” ලෙස පිළිතුරු දිය නොහැකියි .
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ නිර්මාණාත්මක දිවියට ලැබෙන සහය මොනවගේද?
අම්මයි අප්පච්චියි මල්ලයිි මායි පවුලේ ඉන්නේ. මගේ පළමු අධ්‍යක්ෂණය වන 2014 ඊ 20 එධපතඤ ඛ්භන එකට කළ රූප රචනාවේ නිෂ්පාදක මගේ අප්පච්චි. එය නිර්මාණයට මට වටිනා ඇගයුම් ලැබුණා. විදෙස් රටවල සහ මෙරට නාළිකාවල ඒ විකාශය වුණා. 2018න් පසු මගේ සෑම නිර්මාණයකම තිර පිටපත් රචනා කළේ මගේ බිරිඳ . ඇයටත් පවුලේ සැමටත් මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
